Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
********* පනස්හයවන දිගහැරුම ******** 🌹🌹🌹
සිහතුත් මමත් දවල් වන තුරුත් ප්‍රමෝද්ගෙ රහස් ගෙදර කාලයගත කලේ හිතට පුදුමාකාර ලෙස දැණුන සැහැල්ලුවකිනි... සිහත් ගේ හිනාවෙ කතාවෙ අඩුවක්ම නොතිබුණි.. ඒ තරම් නිදහසක් සිහත්ව පා කරන සරුංගලයක් වගේ... මගෙත් එක්ක හිනාවෙනව.. ඉගිබිගි අඩු නැතුව.. ප්‍රමෝද් ළග සිහත් මේ තරම් නිදහස්ව ඉන්නේ අපි වගේ ම ප්‍රමෝද් කෙවින් අපටම පමණක් සම්මත පිරිමි ආදරයක හිමිකරුවන් නිසාමද... එ් හැම සිතුවිල්ලක්ම අතර.. කිසිදාක නොදුටු සිහත් කෙනෙක් මගෙ ඉස්සරහ.. මේ හැමදේම හිතෙන් ගලපද්දි.. එ් සැහැල්ලුව හිතට සහනයක් වෙද්දි.. පුටුවටම බරවෙලා නින්ද ගොසින් තිබුණේය...
: අයියේ.. නැගිටිනවද..
ළගින් ඇසෙන පුරුදු හඩට ඇහැරුණේය...
• මට නින්ද ගියා... කතා කරන්න එපැයි..
: ඔළුව රිදෙන්නැද්ද දැන්...
• නෑ මැණික... මම අත අරන් කම්මුලට තබා ඇගිලි අතර තද කලේය..... එ් පහසට අතට ම බර වෙලා.. මම දිහා බලන් ඉන්නවා...
ඇයි... සිහත්...
: ලොකු නිදහසක් දැනෙනවා...
• ඇයි එ්..
: ඔයා මෙහෙම මං ගාව ගෙදරදි ඉන්නෑනෙ... මට මෙහෙම ඉන්න ඕන... මේ තැන අපේ නෙවෙයි හින්ද යනව මිසක් මට ලෝභයි..
• ඔයාගෙ කාමරේ.. මගේ කාමරේ ... අපේනෙ...
නේද....
: ඔව්... මට ඔයාට එකට හුස්ම ගන්න පුලුවන් එතන.. යමුනේ... එතන පාළු වෙලා ඇති..
• එන්න.. ළගට ...
සිහත්ව ළගට අරන් ඉදගෙන දෑත් පටලවා ගත්තෙ..
යමු... එතන අපි නැතුව පාළුවෙන් තියන්න බෑනෙ....
• ප්‍රමෝද් කෝ සිහත්...
: ඇන්ටිට බෙහෙත් වගයක් ගේන්න ඔසුහලට යනව කීවා... ඔයා නිදි නිසා... ඇහැරවන්න එපා කීව... මට ඉන්න කීවා...
සිහත් සමග එක්වී ප්‍රමෝද් දහවල් ආහාර සකස් කර තිබුණි.. ප්‍රමෝද් එනවිටත් සවස 3 පසුවී තිබුණි... තුන්දෙනාටම බඩගිනී නිසා ඉක්මනින් කෑම කෑවේය.. කනවිටත් කෑමෙන් පසුත් ප්‍රමෝද් වර්ණා කලේ සිහත් ගේ අත්ගුණය සහ ඉවීමේ කලාව ගැනය... හදිස්සියට, කම්මැලිකමට මොනවා හරි දෙයක් සකස් කරගන්න ට පුරුදුව සිටින ප්‍රමෝද් ට උයන්නට බැරිම නැත.. එ්ත් තනියම නිසා ම කම්මැලි වී ඇත... අම්ම 6 පමණ වන විට අනිවාර්යයෙන්ම ගෙදර සිටිනු ඇත.. පහට ඔරලෝසු කණුව අසලින් බසයක් ගත යුතුය.. කෙවින්ගෙ අම්මවත් වැදලා.. මිදුලෙ සෙල්ලම් කරන චූටි දූටත් අක්කාටත් කතා කර සිහත් සමග කාර් එකට නැන්ගේ බස් රථයට පරක්කු වන නිසාය..
හන්තානෙ හිරිකඩ සීතලයි... බහිරවකන්ද මුදුනේ ශාන්තව නෙත් යොමා සිටින සුදු පාට බුදු සමිදුන් දළදා සමිඳුගේ ආශිර්වාදය... නුවරම පමණක් උරුමකම් ඇති... පින්සාර බව හැමදාම ජීවත් වන මේ නුවර අහස යට රැයක් ගෙවන්නට ලැබෙන්නේ... පෙර සංසාරගත ප්‍රේමයක පින් රැස්කරල ලබා ගන්නා ආදරණීය එක්වීමකටමය... එ්ත් මගෙ මැණික මට මලක්... මම ආසම යන්තමට මල් පෙති සිප ගන්න.. හැඩකාර ලස්සන විදින්නට... ඉතින් තව චුට්ටක් කල් මං ගාවම ඉන්න මෑණික.. සිතට දැනුන හැගිම් එක්කම ඇස් දිහා බැලුවෙ... මගේනෙ දැනුන නිසයි...
/ යමං මම උබලව ගෙදරටම දාන්නම්...
• ඔ්න්නෑ මචං..බස් කොච්චර තියෙනවද.. ඔරලෝසු කණුව ගාවින් දාපන් බං...
: ඔව් අයියේ... ඔයාට නිදා ගන්නටත් නෑ....
/ උබල දෙන්න පැනපල්ල මම කාර් එක නවත්තැන්නෑ...
• කියන දේ අහපන්කෝ...
/ උබට වඩා මම ඔෆිස් එකේ සීනියර්.. මම කියන දේ අහපන්..
: යමු...යමු... නැත්තන් මෙයා සිනියර් පට්ටම දාල මයෙ කොල්ලට බනී...
/ අප්පා.. මුගෙ ආදරේ...
• එ් ම තමයි... මගෙ මැණික..
: අනේ කියන්නකෝ කෙවින් අයිය හම්බුන විදිහ...
/ කියන්නම් පස්සෙ දවසක...
: අනේ... අනේ... අනේ....
• එපා සිහත් වද දෙන්න...
/ කියන්නම්... මූත් හෙන චීත්තයක්නෙ...
සිහත් ගස්සා අහක බලාගෙන තරහ වෙලා වගේ..
ඉන්නවා ප්‍රමෝද් මමත් සිනා සුනේය...
හ්ම් ... මමයි කෙවින් අපි දෙන්නම එකම වයස... මම කෙවින් ට වැඩිමල් දවස් හතරකට.. කෙවිනුයි මමයි උසස් පෙළ ට එකම පන්තියට වැටෙනවා... මම කඩුගන්නාව ඉස්කෝලේ 𝚘/𝚕 කරල 9𝙰 අරන් 𝚖𝚊𝚝𝚑𝚜 කරන්න තමයි... කෙවින් ගෙ ඉස්කෝලට යන්නෙ.. කෙවින් 1 ඉදන් එ් ඉස්කෝලෙමයි... මම යනකොට ක්ලාස් වලට ළමයි බෙදල.. ක්ලාස් පටන් අරන් සතියයි.. මට එ් සතියේ නෝට් ලියන්න පොත් දුන්නෙ කෙවින්.. එදා ඉදන් මගෙ යළුවා කෙවින් උනා... කෙවින් ඉස්කෝලේ සීනියර් ප්‍රිපෙකට් කෙනෙක්... දවසක් කොල්ලො දෙන්නෙක්ගෙ ප්‍රශ්නයකට කෙවින්ල කතා කරා.. මට එ් ප්‍රශ්න අමුතුයි... මගෙ ඉස්කෝලේ මිශ්‍ර පාසලක්නෙ.. මට තේරෙන්නෑ... කෙවින්ගෙන් එ් ගැන මම නිතර ඇහුව... සමහරක් ළමයි විරුද්ධව කතා කරද්දි කෙවින් අනුකම්පා කරනවා... මම ඇහුවෙ ඉතින් ඇයි එ් ප්‍රශ්නෙ දි උබ දුක් වෙන්නෙ.. අනිත් අය පළු යන්න බනිද්දි... උබගෙ හිත හොද වැඩි යි... කෙවින් කියද්දි.. හිනා වෙනවා.. මට වෙනස් ප්‍රශ්නයක් නිසා.. මම කෙවින් කීව මට ආසයි කොල්ලෙක්ට ලව් කරන්න බං.. කෙවින් එකපාරටම.. මට කරන්න කීවා... එච්චර හිතන්නැතුවම මරු කියල මම හා කීවා.... අන්තිමට මරු අතඇරගන්න බැරි වුණා.... මම දන්නෑ ලව් කරන්න.. කෙවින් කලේ මාව බලා ගන්න එක.. අද වෙනකොටත් එයා එ්ක ළග නැතිවත් මාව බලා ගන්නවා... මාස දෙකක් විතර යනකොට කෙවින්ගෙ ආදරේට මම පිස්සු වැටුණ.. දැනටමත් මම පිස්සෙක්... කෙවිනුයි මමයි විහිළුවට වගේ අත්දැකීමකට වගේ කීව ට කෙවින් ඇත්තටම ආදරේ කරල තිබුණා... එ්ම තමයි පටන් ගත්තෙ...
: ෂෝක් අනේ ඔය දෙන්න....
• අපි දෙන්න ෂෝක් නෑ උබට... පලයන්...
/ කොල්ලට ඊර්ෂ්‍යා හිතිලා...
• නැද්ද බං... මූ යාළු කරගන්න මේකගෙ රෑස් බල බල මම හිටිය එ්ක ෂෝක් නෑ..
: දැන් ගේ කිට්ටුයි... ෂෝක්ද නැද්ද කියලා ගෙදරටම ගිහින් කියන්නම්...
ටිකක් ඉන්න. 🌹🌹🌹
[text_hash] => b4926ba2
)
What do you think?