Chapter 1: - හීන අරන් -

Array
(
[text] =>

හීන🌹 අරන් 🌹🌹🌹🌹

****පළමුවන දිග හැරුම ****

දේව්නක  බණ්ඩාර කපුකොටුව වයස අවුරුදු 24 ක් වුන මධ්‍යම ප්‍රාන්තික පවුලක එකම දරුවාය. වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා විශිෂ්ඨම නොවුනත් හොදින් සමත් වී දැනට පුද්ගලික ආයතනයක සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කරන අහිංසකත් නැති අහංකාරත් නැති හැමෝටම එක වගේ හිතවත් හොද පෙනුමක් හා යෞවනයේ අලංකාරය හිතත් ගතත් අරක්ගත් අයෙක් බව මා පිළිබදව නිවැරදිම අර්ථකතනය යැයි දැනට සිතන්න...

------------------------------------------- 🌹

උදේ අටයි. ට්‍රැෆික් එකේ තාම අද .... බොස් මාව දොට්ට නොදැම්මොත් ඇති... ට්‍රැෆික් එක නම නෑ කියහල්ලකෝ .. මේ ගෑණු කරේ නගින එකනෙ ඉවසන්න බැරි .... ඇයි යකෝ කොණ්ඩවල් කටේ.. සාරි පොටවල් පැටලෙනව බෙල්ට් එකේ... වස ලැජජාව , අම්මපා මගේ මෑණික නැති දවසට මම නිවාඩු වක් දාල ගෙදර ඉන්නව ... ඔක්කොම ත් හරි කොන්දොස්තර දුන් වෙනව මැදින් රිංගලා... ආ එ් ඔක්කොම කලබල අස්සේ කෙල්ලක් බලනව මම හැඩයි ද අප්පා ලැජ්ජත් හිතෙනව.... තේරෙනවනේ මම මේ බස් එක්ක එක අතකින් ෂීට්  එක අල්ලගෙන අනිත් අත තියාගන්නවත් ඉඩ නැතිව පට්ට ගේමක් දෙනව....

බයික් එක යාළුවෙක් වෙනුවෙන් දීල මම හිටගෙන විදවම...

සතුටුයි ඉතින්... පැයක පමණ දුරක් බසයෙන් යෑමට තවත් ඇත... රටේ නැති ඔක්කොම ඕපදුප කතාවෙන මැද්දෙන් කවුරුහරි උරිසට අතක් තිබ්බ.. එච්චරයි අඩුව තිබුණෙ...

; අයියෙ කරදරයක් නම් සොරි මට අල්ලගන්න තැනක් නෑ .....

* හරි නමක් නෑ දරුවො ඔක්කොම යන්න එපැයි.... ( මුණක් පේනනෙත් නෑ යන්තම් ඇහුණ දේට උත්තර දුන්න.)

* බෑග් එක කාටහරි දෙන්න... 

: කමක් නෑ අයියෙ බර නෑ පොත් නෑ අද

* ස්කුල් යන්නෙ ඉගෙන ගන්න නෙමෙයි ද..

; අද ස්කුල් එකේ එක්සිබිසන් එක... එ්කයි...

* එ් කීවෙ ධර්මපාල එකේ ...

; ඔව් අයියෙ...

ධර්මපාල එකේ... කවුද මේ මූණ පේන්නෑ... පිටි පස්සෙන් ඉදන් මට කතාකලාට ... මමත් උත්තර දුන්න.. කරන්න දෙයක් නෑ... බහිනකොට දැක්කොත් තමයි... මට පේන්න ඉතින් උරිසට තියන් ඉන්න අත විතරයි...

අම්මෝ මේ බස් ඩ්‍රයවරය අපි මරන්න හදන්නෙ... මුලදි ගාටන්න පුළුවන්.. දෑන්නෙ හදිස්සිය...

ඉන්න චුට්ටක් ... මට පිස්සු ද මේකගේ අත අල්ලන් ඉන්නේ..... (මට අතහරින්න ලෝබයි වගේ) රෝස පාට ඇගලි තුඩු නියපොතුනම් මු කාල ද කොහෙදො... මම අත දිහා බලන් හිටිය බස් එක ගැස්සෙන වාරයක් ගානෙ උරිසෙන් හයියෙන් අල්ල ගන්නව... එ් ගානට සොරි අයියෙ.. කියනව... මම දන්නෑ මට මව හිරි වැටිල වගේ මේ පොඩි එකා මට මොකද කරන්න හදන්නේ .... බස් එකෙන් බහින්න තව පොඩි දුරයි... ස්කුල් හෝල්ට් එක... අපේ මතක ගොඩක් තියන තැනක්... එ් මතක එක්ක චුට්ටකට ‌‌‌අතරමං වුනා.,..

; අයියෙ මම බහිනවා...

* ආ... එහෙම ද....

; තැන්කියු මගෙ බරත් දරාගෙන හිටියට..

* එ්ක මොකද්ද මම ජිම් යන කොල්ලෙක්...

; එ්ක නම් මට දැනුනා....

* මොකද්ද.....

; බායි... අයියෙ....

බහිනකොටවත් මූණ බලාගන්න බැරි වෙයි ද... එක් පේන්න තියෙන්නේ පැත්තයි...  ඇත්තටම අහිංසකයි... හීනයක් වගේ හිනාවක්... ඔයාලත් පිස්සු වැටෙන දෙයක් කියන්න ද...

එයාව දැක්ක කම්මුලට වලක් තියෙන ඩිම්පල් කොල්ලෙක්...

පැහැපත් පාටක් තියෙන.. කොන්ඩෙ පැත්තට පිරපු දරුකමට හදාගන්න හිතෙන කොල්ලෙක්....

මම ඔය ඔක්කොම හිත හිත බස් එකෙන් බැස ඉක්මනට කාර්යාලයට  ගියේ උදෑසන කෑම එක කන්න අනිත් අය බලන් ඉන්න වෙන නිසා...

ටිකක් ඉන්න...

[text_hash] => 878b1eb6
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...