Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
********* පනස්හත්වන දිගහැරුම ******** 🌹🌹🌹
නිවසට එනවිට අම්මා පැමිණ තිබිම සහනයක් විය.. ප්‍රමෝද් කාර් එක මිදුලෙ නවත්වද්දි අම්මා දොරකඩට පැමිණ සිට ගත්තේය..
• බහිමු.. ප්‍රමෝද් තේ ටිකක් බීල.. රෑට කෑම කාල හෙට උදේට යමු..
/ හෙටත් ඉදල අනිද්දම යමං කියපන්...
• එහෙම නෙමෙයි.. උබ මෙතෙන්ටම ඇවිල්ලා.. බඩගින්නෙ යවන්න බෑ..
/ වෙලාවක එන්නම්.. ඇන්ටිත් බලන් ඉන්නවා... මම හදිසි වැඩක් කියල ගියා කියන්න...
: ප්‍රමෝද් අයියා.. මම බෑග් අර ගත්තා.. තත්පරයක් දෙන්න ඇතුලෙන් තියල එන්නම්..
අම්මා.... කීයටද ආවෙ...
/ ඈ බං සිහත් ඇන්ටිට අම්ම කියනවද බං...
• ඔව්.. අම්ම එයාට එහෙම කියන්න කීව....
පරිස්සමින් පලයන් එහෙනම්.. ගෙට ගොඩ වෙන්නත් බැයිනම්...
/ දෙව්නක... උබ හෙට ඔෆිස් ආවම කැබින් එකට වරෙන්.. උබට කියන්න දෙයක් තියෙනවා..
• මොකක් ගැනද...
/ සිහත් ගැන...
• තේරුන්නෑ... සිහත් ගැන .. ඇයි..
/ හෙට කියන්නම්.. බුදු සරණයි.. මම යනවා...
• බුදු සරණයි... පරිස්සමින් මචං... තැන්කියු අපිව එක්කන් ආවට.,
/ ඔය මූණ හදා ගනින් ඔහොම ඉන්නැතුව... කොල්ල බයවෙයි..
යනවා ඇන්ටි.. හදිසියි එ්කයි...
! හරි පුතේ පරිස්සමින්....
ප්‍රමෝද් පිටව ගියේ මගේ හිත කලබලයට පත්කරය.. සිහත් ගැන ප්‍රමෝද් කියන්න තියෙනව කීව කුමක් ගැන විය හැකිද... ඔෆිස් එකට යනකන් මට දැන් හෙට වෙනකක් හදිසි....
! පුතා... මොකද ලොකු පුතේ...
• ප්‍රමෝද් ට හදිසියක් කීව අම්මා...
: කෝ ගියා ද ප්‍රමෝද් අයියා..
• ඔව්.. ගෙට යමු..
! ඔෆිස් එකේ ප්‍රශ්නයක්ළුද පුතා..
• ආ නෑ අම්මා.. නිකන්...
කාමරයට මග ඇරපු මම නතර වුනේ කණ්ණාඩි මේසය අසලය... මාගෙ පෙනුම එතරම්ම වෙනස් වෙලාද සැකයට බලා සිටියේය... පෙනුම විග්‍රහ කිරිමටවත් මම සන්සුන් නැත...
: හොරා වගේ කාමරේ ට රිංගලා ..
• ඉන්න සිහත් මහන්සි.. අම්මට කතා කරල විස්තර ඇහුවෙත් නෑ...
: හරි ඉතින්.. මම එපා කීවද..
• ඇගපත හෝද ගන්න.. තව රෑ වෙන්නැතුව..
: මොකද අනේ... මූණක් යකා වගේ...
• මගෙ මූණ... යකා... වැද්දා... තව ටික දවසක් යද්දී පිස්ස කියයි... සරමත් තුවායත් අතට ගනිමින් මම කීවේය..
: දේව්.... බලන්න කෝ...
කාමරය පුරා මගේ පස්සෙ කැරකි කැරකි ආවට මට ඔ්න වුනේ මූණ සගවා ගෙන සිහත්ව මග අරින්න ය.. මම කාමරයෙන් පිට උනේ.. වුවමනාවටම නොව...
නිවස පාළු බව හෙමිට අකාමකා දමමින් කුස්සිය ට විවිධ ශබ්ද අඩුවක් නැත... කාමර අස්පස් කර සිහත් අතු ගාන නිසාම.. මම බයික් එකෙන් හන්දියට ගියේ මමත් සිහත් තවත් වගේම අම්මත් නිවසෙ නොසිටි නිසාම අඩුපාඩු ලිස්ට් එකක් මගෙ අත තැබු නිසා ය...
එන වෙලාවෙ සිහත් දූවිලි කියල නාල තිබුණි... හිතෙන් තිබුණ තරහටද මන්ද.. නොසිතාම සිහත් ට බැන වැදුනේය...
! පුතේ ඇති දැන්... ඇත්තනෙ මේ දුවිල්ල තියාගෙන නිදා ගන්නද...
• නොකර ඉන්න තිබ්බ.. පණ්ඩිතකම ඔ්නවට වැඩී.. එ්කට කියන්නෙ.. ගොන්කම කියල...
: පිස්සු හැදිලද කොහෙදො අම්මා...
! දැන් නවත්ත ගන්නවා.. රණ්ඩු වෙයල්ල මම ලොකු අම්මලා ගෙදරම නවතිනව ...
• අනේ අම්මා... ඔයත් මගුලක් කියවන්නැතුව ඉන්න..
! පොඩි එකාට බැනල මදි ද.. මොකද්ද ඔය කතා කරන විලාසෙ...
: අම්මා කන්න යමු... බඩගිනි... මූට බඩගිනි වැඩිවෙලා.. අපි දෙන්න කන්න ලැස්ති...
තරහට කාමරයට ගියද.. ඇයි මට මෙච්චර කේන්තියක්... සිහත් වරදක් කරලත් නෑ... අම්ම මොනව කලා ටද.. ප්‍රමෝද් මාව අවුල් කරල යන්න ගියේය... දෙයියනේ... මට පිස්සු ...
: දේව්...
සිහත් මම ගාවම ඉදල ගත්තෙ.. ය.. සිහත් කාමරය ඇවිත් ඉදගන්නකම්ම දැක්කඑ්ද නැත...
: අහන්නකෝ... මට බැන්නට කමක් නෑ... අම්ම පව් කාල ඉන්න... තුන්දෙනාම එකට ඉන්නඑ අද ගොඩ දවසකින්..
• යන්න මම එන්නම්..
: මුණ වෙනස් කරන් එන්න....
මගෙ රැවුලත් ඇදල ඇහැකුත් ගහල එළියට ගියේය..
අම්මත් එක්ක ලොකු අම්මගේ අසනිපතත්වය ගැන විමසා දැනගත්තේ ය.. ට්‍රිප් එක ගැන.. සිහත් අම්මට විස්තර කරන දිහා බලන් හිටියඑ ... ට්‍රිප් එක ඔ්නෑවට එපාවට ගියා ට 𝙰 𝚝𝚘 𝚣 විස්තර කරන විදිහ දිහාය.. කාල අස්පස් කරල.. කොතන නිදා ගත්තද කොතරම් සිනිදු සයන තිබුණද..නිවසට ඇවිල්ලා... හිසට තද වී සුමුදු පහස නැති කොට්ටය.. නින්දට ලබා දෙන උත්තේජනය නිමක් නැත... ඇදට වැටුන මතකය... නින්ද ගොස් දන්නෙත් නැතිවමය....
අහම්බෙන් ඇසුන බල්ලන්ගේ බිරුමකට ගැස්සි ඇහැරුණේය.... පුරුද්දට ඇදඑ් බිත්තිය පැත්තට අත දිගු කරේ ඇස් දෙකත් පියාගෙන ය... සිහත් නැත.. ඇස් ඇරල ඇදඑ් ඉදල ගත්තෙ.. ඔළුවට අත තබාගෙන ය.
• දෙවියනඑ.. මගෙ මැණික..
ඇදන් බැස සිහත් ගේ කාමරයට යනවිටත් සිහත් වකුටු වී බීමට දා ගත් මෙට්ටෙ නිදිය... මැණික මට සමාවෙයන්... හිස අද්දරට වෙලා මුමුණලා... හිස මත හාදුවක් තබා නැගිට්ටෙ ය.
: දේව්...
• ඇහැරුණාද... සොරි... නිදා ගන්න... මම යන්නම්..
: මම නිදා ගන්නෙ කොහොමද.. දේව් ඔහොම ඉද්දී...
සිහත් අසලින් ම ඇලවුනඑ.. තවත් දුරස් වී සිටිය නොහැකි නිසා ය..
" එන්න... උඩට...
: මට එපා කියකියා.. හිත හිත දුක්වෙනව...
• නෑ.... මැණික...
: හවස හිටපු යකා මොකාද...
• හපනවද...
: අහන එකට උත්තර දෙන්න කෝ..
• මට බෑ... මම කීව දේ කරනවද...
: රිදෙන්නැද්ද...
• නෑ...
: පිස්සු අයියේ.. හොදටම...
• හ්ම්...
සිහත්ව පපුවට තද කරන් ටික වෙලාවක් සිටියේය..
• මැණික ප්‍රමෝද් අයියා.. ට මොනව හරි කීවද ඔයා...
: හ්ම්... එ්ක ද.....
• එයා මුකුත් කීව නෑ...
: එහෙනම් හෙට කියයි...
• හ්ම්... මම ආදරෙයි උබට ගොඩක්.. උබ නැති වුනොත් ... තත්පරයක් ඉන්නෑ....
: මොනවද දේව්... මාවත් අඩවනවා...
සිහත් ව තුරුල් කරන් රැය පහන් කරන්නට මම ආසම දේය... උදේ 6ට එලාම් නාද වනතුරුම තුරුල් වෙලා.. එකම රිද්මයකට හුස්ම පවා බැදිලා තිබුණි...
ටිකක් ඉන්න. 🌹🌹🌹
[text_hash] => 1ab1ee97
)
What do you think?