Chapter 53: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* පනස්තුන්වන දිගහැරුම *********** 🌹🌹🌹

රාත්‍රී 11 කඩුගන්නාව කන්ද නගින විට මහනුවරටම අයිති ඒ හිරිකඩ එක්ක සුපුරුදු ලෙස වෙලා ගන්න සීතල හිතට සහනයක් ගෙනාවෙ තව ටිකකින් ගමන අවසන් වන නිසාමය...

+ ප්‍රමෝද් නැගිටහන් උබ පිළිමතලාවෙන් බහිනවනෙ..

/ නෑ බං මම නුවරට යනවා.. අක්කා ගනි මාව..

• නිදි විකාරද උබට කොහෙද බං අක්කෙක්...

+ ඇයි අර ඔෆිස් එකට එන අක්කා කෑල්ලද බං..

/ හ්ම් ඔව්... උබලට අවුල්ද...

• අවුලක්නෙ යකෝ.. තෝ හින්ද අම්මට මම එන්නෑ කීවා.. බලපන්.. අම්ම ගෙදරත් නෑ... මේක රෙද්දවල් අස්සෙ රිංගන්ට යනවා...

/ යකෝ තොපි මට පද හදන්නේ දැක්ක වගේ රෙද්ද..

+ මම කීවනෙ.. උබල දෙන්නට මගෙ ගෙදර ඉන්ට පුළුවන් කියලා..

සිහත් රජිතගෙ ගෙදර ඉන්ට බෑ නොකීවනම්.. මම කීයටවත් ප්‍රමෝද් ගෙ ගෙදර නවතින්නෙ නෑ.. මගෙ වෙලාවටම අම්මත් ලොකු අම්මලාගේ ගෙදර ගියානෙ..

ප්‍රමෝද් ව හොයාගෙන සතියකට සැරයක් ඔෆිස් එකට එන අවු 30 ක පමණ කාන්තාව හා ප්‍රමෝද් සම්බන්ධව තැන තැන කතා කියන බව ප්‍රමෝද් පවා නොදන්නවා විය නොහැක... කවුරුවත් මූණට නොකීවට... ප්‍රමෝද් ට චරිත සහතික දීමට ඔෆිස් එකේ බොහොමයක් සූදානම් ය... ඇත්තටම ද මේක යන්න හදන්නේ. මම කොහොමද සිහත්ව එ් වගේ තැනකට අරන් යන්නෙ....

• ප්‍රමෝද්... හරියටම කියපන්.. උබ අර ගෑණිගෙ ගෙදරටද යන්න හදන්නේ..

/ නෑ.. මගෙ ගෙදරට බං.. ඊටත් අක්කයි මමයි අතර උබල හදන පදයක් නෑ..

+ තෝ ගහනකොට පදෙයි බෙරෙයි දෙකම පෙනෙයි නේ...

/ පෙනෙයි පෙනෙයි.. බලහල්ලා එතකොට..

• මම උබව විශ්වාස කරල එනවා.. හැබැයි ප්‍රශ්නයක් නම්.. සිහත්ව අරං මම බස් හෝල්ට් එකට හරි එනවා..

/ උබල මම ගැන හිතන විදිහට දුකයි..

+ නෑ බං.. අතහැරල දාපං.. දේව් උබ මු කියන තැනකට පලයන්..

ගලහ හන්දියෙන් නිර්මාණිත් නංගිලාත් බැස්සේ අචිනිවත් එක්කරගෙනය..  හිනාවෙලා.. කෑගහලා.. රණ්ඩු වෙවී ඉදල කෙල්ලො ටික බැස්සට පස්සෙ වෑන් එක වැහැල පෑව්ව වගේය...

ඩ්‍රයිවර් අයියා මහයියාවෙ නිසා.. මාව ගිහින් දාන්න ගියොත් ඔෆිස් එක ගාව ඉදන්ම පැයක් පමණ දුරය.. ඊටත් ගෙදර යතුරු අරගෙන ම අම්මා අසනීපෙන් ඉන්න ‌‌‌අම්මගෙ අක්කා බැලීමට ගියේ ය.. කරන්න දෙයක් නැත.. ප්‍රමෝද් යන තැනකට යන්නට හිත හදා ගත්තේය..

නුවර  ඔරලෝසු කණුව ගාවට අපි යනවිටත් ප්‍රමෝද් රැගෙන යාමට කාර් එකක් ඇවිත් තිබුණි.. මාවත් සිහත්වත් ප්‍රමෝද්වත් බස්සවා රජිතටත් දිල්ටත් ඩ්‍රයිවර් අයියටත් සමුදුන්නේය.. රජිත පරිස්මින් කියද්දි ප්‍රමෝද්ගේ මූණ මලානික වෙලා ගීයේය..

දෙයියනේ කීවත් වගේ ඔෆිස් එකට එන කෙනාමය.. මගෙ ඇස් ලොකු වෙනව දැක සිහත් අත තදට අල්ලා ගත්තේය.. එ් බයකටද, නැතිනම් මට කලබල නොවන ලෙසට දන්වන්නට ද.. දැන් මහ රෑ කරන්න දෙයක් නැත.. එළිය වැටෙනකම් ඉදල යනවා.. කියල හිත හදාගෙන කාර් එකේ පසුපසට සිහතුත් මමත් නැන්ගේය..

/ අක්කා ගොඩක් වෙලාද ඇවිත්....

- නෑ ප්‍රමූ... ඔයා කෝල් කරල විනාඩි 10කට පස්සෙ ආවේ...

/ දෙව්නක නම් අක්කව දැකල ඇති... අක්කත් දන්නවනෙ...

* මට මතකයි.. අක්කට කතා නොකරට.. දකිනවා..

- දෙව්නකගෙ මල්ලි ද...

සිහත් මා දිහා බැලුවෙ.. මම දෙන උත්තරය මොකද්ද කියලය..

• හ්ම් ඔව්..

/ එහෙම තමයි අක්කා හැමෝම හිතන් ඉන්නේ..

• ප්‍රමෝද්...

සිහත් බය වෙලා.. කාර් එකක් නිල් පාටට එළියට මූණ පෙනෙන්නෙ යන්තමට.. එ්ත් මගෙ අතේ ඇගිලි අතර සිහත්ගෙ අත සීතල වී ඇත..

විනාඩි 10ක් ගියේ නැත.. බහිරව කන්ද පාරෙ පොඩි දුරක් ඇවිත් මදක් විශාල ගේට් එකක් ගාව නතර විය...

ප්‍රමෝද්.. කාර් එකෙන් බැස ගේට් එක ඇර කාර් එක ඇතුලට ගිය පසු.. ගේට් එක වසා... කාර් එක ගාවට ආවේය...

/ බැහැපන්.. මචං... මේක තමයි මගෙ භවන... වරෙං..

• සිහත් බහින්න...

- මල්ලිලා කාලද ආවේ...

/ ඔව් අක්කා.... මගදී කෑවා..

එ් වුනාට බඩගිනි මට...

- වොෂ් දා ගන්නකෝ..

/ ඇතුලට යමු.. සිහත් සද්ද නැතිව මොකෝ...

• එයාගෙ හැටි බං... දන්නවනෙ...

සිහත් නොදන්න අය ගාව වචනයක්වත් කතා කරන්නතියා.. හිනාවක්වත් නෑ..

තට්ටු දෙකක් හෝ තුනක ගෙදරක්.. ඇතුලට යන තැනම දකුණට වන්නට ඉහළ මාලයට පඩිපෙල ය...  

- එන්න... ඉද ගන්න.. මේ ඉතින් මගෙ වගේ ම ප්‍රමෝද් ගෙත් ගෙදර..

එතකොටම රෝද පුටුවකට වුන වයස ‌‌‌අවු.. 65ක පමණ කාන්තාවක් සාලයට ආවේ ය...

කවුද ප්‍රමෝද් ගෙ පවුලට සම්බන්ධ කවුරුවත් ද.. ඇහුවට කීවෙත් නෑ මගුල.. මට දැන් හිතට හරි නෑ...

/ අම්මා... ප්‍රමෝද් රෝද පුටුව ළග දණ ගසා වැද එහෙම ම දණ තබා සිටියේය..

& ඇයි පුතේ ආවේ නැත්තේ.. බලං හිටියා... උබට ලෙඩක් දුකක් හැදිලවත් ද කියලා..

/ නංගිගෙ වෙඩින් එකනෙ... මග අරින්න බෑනෙ...

& ගෙදර මිනිස්සු පුතාගෙ හිත රිද්දුවාද..

/ නෑ ‌‌‌අම්මා... අම්ම මනස්ගාත හිතල ලෙඩ වෙයි...

මම දන්න ප්‍රමෝද් ගෙ අම්ම මැය නොවේය..

සිහත් වට පිට බලනවා.. මගෙ දිහා බලනවා.. කතත් නැ සිනත් නෑ...

- තේ බීල ඉන්න...

/ බොමු... ඔයාගෙන් තේ එකක් බොන්න බැරි වුනා.. ගොඩ කාලෙකින්...

• සිහත් බොන්න.. මූණ ඇද කරන් බලන් ඉන්නවා.. හරි යට මම මෙහෙ එන්න ඕන කීව වගේ...

මගෙ කනට ලං වෙලා..

: මට බෑ වගේ..

• එපා එහෙම කරන්න.. බොන්න...

/ අක්කා මහන්සි.. යතුරු දෙන්නකො උඩ..

• අක්ක තැන්කියු..  කිරි තේ සමග බටර් කේක් කෑල්ලක් කාල නැගිට්ටෙ ප්‍රමෝද් සමග උඩු මහලට යාමටය..

• වැටෙන පමාවට නින්ද යනවා සුවර් අද නම්.

- ප්‍රමූ... ඔයාගෙ රූම් එකනම් අස් කරේ නෑ... මට බැණුම් අහන්න බෑ එ්කයි..

/ කමක් නෑ...

- මොනව හරි ඔ්නනම් පහළට ඇවිත් ගෙනියන්න...

/ අම්මත් නිදා ගන්න.. උදේට කතා කරමු...

- ගුඩ් නයිට්... හොදට ජනෙල් වහගන්න.. සීතලයි..

• හරි අක්කා..

ප්‍රමෝද් එක්ක උඩ තට්ටුවට පැමිණියේය එහි කුඩා සාලයක් සහ කාමර 2ක් පමණි... පසෙකින් ඉහළට යාමට තරප්පු පෙලකි.. මගේ නිගමනය නිවැරදි ය.. මෙම නිවස මහල් තුනකින් යුක්ත නිවසක්..

/ උබල මේ කාමරේ හරිද.. අක්කට මම කලින්ම මැසේජ් එකක් දැම්මා...

• එ්ක තමයි.. මම බැලුව. 

ඇත්තටම කාමරය පිළිවෙලයි.. ඩබල් ඇදට ලා කහපාට ෂිට් එකක් දාල කොට්ට දෙකක් ද දමා තිබුණි.. පොඩි කණ්ණාඩි මේසයක්.. සහ ‌‌‌අල්මාරිය ක්ද හුරුබුහුටි කුෂන් පුටුව ක්ද විය..

සිහත් මා දිහා බලන විදිහට මට තේරුනේ.. මගෙ සිතට දැනුන ලෙසට ම සිහත්වත් දැනුන බවයි.. ඇත්තටම කපල් එකකට නිදහසේ ඉන්නට හොදම විදිහට කාමරය නිශ්කලංකය...

• ප්‍රමෝද්... කියපන් බං .. කාගෙද මේ ගෙදර..

/ මගෙ ගේ අස්කරලම කියන්නම්.. මාසයකින් ආවේ..

: මට නිදි මතයි... අනේ...

/ මූට හදිස්සි.. නිදා ගන්න... පලයන් බොරු නොකියා..

සිහත් බෑග් එක පුටුවෙන් තබා. ඇදට වැටුණේය..

• එපා සිහත්.. නිදා ගන්න එපා.. වොෂ් එකක් දාගන්න.. දාඩියත් එක්ක...

මම සිහත් ව අත් දෙකෙන්ම අල්ලා නැගිට්ටවීය..

/ මොනව හරි ඔ්නනම් කතා කරපන්... එහා පැත්තේ රූම් එක මගෙ.. උදේම යන්නෑනෙ.. 

ප්‍රමෝද් ගිය නිසා.. මමත් පුටුව ට බර වුනේ.. මහන්සියටය..

/ ෂ්...

• ඇයි..බං..

/ කැමති දෙයක් කර ගනින්... සද්ද ආවට මම කන්දෙන්නෑ..

• පලයන් හු... යන්න.. තෝ වගේ වලත්තයෙක් නෙමෙයි මම..

/ කවුද යකෝ වලත්තයා.. මම බවුන් වඩන්නෙ..

• උබල හිතන තරම් සිහත් එක්ක මම දුර ගිහින් නෑ..

/ අඩේ... අම්මපා... මම හිතුව තොපි දෙන්නට ළමයි විතරයි නැත්තේ කියලා..

• පිස්සුද බං.. මේ පොඩි එකත් එක්ක..

/ දෙයක් කියන්නම්.. වැරදි ඇති සමහරවිට...

• මොකද්ද.. කියපන්..

/ උබ හිතන තරම් ඌ පොඩි නෑ..

• හ්ම්..

/ මේකයි.. උබට තේරෙන්නැද්ද.. ඌට ඔ්න උබෙ අවධානෙ.. ඔය වයසට නොදන්නවා කියන්න බෑ..

• එ්ක ඇත්ත.. එ්ත් මට තව කල් ඔ්න..

/ හ්ම්.. උබට අයිති තීරණ ගන්න..

නිධානයක් රැකල රැකල කොහෙවත් ඉන්න එකෙක් උස්සගෙන ගියපු දවසට උබට මම කියපු දේ තේරෙයි..

• උබ හරි ඇති... මේක මලක් වගෙ.. මට ලෝභයි..  ඊටත් කොල්ල තව ටික කාලයක් මං ළග හුරතලෙන් ඉදපුදෙන්..  එයාට නැති වුන නිදහස මං ළගවත් තියෙන්න එපැයි..

සිහත් වොෂ් රූම් එකේ දොර අරන් එළියට ආවේ සරමක් ඇදගෙන ය.. කහපාට කළුපාට බතික් සරමට.. කළුපාට ටී ශර්ට් එකක් ඇදගෙන ලස්සනයි..

/ අවුරුදු කුමාරයා එළි බැහැල.. මම යන්නම්.. නිදා ගනිල්ලා නිදි මරන්නැතුව..

• හරි මචං..

/ සිහත් බලාගෙන උබෙ සරම කඩා වැටෙයි.. කබයක් දෙන්ටද..

:  යාර ගානක් ඇදන් නටන මට සරම නතින් අයියා..

ප්‍රමෝද් කාමරයෙන් ගිය පසු සිහත් නිදි.. මම වොෂ් දාගෙන එනකොට සීතලට වකුටු වෙලා... ඇදේ ළගින් ඉදගෙන පිස්සා වගේ... මූණ ට වැටුන කෙස් එහෙ මෙහෙ කලේ... මැලවිලා තිබුණ මූණ නෑවට පස්සෙ එළිය වැටිලා..

• මැණික.. කොණ්ඩෙ සීතලයි තව.. පිහගෙන නෑනෙ.. ලෙඩ වෙයි...

: පිහින්නකෝ..

ඇදේ නිදාගෙනම ඔළුව මගෙ කකුල උඩින් තියා ගත්තෙ ඇස් දෙකත් පියාගෙනම..

• කම්මැලි වෙලා මගෙ කොල්ලා...

කම්මුලට කිස් එකක් දුන්නෙ.. ලස්සනයි මැණික.. අද

: අනේ මන්ද.. අපි දෙන්න...

• ඇයි...

: නොදන්න තැනක.. ඇදක් උඩ කිසි ගානක් නැතිව හුරතල් වෙනවා..

• කවුද දැන් හුරතල් වෙන්නෙ..

: මම මම...

• අන්න එහෙම වරෙන්..

තුවාය රැක් එකට දාල ඇදට එද්දී.. සිහත් බලන් ඉන්නෙ හිනාවෙවී..

• මොකෝ...

: එන්නකෝ...

ඇද ළගට ලං වෙද්දී.. සිහත් මගෙ අතින් ඇදල ගත්තේය.. සිහත් මට යට වෙද්දි.. තොල්  හොරා ගන්න මට කලින් සිහත් සමත් විය.. තොල් අතර තරගෙට තෙරපෙද්දි.. සිහත්ගෙ දෑත් මගෙ ටී ෂර්ට් එක අතරින් පිට පුරා රටාවට ඉරි ඇන්දේය.. දෙතොල් අත ඇර බෙල්ල වට හාදු තියද්දී.. සිහත් කෙදිරියක් නැගුවෙ... තවත් මට වද දෙන්න පොළබවමිනි... ටික වෙලාවක් උණුසුමට ලං වෙද්දි.. හන්තාන කන්දට එක්කරන සීතල සුළග ගෙනත් නතර කරන්නෙ බහිරව කන්ද ම හිරිකඩ කරමිනි..

: මහන්සි දේව්...

• හ්ම් නිදි යමු..

: සොරි..

• ඇයි..

: ඇත්තටම මහන්සි එ්කයි..

• එන්න.. උඩට එනවද..

: මෙහෙම ඉන්නම්...

මගෙ මූණ බලාගෙන.. මන්දිහාට හැරිලා ..

• මොනාද හිතන්නේ...

: මට බයයි..

• බය වෙන්න එපා.. මම ඉන්නවා.. තත්පරේකටවත් යන්නෑ..

හ්ම්... මගෙ මැණිකට රිදුනද..

: ඔව් ගොඩක්.. ගොඩක්.. මට රිදෙනවා කියලා.. ඔයා ගහද්දී තුරුල් වෙන්න ඔ්න වුනේ..

• සමාවෙයන් මට.. වෙනද වගෙ එකට එක කීවනම්.. තරහ වෙලා වරු ගනන් හිටියනම්.. මට බයක් නෑ.. මේ තරම් පසු තැවෙන්නෑ... මට දුක එ්කමයි..

: එහෙම එපා...

එන්න ළගට..

මාව පපුවට තුරුළු කරගෙන... ඔළුව අතගාල නලලට හාදුවක් තියලා..

දන්නවද මට දවසක් දේව් කියල කෙනෙක්... මොනාද කීවෙ කියලා..

• දන්න කෙනෙක් ද

: ඔයා දන්නෑ... මම දන්න කෙනෙක්..

• මොනාද කීවෙ..

: කවුරු හරි දන්න ම ලගම කෙනෙක් ගොඩක් තරහ ගන්නෙ.. බනින්නේ.. ගහන්නේ.. තමන්ගේම කෙනෙකුට නම් එ් ආදරේටමයි.. එයාල වැරදි කරල නාස්ති වෙනවට බයට.. පිට මිනිස්සු වැරදි කියයි කියන බයට.. ආදරේ කරන කෙනෙක් ගහනකොට හිතන්න.. මට මෙච්චරම ආදරේ ද.. මං ගැන මේ තරම් තරහ ගන්නෙ.. එහෙම වෙලාවට තමයි එයාල වැඩි පුරම ආදරේ කරන්නෙ.. එකට එක නොකියා එයාගෙ ආදරේ ගැන හිතන්න කීවා..

" අම්මෝ පණ්ඩිතයා

: මතකද මම තාත්තත් එක්ක රණ්ඩු වුන දවසෙ මට කීවා..

• මතකයි..

මූණට නැමිල.. තොල් සිප ගත්තේය..

: මම පොරොන්දු වෙනවා... කවදාවත් එ් වැරැද්ද කරන්නෙ නැහැ..

• එච්චරයි මැණික.. උබව මට වටිනවා.. ගොඩක්..

: තව දෙයක්.. ආදරේ ට රණ්ඩු කලාට.. කවදාවත් මට ඔයා ට අතක් උස්සන්න බෑ.. මට පව් පිරෙයි කෝටියක්..

• මට එච්චරටම ආදරේ ද...

: ඔව් ඔව් අනේ..

යන්න කොට්ටෙට.. ඔයා බරයි..

• උබට කිරි හොදියි බතුයි කාල නම් බැරි වෙයි..

: ඇයි...

• උබට ඔ්න හැමදම මෙහෙම නිදා ගන්නද..

: අනේ මේ..

• මොකද රවන්නෙ.. ඇයි බෑද

: කවුද බෑ කීවෙ..

• උබ හොරාට හිනා වෙන්නෙ මොකද..

නිදා ගනින්...

ප්‍රමෝද් කීවෙ ඇත්තය.. සිහත් දැන් පොඩි එකෙක් නෙමෙයි.. එ් මූණ ඇස් හිනාව කියන්නෙම.. උබට මොනවද ඔ්න කියලා...

ටිකක් ඉන්න.  🌹🌹🌹

[text_hash] => 6ef1cba9
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...