Chapter 60: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* පනස්නමවන දිගහැරුම ******** 🌹🌹🌹

මම සිහත් ගැන කීවට මෙවැනි ප්‍රශ්නයක් යැයි හීනෙන්වත් සිතුවේම නැත... මම කාත් එක්ක තරහ ගන්නද.. සිහත් මම ගැන එච්චරටම සැකයක් ඇති කරගත්තෙ ඇයියේ... මගෙන් වචනෙකින් වත් සිහත්ට වරදක් වී නැත.. හැමවෙලේම මම සිහත්ව රැකගත්තා.. ආදරේ කලා... මට පුළුවන් උපරිමය කරා...

• අරකි තමයි බොරුවට කියවලා කොල්ලගෙ ඔළුවට මනස්ගාත දැම්මෙ..

/ මටත් එහෙම හිතුනා.. එහෙම කියලා.. දැන් නිර්මාණීත් එක්ක එල්ලෙනව නෙමෙයි..

• ඊයේ රෑ මම ඇහුවා ප්‍රමෝද් ට මොනවද කීවෙ කියලා..

/ උබෙන් අහගන්න කීවා...

• රජිත එක්ක තරහ ගද්දි.. රජිතට රවද්දි මට තේරුණේ නෑ බං...

/ අහපන්කො අපි කතා කරමු.. උබට දැන් වැඩනෙ...

• වැඩ කරන්නෙ කෝමද.. කියපන්... මගෙ ඔළුව රිදෙනවා...

/ යමං....

• කොහෙටද...

/ එළියට... මෙතන කතා කරන්න බෑ... ගම්පල බ්‍රාන්ච් එකට යනව කියමු...

• හ්ම් යමු...

/ රජිතට මම කියල එන්නම් ඔෆිස් එක බලන්න.. කියල.. උබ මාත් එක්ක යනව කියන්නම්..

ඇත්තටම මට වැඩක් කරන්නට හිත නැත... ප්‍රමෝද් එක්ක සිහත් ගැන කතා කලයුතුමය... එ් නිසාම දහසකුත් වැඩ පසුවට දමා ප්‍රමෝද් එක්ක ගම්පල යාමට පිටත් විය... පේරාදෙණිය පාලම පසුකොට... කොළපාට ගස් අතර හෙවනක කාර් එක නැවත්වීය.

/ උබ ඔච්චර අප්සෙට් වෙනව කියල හිතුනනම් මම උබට නොකියම ඉන්නවා...

ඊයේ හවස උයද්දි සිහත් ඔය ගැන කීවෙ.. මගෙන් ඇහුවා.. මටත් එහෙම හිතෙනවද කියල... උබල දෙන්න දකිද්දි.. මම පිච්චෙනවා... කීවා...

• දෙයියනේ... හැම වෙලේම මූණ වෙනස් කරන් ලොකු හුස්මක් හංගනව මට දැනිල තියෙනවා.. ඇහුවට කියන්නෑ....

/ මට තෙරුණ දෙයක් කියන්නෙ.. සිහත් වැරදි නෑ... උගෙ වයසට ඌට ඕන උබව විතරයි... පොර උබව හීනෙන් පවා හොයන තරමට ඇබ්බැහි වෙලා..

• එ්ක දන්නව මම... මගෙ අවධානය නැති වෙනකොට හිතුවක්කාරයි.. එයා ආසයි. මම එයා ගෙ කියල කියන්න...

/ එ් දේ  දන්නවනම්.. උබ කරන එකම වරද... තාමත් උබ ගැන කොල්ලට නොකියන එක.. රජිතට උබගෙ ජීවිතේ වෙන හැමදේම අකුරක් නෑර කියද්දි.. සිහත්ට කියනවද නෑ නෙ.... එ්කයි හැම වෙලේම සිහත් කියන්නෙ.. එයා ගැන මම දන්නෙ මොනවද කියල..

• සිහත්ට මගෙ ප්‍රශ්න කියල බරක් දෙන්න බෑ.. එ් හැර ඔෆිස් එකෙ දේවල් සිහත්ට තේරෙනවද,

/ එහෙම නෙමෙයි,.. නොතේරුනාට උබ ගැන.. උබ කරන වැඩ ගැන, ඉන්න තැන ගැන වටපිටාව ගැන තේරුම් ගන්නෙ එ් දේවල් වලින්...

• හ්ම් එ්ක හරි.. මම සිහත්ව දකින්නෙ උදේටයි හවසටයි.. හවසට ඉස්සර පැය ගණන් ජිම් එකේ හිටියේ මම දැන් ගෙදර දුවන්නේ සිහත්ව දකින්න...

/ සිහත් එක්ක හැමදේම කියපන්.. ඉස්සර දේවල් කරන්න ඉන්න දේවල් දැන් වෙන දේවල්.. හැම දෙයක්ම...

• මම සිහත්ට කියන්නෙ එයාව සතුටු කරන.. හිතෙන දේ විතරයි..

/ උබට පිස්සු... කෙවින් නම් මාව මරල.. ඌ දන්නැත්තෙ මම දවසට ගන්න හුස්ම ගණන විතරයි.. එ්කත් ගණන් කරල කියන්න කීවොත් මම කියනව...

• වරදක් වුනා එතන නම්..

/ සිහත් ඉල්ලන්නෙත් එ් දේ... උබ තේරුම් ගණින් රජිතට හැමදේම කියල පුරුදු ඇති අඩු කරගනින් එ් දේ.. සිහත්ට කියල රජිතට කියපන්...

• මම සිහත් එක්ක කතා කරන්නම්..

/ තව දෙයක් උබ සිහත් එක්ක කෝම හිටියත් මට කමක් නෑ.. හැබැයි ඌට අයිති දේවල් දෙන්න කල්බලල නැකත් බලල බෑ.. කාට හරි එ් පොයින්ට් එකම දාල කොල්ලව වෙන්ස් කරන්න පුළුවන්...

• හ්ම්... තෑන්ක්ස් මචං..

/ සිහත් කීවෙ  ඔහොම නෙමෙයි..

• එහෙනම්...

/ රජිත අයිය... මට පේන්න බෑ... වෙලාව පොරට නෙලනව මම... ළගකදිම...

• මේකා... නසරාණියා කරන්න බැරි නෑ..

අද රජිතයා කියපු දේට ඇති කු‌ලප්පු වෙලා ආවෙ නැතුව..

/ යමු ..

ගම්පල ගිහින් ඔෆිස් එකට යනවිට සවස් වී තිබුණි... එ් නිසාම චෙක් කරන්න තිබුණ ෆයිල්ස් ටිකත් ගෙදර රැගෙන ගියේ.. ය.. යන ගමන් කටුගස්තොටින් නවතා බූන්දි අරගත්තෙ සිහත්ට ගිහින් දෙන්නය....

යනවිටත් අම්මයි සිහතුයි රෑට උයනවා..

• අම්මා...

! පරක්කු ඇයි බැලුවා... නේද පුතේ...

: අම්ම තමයි මම නෑ ඔව්වට...

• ආ....

: මොනවද...

• බලන්න...

! මොනවද පුතේ...

: බූන්දි....

අම්මෝ ඇති යන්තම් හිනාව...  සිහත්ගෙ කම්මුල රිදෙන්නම මිරිකලා මම නා ගන්න ගියේ.. ය.. මම යන දිහා කම්මුල අල්ලන් බලන් ඉන්නවා... කෝලම...

කෑම කාලා.. අස්පස් කරල නිදි යන්න කියල කාමරයට යනකොට අම්ම කතා කලේය....

! ලොකු අම්මා මෙහෙට එක්කරගෙන එන්න කියලා.. පුතා මොකද කියන්නෙ..

• එ්ක හොදයි.. අම්මා...  මමත් හිතුවා.. ලොකු අම්මාට  මෙහෙ ආවම ‌‌‌අපිට හරි බලන්න පුළුවන්..

! මම පුතාලට කියන්නම් අක්කව මෙහෙ ගෙනත් අරලින්න කියල..

• අම්ම ඔය වගෙ දේවල් මගෙන් අහන්න ඕනි නෑ.. මම කැමති නෑ...

! හරි හරි... මම යනව නිදාගන්න...

• බුදු සරණයි ‌‌‌අම්මා..

! බුදු සරණයි වැඩ ඉක්මනට ඉවර කරල නිදා ගන්න.. ආය ගෙදරට ඔෆිස් වැඩ ගේන්න බෑ...

• හා හා.. ආය ගේන්නෑ...

සිහත් නිදිද දන්නෑ... මම සිහත්ගෙ කාමරයට යනකොටත් නිදි.. කමක් නැහැ නිදා ගත්තදෙන්.. මගෙ වැඩ ටික ඉවර කරල නිදා ගන්න හිතාන කාමරයට ආවේ ය... ටික වෙලාවකට පසුව සිහත් කාමරයට ආවේය..

• සිහත් නිදි නැද්ද....

: නෑ... ඉන්නවකෝ මම... තමුසෙ ට....

මගෙ කොට්ටෙන්ම මට ගහගෙන ගහගෙන ගියේය...

• ඇති යකෝ... මොකද මේ...

සිහත්ව ඇදල අරන් කකුල මත ඉන්නවා ගත්තේය... යන්න දගලද්දි.. බඩ වටේට අත දාල තද කරගෙන බෙල්ල පසු පස කිස් කරන්න පටන් ගත්තෙය..

: මට කිචි.. ඉන්න චුට්ටක්.. ඉන්නකෝ..

• බෑ යන්න දෙන්න බෑ...

: දොර වහන්න... වදේ...

• හ්ම්.. යන්න..

සිහත් කකුල මත ඉන්නවා ගත්තේය...

• වැඩ ගොඩ සිහත්.. උදව්වක් කරන්නකො..

: මොකද්ද

• මේ ෆයිල් එකේ හැම ෂීට් එක්කම ටෝටල් එක ඩබල් චෙක් කරන්න...

: දෙන්න... 20ක් තියෙනවා...

• ඔව්.. බෑ ද...

: පුළුවන්... කොන්දේසියක් මත...

• දැන් මොනවද කොන්දේසි...

: කිස් 40ක් ඔ්න... මට ඔයාව හපන්න ඕන... තව.. මාව ඉවර වෙනකක්  මෙහෙම ඉන්දවන් ඉන්නත් ඔ්න...

• වැඩි නැද්ද..

: කොන්දේස කඩ කරොත්... මේ රැවුල කපල දාන්න ඕන...

පිටුවක් ඉවර කරන ගානට කිස් කරනව... එළිය වැටෙනකම් කරන්න වෙනවා.. මේ ටික ඉවර කරද්දි. මට සුවර් තොල්පට අදත් තුවාල කරගන්නවා..

• සිහත් තුවාල වෙයි... රතු වෙලා..

: ගණන් වරද්දන්නෙ...

• ඔයා කරන්න.. මදැයි මම ඇසිස්ටන්ට් කෙනෙක් ගත්තා..

: පඩි මදි...

කෝල් කර කර ඉදල පිටු 15ක් චෙක් කරල.. දන්නෙම නැතිව උරිසට හේත්තුවෙලා නින්ද ගිහින් .. 2 ත් වෙලා... සිහත්ව ඇදට කරල.. ඉතුරු ටික ඔෆිස් එකට ගිහින් කරන්න හිතාන සිහත් තුරුල් කරන් නිදා ගත්තේය...

ටිකක් ඉන්න.  🌹🌹🌹

[text_hash] => bf6381b5
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...