Array
(
[text] =>
******* පහළොස්වන දිගහැරුම ************
--------------------------------------------------- 🌹🌹🌹🌹🌹🌹
+ ටීච අපි යමු නේද... මට ඔෆිස් එකට යන්නත් ඕන ටීචව මට එක්ක යන්න පුළුවන්....
& ඔව් දරුවො මම යන්න ඕන... සිහත් පුතේ හෙට ඉස්කෝලේ එන්න.... හොදට ඉන්න ඕන... පාඩම් වැඩ කරන්න.. නොදන්න දේවල් ටීචගෙන් අහන්න... මට අද හිතට සැනසිමයි පුතේ.. ඔයා ගැන මම පුදුම බරක් හිතේ තියාගෙන හිටියෙ.. මේ සතුට වැඩි වෙන්න ඔයා විභාගය පාස් වෙන්න ඔ්න.... තේරුනා ද.... හිතේ කිසිම දෙයක් තියා ගන්න එපා... හැමදේම ටීචට හරි දෙව්නක පුතාට හරි කියන්න...
සිහත්ගෙ අත් අල්ලන් ටීච මේ දේවල් කියද්දි කදුළු පුරවන් බලන් ඉන්නව... මම ඉන්නව ළගින් හැමදාම අද ඉදන් මට රකින්න උබ ඉන්නව මගෙ මැණික.... ඔය ඇස් දෙකට කදුළු පිරෙන්න දෙන්නෑ මම....
ටීචත් රජිත් නිවසින්පිටවී ගිය පසු,
& පුතේ මේ කාමරය ඔයාට... මම අස්පස් කරල තියෙන්නේ... මයෙ පුතේ... කාමරේ අස් කරගන්න උදව් වෙන්නකෝ... මම උයන්නම්...
* හා අම්මා... දන්නවද මේ කාමරේ කාගෙද කියලා...
(මම ඇදෙන් ඉද ගනිමින් ඇහුවේය..)
: නෑ...
* අප්පච්චි මැරුණෙ මේ ඇදේ...
; ඉතින් මටත් මැරෙන්නද කියන්නෙ...
මම දිහා බලන්නෙවත් නැතුව අල්මාරිය ට ඇදුම් අහුරන්න ගත්තේය...
* රෑට මාව හොයාගෙන අප්පච්චි මේ කාමරයට එනව එ්කයි.. කියන්නෙ... බයවෙයි කියල..
: මට මේ වැඩේ කර ගන්න පුළුවන්.. යන්න එලියට...
මම දිහා රවාගෙන බලන් ඉන්නව.... මමත් එක්ක එච්චර තරහද, මම ඇදෙන් නැගිට ...
* මම යනවා තනියම අහුරගන්නවා...
; මට අත්දෙකක් තියනව....
මම කාමරයෙන් එළියට ආවේ අම්මට උදව්වක් දෙන්න කුස්සියට යන්න සිතාගෙනය... අම්ම මට දොස් කියන නිසා මම මගේ කාමරය ට ගියේ ය.
දහවල් 2ත් පසුවෙලා නිසා අම්මා කෑමට කතා කර තිබුණි
& සිහත් පුතේ අයියටත් කතා කරන්න...
; අයිය නිදි ... ටීච....
& ගෙදර හිටියොත් නිදි ඇහැරවන්න පුතේ...
මට නිදා සිටියෙ නැත... මට සිහත් ගෙ හැසිරීම් වදයක් වී තිබුණි...
; නිදිද අයියෙ.... ටීච කතා කරනව...
මම බිත්තිය දිහා ට හැරිල ඇස්පියා ගත්තේ... මගෙ හිත රිද්දල තව ඇහැරවන්න ත් ඇවිත්... යැයි සිතමි න..
කාමරේ ඇතුලට ඇවිත්... මම තවත් නොසිට හැරුණේ...
යන්න සිහත් මම එන්නම්... කියාගෙන ය...
; හ්ම් ...
මම දන්නව ඔයා මට කැමති නැ... මට යන්නත් බෑ වගේ... අම්ම නිසා මම කෑමට ගියේය...
හවස් වරුව හන්දියට ගියපු මම ගෙදර ආවේ 7ට පසුවය..
& මොකද ළමයො .... අර ළමයට කතා කරන්නවත් කෙනෙක් නෑ ගිහින් ඉක්මනට එන්න එපැයි..
* ඉක්මනට එන්න ගියේ... යාළුවොත් එක්ක ඉන්නකොට වෙලාව යනව දැනුණෙ නෑ...
&කෑම කාල ඉන්න...
* ඔයා ල කන්න මම කොල්ලොත් එක්ක කෑවා... නා ගන්න ඔ්න...
අම්ම කිසිවක් නොපවසා කුස්සියට ගියේ ය..සිහත් ප්‍රවෘත්ති බලමින් හිටියට මා වෙතට අවදානයක් නොදුන්නේය... නා ගෙන ගෙට ඇවිත්.. අම්මත් සමග කුස්සිය අස්පස් කලේය...
& පුතේ...
* ඇයි අම්මා...
& ඔයා තරහින්ද, අප්පච්චී ගෙ කාමරය සිහත් ට දුන්නට...
* ඇයි අම්මා එහෙම ඇහුවෙ... මම එහෙම කෙනෙක් නෙමෙයි නේද.. ඔයා දන්නවනෙ....
& සිහත් කිව කාමරය අස් කරද්දි අප්පච්චි ගෙ කාමරය කිව කියල...
* මම නිකන් කිව්වෙ...
& හරි කල්පනා ව එ් දරුව ගෙ පව් පුතේ...
(මම දන්නව අම්මා... මටත් දුකයි.. මාත් එක්ක කතා නොකර ඉන්නකොට මට ඊට වඩා දුකයි... )
අම්ම සිහත් ට කතා කරල ඇවිත්...
& ඔයත් නිදා ගන්න පුතේ...
*කුස්සිය අතුගාල එන්නම් අම්ම නිදා ගන්න... ගුඩ් නයිට්...
අම්මා නිදා ගන්න ගියේ මම නිදා ගැනීමට පරක්කු වන බව දන්න නිසා ය...
මම නිදා ගන්නට ආවේ නිවසෙ දොර ජනෙල් හොදින් වසා ලයිට් ඔ්ෆ් කරමින්ය... මමත් අම්මත් තනි වු දා සිට මට එ් දේවල් පුරුදු විය..
ඇදට ඇවිත් උබ ගැන හීන මවපු මම.. මගෙ මැණික දන්නවනම්, මම උබව එකම ගෙදර ඉදලත් අද සතුටක් නෑ මට එ් තරම් මම පව් කාරද සිතුවෙ ය...
: අයියේ... අයියේ...
* ඇයි සිහත්.... මම ඇදෙන් නැගිට්ටෙ කරදරයක්වත්ද සිතාගෙනය...
දොර ගාවට ඇවිත් ෂිට් එකයි කොට්ටෙ තුරුල් කරන් බලන් ඉන්නව...
* ඇයි දරුවො.. මේ...
; මට මෙතන නිදා ගන්න ඔ්න...
මම ඇදේ නැගිට සිහත් දිහා බලන් සිටියෙ මට ඇසුන දෙය වැරදිමක්ද සැකයෙනි...
* ඇතුලට එන්නකෝ... කොට්ටෙයඉ ෂීට් එකයි දෙන්න...
මගෙ කොට්ටය මම බිත්තිය අයින ට දැම්මෙ සිහත් ට ඇදෙන් ඉඩ දෙන්න ටය..
: මට ඇද අයින ඔ්න...
අන්න ඔයා ගෙ අප්පච්චී ඇවිත්... පුතා හොයනව...
මට හිනාව නවත්වා ගන්නට නොහැකි විය..
* ආ මේකයි... චන්ඩියා මාව හොයාගෙන ආවේ... යකෝ බොරුවට කිව්වේ මම...
ටිකක් ඉන්න 🌹🌹🌹
[text_hash] => 86a7aeca
)
What do you think?