Chapter 36: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

*********** තිස්හයවන දිගහැරුම ********** 🌹🌹

-------------------------------------------------------- 🌹🌹🌹🌹❤️

සිහත් දැන් ඉස්කෝලේ යන්නෙ නැති නිසා මට ඔෆිස් යන එන එක නීරස වෙලා... උදේට නැගිටින්න මට කම්මැලියි.. වෙනදට මට සිහත් ලග තියාන යන්න පුළුවන් නිසා හැමදාම ඔෆිස් ගියා..

: දැන් ඔයා හරි කම්මැලි මයෙ පුතේ....

සිහත් කාමරයට ඔළුව දාල හිනා වෙනවා..

* පලයන් යන්න.. අම්මට කියනව මම අම්ම වගේ කතා කරනව කියලා..

: තේ එක..

* ඇයි උදෙන්ම නැගිට්ටේ..

: තාත්ත එනවා කීවා.. බඩු ටිකක් තියෙනවා ගන්න යනවා..

* හ්ම්.. හවස ගෙදරත් යනවද...

: දන්නෑ තාත්ත කියන දෙයක්...

* අද ගියොත් හෙට එන්න ඕන..

: හ්ම් බලමුකෝ..

* කුස්සියට යමු.. අම්ම උයනවද,

: දෙන්න අම්ම මම කපන්න..

* අම්ම මුගෙන් වැඩ ගන්න..

: අම්මට කියන්න ඕන නෑ මම වැඩ කරනවා..

! එ්ක ඇත්ත.. පුතේ.. මට දැන් වැඩක් නැති තරම්..

* සිහත් ගෙදර යනවළු.. අම්මට වැඩ කරගන්න වෙන්නෑ..

! මමයි කීවෙ.. ගෙදර බලල එන්න කියලා.. එ් දේවල් සිහත්ට අයිති දේවල්.. තාත්ත ආවම යන්න කීවෙ.. එ්කයි..

අම්මටත් කටපියන් ඉන්න බෑනෙ.. සිහත් නැතුව මම ඉන්නෙ කෝමද..

: මට දැන් ගෙදර හුරුත් නෑ වගේ..

! පුතා දැන් මොනවද කරන්නෙ.. රිසාල්ට් බලල ද සබ්ජෙක්ට්ස් තෝර ගන්නෙ...

: නෑ අම්මා.. රිසාල්ට් කොහොම උනත් ඩාන්සින්ම තමයි..

! මම නම් කියන්නෙ.. පුතාට වෙන පැත්තකින් එ් ලෙවෙල් කරලා ආසාවට විනෝදාංශෙට නැටුම් කරන්න කියලා...

* අම්ම සිහත්ගෙ ආසාවනෙ..

මම දන්නව වැලිවිට ටීච කිවෙ සිහත් හිනාවෙලා ඉන්නෙ නැටුම් නිසා කියල ා.. ඉපදිලා තියෙන්නේ.. නැටුමට කියලා..

මම ඔෆිස් එකට යන නිසා සිහත්ගෙ තාත්ත මග හැරුණි.. සිහත් දවස් දෙකක් ගිහිල්ලත් ආවෙ නැත... සිහත් යන යන තැන සෙල්ෆි ගහල මට වට්ස්ඇප් කරනවා.. මුගෙ කෝලම්.. මාව පිස්සු වට්ටන්නමයි ඔ්න..

+ සිහත් ආවෙ නැද්ද බං...

* දවස් දෙකකින් එන්නම්ළු..

+ තාත්ත නම් හරි හොදයි නේද..

* ඔව්.. හරිම  ආදරෙයි සිහත් ට...

+ දේව් අපි කතා වුනේ  දවස් තුනක් සෙට්වෙන නිවාඩුවට කොහෙ හරි යන්න..

* මරු ගෙදර අය විතරද..

+ නෑ යකෝ ඔෆිස් ස්ටාෆ් එක..

* අප්පට සිරි... අපෙ ගියපු නැති ට්‍රිප් එක..

+ මේ සැරේවත් යමු බං.. ලොක්කත් කේස් එකක් නෑ.. ඔෆිස් එකේ වෑන් එක දෙන්නම් කීව...

* නිර්මාණි මොකෝ යනවළුද..

+ ඔව් ඔව්.. කියපන් බං මම කැමති නෑ කියල... මට පව් කියලත් හිතෙනවා..

* හරි මම කියන්නම්.. උබ හැමවෙලේම අනං මනං නොකිය හිටපන්...

+ මම යනවා.. හැමවෙලේම ෆෝන් එක බල බල හිනා වෙන්න එපා ... පිස්සෙක් කරයි.. අපෙ  එවුන්..

තවදවස් දෙක තුනක් යනකන් මම බලන් ඉන්න එපැයි.. දැන්නම් මට පිස්සු.. හවසට ගෙදර ගියත්  අම්මත් සිහත් නැතුව පාළුවෙන්.. පුතේ සිහත්ට යන්න කීවෙ අපරාදේ.. අම්ම දවසට කෝල්   කීයක් ගන්නවද දන්නෑ.. මට වඩා සිහත් ගෙදර ඉදින් කරන වැඩ ඔක්කොම දන්නවා... ඇදට ආවට නින්ද යන්නෑ..

---------------------- 🌹

: හෙලෝ...

* මැණික එන් නැද්ද...

: පාළුයි ද..

* හ්ම් ගොඩක්...

: මට ගොඩක් දේවල් කියන්න තියෙනවා...

* මම අහන් ඉන්නම් කියන්න..

: මම නැටුම්   පංතියකට ජොයින් වුනා...

* ෂෝක්නෙ.. කොහෙද ක්ලාස් එක..

: නුවරමයි.. පේරාදෙණිය පාරේ...

* අසංක සර්ගෙ ඇකඩමි එකේද..

: ඔව්... කොහොම ද හරියටම කියන්නෙ..

* මෙච්චර දවසක් ලග හිටියට ඔයා දන්නෑ.. එ්ක රහසක්...

: අනේ...

* ආවම... එතකන් බෑ...

: අම්මා නිදිද...

* ඔව්... එයාට දුකයි ගෙදර යන්න කීවට...

: පව් අම්මා.. දවල්ට තනියමනෙ...

* අම්ම බණ ‌‌‌අහනවා... දවල්ට ගෙදර කවුරුවත් නැති වුනාම..

:  මට සීතලයි..

* එන්න ළගට... තුරුල් කරගන්න..

: ඔයාගෙ රස්නෙ නැතුව නින්ද යන්නෑ...

* දැන් නිදා ගන්න...

: ආදරෙයි ආදරෙයි ගොඩක්...

* ආදරෙයි මැණික..

$ හෙලෝ කවුද... කතා කරනවා...

: තාත්තෙ පෝන් එක දෙන්න...

දෙයියනේ ඉවරයි... සිහත්ගෙ තාත්තා... මම මොනවද කියන්නෙ...

$ කියනවා.. කතා කරන්න කියලා...

: මම කියන්නම්   .. දැන් තියන්නකෝ..

$ උබ ගුටි කනවද.. නැත්තන් මේ කෙල්ලට කතා කරන්න කියපන්...

මට තේරෙන්නෑ...  මම කෝල් කට් කලේය... සිහත්ගෙ තාත්තට තරහ ගිහින් ගහයිද මට හිතා ගන්න බෑ... දැන් මම මොකද කරන්නෙ...

කෙල්ලක් කියල හිතල මෙහෙම නම්.. මම කියල දැනගත්තාම සිහත් ගුටි කනවා... ෂුවර්..

මට නිදා ගන්නත් බෑ... සිහත්ට කොහොම ද කියල හිතනකොට මාව පිච්චෙනවා... අනේ මගෙ මැණික ට ආය එන්නම නොදෙයි ද...

මම රජිතට කෝල්  එකක් ගත්තේය..

* හෙලෝ.. රජිත...

+ ඇයි බං.. මේ මහ රෑ..

* ලොකු ප්‍රශ්නයක්..

+ එ් උබ අඩනවද.. මොකද බං වුනේ... බය නොකර කියපන්..

* සිහත්ට ගහයිද දන්නෑ...

+ කවුද ගහන්නෙ.. දේව් කලබල නැතුව කියපන් .. මොකද වුනේ කියලා..

* අපි දෙන්න කතා කරද්දි.. සිහත්ගෙ තාත්ත ා පෝන් එක ගත්තා...

+ දෙයියනේ... උබව අදුර ගත්තද..

* නෑ මම හිතන්නෙ... සිහත් කීවෙ නැත්තන් ගහනව කියනව. ඇහුණා....

+ කලබල වෙලා බෑනෙ..

* කලබල නොවි කෝමද සිහත් ව එවන් නැති වෙයි...

බලා ගන්න කියල දිපු දරුව ... පිරිමියෙක් එක්ක සම්බන්ධකමක් තියෙනකොට.. එ් මදිවට ඉන්නෙත් මෙතනම කොට...

+ මටත් බයයි දැන්නම්... සිහත් ගෙන් මැසෙජ් එකක්වත් නැද්ද බං..

* නෑ.. නෑ... මම යන්නද සිහත් ලගෙ ගෙදර..

+ එපා ප්‍රශ්නෙ වැඩි කරන්නද ඔ්න... මම කතා කරන්නම්..

හිටපන් බය නොවී... උබල දෙන්න දා ගන්න ප්‍රශ්න මගෙ ලේත් පිච්චෙනවා...

* හරි හරි ලොකු පිනක් බං..

+ හා හා තියපන්..

රජිත සිහත් ට කතා කරයි මට වෙන කරන්න දෙයක් නැ... මගෙ මැණික ගුටි නොකා හිටියොත් ඇති...

ටිකක් ඉන්න 🌹🌹🌹🌹

[text_hash] => bb72b11f
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...