Chapter 55: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

******* පනස් පස්වන  දිගහැරුම ****** 🌹🌹🌹🌹

අක්කා පහලට ගිය පසු.. ප්‍රමෝද් දෙසට මම හැරුණේ. අක්කා ගැන ප්‍රමෝද් ගැන වැරදියට හිතපු එක ගැන අවුලෙනි...

/ අක්කා ආවෙ මම ගෙදර ගිහින් හිටිය මාසෙ මගෙ දුක සැපබලල යන්න... අම්ම මට කෑම හදල යවන්න කියනවා. එ්කයි ඔෆිස් එකට ඇවිත් දීල යන්නෙ.. කෙවින් අක්කට වද දෙනවා.. මං ගැන හොයන්න බලන්න කියලා..

• ගෙදර අය දන්නවද බං...

/ හ්ම්... දන්නව දන්නව මාර කැමති එයා‌ල...

ප්‍රමෝද් ගෙ ඇස්වලට කදුළු ඇවිත් පිරි ගොස් ඇහි පිල්ලම් තෙත් කර පහලට ඇද වැටුණි..

: අයියේ... ඔයා අපිවත් බය කරවනවනෙ...

/ යමු උබට කිරි එකක් හදල ඉල්ලුවනෙ...

: උණු වතුරයි... ඕනි ටිකයි දෙන්නකෝ..

/ හදා ගන්නවද...

: දේව් හදයි...

• සිහත්... හදා ගන්න අනේ...

: හදල දෙනවද නැද්ද..

හැන්දක් දික් කරල මගෙන් අහද්දි ... ඔළුව සොලවා බෑ කීවෙ.. ප්‍රමෝද් ගෙ කිචන් එක.. මම තේ හදන එක හරි නෑ කියල හිතුන නිසාය.. හැබැයි ප්‍රමෝද් හිනාවෙවී හිටියෙ.. සිහත් මට දාන සද්ද නිසාය..

: බෑ ද ආ....

• මට බෑ...

අතේ තිබුණ හැන්ද සින්ක් එකට දැම්මෙ කේන්තියෙනි.. සින් එකේ වැදුණ හැන්ද ගේ තුල දෝංකාර දුන්නේය...

: මට ඕන කිරි එකක් නෑ...

• සිහත්.. මොකද.. මේ...

මාවත් ප්‍රමෝද්වත් පසුකරගෙන පුටුවෙ ඉදගත්තේය...

/ මූට කිරි නෙමෙයි කොහිල කටු පිටින් කැද හදල දීපන්...

• ළගකදි ඉදන් ගානට වැඩියි... උබව හුරතල් කරනවට වෙන්ට...

: මම කීවද නෑනෙ..

• කට වහනවා..

/ එපා බං...

• කමක් නෑ නෙ මචං මම හදල දෙන්නම්.. උබටත් ඕනද...

/ වැඩි කහට කිරි තේ එකක් හදපන් මට...

ප්‍රමෝද් මට සිහත් ඇහෙන් පෙන්නා.. කතා කරන්නම් කියල ඉගියෙන් කියා.. සිහත් ගාවට ගියේ ය... තුන්දෙනාටම කිරි හදාගෙන මමත් ප්‍රමෝද් සහ සිහත් අසලට ලං වුනේය.. සිහත් ප්‍රමෝද් ට කුමක් හෝ කියන්න ගොස් ගිල ගත්තේය...

එ්වෙලේ මමත් නොදැක්ක වගේ හිටියෙ.. ප්‍රමෝද් ගෙන් මට කෝමත් අසා ගැනිමට පුළුවන් නිසාය...

• සිහත් බොන්නකෝ...

  අතට දුන්විට අරන් දණහිසට බරවි අත් අතර හිර කරන්.. මූණ පාත් කරන් කිරි එකේ උඩ පාවෙන.. පෙනවලට පූගමින් කල්පනාව..

සිහත්ට ලං වෙලා ම තේ එක අරන් ඉදගත්තෙ සිහත් ගෙ කල්පනාවට බාදාවක් වෙන්නමය... ප්‍රමෝද් අපව මගහැර කාමරයට ගියේ තේ එකත් අරගෙනමය...

• මැණික.. බොන්න.. ඉතින්.. බඩගිනී කීවනෙ..

: හ්ම්..

උරහිසටත් කණට පිටුපසිනුත් හාදුවක් තිබ්බෙ.. සිහත් සන්සුන් කරන ට්‍රික්ස් හොදින්ම දන්න නිසාය..

: කෝලං...

• උබගෙනෙ...

: වෙන්නැති...

• හිත හිත රිද්ද ගන්නවනෙ.. මට කියන්නකෝ.. මම දේව් ට කියන්නෑ..

: පොරට පරිස්සම් වෙන්න කියන්න..

• ඇයි එ්..

මම සිහත් දිහා විමසිල්ලෙන් බැලුවෙ.. මූණ එච්චර හොද නැත.. මවා ගත් සමච්චල් හිනාවක් දැම්මෙ කිර එක බොන ගමන්මය..

• කියන්නම්.. චණ්ඩියා පීල්ඩ් එකට බැහල.. කපනව කොටනව කියල තර්ජනය කරා කියලා..

: ඩිපෙන්ඩර් එකක් දාල උස්සනවත් කියන්න..

• තාත්තලාගෙ බලය ‌‌‌අනිසි ලෙස භාවිතයට ගන්න බෑ..

: බොන්න..

සිහත් එයාගෙ මග් එක මගෙ දෙසට දිගු කලේය... දැන් බෑ කීවොත් කෝප්පය බිමට දැමීමට බැරි නැත...

• කෝ දෙන්න ... දැන් රස ඇති...

සිහත් කටකොනින් හිනා වුනේ ඩිම්පල් එක මතුවෙන්නය...

. මායම් එපා බං.. උබට වශී වෙලා ඉවරයි..

: මාව යාළු කරගන්න ඔයාගෙ තමයි මායම්...

• රසයි.. උබේ තරහත් මේකට කිරි එකට ගිහින්..

: දෙන්න.. වහවෙයි ඊළගට...

• වහනම් නෙමෙයි... ගුලි කෑව වගේ තමයි....

: කෝප්ප දෙන්න.. මම හෝදන්නම්...

ප්‍රමෝද් පැමිණියේ ලැප් එකත් අරගෙනමය.. කෑම මේසය උඩින් තබා ඔන් කරේ...

/ මගෙ එකා නැගිටලා ද දන්නෑ...කතා කරමු..

• දැන් කීයද එහෙට වෙලාව...

/ අපිට දහයයි කියන්නෙ.. එහෙට 5.30 යි වගේ....

: කමක් නැද්ද අයියේ...

/ ඔය දෙන්න ඉන්නව කියල දන්නවා.. ඊයේ රෑ කතා කලා... මම කීවා...

• උබ ‌‌‌දන්නවනම් පොර දන්නැද්ද...

: ඔයා දන්න දේවල් මම නොදන්නේ..

මම සිහත් ගෙන් එහෙම වචනයක් බලාපොරොත්තු නොවීය... එ් වචන ටිකට මට යන්තමට රිදුනේය...

/ දැන් හරි...

ගුඩ් මෝර්නින්...

@ මෝර්නින් ප්‍රමූ...

/ නැගිට්ටලා නැද්ද තව...

@ නැගිටලා.. යාළුවො කෝ...

/ ඉන්නවා... මේ  ඔෆිස් එකේ යාළුවා..

ප්‍රමෝද් මාව පෙන්වා කිවේය..

@ මට මතකයි....  දෙව්නක නේද..

• ඔව්...

@ මම උබලගේ ඔෆිස් එකම දන්නව...

/ නැත්තන් මට කනක් ඇහිල එතන ඉන්න දෙයි... හැමෝම ගැන වාර්තාව ක් දීල තියෙන්නේ...

@ උබව සුවර් නෑනෙ...

/ දැන් තමයි උබට සුවර් නැත්තේ...

@ කලිනුත් එහෙම තමයි...

/ මේ පොඩි එකා ඉන්නවා... නැත්තන් මම තොට කියනව...

@ මොකද්ද පොඩ්ඩගෙ නම..

: සිහත්... සිහත් ‌‌‌අභිනෙත්...

@ අපිට තමයි බං සීයලාගේ නම් තියෙන්න..

/ උබට මිසක් අපිට නෙමෙයි...

@ තොපි එක පැත්තක්... මම හලලා...

: නෑ අයියේ.. එයාලගේ යාළුවො ඉද්දී අපි හලනවා.. ගනන් ගන්නෑ..

@ අන්න ඇත්ත..

• හරි මචං පස්සෙ කතා කරන්නම්.. උබල කතා කරගනිල්ලා.. බුදු සරණයි පරිස්සමෙන් හිටපන්..

@  හරි පස්සෙ කතා වට සෙට් වෙමු... මගෙ පිස්සව බලා ගනින්... ඔ්ක ‌‌‌අමු ගොනා....

• ගැටගහල තියන්නම්කෝ...

/ පලයල්ලා මගුල.. මම ගොනා...

සිහතුත්ව ඇදගෙන මම කාමරයට ආවේ..

• ප්‍රමෝද් අයියට කතා කරන්න දෙන්න.. පස්සෙ එමු..

: හ්ම්....

මට වුවමනාව වුනේ උදේ ඉදන් සිහත් හින්ට් පනස් කරන්.. මට රිද්දන හේතුව දැන ගන්නටය...

කාමරයට යනකොට අත ‌‌‌‌‌‌අල්ල ගත්තේය...

: ඇයි... අනේ,. රිදෙනවා...

• උබට රිදෙන්නෙ අත... මට රිදෙන්නෙ හිත...

: එ් අැයි...

සිහත්ව බිත්තියට හේත්තු කරල අත් දෙක බිත්තියට තියල මූණට ලං වුනේ... ප්‍රශ්න කරන්න. ඇස් දිහා බලා ගෙනම.. මට විසදන්න ඔ්න නිසාය..

: හපනවා හරිද මම දැන්...

• ඇයි.. මේ... මැණික.. ඔයා මගෙ හැමදේම.. ගණන් ගන්නෑ කියන්නෙ....

: යන්න.. යාළුවො  දන්නවා...   ඔයා ගැන මට වඩා...

• එයාල අවුරුදු ගානක් මාත් එක්ක ඉන්න අය නෙ...

: මට  ඉරිසියයි... දුකයි...  ඔෆිස් එකේ දෙයක්වත් මට කියන්නෑ...

• ඔෆිස් එකේ වැඩ මැණික.. දන්නෑ නෙ...

අඩන්න... ඇස්වල කදුළු දිලිසෙනවා..  නලලට හාදුවක් දුන්නෙ.. සනසවන්නය.. ඇස් පියාගෙන හාදුවට ඉඩ දුන්නට.. කම්මල් දිගේ පහළට කදුළු බිංදු රූරාගෙන ඇද වැටුණි... යටිතොලත් හපාන..  ලොකු සුසුමක් ගිල ගන්නවා.. මට දැනුණි... එ් සුසුමක් එක්ක මයෙ මැණික.. ට එච්චරටම මම රිදවලා.. ද මම මගෙ හිතෙන් ප්‍රශ්න කලේ.. සිහත්ගෙ දෑත් මගෙ බෙල්ල වටේට තබා ගනිමින් ය... එන්න.. ඉන වටේ අත යවා වඩා ගත්තේය... මූණ බෙල්ල යටින් තියාන.. මට තවත් තුරුළු විය...

• අය එහෙම වෙන්නෑ... හරි ද... පොරොන්දු වෙනවා...

: ආය කරොත් මම ගහනවා... අතපය කැඩෙන්න..

• ආ.. එහෙම කලොත් මෙහෙම ඉන්න බැරි වෙයි...

මූණට ළං වෙලා.. ඇගිල්ක් නලෙන් තබා පහලට අරගෙන ඇවිත් තොල මත නතර කලේය......  

: මම කියනකම් කතා කරන්න බෑ...

මම ඔළුව වැනුවේ කතා කරන්නට තහනම් කර ඇගිල්ල තබා ගෙන සිටින නිසාය..

ඇගිල්ල අයින් කර .. තොල් මත දෙතොල් තබා ගත්තෙ.. ය . යන්තමට ලුණු රසක් දැනුණේ.. අඩල කදුළු වල රස තොල්මත තැවරි තිබු නිසාය..  කොතරම් වෙලා ද මතක නැත.. දෙතොල් උණුසුම් ව තෙත් වී ඇත..  හුස්මකට මිස සිහත් ගේ මත් බවෙන් මිදිමට නොහැකි ය...  වෙහෙසටමද කොහෙදො නවතා .. බලන් ඉන්නට විය..

• ඇත් ද..

: හ්ම්...

• බහින්න .. මහන්සි..

: මටත්...

• උස්සන් හිටියෙ.. මම.. මහන්සි උබට..

: කිස් කරලා... දනව තොල්පට..

• හොද වැඩේ...

: රැවුලට කැපිලා..

" කෝ බලන්න... රතු වෙලා... මුකුත් වෙලා නෑ..

: ප්‍රමෝද් අයිය හොයනවද දන්නෑ..

• යමු...

ටිකක් ඉන්න. 🌹🌹🌹

[text_hash] => a071e0d9
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...