Chapter 33: හීන 🌹🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

******** තිස්තුන් වන දිගහැරුම ******** 🌹🌹🌹

------------------------------------------------------------ 🌹🌹🌹🌹🌹🌹

පසුදා උදෑසන මම ඔෆිස් එකට ගියේ.. සිහත් සමග අමනාපෙන්ය... සිහත් මගෙන් තුවාලද කියලවත් ඇසුවෙ නැත.. මම ලගින් යනවිට පවා ඉක්මනින් මග හරින්නේ මේ දවස් ටික ඈත්වෙන්න කියපු නිසාය.. නිදාගෙන සිටි කාලය හැර නැගිටපු වෙලාවෙ සිට වේදනාවේ අඩුවක් නැත..

+ දේව් උබට හාට්ඇටාක්ද බං පපුව අල්ලගන්නෙ.. දැන් ගොඩක් සැරයක් දැක්ක මං ... අසනීපයක් නම් කියපන්...

* නිකං අවුලක් නෑ...

රජිත යන ගමන් පපුවට තට්ටුවක් දමා,

+ හරි මචං...

* ආ..... අත ගනින්...

+ මොකද යකෝ...

* උබ හිනාවෙයි කීවොත්...

+ යකෝ හිනා වෙන්න බැරි ය පස්සෙ.. ඇක්සිඩන්ට් වත් උනාද..

* නෑ නෑ බං..

+ මොන බම්බුවක්ද බං.. අමාරුවක් තියෙනවනම් බෙහෙතක් කර ගනින්..

* කෑ නොගහ හිටපන්.. කියන්නම්...

සිහත් බල්ලෙක් වගේ හැපුව බං..

හිනාවෙන්ට එපා යකෝ..

+ මේක මාර පොරක්නෙ...

* විභාගෙ ඉවර වෙනකන් චුට්ටක් ඇතින් ඉමු කීවා.. එ්කට මහ රෑ පාන්දර යකාවැහිල ඌට

+ උබට මාසයක් විතර ඇදුමක් නැතුවනම් ඉන්න වෙන්නෑ..

* එ්ක තමයි බං කවුරුවත් දැක්කොත් මම වටේ යනව කියල හිතයි..

+ ටීච දැක්කොත් උබව ඉක්මනටම බන්දයි..

* බය කරන්ට එපා බං..

+ ලගට වරෙන්කෝ..

* කියපන්...

+ ඔතන විතරමනෙ හැපුවෙ... ෂුවර් එකටම...

* තොට මම කියන්නෑ.. හපපු තැන්... බෙහෙත් දාන්නටද..

+ පෙන්නපන්..

රජිත මගෙන් ෂර්ට් එකෙන් අල්ලගෙන බොත්තම් ගදලවන්නට ලෑස්ති විය...

/ මොකද අනේ ඔයාල මේ කරන්නෙ...

රජිතත් මමත් ගැස්සුනේ... නිර්මාණි බලන් හිටපු විදිහටය..

* අතහැරපිය ..

රජිතටයි මටයි හිනාව නවත්ත ගත්තේ අමාරුවෙන්ය..

+ උබත් ආවෙ උච්චතම අවස්ථාවෙනෙ බං..

/ ඊය අනේ ඔය දෙන්න... ඔය දෙන්නට කෙල්ලො නැත්තෙ එ්ක තමයි...

* මේ නිර්මාණි මගුලක් කියන්න එපා...

+ දැන් උබට තේරෙනවනෙ මම උබට කැමති නැත්තෙ ඇයි කියල..

*රජියා බොරු එපා බං...

නිර්මාණි ඇත්තක් කියලම හිතල අතින් කටත් වහගෙන රජිත දිහා බලන් ඉන්නවා..

+ මේ කතාව ලික් වුනොත් උබ තමයි...

* විහිළු ඇති බං... නිර්මාණි බොරු බං.. රජිත එහෙම නෑ.. මු මගෙ යාළුවා විතරයි...

නිර්මාණි මුකුත් නොකියා පිටවිය...

+ මචං ලැජ්ජයි බං... උබ දිහා බලන්න...

* තෝට නම් පිස්සු... පව් බං නිර්මාණි..

+ මට වැඩ තියෙනවා.. මම යනවා.. බෙහෙතක් කර ගනින් පැසවැව්වොත් ඩොක්ටර්ට පෙන්නපන්..

දැන්නම් මටත් චුට්ටක් බය හිතුනෙ පැසවයි කියල කියු විටය.. කෝකටත් ෆමසියෙන්වත් බෙහෙත් අරන් යායුතුය...

හවස මම ගෙදර යන විට.. සිහත් පාඩම් කරමින් සිටි නිසා මම දොර රෙද්ද ඉවත් කර බලා.. කිසිවක් නොකියා.. අම්ම සොයාගෙන ගියේය..

* අම්මා... බඩගිනියි...

! රෑට උයන්න ඕනි.. තේ එකක් හදල දෙන්නම්...

* හා අම්මා...

! පුතා හෙට සිහත්ව මම එක්ක යන්න හිතුවෙ...

* එ්ක හොදයි අම්මා.. මමත් කියන්න හිටියෙ..

මගෙත් එක්ක තරහින් ඉන්න එකෙන් අම්ම යන එකට මම සතුටු විය..

! ඇදුම් මැදල, සපත්තු පොලිෂ් කරල බෑග් හදල ඔක්කොම කරල ඉවරයි..

* හ්ම් අම්මා.. මම නාගෙන එන්නම්....

රෑ කෑම කාල අම්මට උදව් කරල මම නින්දට යද්දි සිහත් නිදාගෙන තිබුණා.. කරදර නොකර මමත් ඇදට ආවේ.. මගෙ එක්සැම් දවසට වඩා මගෙ හිත බය වෙලා ඇති නිසා ය..

උදේ ගෙදර හරි කලබලයි‌.. අම්මා කිරිබත් හදල බුද්ධ පූජාවට වෙන් කරල.. සිහත්ට කතා කලේ.. මල්පහන් පූජාකර බුද්ධ පූජාව තැබීමටය..

! මයෙ පුතා... මේ කට්ට ගහන්න ඔසරි යට...

* ගොඩ දවසකින් අම්මා කට්ට ගහන්න කියන්නේ...

! දැන් ඉස්කෝලේ යන්නෑනෙ පුතා... මාත් ගොදවසකින් ඉස්කෝලේ යන්නෙ...

* අම්මා විභාගෙ ඉවර වුනාමනෙ ගෙදර යන්නෙ...

! ඔව් පුතා.. මම අද ඉදලම එන්නම්..

* අම්මේ අම්මගෙ සතුටක්...

ඉස්කෝලේ යන කාලෙ ඉදන් අම්මට ඔසරි යට කට්ට ගහල දුන්නේ මමය.. මම සිහත්ගෙ කාමරයට ගියේ.. විභාගෙ ට සඋබ පතන්නටය.. මම දන්නව මගෙ න් සිහත් එ් දේ  බලාපොරොත්තු වෙනවා කියලා...

* සිහත් ලෑස්ති වෙලා ඉවරද...

: හ්ම් ඉවරයි...

* සිහත්... කලබල නෑනෙ.. පාඩම් කරපුවා මතක් කරල ප්‍රශ්න දෙපාරක්වත් කියවලා... තේරූම් අරන් ලියන්න... හොදද... මට විශ්වාස යි මගෙ මැණික...

: මට විභාගෙ ට විෂ් කරේ නැත්තන් තරහ වෙන්න හිටියේ..

* එ්ම කොහොමද.. මට තාම රිදෙනවා...

සිහත් කලබල වී මගෙ පපුව ට අත තබා...

: බොරු නෙ කියන්නෙ..

* ඔව් ඔව්... බෙහෙත් බීව.. ඉක්මනට හොද වෙයි..

මගෙ මූණ අත් දෙකෙන්ම ‌‌‌අල්ලගෙන..

: සොරි... මම ඔ්න වූනෙ චුට්ටක් රිද්දන්න...

* හොද චුට්ට... ආයෙ හැපුවොත් දත්ටික ගලවනවා...

සිහත් මගෙ පපුවට හාදුවක් තබා ඉක්මනට හොද වෙන්න ප්‍රාර්ථනා කලේය...

* දැන් නම් හොදයි වගේ..

සිහත්ගෙ නලලට පරිස්සමට හාදුවක් තබා ..

* මගෙ මැණිකට රත්නත්‍රයේ පිහිටයි.. පාස් වුනත් මගෙ ෆේල් වුනත් මගෙ විතරයි...

සිහත් ගෙ ලාවට වැටුණ හිනා වට කම්මුල් වල ගැහිල මගෙ ඇස් දෙක දකින්න හොයන්නෙම මේ මූණෙ අතරමං වෙන කතාවමයි... මම ටිකක් වෙලා එ් මූණ බලන් හිටියේ අතහරින්න ලෝභකමටය.. සිහත් මගෙ පහසට වහ වැටෙන හින්දම මම කාමරයෙන් එළියට එ්මට හැරණේය..

: දේව්....

සිහත් හිතන්නැති වෙලාවක නම කීවම.. මම ගැස්සුනේය.

* හ්ම් මැණික...

සිහත් මා ඉදිරියේ දණ ගසා වදිවියැයි සිතූනේම නැත... මගෙ කකුලට හාදුවක් තබා නැගිට්ටෙ ය... මට මෙච්චර ආදරේ ද සිහත්... හිසට අත තබා හැම ජයක්ම පැතුවේ... මගෙ සතුටම සිහත් බැවිනි....

අම්මවත් සිහත්ටත් යාමට වීල් එකක් කතාකරන දූන්නේය..

දෙදෙනාම නිවසින් පිටවූ පසූ මම සිහත්ගෙ හිනාව.. හාදුව.. තූරූළු කරන් පිටත්විය...

ටිකක් ඉන්න... 🌹🌹🌹

[text_hash] => 30e4e8da
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...