Array
(
[text] =>
හීන 🌹🌹 අරන් ... 🌹🌹🌹🌹🌹
දෙවන දිගහැරුම
උදේ කෑම එකත් අරන් මම ටේබල් එකට ගියාට අනිත් කවුරුත් නෑ ... මට තාම හීනයක්, පොඩි එකා බැහැල ගියාට උගෙ බර මට තියල ගිහින් මගෙ උරිසට තාම දැනෙනව එ් අතේ උණුහුම, මම කල්පනාවකට වැටුනෙ උරහිසට දැනුන උණුහුම හදවත හොයාගෙන යන එක නවත්ත ගන්න .. එ්කෙන් වුනේ උණුහුම ත් එක්ක අතර මං වුන එක....
---------------------------------- 🌹🌹
රජිත වීරවර්ධන මගේ ඔෆීසියේ යාළුවා... රජියා ආදරේට කිවෙ... එහෙම කීවට උට ආදරේ නෑ මං..... ලේසියට හැමෝම කීවෙ... එක ස්කුල් එකේ... පංති දෙකක... හැමදාම ස්ටේජ් රිපෝට් ගත්ත කරුමයකට කැම්පස් නොගිය බ්‍රයිට....
ඇති එයා ගැන...
----------------------------------- 🌹🌹
+ ඇයි බං මේ...... මේක අපිට ඔෆිස් එක එපා කරවන්නේ එ්.....
බලපන්කෝ හැටි විතරක්....
එ් රජිත , මගේ ලගටම පුටවත් අරන් ඉදගත්තා නිසා මම ඇස් දෙක ඇරියා... උගෙ වාචාල කටට තමයි ගුටි කන්නේ දවසක...
+ කියපන් උබ නිදාගත්තේ මෙතනද... නැත්තන් තාම නිදිද...
ගනින් බං උරිසෙන් අත ගෑණි මැරිච්ච මිනිහ වගේ උදේ පාන්දර හුල්ලන් නැතුව..
* මම බස් එකේ ආවෙ.... මහන්සියි.... එ්කයි...
+ හ්ම් උදේට කැවද..
* තෝ නැතුව මම කනවද වෙනදත්.... කන ගමන් අද ෂෙඩියුල් එක් දීපන්...
ඔෆිස් එකේ වැඩ වලට අවදානය දෙන ගමන් තාමත් මම බස් එකේ... නමක් දන්නෑ, ගමක් දන්නෑ, මම නැවතිලා.. මගේ කියල තියා ගන්න හිත කියනව.... තේරුමක් නැති, දෙෑ්කට මට පිස්සු... වැඩ වැඩ ...
දවල් වරුවෙ මම රජිත ලගට ගියේ උගෙන් සයින්ග් එකක් අරගන්න....
* රජියා දවල් 1න් පස්සෙ භාරගත්ත වැඩ තියෙනව ද...
+ උබගෙ වැඩ මට භාර දීල පනින්න...
වැඩ භාර ගන්න බෑ... කලින්ම කීව...
* පනින්නැතුව අහපන්කෝ ....
+ කියපන්කෝ මගුල .. තෝ මාව මරාලයකට සෙට් කරන්න හදනවා බං හූන කීව වගේ කියන්නේ.... උබ උදේ ඉදන් දෙලොවක් අතර....
* ස්කුල් එකට යන් ද
+ මටත් යන්න ඕන ...
දන්නවනේ අපෙ මෑන්.... උදෙන්ම ඇහඇරවලා කණ දෙදරනන්න ආරධනාව දුන්න... ගියේ නැත්තන් ඉවරයි...
* ලොක්කට කියල පොඩි වෙලාවක් ඉල්ලමු ඈ රජිතයෝ
+ යකෝ මූ... මොකාටද බං උබ එන්න හදන්නේ..
දෙයක් කියන්නම් මචං අහපන් ප්‍රශ්නයක් තියෙනව නම් කියපන්... උබ මගේ නමින් රජියා නොකිය කතා කරද්දි බයයි බං...
* ආන්න එ් බයවත් තියා ගනින් මම ගැන..
මට දැන් ස්කුල් එක පීරලා හරි පොඩි එකාව හොයා ගන්න ඔ්න... සොරි රජිත උබට දෑන්මම කියන්න බෑ... මටවත් හරියට තේරෙන්නෑ ... ස්කුල් එක ලගට බයික් එක නවත්තද්දි හිතුව...
+ උදේ පාන්දර මැරිලා හිටපු එකා පණ ගහල ඇවිත්නෙ බං...
ඇත්ත කියපන් ටීච කෙනෙක්වත් සෙට් වුනාද ...
* පිස්සුද උබට මේකෙ ඉන්න ටීචලා ඔක්කෝම අක්කලා ඇන්ටිලා...
+ අක්කලා මොකද ඇන්ටි ලා මොකද..
* එ්කත් හරි උබ වගේ එවුන්ට...
+ සර් හම්බෙලා කතා කරල මල්ලි හම්බෙලා යමු බං
වෙනද ස්කුල් එකේ ගේට්ටුව ලගට යනකොට. මතක් වුනේ යුනිෆෝම් එකෙන් ස්කුල් ආව විදිහ.. එ්ත් අද මට මතක් වෙන්නේම පොඩි එකා... හොයා ගන්නම වෙනව.... ඇත්තටම මට මතක මූණ පැත්තකට විතරයි... එ් මතකය මට ඇති...
ටිකක් ඉන්න
[text_hash] => 78b4ba80
)
What do you think?