Array
(
[text] =>
******* විසිහතර වන දිගහැරුම *********** 🌹🌹
--------------------------------------------------------------------------------
පසුදා උදෑසනම පන්සලට දානය රැගෙන අප තිදෙනාම පිටත්විය... අප්පච්චිට සිහිකර සෑම මසකම අද දිනට දානය දිම මමත් අම්මාත් පැහැර හැර නැත.. සුපුරුදු වුවත් අද මට පන්සල නුහුරු හැගීමක් ගෙන දෙන්නේ... සිහත්ව එක්කරගෙන මේවගේ මම යන පලමුවන ගමන නිසාය..
* සිහත් අපෙ පන්සල ලස්සනයිද..
මම පඩිපෙල අසල සෙරෙප්පු ගලවන ගමන් ඇසුවේය...
; ලස්සනයි..
! කොයි පන්සලත් පින්පාටයි පුතේ... අම්ම මට නෝන්ඩියට වගේ කීවේය..
සිහත්ට පිටුපසින් ලං වී ,
* පන්සල නම් පිං පාටයි... උබ නම් අද පෙම් පාටයි...
සිහත් මගෙ අත කිනිත්තුවේ.. පුරුදු ලෙස.. ඇහිබැමි ලංකොට රවමිනි....
; පිස්සු ද.. පව්පුරවන්නද හදන්නෙ....
* අම්ම සිහත්ට දහම් පාසල් එන්න ඕනලු...
! කොයිතරම් දෙයක්ද පුතේ... මම ලොකු හාමුදුරුවන්ගෙන් අහන්නම්...
සිහත් තරහ වාවගෙන අම්මට සිනාසුනේය... කම්මුල් දෙකත් රතුවෙලා.... දැන් නම් එ් බැල්මට, බය හිතෙනවා...
* මොකද ඔරවන්නෙ... සිරිමත් මගෙ සකි යහපත් ළමයෙකි...
: වරෙංකො ගෙදර.. මම බලාගන්නම්...
* මොනවද ... පෙන්නන්න ඕන...
: යමං කෝ... කවුද බලමුකො දහම් පාසල් එන්නෙ...
! මොනාද පුතේ... දෙන්නම නවත්ත ගන්නව... මමනෙ දහම් පාසල් එවන්නෙ... එන්න බැරි නම් සිහත්ට මට හේතුව කියන්න පුළුවන්...
අම්ම අපෙ කතාවට කන් දෙන බව තේරුනේ එවලේය.. මම නිශ්ශබ්ද විය.. සිහත් කර ගන්නටම දෙයක් නොමැති නිසා... අම්මගෙ වචනයට අකැමැත්තෙන්ම කැමති විය....
ලොකු හාමුදුරුවෝ වැඩිය නිසා.. අප නිශ්ශබ්ද වී පසෙකට විය...
# ඉස්කොලෙ ටීච... අද තව පුතෙක් ඉන්නෙ...
! අපෙ හාමුදුරුවනේ ... මගෙ ඉස්කොලෙ දරුවෙක්...
# ටීචට දරුවො වැඩි නෑ... අපි දන්නවනෙ... රටේම දරුවන්ට අම්ම වෙන්න කීවත් භාර ගනී...
* හාමුදුරුවනේ අපි මල් ආසන සුද්ද කරල ... විහාර ගේ අතුගාන්නම්...
# හොදයි හොදයි... දෙව්නක පුතා.. මට පුතා හම්බෙන්නත් ඔ්න... යන්න කලින් කතාබහ කරමුකෝ..
* එහෙමයි හාමුදුරුවනේ...
සිහත් වත් එක්කරගෙන බෝ මළුවට ගියේය.. අප එන විටත් හාමුදුරුවෝ මළුව ඇමද අවසන්ය.. උන්වහන්සේ කිසිම දිනක කිසිවෙකුට පැවරුවේ නැත...
සිහත් මාත් සමග අමනාප මූණක් තබාගෙන මල් ආසනය. පිරිසිදු කරයි... මම පහන් වලට තෙල් දමා.. ගිනිපෙට්ටි ය ගෙන එන ලෙස සිහත්ගෙන් ඉල්ලිය... කිසිවක් නොකියාම සිහත් අම්මා සොයා දාන ශාලාවට ගියේය... ටික වෙලාවකට පසු සිහත් පැමිණියේය..
* මම හිතුව ගිනි පෙට්ටි කම්පැනියට ම ගිහින් කියලා...
සිහත් ඔය මූණ හදාගෙන ඉන්න එපා.... අම්මත් අහයි...
කතා කරන්න දරුවො... හරි මට සමාවෙන්න... දහම් පාසල්
එන්න ඔ්න නෑ...
අම්මා හාමුදුරුවො සමග බුද්ධ පූජාව රැගෙන පැමිණි නිසා මා සිහත් අසලින් මදක් දුරස් විය... මට වුවමනා වුයේ සිහත් සමග එක්වී පහන් දැල්වීමටය... නමුත් සිහත්.. මගෙ මූණවත් නොබලන්නේ ය.. පන්සලෙන් පිටවි එනතුරු ම සිහත් කතා කලේ වචන කිහිපයක් පමණි.. එ් ටිකත් අම්මා සමග පමණි...
සිහත් හරියට මහ වැස්සකට පස්සෙ නිශ්ශබ්ද වූ අහස වගේ ය... මගෙ හිත රිද්දන්න මෙලෙස හැසිරීම මම ඉවසුවේ ගෙදර එනතුරු ය.. මගෙ විහිළුව එ් තරමටම සිහත් තරහ ගන්වාවි යැයි නොසිතුවේය...
නිවසට පැමිණි විගස සිහත් ...
: අම්මා මගෙ ඔළුව රිදෙනවා... මම ටිකක් නිදා ගන්නද..
! හරි පුතේ... උදේ පාන්දර නැගිටපු හින්ද වෙන්න ඇති...
බත් ටිකක් කාල නිදා ගන්න...
: කන්න බෑ අම්මා...
! කාල පෙන්ඩෝල් පෙත්තක් බොමු... යන් කටක් හරි කාල ඉන්න..
මට සිතා ගන්න බැරි මේ තරමටම මට තරහක් ඇයි... සිහත්ව තුරුලට අරන් සමාව ගන්න මට ඔ්න විය... හුරතලේට හිනා වෙන වල ගැහෙන මුහුණ බිමට හරවන්, මොනවද මේතරමට මැණිකට වුනේ... අම්මගෙ පෙරැත්තට බත් කටවල් දෙක තුනක් කෑවේය.. මට දැන්නම් තරහ සිහත් ගේ හැසිරීම පපුවට පිහියෙන් අනින තරමට රිදවන නිසාය.. සිහත් දෙස බොහෝ වෙලාවක් මම බලා සිටියේ වැරදිමකින් හෝ මදෙස බලාවි යැයි සිතා ය....
! මයෙ පුතේ.. සිහත්ට අසනීප යි වගේ බෙහෙත් ටිකක් ගේමුද
* එ්ක තමා අම්මා.. දහම් පාසල් යන්න කීව කියල මාත් එක්ක තරහ වෙලා..
! එ්කනෙ.. බත් ටිකත් අතගගා ඉදල විසික්කලා...
* සිහත්, බෙහෙත් ගේන්න යමු...
: ඔ්න නෑ... මම ටිකක් නිදා ගන්න ව.. පෙන්ඩෝල් බීවනෙ..
මම සිහත් ගේ නලලට අත තබා බැලුවෙ උණක්වත් තිබේ ද යන්නය... මූණක් එක්ක සුදු මැලි පාට වි ඇත... මට දුකයි ගොඩක් මගෙ මූණවත් බලන්නෑ.. සිහත් සමගම කාමරයට මා පැමිණි යේය..
* මගෙ මැණික ඔහොම ඉන්න එපා... සිහත් තුරුලට අරන් පපුවට සිරකර ගත්තෙය... නලලට හාදුවක් තියා.. මා දෙසට මුහුණ හරවා දෑත් දෙකට සිරකරගත්තේය...
* මෑණික ඇයි මේ... මම විහිළුවක් කලේ.. මාත් එක්ක තරහක්.. උබ ඔහොම ඉද්දී මට රිදෙනව... දුකයි...
සිහත් මගෙ අත්දෙක තරහෙන් ඉවත් කලේය... ඇස් දෙකට කදුළු පුරවන්.. මා ඉවතට තල්ලු කර දැමීය...
: ඔයාගෙ අනුකම්පා ව ඔ්න නෑ...
මට පාඩුවේ ඉන්න දෙනව... තව දෙයක් මට මැණික කියාගෙන එන්න එපා...
* ඇයි මේ... අම්ම ත් ඇහෙයි.. ඔයා ට තරහ නිවෙනකම් ගහන්න මට... සිහත්.. මට තෙරෙන්නෑ..
: මම තමුසෙ ට යන්නෙ කීවෙ...
මගෙ ඇගත් පණ නැති ව ගියේ ය.. සිහත් ගේ කම්මුල් කදුලෙන් තෙමී ගොස්ය... මාවත් එ් ඇස් දෙක අඩවන්න සමත් විය..
* සිහත් ඔහොම අඩන්න එපා.. මට .. කියන්න... මොකද වුනේ කියල...
දොරෙන් එලියට මා ඇද දමා.. දොර වැසි ය...
* සිහත්.. සිහත්... දොර අරින්න....
අම්මා පැමිණි නිසා.. මමත් මගෙ කාමරයට ගියේ... මගෙ ඇස් දෙකේ කදුළු සගවන්නටය..සිහත් ඇයි... මෙහෙම හැසිරෙන්නේ.. තව ටිකක් වෙලා ඉදල බලනව.. තරහ නිවෙනකම් .. එ්ත් සිහත් ගේ කදුළු ගලන මූණ මා ඉදිරියේ මැවී පෙනේ... මටත් දැන් පිස්සු වගේ...
ටිකක් ඉන්න 🌹🌹🌹🌹🌹
[text_hash] => 0bf4869b
)
What do you think?