Chapter 16: හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹

Array
(
[text] =>

************** දහසයවන දිගහැරුම ***********

______________________________________ 🌹🌹🌹🌹🌹

* රවන්නෙ මට හිනා ගියා.... ආයි... මාව තල්ලු කරන්නෙ.... බොරුද උබ චන්ඩියා වෙලා හිටියෙ පැය ගානයි....

මාවත් තල්ලු කරල මගෙ ඇදට නැගල මුණත් වහගෙන නිදි....

* ලයිට් ඔ්ෆ් කරන්නද... බයනම් කියන්න...

; පාඩුවේ නිදා ගන්නවද... මට නිදි මතයි...

* යකෝ මූ, මගෙ ඇදට නැගල, ඇදේ අයිනත් කොල්ලකාල, තව මට සද්දෙත් දානව....

මටම පුදුම යි හීනයක් වගේ මගේ ගෙදර මගේ කාමරේ මගේ ඇදේ හිතනකොටත් මට පිස්සු වගේ... උබ හිනාව හංගන්නෙ මගෙන් ඇස්වහ වදියි කියලද, මට ලගට අරන් තුරුල් කරගන්නමයි හිත, එ්ත් රජිත මට කියපු වචනයක් වචනයක් ගානෙ මට මතකයි... උබට වෙන අයිති කාරයෝ ඉන්නවදවත් නොදන්න මම... හීන දකිනවා... මම දන්නව උබ මට කැමති නෑ... මම ඇදේ කොනට වෙලා සිහත්ට පිටුපා කල්පනාවකට වැටුණි....

: අයියේ...

* හ්ම්...

; ගුඩ් නයිට්...

* සිහත් දෙයක් අහන්නද....

: මොනාද....

* මට රවන්නෙ ඇයි... කතා කරන් නෑ...

: මේ කතා කරන්නෙ....

* එහෙම නෙමෙයි....

: මට ඔයාගෙන් පලිගන්න ඔ්න...

* ඈ... මොන රෙද්දකටද මගෙන් පලිගන්නෙ...

: හේතු තියෙනව මට පස්සෙ කියන්නම්.... වෙලාවට...

* නෑ දැන්ම කියන්න... මට උබව විශ්වාස නෑ පලිගන්න හිතාගෙන මාව මැරුවොත්... හේතු අහන්න වෙන්නෙ... හොල්මනක් වෙලා...

: අප්පච්චී ටයි පුතාටයි පුළුවන්නෙ එකට හොල්මන් කරන්න...

* අප්පච්චී මෙහෙට එන්න මම මෙහේ...

: නිදාගන්නවකෝ...

* හතුරාගෙ දුර්වල තැන හදුනාගන්නට ලැබිම ලොකු ජයග්‍රහණයක්...

: අයියේ මට නංගි ව මතක් වෙනවා...

* නංගි අම්ම ගාවනෙ කල්පනාකරන් නැතුව නිදාගන්න..

මම දන්නව මැණික ඔයා ට නංගි තමයි ලෝකෙම.... මට ලෝකෙම උබව... කිසි සද්දෙයක් නැතුව නිදි... මුණ දිහා මේ තරම් ලගට වෙලා බලන් ඉන්න... ඔය ඇස් රිදෙන්නැද්ද.... මට රවල... හිනා නොවුනත් කම්මුල ඩිම්පල් එක පේනවා යාන්තමට... මලක් වගේ උබ ලෝභ හිතෙනව.... තුරුල් කරන් නලල සිබින්නමයි හිත... එ්ත් බෑ මට දැනෙන දේ උබට දැනෙන්න නැත්තන් මට පව් .., මේ දේ වල් කල්පනාකර කරම මට නින්ද ගිහින්....

& මයෙ පුතේ.... නැගිටින්න.... පුතා...

* ඇයි අම්මෙ...

& සද්ද කරන්න එපා... ඔය දරුව ඇහැරෙයි...

දෙයියනේ... මගෙ අස්සටම ඇවිත්... වකුටු වෙලා... මුව පැටියෙක් වගේ... මට අම්මවත් අමතක වුනා....

& ඔය නිදියපුදෙන්...

අම්මත් එක්ක මම කුස්සියට ගියේ මම උදේ 6ට පෙර නැගිටින ්න පුරුදු වි සිටින නිසා ය...

* ඊයෙ විහිළුවට රෑට කාමරයට අප්පච්චී එනව කිව.. එ්කයි බයට මගෙ කාමරයට ආවේ...

& එ්කනෙ ඔයාගෙ වැඩ මොනවට හරි බයවුනොත් පව්නේ...

* අම්මට දැන් වැඩිපුර උයන්න වෙයි...

& එ්ක මොකද්ද පුතා...

වකුටුවෙලා නිදන් ඉද්දි අප්පච්චී මතක් වුනා... ඉස්සර ඔයත් අප්පච්චී ගාව නිදා ගන්නවද රස්නෙට තුරුල් වෙලා...

* අම්මා... ඔයා ඉතින් උදෙන්ම අහන්න යන්නේ...

මට දුකයි... මම උබට ලං වෙලා මගෙ අම්මට ත් වරදක් කරනවද මන්දා... දැන්නම් මගෙ හිතට බයක් දැනෙනවා... 

& කිරි හදල අර දරුවටත් කතා කරන්න...

* අම්මගෙ කිරි එක...

මගේ කිරි එකත් අරගෙන සිහත් ඇහැරවන්න යනකොට ඇදේ ඉදගෙන කල්පනා ව....

* ගුඩ් මෝර්නින්... නැගිටින්න... ඉස්කෝලේ යනවනේ..

: ගුඩ් මෝර්නින්...

මටද...

* රස නැද්ද දන්නෑ මම හැදුවෙ....

: කමක් නෑ හැමදාම මම හදා ගෙන බොනව මිසක් හදල දෙන්න කෙනෙක් නෑ මට...

වෙලාවකට නංගි අද බඩේ කැක්කුමක් හැදුනොත් ඔයාගෙ කිරි එක හින්ද කියනව.... පස්සෙ පස්සෙ මට හොදට තේ හදන්න පුලුවන් වුනා.....

* දැන් මම ඉන්නවනේ තේ හදන්න...

: හම්... රසයි... ඇත්තටම....

අම්මත් හරිම සතුටෙන් කැමති හදල ගෙනියන්න පෙට්ටිවලට දාල... අපි දෙන්න ම ලෑස්ති වෙන දිහා බලන් ඉන්නවා...

*ඇයි අම්ම ා....

& නිකන්... බත් කවන්නද...

* එපා අම්ම සිහත්ට දුක හිතෙයි... බත් බෙදන්න ...

& ඔව් පුතා... මේ වගේ දරුවෙක් අම්මාට එපා වුනේ ඇයි....

* පව්කාර කම වෙන්න...

සිහත් මා සමග බයික් එකේ එකට යන පළවෙනි දවස.... උදේ ඉදන් මගෙ ලග... ගොඩක් සතුටින්... අම්මට අපි දෙන්න ම වැන්දේය..

* සිහත් හයියෙන් අල්ල ගන්න..

: හිමිට යමු... හරි ද...

පුරුදු ලෙසටම සිහත් උරහිස ට අත තියා ගත්තේය... තාමත් මට එදාටත් වඩා උබව දැනෙනව මගෙ මැණික....

ටිකක් ඉන්න 🌹🌹🌹🌹

[text_hash] => 7efc7a19
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...