Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
********* පනස්අටවන දිගහැරුම ******** 🌹🌹🌹
උදේන්ම ඔෆිස් එකට ගියේ.. ප්‍රමෝද් සිහත් ගැන කතා කරමු කී නිසාමය... මොකද ඊයේ සිහත් මේ තරම් සැහැල්ලුවකින් ඉන්නව මට දැනී නැත.. මම බැන්නත් හිනා වෙලා ඉන්නවා... මාව අවුල් කරනව සිහත්ගෙ අද බැල්මත්.. වෙනදට ක්ලාස් එකට මම ගිහින් අරලිනවා.. අද මගින්ම බසයක් නවත්වා බස් එකට නැග ගත්තේය... උදේ ඉදන්ම මටත් වඩා බය වෙලා.. මොන මගුලක් කියලද... මම බයික් එකට වී කණ්ණාඩියෙන් කොණ්ඩෙ සකස් කලේ.. හෙල්මට් එකට තද වි ඇති නිසාය...
+ ඇති බං... ආය එකෙක් උබ දිහා බලන්න නෑ...
/ උබල දෙන්න මෙතන මුකුළු කරපල්ලා... නිර්මාණී දැක්කොත් බෝම්බයක් පත්තු කරයි...
ප්‍රමෝද් රජිතගෙ පිටට තට්ටුවක් දමින් ගුඩ් මෝර්නින් කියාගෙනම ඇතුලට ගියේය...
රජිතත් මමත් සිනා වෙවීම ඇතුලට ගියේ... කීප දවසකින් ඔෆිස් ආ නිසා වැඩ ගොඩ ගැහී ඇති බව දන්න නිසාය.. වැඩ වැඩි නිසාම ප්‍රමෝද්ට කතාකිරීමට කාලයක් නොමැත... දහවල් කාලයත් පසු වී අවසන්ය... ලන්ච් ටයිම් එකද ඇහැරුණේය...
+ කාල ඉමු බං..
• ආයනම් කොහෙවත් යන්නෑ... උබලට මොකද ෆීල්ඩ් එකේ... ප්‍රශ්න ... සතියක්වත් යයි විසදන්න...
+ මම කනවා....
• කාපං බං... මම හින්ද උබත් බඩගින්නෙ....
+ උබව හලල මම කවද්ද කෑවෙ... කියහන්...
• මම දන්නව උබ මාව මෙතනින් නැගිට්ටවගෙන මිසක් යන්නෑ කියල....
+ කෝල් එකක් බං...
• ගනිංකෝ මම බිසි කියපන්...
+ ස්පීකර් දාන්න ද...
• දාපන්... වගකියන්නෑ... මොනව කියයිද කියලා...
: හෙලෝ දේව්....
• කියන්න සිහත්... අහන් ඉන්නෙ...
: ,ක්ලාස් ඉවරයි..
එන්නද... මට බඩගිනි...
• මම බිසී... සිහත්..
: කරදර කරන්නෑ... චුට්ටක් මූණ බලන්න..
• එපා බං....
රජිත සිහත්ගෙ වචන වලට ඇද කර කර සිනහ වෙනවා.. මට හිනා යන නිසා රජිතට කීවේය..
: සොරි....
+ ඒ සිහත්... වරෙං වරෙං... මම එනකං බලාගන්නම්.. මුට වැඩ නෑ. මාත් එක්ක හුරතල් වෙනවා.. උබගෙ මිනිහා....
• මේකගෙ බොරු... මට වැඩ... ගොඩයි...
: කාගෙවත් වැඩ වලට වාතයක් වෙන්නෑ මං... මම ගෙදර යනවා...
• දැන් තරහ වෙලා ද...
: අනේ නෑ... මම සතුටින්.... හරිනෙ... රෙදි හෝදලා දාන්නත් එපැයි..
• සිහත්.. එන්න... මම කාලත් නෑ...
: මම බස් එකට නැංගා... උදේ හෝදන්න තියෙන ඔක්කෝම රින්ෂෝ දාල ආවෙ...
• එ් කොයි වෙලේ ද.... තියන්න හවස මම එනකන්...
දැන් බහින්න ඔෆිස් එකගාවින්...
: මම යනවා.. ඔෆිස් එක පහුවුනා...
+ සිහත් බැහැපන් බං.. මම ගන්නද.. ඇවිත්..
: බෑ අයිය... මම ඔතෙන්ට කරදරයක් වෙන්න ඔ්න නෑ...
+ උබලට බැයිනම් පලයන්... මුගෙ ලොකුකම...
• හරි මැණික ගිහින් කියන්න.... පරිස්සමින් යන්න.,
බුදු සරණයි..
: බුදු සරණයි...
+ යම් බං... උබට කියන්න දෙයක් තියෙනවා.. එ්කයි මම මෙච්චර කියන්නෙ යමන්කෝ...
• උබල ඔක්කෝටම මොනවද බං ඔච්චර කියන්න තියෙන්නෙ... මට වැඩ ගොඩ ගැහිල ... සිහත් ගියේ.. තරහින්.. මම දන්නවනෙ... දැන් පුම්බගෙන යනව ඇති...
+ මගෙ වද ඉවර කරන්න යන්නෙ...
• කරයි කරයි.. මගේ වදේ උබට ඉවර වෙන්නෙත් නෑ.. උබගෙ වදේ මට ඉවර වෙන්නෙත් නෑ...
/ දේව් කෑම කාලා ටයිම් තියෙනවනම් එන්න...
• හරි මචං...
මගදි හමුවුන ප්‍රමෝද් පසුව හමුවන්න සිතා ගෙන රජිතත් සමග කෑමට ගියේය...
• කියපන් දැන්. ප්‍රශ්නෙ මොකද්ද...
+ ප්‍රශ්නයක්ම නෙමෙයි.... මේකයි... හිනා යනවබං...
. උබගෙ හිනාවට මට සැකයි.. කියපන් බං..
+ ට්‍රයි කරා කෙල්ලෙකු ට... අවුලක් නෑ වගේ බං...
• කවද්ද... කවුද කියපන්... මරුනෙ...
මම හිතන්නෙ රජිතටවත් එ් තරම් සතුටක් නැතුව ඇති.. මම හින්දම ලස්සන කාලයක් කැප කරල ආදරය.. කියන දේ උරුම නැති ගානට වගේ වගක් නැතිව හැම වෙලේම අනිත් අයටම හැමදේම දිපු ආත්මීය මිතුරා... සිහත් මට ආදරය කියපු දවසට පස්සෙ මගේ පපුවට යන්තම් රිදුමක් එක්කල එකම කෙනා.. එකම ආරංචිය...
සතුට වැඩි කමටම අමතක වී.. ඉදුල් අතින්ම අත් අල්ලා ගත්තේය...
• රජිත... මට ලොකු හිතේ බරක් අද නැති වුනේ..
+ එ් පිස්සුද බං අඩන්නෙ... උබ මෙහෙම අඩනව දැකල නිර්මාණී පත්තු කරොත්... මගෙ මගුල පටන් ගන්න කලින් හබක් ඈ...
• මට සිහත් ලගවත් සැනසීමකින් ඉන්න බෑ.. උබ නිසා.. උබ දන්නව මම කියන්නෙ මොනවද කියල..
+ මට හරියන බබා කොටපු කෙනා එනකන් ඉවසන් ඉන්න ඔ්න..
• සොරි මචං ඉදුල් ගෑවිලා...
+ කමු... උබට වැඩ ත් වැඩීනෙ....
• කවුද කියපන්...
+ ගෙස් කරපන්.. තව නිල වශයෙන් පටන් ගත්තද නෑ.. උබට හොදනම් තමයි...
• අනේ මේ... මට හොදනම් මොනවද.. කෙනා කියපන්
+ අචිනි....
• අපෙ අචිනි... ඔෆිස් එකේ.....
+ හ්ම්....
• ඇයිස්... හිනා ව ..
+ කාගෙද..
• උබගෙ... කන්න ඕනි නෑ ඇති.. බීල සමරන්න ඔ්න...
+ පලයන් තෝ එක්ක ඇල්වතුර තමයි... ගහන්න වෙන්නෙ....
• නිර්මාණී දැන ගත්තොත් අවුල් යයි...
+ මටත් හිතුනා... කාටවත් නොකිය ඉන්නවා...
• මට කියපන් උබද ඇහුවෙ.. අචිනි ද..
+ මම මම...
• කීවෙවත් නෑ...
+ ට්‍රිප් එක යද්දී... අද තමයි උත්තරේ හම්බුනෙ.... උණුපිට උබට කීවෙ...
• යමු... ප්‍රමෝද් හම්බෙන්නෙ ඔ්න.... මම ගිහින් එන්නම්...
+ සිහත්ට විතරක් කියපන්.. කාටවත් ආය බෑ...
ඇත්තටම සතුටු යි... ටික වෙලාවකට ප්‍රමෝද් හම්බෙන්න යන්න ඕනි කියල අමතක විය... රජිත සිහත්ට පමණක් කියන්න කියද්දි.. රජිත මට වගේ මම සිහත් එක්ක ඉන්න එක හිතට සහනයක් විය. .
• උබ වැඩකද...
/ මගුලක් කරාද බං.. මෙච්චර වෙලා...
• දන්නනවනෙ කයියක් දාගෙන කනකොට...
/ මන්ද ... දැන් මටත් හිතිල තියෙන්නෙ...
• මොනවද... කියපන් ඉතින්...
/ කෙලින්ම අහන්නෙ... ජෝක් නෙමෙයි... ඇත්තම කියපන්...
ප්‍රමෝද්ගෙ මූණෙන්ම එය විහිළුවට කියන්නට යන දෙයක් නොනවන බවට සහතික ය..
• අහන්න.. දන්න දෙයක් හරි ඇත්තක් හරි නම් කියනවා...
/ දෙකම...
• මගෙ මූණ බලන් උබ උත්තරේ මූණෙන් කියවනවද.. ප්‍රශ්න අහල හිටපන්...
ප්‍රමෝද් මූණ දිහා බලාගෙනම...
/ දෙව්නක...
• හ්ම්...
/ උබගෙ යි රජිතගෙයි සම්බන්ධය.... කොයි වගේ ද... මම කියන්නෙ... යාළුකම පාස් කරල ගියපු.. ආදරයට මෙහා සෙක්ස් එෆයාර් එකක්ද...
• මට තේරුණේ නෑ... මොන මගුලක් ද අහන්නෙ...
මගෙ කන් දෙකට ඇහුණ වැරදි නැත... ප්‍රමෝද් දිහා බලන් හිටියේ විහිළුවක් බං.. කියයි කියලය... නැත.. ප්‍රමෝද් වෙනසක් පෙන්වන්නේම නැත.. නලලට වැටුණ දාඩිය බිංදු යන්තමට මට දැනුණි... වචනයක්වත් නොකියාම. මේසයට වැලිමිට තබා වාරු ගෙන අත් දෙකෙන් මූණ වසා ගත්තේය... කෑ ගහල කියන්නට වුවමනයි... මගෙ යාළුකම.. රජිතවත් මමවත් කිසිම දවසක වැරදි අදහසකින් අත් අල්ලගෙන ඉදලවත් නැත... යාළුකම සහෝදරත්වය හැර වෙනත් වචනයක් මම දන්නේද නැත.. ඇස් දෙකට බර වුන කදුළු ඇද වැටුණෙ.. මුළු මනින්ම සිරුර අඩපණ වි යැයි දැනෙන නිසාය... මට කතා කල යුතුද මතක නෑ.. වචන පිට නොවන නිසාම මම ඇසුවේ...
• ඇයි ප්‍රමෝද්... උබම ඔය දේ මගෙන් අහන්නෙ.. හොදටම දන්නවනේ...
/ මම අහද්දි උබ ඔහොම හැසිරුණානම්.... මම දැන ගත්තට වැඩක් නැහැ.. ඔය ප්‍රශ්න උබගෙ මූණ බලාගෙන සිහත් උබෙන් ඇහුවනම්...
• මොන මගුලක් ද තෝ අහන්නෙ... දුක ඉවසා ගත නොහැකි තරමට හිතට තරහක් ආවේ ය... ප්‍රමෝද් ගෙ රූම් එක ඇතුලෙ මගෙ වචන දෝංකාර දුන්නේය..
/ එ් දේව් සන්සුන් වෙයන්.. ඔක්කෝම මෙතෙන්ට ගේන්ටද හදන්නේ...
• තෝ කියන බලු කතා අහන් ඉන්ටද කියන්නෙ...
/මැරියන් තෝ... ඔය වචන ටික සිහත් ඇහුවනම්...
කිසිවක් නොපවසා .. බිම බලා ගත්තේය... මාව ගිනි ගොඩක් මැද තබා සිහත් ප්‍රමෝද් රජිත හිනා වෙනවා මට ඇස් ඉස්සරහ පෙනෙනුයේ එපමණකි...
ටිකක් ඉන්න. 🌹🌹🌹
[text_hash] => da7499b0
)
What do you think?