Chapter 28: හීන 🌹🌹 අරන් 🌹🌹

Array
(
[text] =>

********* විසි  අටවන දිගහැරුම *********** 🌹🌹🌹🌹

+ දේව් සිහත්ගෙ පෝන් එක... අමතක වුනා දෙන්න..

* මම හිතලමයි අමතක කලේ රජියා. මට බලන්න ඕන පෝන් එක..

+ නිර්මාණි ගත්තෙ ඇයි බං.. උබත් එක්ක කියවනව වැඩියි.. ආ...

* ඕක කියපන් පුළුවන්නම් සිහත් ගාව...

නිර්මාණි ව නිර්මාණයක් කරල එල්ලනව  එහෙනම්...

+ ඒක නම් සහතික ඇත්ත...

රජිතත් මමත් ඔෆිස් එකට එනවිට නිර්මාණි කෑමට යාමට බලා සිටියේය...

& කොහෙද අනේ දෙන්න යන්නේ... මේ ඉන්නව මේ නෑ...

+ අපි උබට කියල අවසර ඇරන්නෙ යන්න ඔ්න...

& නෑ ඉතින් දෙන්නම එකවැර අතුරුදහන් වෙන හින්දා..

+ ආ..... මේ බලපන්.. අපි මගුලෙ යනවනේ.. එ්කයි... මෙච්චර දවස් දන්නැද්ද...

මු මගෙ ගෑණි.. මම මුගෙ මිනිහ...

& මම එ්ම දෙයක් කීවෙ නෑනෙ... දෙව්නක මම වැරදිද...

* නෑ නිර්මාණි කියන්නෙ ඇත්තනෙ බං.. දෙන්නම ෂීට් වල නැතිවෙනකොට අනිත් එවුන් බලයි අපිට විතරක් වෙනම නීතියක්ද කියලා...

රජිතගේ වචන වලට නිර්මාණි සිත රිදවා ගත් බව මූණෙන් පෙනුණි.. බත් එක බාගෙට කාල අත හෝදාගෙන නිර්මාණි පිටවිය...

* රජිත එ්ව කැත වැඩ....

නිර්මාණි රජිතට කැමතිබව ඔෆිස් එකේ ප්‍රසිද්ධ රහසකි...

+ දේව් ගනින්කෝ සිහත් ගේ පෝන් එක.

* උබ නිර්මාණි ට දොස් කීව ට උබටත් අනුන්ගෙ පෝන් එකක් බලන්න තියෙනවනම්... වෙන දෙයක් නෑ...

+ අනුන්ගෙ නෙමෙයි.. උබගෙ එකාගෙනෙ.. උබගෙ එ්ව මගෙ තමයි...

පාස්වර්ඩ් එක උබ දන්නව ද

* නැතුව මම දන්නැද්ද...

+ මට අමතක වුනා... උබල දෙන්න ලව් කියලා...

* හිනා වෙන්න එපා බං..

අනේ දෙයියනේ... මගෙ අත නලලට ගියේ  ලොකු හුස්මක් පිට කරමින් ය..

+ ඇයි බං දියන් බලන්න.. අඩෝ කෝල් 426ක්.... මෙච්චර...

ඇයි බං මේ... "මගෙ අම්මා " කියලත් සේව් කරල තව...

* මුං අම්මලාද බං.. කාමරේට වෙලා කරල තියෙන්නෙ ඔ්ව..

+ මැසේජ් ගොඩ... එකක්වත් බලලවත් නැ ...

* සිම් මාරු කරල ඇති බං.. නැත්තන් මොන අම්ම ද මෙච්චර කතා කරද්දි ආන්සර් නොකර ඉන්නෙ...

+ මේ අම්මලාද...

සිහත් ආවත් හරි කෝල් කරව්වෙම නෑ..

* මට තේරෙන්නැත්තේ මේ විස්තරේ කීවෙ කවුද කියලා...

මමත් එක්ක තරහ වුනේ නොකීවට මෙච්චර දවස්..

+ දේව් අහපං කෝ... මේ මැසේජ් එක...

අම්මේ...

මට ඔයා ඔ්න... නංගිවත් ඔ්න.. තාත්වත් ඔ්න.. මට කියල ඉන්නෙ ඔය තුන්දෙනා විතරයි... මට අම්මව නංගිව මතක් වෙනව හැමදාම.. ඇයි අම්මෙ මාව එපා වුනේ... මගෙ වැරැද්ද මොකක්ද... ඔයා බනින්නවත් මට කතා කරන්නකෝ... හැමදාම මට පව්කාරයා කියද්දි එච්චරටම මං පව්කාරයි කියල හිතුවෙ නැ...  කවදාවත් අම්ම බැන්නට මම තරහ වුනේ නැ අම්මෙ.. මම දන්නවා... අම්මා තාත්තා එක්ක රණ්ඩු කරද්දිදැනරශ්නෙ... එ්ත් නොදන්නව වගේ නොතේරුනා වගේ හිටිය.. ඔය දෙන්න නිසා මම ඉපදුන හින්දා... මම දැනන් හිටියෙ නෑ එදා මාව ගෙදරින් එලියට දැම්මා කියලා.. ඔයා මාව අතහැරලා කියලා... එහෙනම්.. මම වැදල අඩල ගුටිකකා හරි ඉන්නව ගෙදර... මම දැන් අනාථයෙක් ද අම්මා...  ඉස්කෝලේ ට අම්ම තාත්ත එන්නැති වෙනකොට බැනුම් අහලා... ලැජ්ජා වට හැංගිලා අඩනවා... තරහට ළමයි එක්ක රණ්ඩු වෙනවා..  කළුවරට වෙලා අඩනවා.. අම්මා දැනගෙන හිටියා කියලා දන්නව මම... අනේ අම්මේ මට බයයි... ඔයාල නැතුව ... අම්මා... එක පාරක් කතා කරන්නකෝ... මට කාත්කවුරුවත් නැති කෙනෙකුට වගේ මිනිස්සු සලකයි අම්මේ...   ඔයා කියන විදිහට ඉන්නම් අම්මෙ...

* ඇති රජිත නවත්තපන් බං... මගෙ දරුව හිනා වෙන්නෙ මෙච්චර දවස් මේ තරම් දුකක් හංගගෙන ද...

+ මටත් දුකයි ගොඩක්... ඇස් දෙකට කදුළු ආව කියවද්දි...

දේව්... අහපං..

මට පොරොන්දු වෙයන්...

සිහත්ට දුකක් නොදි බලා ගන්නව කියලා.. එ් පින ඇති බං මැරෙනකම් ම...

* මට දෙයියෝ දීපු මැණික... ආත්ම ගානක්  රකිනව මම දුකක් නොදි... එ්ක මම අද පොරොන්දු වෙනවා... උබ සාක්ෂි...

ටිකක් ඉන්න. 🌹🌹🌹🌹🌹

[text_hash] => f37bc7f7
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...