Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
******** තිස් එක්වන දිගහැරුම ********* 🌹🌹🌹
--------------------------------------------------- 🌹🌹🌹❤️❤️❤️🌹
මම සිහත්ටත් රැගෙන බයික් එකේ කටුගස්තොට පාලම පසු වෙනකොට,
: අයියෙ.. කොහෙද කියන්නකෝ... මම හිතුව රජිත අයියලාගෙ ගෙදර යන්නෙ කියලා...
* තව චූටි දුරක්... ඉන්නකෝ..
කටුගස්තොට ඉදන් විනාඩි 10ක් 15ක් යනවිට මාළිගාව අසලට ලගාවිය...
: අයියේ මට නිකමටවත් කීවෙ නෑ... මම බෑ නොකිය නැගිටිනවනේ....
බයික් එක නවත්තලා, මම සිහත් සමග මාළිගාවේ ඉදිරිපිට මදක් නැවති බලා සිටියේය...
: අයියෙ යන් නැද්ද.. කල්පනා කරන්නෙ..
* මට උබව මෙතෙන්ට එක්කරගෙන එන්න ලොකු වුවමනාවක් තිබුණා.. අද වෙනකම් බැරි වුණා..
: දැන් අපි ආවනේ... යමු.. මල් ගන්නැද්ද...
* මම බයේ හිටියෙ අම්ම ඔයාට ගෙදරදි කියයි කියලා.. මල් කඩන් යන්න කියයි කියල ා...
: ගෙදර ගිහින් අම්මවත් අල්ල ගන්න ඕන..
ටිකක් සෙනග .. මල් කාරයින්ගෙන් නම් මල් ගන්න විසුමක් නෑ..
* සිහත්ට නෙළුම් මල් ද ඕන...
: මට සුදු මල් වට්ටියක් ඕන... එකක් ඇති..
මල් වට්ටියක් අතේ තියාන හරිම පින් පාටයි.. හෙල්මට් සපත්තු කවුන්ටරයෙන් තියලා.. තෙල් හදුන්කුරු මල් අරගෙන පෝලිමට එකතු විය... මට ඉස්සරහින් සිහත් සෙනග වැඩි නිසා.. සිහත් මා අතර හුස්මක දුරක් මට වඩා චුට්ටක් කොට නිසා හැමවෙලේම හැරී හැරී උඩ බලනව...
* සිහත් හැරෙන්න එපා.. හැප්පෙයි...
: ඔයාගෙ හූුස්ම බෙල්ලට වදිනවා..
* කෑ ගහන්න එපා..
මාළිගාව දොරටුවෙන් ඇතුලට පය තියන තැන ඉදන්.. සිහත්ව ළගට ගත්තට.. කවදාවත් අතින් අල්ලන් මේ මළුවෙ ඇවිදින්න බැරි වෙයි..
: මොකද ඔච්චර හිතන්නෙ...
* උබෙ බර උරහිසට දැනුන පළවෙනි දවසටත් වඩා මොකද්දෝ බරක් අද දැනෙනවා..
: මොනාද අනේ.. අම්මා කන්න දි ල බර වැඩිවෙලා වෙන්න ඇති..
* නෑ සිහත්.. ඔයාට දුක නැද්ද මෙතන ඉන්න අනිත් අය වගේ අත් අල්ලගෙන ආදරෙන් මේ මළුවෙ.. ඇවිදින්න..
: දුකයි.. අපි අපි විදිහට. ඉමු.. ඔයා දන්නවා.. මම දන්නවා... එ් ඇති.. අත් අල්ලන් නොගියට අයිය හුස්ම මට වදිනවනෙ..
* අම්මො එ් වචනෙ බර..
සෙනග අතර තෙරෙපෙද්දි ලෝකෙට හොරෙන් අත් අල්ලගෙන පඩි පෙලේ නගිද්දි දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාව යටට යද්දි හිතට පුදුම සැනසීමක් දැනෙනවා.. මගෙ මැණික දිහා හැමෝම බලනව ඇත්ත එ් හිනාව වශියක්... රජිතත් හිතුවෙම මම මේ හිනාවට වහවැටෙන්න ඇති කියලා... නෑ ආත්මගානක පුරුද්දට දැනුණ උණුසුමට මම උබව ලං කරගත්තේ...
: අයියෙ එන්නකෝ ඔයා මග හැරෙයි...
මල් සුවද ට හිත නිවෙනවා.. සිහතුත් මමත් මල් තබා.. වාඩි වුයේ ගාථ කියන්න ය..
: ඔයාට අද මොකද්ද වෙලා තියෙන්නෙ..
* මට පිස්සු හැදිල ඉන්නෙ..
: මට තේරුණා...ඔහොම බලන් ඉන්න එපා.. මිනිස්සුත් බලයි..
* දැන් ගාථ කියන්න..
සෙනග ගොඩක් මැද්දේ ලගින් ඉදන් ගාථ කියළා... පහලට ආවෙ පැයකට පමණ පසුවය..
පහළට ඇවිත් පහන් පත්තු කරලා.. මගුල් මඩුවෙ කණුවකට හේත්තුවෙලා ඉද ගත්තේය...
* සිහත් මොනවද ප්‍රාර්ථනා කලේ...
: විභාගය හොදට ලියන්න මට පුළුවන් වෙන්න.. කියලා...
එ් දේට මට ශක්තියක් ලැබෙන්න කියලා.. මම වෙනුවෙන් මේ තරම් දේවල් කරන මගෙ පණට , අම්මව සතුටින් සැනසිමෙන් ලෙඩක් දුකක් නැතුව තියන්න කියලා...
* අම්මො එච්චර හිතුවද..
: දැන් දේව්ගෙ වාරෙ...
* ආයෙත් කියන්න...
: මොනාද...
* දේව් කියලා...
: දේ.. ව්... ඇති ද...
* මදි...
: මටත් ආසාවක් තිබුණා... දේව් කියන්න...
* ඇයි කීවෙ නැත්තේ...
: මේ වගේ දවසක මට කියන්න ඕන කියල හිතුව
* ආයෙ කවුරුවත් නැති හැමතැන කදිම කියනවද
: හා යමුද... පහළට..
සිහතුත් මමත් වැල් බෝධියට ගියේ විශේෂයෙන්ම අම්ම මගින් මගට මට පඩුරක් ගැට ගසා විභාගයට සිහත් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න කියා සිට්යේය..
පැන් කල දෙකක් වත් කරල පඩුරු ගැට ගහල සිහත්ගෙ විභාගය ට පස්සෙ දවසක සිහත් එක්කම භාර ඔප්පු කරන්න එන්න මම සිතා ගත්තේය...
: දේව්...
* හ්ම්...
: හිනාවෙන්න එපා මට හුරු නෑ තව...
* ඔය මදෑ.. මගෙ ඇස් දිහා ම බලන් කියනවට තමයි මම කැමති..
: අෂ්ඨපල බෝධියට යමුද..
* මම වැඩි ය මෙතන්ට ඇවිත් නෑ..
: මම නම් මාළිගාව ට ආවොත් නතර වෙන්නෙ මෙතන..
සිහත් ගාථ කියනවා.. මම බලන් ඉන්න ලෝභයි...
: ගාථ කියනවා කෝ බලන් ඉන්නෙ..
* දන්න ටික කීව.. අහන් ඉන්නෙ කියන්න...
සිහත් ගථා කියනකම් මම පහළ බලන් හිටියේ නිතර දකින එන මේ පින් බිම අද තරම් ලස්සනට වෙනද නොදැක්කෙ ඇයි කියල...
ටිකක් ඉන්න 🌹🌹🌹
[text_hash] => bbe81dde
)
What do you think?