Array
(
[text] =>
හීන 🌹🌹 අරන්
********* තිස් අටවන දිගහැරුම ******** 🌹🌹🌹
------------------------------------------------------------------ 🌹🌹🌹🌹
* මගෙ මැණික දැන් නවත්වමු ඔය ඇඩිල්ල.. කෝ ඉතින් ඉකිගහනවනෙ... මොනාද ඔච්චර හිත හිත ඉකිගහන්නෙ...
මම බලෙන්ම පුටුවෙන් ඉන්දවුවද.. මගෙ බෙල්ල අත් හරින්නේම නැත.. බැරිම තැන මම සිහත් ලගින් වාඩි වී පපුවට ලං කරගත්තේය..
* අන්කල්.. මට සමාවෙන්න.. මම දන්නව මම වරදක් කරනව කියලා ඒත් සිහත් ගැන හිතන්නැතුව ඉන්න කියල කියන්න එපා...
/ පුතේ.. මම මුකුත් කීවෙ නෑ.. එ් හේතුවක් උඩ..
සිහත් බඩගින්නෙ ඉන්නැතුව කිරි එක බොන්න... පුතේ..
* අන්කල් සිහත් සුදු කිරි බොන්නෙ.. කහට දාල දෙන්නෑ..
/ මගෙ දරුව ගැන මම දන්නෑ...
* මම අන්කල් එහෙම හිතල නෙමෙයි කීවෙ.. උදේට කාල නැති එකේ අසනිපවෙයි කියලා..
/ දන්නව පුතේ.. පුතා මගෙ දරුවට මගෙ මැණික කියද්දි.. මට මගෙ දරුව ගැන.. මම ගැන පුදුම දුකක් හිතුනා...
* අන්කල්,..
* සිහත් නැගිටින්න කෝ.. තාත්තත් එක්ක කතා කරන්න..ඔයා හොදටම හිතුවක්කාරයි...
සිහත් මගෙ අස්සෙ හැංගිලා හිටියෙ මමත් හරියට මූණ දැක්කෙ නැහැ.. අඩලමද කොහෙදො කම්මුල් ඉදිමිලා.. අන්කල් සිහත්ට කිරි එකක් හදාගෙන එන්න කුස්සියට ගියේ ය..
* අපෝ හොටු කොල්ල මගෙ... මූන පෙගිල ..
මම සීරුවට කදුළු පිස දැම්මේය... කොන්ඩෙත් ඇවිස්සි ලා .. චුට්ටක් පිළිවෙලක් කරේ මගෙ කොල්ල පිස්ස වගේ... එ්කයි..
* බලන්න මූණ.. වලත් වැහෙන්නම ඉදිමිලා... රතුවෙලා..
සිහත් වචනයක්වත් නොකියා මම දිහා බලන් යන්තම් සිනාසුනේය... අන්කල් කිරි කෝප්පය සිහත්ට දුන්නේය.. සිහත් අතට නොගත් නිසා මම ඉක්මනට ගත්තේය..
/ පේනවනෙ පුතා හිතුවක්කාරකම...
* ඔව් එ්ක ඇත්ත.. සිහත් ඇති දැන්.. මම ටිකක් සැරට කීවෙය..
: දෙන්න...
* කතා කරන්න පුළුවන් නේද..
/ චුට්ටක් ඉදිමිලා තියෙන්නෙ දෙක තුනක් වැදුණ හින්ද වෙන්නැති..
මගෙ පපුව පිච්චුනා වගේ දැනුනා අන්කල් ගෙ එ් කතාවට..
* අන්කල්..
/ නෑ පුතා හිතුවක්කාරකමේ සීමාවක් නෑ...
මම සිහත්ගෙ මූණට අත තබා බලා සිටි ඊයේ මම නිසානෙ .. යැයි හැගුණ නිසාය..
/ පුතා මේ අහන්න.. සිහත් කෙල්ලක් එක්ක නෙමෙයි කොල්ලෙක් එක්ක යාළු වුනත් මේ වයසට මේ දේවල් ඕන නෑ කියන මතේ මම ඉන්නෙ...
* අන්කල් .. කියන්නෙ... අපි ...
/ නෑ... වෙන් වෙන්න කියන්න මට අයිතියක් නෑ.. පුතා. ටීච.. මේ කොල්ලට මෙච්චර ආදරෙන් සලකද්දි.. හැමදේම අඩුවක් නැතුව කරල දෙද්දි... කොහෙ හරි කෙල්ලෙකුට අහුවෙලා ඉගෙනිමත් වරද්දගෙන... ජිවිතෙත් වරද්දගන්න හදන හින්ද .. එහෙම දෙයක් නම් මම පුතාලට, ටීචට මූණ දෙන්නෙ කෝමද.. එ් තරහට මම බැන්නා... මාත් එක්ක එකට එක කියන්න ගිහින් ගුටි කෑවෙ...
මම පෝන් එක ගත්ත කියලා... පෝන් එක උදුරගෙන බිත්තයේ ගැහුවා.. එච්චර මුරණ්ඩු වෙනවද ළමයි...
මට ගහන්න බැරි කමට ස්ටූල් එකට ගැහුවා.. එ් පාර තමයි විදුර කුඩු වුනේ...
* එ්කට නම් සිහත් ගුටි කාල මදි..
මම අන්කල් එක්ක සිනාසිය... සිහත් රවමින් අහක බලාගත්තේය..
/ පුතා... සිහත් දැන් යමක් කමක් තේරෙන ළමයෙක්.. එ්ක නිසා මම මේ කියන දේ තේරුම්ගනී කියල හිතනවා... මම ගැන වැරදි යට හිතන්න .. පුළුවන් එ්ක ඔයාල තීරණය කරන්න..
* අන්කල් කියන්න.. අපි වැරදියට හිතන් නෑ..
/ මම අවුරුදු 20කට ඉස්සර සිහත් වගේ .. අඩුවකට තිබ්බෙ සිහත්ට වගේ හිනාවක් මට තිබුණෙ නෑ.. මම හීනෙන්වත් සිහත් ට මට වගේ හිතෙන්න දැනෙන්න පටන් ගනී කියලා හිතුවෙ නැ...
මම දන්නව පුතාලව දකිද්දී මම නිශ්ශබ්ද වුනා ට.. සිහත් ගෙ අත්තම්මා.. අත්තා මාමලා නැන්දලා නිශ්ශබ්ද වුනෙ නෑ..
මට නොසෑහෙන්න අපහස කලා.. ගෙදරින් පලයන් කීව.. සතෙකුට වගේ බැන්නා... ගැහුවා... ගෙදරින් එළියටවත් යන්න දුන්නෑ... එයාලට ලැජ්ජා වෙනව කියලා... අඩුම මගේම සහෝදරයෝ මම ගෙදර ඉන්නවනම් අම්ම තාත්තා මමත් එක්ක තනියම තියල ගියේ නෑ... විදින්න බැරි තරම් දුකක් වින්දා.. අන්තිමට මගෙ ආදරය අසහනකාරයෙක් ගානට දාල නැති වුනා..
අවුරුදු 3ක් ගියා ට පස්සෙ... ගෙදර අය තීරණය කලා.. මම වෙනස් වෙන්න කසාදයක් කරල දෙන්න.. හරියට රස්සාවක නැතුව අවු 22ක් වෙනකොට සිහත්ගෙ අම්මව කසාද බදිනවා... අම්මට වගකීම් යුතුකම් ඉටු කලාට මට ආදරය... සෙනෙහස දෙන්න බෑ.. එ්ක නිසාම අපි රණ්ඩු කලා.. ගෙවල් වලින් කීව.. දරුවෙක් ඉන්නකොට හැමදේම හරි යනව කියලා.. අන්තිම ට අපි ගෙදර අයට වුවමනාවට සිහත්ව හද නවා.. සිහත්ට අවුරුද්දක් වෙනකොට මගෙ රස්සාව නැති වුනා.. මම සිහත්ව බලන් ගෙදර ඉද්දි අම්මා රස්සාව ට ගියා...
සිහත්ව පොඩි කාලෙ අවු. 4ක් වෙනකම්ම හැදූවෙ මම... ඔය කාලෙ අම්මට නංගි හම්බෙන්න කියල දැන ගන්නකොට මම දන්නවා මගෙ දරුවෙක් නෙමෙයි කියලා... ගාමන්ට් එකේ.. අම්මට සම්බන්ධ යක් තියෙනව කියල දැන ගන්නවා...
මුලදි රණ්ඩු කලාට පස්සෙ මට හරි නිදහස් බවක් දැනුනා... මට අම්ම වෙනුවෙන් දෙන්න බැරි ආදරය එයාට ගැලපෙන ක ගෙන් හම්බුණා... පස්සෙ අම්මා මගෙ ත් එක්ක තියෙන තරහ සිහත් පිටින් යවන්න ගත්තා... ඔය කාලෙ මට ඇමතිතුමා ගාව රස්සාව හම්බුණා.. එ්ක මට පුදුම සහනයක් වුනා.. මම ගෙදර එන එක අඩුවුණා... අම්ම හිතේ හැටියට සම්බන්ධෙ තියා ගත්තා.. මගෙ දරුව දුක් වින්දා.. පස්සෙ නොගැලපීම් වැඩි නිසාම වෙන්න වන්න තීරණය කලා... සිහත්9 වසරෙ.. දුවත් පොඩි.. එ්ක නිසාම අපි වෙන් වෙන්න තව කාලයක් ඉන්න තීරණය කරනවා.. විභාග ඉවර වෙනකන් ..
අද වෙනකොට මම මගේ දරුවත් තනිවුනා.. මම දන්නවා සිහත් අම්මට වෛර කරනවා කියලා.. පුතේ අම්ම වැරදි නෑ.. එයාට අඩුපාඩු පුරවන්න තරම් මට දැනුනෙ නෑ.. නංගි දැන් ඇත්ත තාත්තත් එක්ක සතුටින් ඇති.. මට මගෙ දරුවට එහෙම කරන්න ඔ්න නෑ.. මට විදපු වගේ අපහස දුක් දෙන්න බෑ.. මම වගේ තනියම ජිවත් වෙන්න දෙන්න බෑ.. එ්කයි.. මම නිශ්ශබ්ද වුනේ...
: තාත්තෙ මම ඔයාට ආදරෙයි.. ඔයා ව දාල යන්නෑ..
* අන්කල් සිහත් ට අන්කල් වගේ තාත්තෙක් ලැබුණෙ පෙර පිනකට.. නැත්තන් සිහත්ටත් ඔය ඉරණමම වෙන්න පුළුවන් ඉස්සරහට...
/ පුතේ එ් තුවාල අවු 20ක් තිස්සේ රිදවනව විතරයි..
: තාත්ත මට සමාව දෙනවද.. තාත්තට මමත් රිද්දෙව්වට..
අන්කල්ගේ කතාව නිසා සිහත්ගෙ හිතෙන තරහ නිවී ගොස් තිබුණි.. මටත් අන්කල් ගැන වේදනාවක් ඇතිවිය..
ටිකක් ඉන්න 🌹🌹🌹🌹
[text_hash] => 3aecf333
)
What do you think?