Chapter 29: හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹🌹

Array
(
[text] =>

************* විසි නමවන දිගහැරුම ************

----------------------------------------------------------- 🌹🌹🌹🌹

* රජිත උබ පලයන් මම ගෙදරට කතා කරල අම්මට කියල එන්නම්...

+ හරි දේව්.. හිතන්න එපා ඕනවට වඩා ... දැන් සිහත් උබ ගාවනෙ...

* ඒක හරි බං...

මම අම්මට කෝල් කර සියළුම විස්තර පවසා.. සවස හොස්පිටල් යන්නට සූදානම් වන ලෙස කියාසිටියේ ය.

අම්මාටත් දුකයි.. අම්මා සිහත්ට මටත් වඩා ආදරෙන් සලකනව කියල කියන්න ඕන...

සවස 4 පමණ. වන විට මම ඔෆිස් එකෙන් පිටත් වුයේ සිහත්ට අවශය  දේ රැගෙන එ්මට ගෙදර ඉක්මනින් යායුතු නිසාය...

මම යන විටත් අම්මා සියල්ල සූදානම් කරගෙන තිබුණි...

* අම්මා ලෑස්ති වුනාද...

! ඔව් පුතා... කොහොමද සිහත්ට.. මම වැලිවිට ටීචටත් කතා කරා.. ටීච මට සිද්ධිය කීවා...

* අම්මට මම උදේ කියල නේද ගියේ...

! හරි දැන් කලබල නොවි ඉන්නකො.. නා ගෙන ඔයත් ලෑස්ති වෙන්නකෝ..

අම්මත් මමත් සිහත්ට බැලීමට හොස්පිටල් එකට වෙලාවට පැමිණ සිටියෙමු.. සිහත් ඇදේ ඉදගෙන ජනේලයෙන් එළිය බලාගෙන ඉන්නව අපි දුර සිටම දැක්කේය...

! පුතේ... දැන් කෝමද මගෙ දරවෝ...

: අම්මා අම්මත් ආවද....

සිහත් අම්මට හිනා වුනේ පොඩි දරුවෙක් වගේය...

* අම්ම පේනව මාව පේන් නෑනෙ..

සිහත් මා දිහා බලල ඇද කලේය...

* මුට ඇති අමාරුවක් නෑ... යමං ගෙදර...

! එපා පුතේ ... විහිළු නෙවෙයි... ස්කූල් යුනිෆෝම් මාරු කරගන්න.. දැන්..

සිහත් වොෂ් රූම් එකට යද්දී මමත් සිහත් පසුපස උදව්වට ගියෙමි..

* සිහත් ... මට සමාවෙන්න... මේ දේවල් නොකීවට...

: හ්ම්.. චුට්ටක් තරහයි.. ඔයාවත් නැති කරගන්න බෑ... මට කවුරුවත් නැති වෙයි... එදා අම්මා හමුදුරුවෝ එක්ක අම්ම ගැන කියනකන් මම දන්නෑ එයා මාව අත ඇරලා කියලා..

*  එ්යි .. පිස්සුද දරුවෝ... අඩන්න එපා....මම ඉන්නව.. අම්ම ඉන්නව.. කවුරුවත් ඕන නෑ... ගෙදර ගියාම කතා  කරමුකෝ හරිද...

: හ්ම්.. ඩොක්ටර්ට කියල මාව ගෙදර ගෙනියනවද...

* රිපෝට් මුකුත් ඇවිත් නෑනෙ .. හෙට එවත් බලලම ගෙදර යමු..

සිහත් උදේ ඉස්කොලෙ ට යන්න පරක්කු උන් ඇයි...

: බනිනවද...

* නෑ.... ගොඩක් බය හිතුනා...

: නංගි ගෙ ඉස්කොලෙ ගාවට.... එ්ත් ආවෙ නෑ....

* ආයෙත් අඩනවනෙ... අම්මත් දුක් වෙයි... ඔයා ට මං අම්ම දිල ඉවරයි... එ් ඔයාගෙ අම්ම හරිද...

සිහත් නාගෙන.. ඇදුම් මාරු කරනකම් මම ළගට වෙලා හිටියේය.. ඇද ලගට එනවිට අම්මා ඇදට ෂීට් කොට්ට දාල සකස් කර තිබුණි...

: අම්මට කරදරේ මම හින්ද..

! පිස්සු කොල්ලා.. ආය නොකා ඉන්න බෑ.. මම කෙවිට ගන්නේ..  දැන් කමු..

* අම්මා මම කවන්නද..

සිහත්ට බත් කටක් කවන්න මට ඕන නිසා මම කීවෙය..

: මට අතින් කන්න පුළුවන්..

! නෑ නෑ මම කවන්නම් ...  පුතේ රස නැති වෙයි... ඔයාට සැරට කන්න බෑනෙ... ඊටත් ලෙඩ හොද වෙනකම්ම කිරි හොදියි බතුයි තමයි..

* හොද වැඩේ කිරි හොදියි බතුයි කාපං.

! රසයි පුතේ... ඔය අයියට ඊර්ෂ්‍යාව.... ඔයා ට කවනවට...

මම අම්මගෙ කතාවට බොරුවට එකග බව පෙන්වුවද..

කෝමද අම්මෙ මම එහෙම හිතන්නේ.. මටත් ඕන සිහත්ට අම්මගෙ තාත්තගෙ ආදරේ දෙන්න... අම්ම සිහත්ට ආදරෙන් සලකද්දි මම තරම් කවුරුවත් සතුටු වෙන්නැතුව ඇති..

! පුතාට තෙරුවන් සරණින් ඉක්මනට හොද වෙයි...

සිහත්ගෙ ඇස් දෙකට කදුළු පිරි ලා..

* අම්මා ඔය දැන් මේකව අඩවන්න යන්නේ...

! සිහත් දෙනව දැන් හොද පාරක් මම... දැන් හැමදේම අමතක කරල ඉගෙන ගන්න ... විභාගෙට මහන්සි වෙමු පුතේ...

* දැන් යමු නේද අම්මා...

! යමු...

සිහත්... බෙහෙත් බොන්න.. ඇදෙන් බහින්න එපා... රෑ වෙලා තව සේලයින් එකක් දෙනව කිව්ව... පරිස්සමට ඉන්න..

අම්මා සිහත්ව ඉබල ඔළුවත් අත ගාල.. සමු දුන්නේය..

*අම්ම පරිස්සමට පහලට යන්න.. මම ඉක්මනට එන්නම්...

! හරි පුතේ...

මම සිහත් අසලට ලං ව‌‌‌ුයේ.... වටපිටාවෙ අයට කියන දේවල් ඇසෙන නිසා ය...

* පෝන් එක ආ.. චාජ් කලා..

: මම බය වුනා ඉස්කෝලේ වැටිල කියල...

* යසිරු දුන්න...   මම යන්නද..

: චුට්ටිත්තක් ඉන්න බෑ ද...

* එලවනකම් හරි ද...

: හා... අම්ම වගේ කිස් එකක්  බෑද..

* බෑනෙ මගෙ මෑණික.. කට්ටිය වැඩි නෙ...

: ඉන්නකො මම මෙහෙන් කෙනෙක් හොයා ගන්නවා...

* හොයා ගෙන පෙන්නපන්...

; හා බෑද..

* බෑ තමයි...

: ආ... දන්නවද අද උදේ... මාව බැලුව ඩොක්ටර් ..

* ඇයි ඌ උබට පැණි හැලුවද...

: නෑ...

* එහෙනම්...

: මම පැණි හැලුවේ... ඩොක්ටර් මගෙ ෂර්ට් එකක් බොත්තම් ගලවලා ... බඩට අත තියද්දී....

* මැරුම් කන්න හදන්නේ උබ...

: අම්මෝ ඊර්ෂ්‍යාව... නර්ස්ලා කරේ... තරහවෙලා ද අනේ... මට හිනා යනවා...

* ඔහොම හිනාවෙනවට නම් සතුටු යි.. හැබැයි කවුරුවත් දිහා බලන්නෑ..

: මට කිස් එකක් දීල ගියොත් බලන්නෑ..

* හොදටම නරක් වෙලා... වරෙංකෝ ගෙදර...

: රවන්නෙ... මම කියනව  ඔන්න මට අතවර කරන්න හදනවා කියලා..

* බෝ පැලේ.. බබානෙ.. අන්න ඇන්ටි ලා එනවා.. මම යන්නම්... අම්මා බලන් ඇති.. පරිස්සමට ඉන්න මගෙ මැණික

සිහත් දවස් දෙකකට පස්සෙ හිනා වුනේ දැන්.. මට ඇත්තටම ගොඩක් සතුටු යි.. සිහත් මම පේන තරම් දුරට මා දිහා බලන් ඉන්නවා දුටු වේ හැරී බලද්දි ය..

ටිකක් ඉන්න.🌹🌹🌹🌹🌹

[text_hash] => 062df61d
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...