Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
*********** තිස්හත්වන දිගහැරුම ***********" 🌹🌹
--------------------------------------------------------- 🌹🌹🌹❤️
+ මචං කලබල වෙන්න එපා.. සිහත්ගෙ පෝන් එක වැඩ නෑ..
* දෙයියනේ මම මොකද කරන්නෙ..
+ හෙට උදේ වෙනකම් ඉවසපන්.. දැන් යන්න බෑනෙ...
* මගෙ දරුවා .. රජිත.... මගෙ හැමදේම...
+ දන්නව.. එ්ත් මොනාද කියන්නෙ...
* එ් සිහත්ගෙ තාත්තා.. එ් මනුෂයාට අයිතියක් තියෙනවා මෙහෙම ප්‍රශ්නයකට එ් විදිහට හැසිරෙන්න...
+ උබ එ්කත් දන්නවනම්.. හෙට උදේට බලමු.. දැන් අම්මත් බයවෙයි.. සද්ද නොකර හිටපන්.. ඊටත් උබව හදුනගත්තෙ නැති එකේ.. ප්‍රශ්නයක් වෙන එකක් නෑ...
* මන්ද බං.. මට තේරෙන්නෑ.. මගෙ හිතට නරකක්මයි දැනෙන්නෙ..
+ හෙට හොද විදියක් බලල කතා කරමු..
* හරි රජිත... උබ නිදාගනින් මචං... ගුඩ් නයිට් ..
+ ගුඩ් නයිට් දේව්...
මට පුළුවන්ද උදේ වෙනකන් ඉන්න... සිහත්ට ගහනව මට මැවිල පේනවා.. මගෙ මලක් වගේ දරුවා...
කොච්චර වෙලාවක් කල්පනා කරාද මතක නෑ මම පාන්දර 5ට වෙලාව බැලුව මතකයක් ඇත.. මට නින්ද ගිහින් ... අම්ම කාමරේ දොර වසා ඇති නිසා උදේ වැඩට යාමට කතා නොකර ඉදලා... මට ඇහැරෙන විට උදේ 8.30ත් පසුවී තිබුණි..
* අම්ම මට කතා කරන්න එපැයි..
! මොකද පුතේ ප්‍රශ්නයකද .. ඔයා අඩලද.. ප්‍රශ්නයක් නම් කියන්න ...
* නෑ අම්ම හැටි වෙන්නැති...
! අනේ මන්ද පුතේ පරිස්සමින්.. මට දරුවො ගොඩක් නඈ..
* අම්ම මම අද දවල් වැඩට යනවා.. අද ෆිල්ඩ් එකේ.. රවුමක් යන්න තියෙන්නෙ..
! පරිස්සමින්...
මම උදේට කටවල් දෙක තුනක් කැවෙ අම්මට රිද්දන බැරි නිසා ය...
මම තාම අසිහියෙනි... තවමත් සිහත් සම්බන්ධ කර ගැනීමට නොහැකි ය... මොනව හරි වෙන දෙයක් වෙයි මම සිහත් බලන්නට යායුතුමය..
* රජිත මම අද වැඩට එන්නැ.
+ හරි මචං එ් වැඩ මම බලන්නම්.. සමාවෙයන්.. උබ නැති නිසා මම මෙතන ඉන්නම ඕන...
* අවුලක් නැ.. මම තනියම යනවා..
+ ඉවසීමෙන් මචං... ප්‍රශ්න දා ගන්න එපා. මේ දේවල් පිටට ගියොත් උබට විතරක් නෙමෙයි අර පොඩි එකාටත් හොද නෑ..
* හ්ම්..
මම සිහත්ගෙ නිවස ට යන විට 11 පමණ විය.. දැන් නම් හිතට බයක් දැනෙනවා.. අංකල් ගෙ ප්‍රතිචාර ය කොහොම වෙයිද දන්නෑ... මිදුලට බයික් එ ක දානවිටම අංකල් දොර ගාවට ආවෙය...
/ දෙව්නක පුතා... ගොඩක් දවසකින්..
* අංකල්.. මට ඔෆිස් හින්ද අංකල් මීට් වුනේ නෑ...
/ ගෙට එන්න පුතා...
* අංකල් සිහත් කෝ..
/ නිදි... හිතුවක්කාර ළමයෙක්...
එ් ගැන මම තරම් නොදන්න කෙනෙක් නෑ... මම එයට සිනාසුනා පමණිය..
/ ඔය ටික ට පුතාට පණිවිඩ යක් එව්වද ඇවිත් එක්ක යන්න කියල ා...
* නෑ අංකල්...
තවමත් සිහත් ගෙ තාත්තා කිසිවක් නොදන්න බව සහතිකයි.. නැතිනම් මට මෙවැනි පිළිගැනීමක් බලාපොරොත්තු විය නොහැකි ය..
/ ඊයෙ රැ හොද අඩව්වක් ඇල්ලුවා.. පේනවද මේ ..
දෙයියනේ.. ස්ටූල් එකේ ග්ලාස් එක කැඩි ගොස්ය..
* අංකල් සිහත් ...
/ දන්නව නෙ දොර අරින්නෙ එයාට ඔ්න වෙලාවට.. චුට්ටක් අත කපා ගත්තා.. බලෙන් බෙහෙත් දැම්මා.. කොහෙ බලන්නද යකා වුනාම...
මගෙ හිතට පුදුම වේදනාවක්... සිහත්ට මම නිසා.. මේ හැමදේම.. කකුල් දෙකටත් පණ නෑ වගේ..
* අංකල් මට වතුර එකක් දෙනවද...
/ ඉන්න පුතේ..
* තැන්කියු අන්කල්...
/ඇයි පුතා...
* මම සිහත් ට කතා කරන්න ද..
/ මටත් කාමරෙන් එළියට ගන්න ඔ්න..
මම නැගිට සිහත්ගෙ දොර ගාවට ගියේ බියකිනි.. සිහත් මාව දැක්කම සතුටු වනු ඇත.. ගොඩක් තුවාල කරගෙනද දන්නෑ.. මගෙ මැණික...
* සිහත් දොර අරින්නකො.. මට කතා කරන්න ඔ්න...
/ අරින්නෙ නෑ පුතා... පුතාටත් මම විස්තරෙ කියල හිතලා..
සිහත් දොර ඇරියේය.. හිතන්නටවත් වෙලාවක් නොතියාම.. මාව තුරුල් කරගත්තේය..
: මාව එක්ක යන්න.. මට ඉන්න බෑ... මාව එක්ක යන්න..
* හරි මම එක්ක යන්නම්.. තාත්තත් බලනව සිහත්.. ඉන්නකො.. පොඩ්ඩක්..
: මට ඔයාව විතරයි ඔ්න... ඔයා විතරයි මට ආදරේ..
සිහත් හඩා වැටෙන විට මගෙ ඇස් දෙකට කදුළු ආවෙ ඉබේමය..
* මේ බලන්න මැණික.. ඔයා මගෙ පණ. මටත් ඔයාව ලග නැතුව ඉන්න බෑ. අඩන එක නවත්වමුකො.. ඔයා අඩනකොට මට බලන් ඉන්න බෑනෙ...
මටත් තාත්තව අමතක වුනා.. සිහත් මගෙ බෙල්ල බදාගෙන පපුවට තුරුලු වෙලා ඉකිගහල අඩනකොට මම ඉවසන්නෙ කෝමද.. සිහත්ගෙ හිස අතගාමින්.. සිහත්ව තවත් ලං කරගෙන හිටියෙ මට උබේ කදුළු දරාගන්න බැරි නිසා මය..
මට මතක නැ සිහත් මගෙ තුරුලෙ පපුවට මූණ තියන කොච්චර වෙලාවක් අඩනවද කියලා.. සිහත්ගෙ හිස මත හාදුවක් තිබ්බේ.. නොහිතාමය..
මට තාත්තව අමතක වුනා.. එ් තාත්ත මෙහෙම දෙයක් හිතන්නටවත් නෑ... පුටුවෙ ඉදගෙන ඔහු ත් නලලට අත තියාගෙන අඩන්නේය.. දෙයියනේ අපි දෙන්නටම ගහන්න තරම් තරහක් ඇති කියලා හිතුවට.. ඔහු නිශ්ශබ්දය.. එ්ත් තාත්තෙකුගේ කදුළු හිතට බර වැඩිය... රිදවන්නේය..
* සිහත් තාත්තා... මම සිහත් ව ඉවත් කර උත්සහ කරත් මාව අත අරින්නේ ම නැත..
* සිහත් තාත්තත් බලනවා... මම ඔය ව දාල යන්නෙ නැ.. අත බලන්නවත්..
: මට බැ...
/ පුතේ එයාට ඉන්න දෙන්න..
සිහත්ගෙ තාත්ත මගෙ ළගට ඇවිත් පිටට අත තබා කීවෙය... සිහත්ගෙ හිසට අත තබා කුස්සියට ගියේ ය..
ටිකක් ඉන්න 🌹🌹🌹
[text_hash] => 2bfda5b9
)
What do you think?