Chapter 61: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* හැටවන දිගහැරුම ******** 🌹🌹🌹

උදේ 6.30 යි නැගිටින්න ඕන නිසාම ඇස් ඇරිය මිසක් තව පැය 2කක්වත් නිදා ගන්න සිත ඉල්ලුවේය... රස්සාව එපා වෙන්නෙ යන්තම් පින්න වැටෙන සීතලට උදේ පාරට බහින්න උනාමය..  මට කලින්ම සිහත් නැගිට සිටියේය..

: නැගිට්ටද ...

ළගට ලං වෙලා සීතලට තුරුල් කරන් ඉන්න හිත කීවට දැන් වෙලා ගිහින්..

• දොර වහල එන්නකො...

දොර වහල ඉක්මනට ඇදට පැන්නේය...

: හ්ම් කියන්නකො...

•  මට උබව හැර වෙන කවුරුවත්ම මේ ජිවිතේ නෑ... මම හුස්ම ගන්නවනම් එ් උබයි අම්මයි හින්ද.. එ්කයි ඇත්ත.. කවුරු මොනව කීවත් කරත් මගෙ මැණික මාව විතරක්ම මම කියන දේ විතරමක් විශ්වාස කරන්න ඕන.. මේ පපුව උඩ මෙහෙම ඉන්න පුළුවන්නෙ සිහත් අභිනෙත් දිසානායක කියන ආඩම්බර නසරාණි.. මට විතරක් හුරතල් මේ හොටු කොල්ලට විතරයි...

: මම දන්නවා.. දේව්....

• එ් නම් ඇයි අර වගේ කතාවක් කීවෙ...

: සොරි... මට රිද්දන්න ඕන උනේ නෑ... මට දුකයි.. වෙන අය මට පේන්න ඉන්නකොට..

• හ්ම්.. ඊර්ෂයාකාරය.. පරක්කුයි යමු.. තේ එකක් හදන්නකො..

: හා.. හවසට කතා කරමුද...

සිහත්ට අද පන්ති නෑ.. තාම රිසාල්ට් ආවෙත් නෑනෙ.. කෝමත් තව ටික දවසකින් රිසාල්ට් එයි... එතකොට ආයෙත් මාත් එක්ක උදේ ඉස්කෝලෙ එයි..

අද  ඉතුරු ෆයිල් චෙක් කරල ඩීටේල්ස් ඇඩ් කරල සීනියර් ෂෙක්සන් එකට යැවිය යුතුය.. කෝමත් 1ට  පස්සෙ සෙඩුල් එක කස්ටමර්ස් අපොයිමන්ට් චෙක් කරන්නට ෆීල්ඩ් එකට යා යුතුය... හවසට වැස්සොත් නම් එපා වෙයි...

සිහත් නවත්තපු ෂීට්ස් ටික අතට ගත්තේය.. ඔක්කෝම කම්පීලිට් කරලා.. දෙයියනේ.. කොයි වෙලාවෙද... ලැප් එක ඔන් කරන්න... චිට් එකක්.. ඉක්මනට ලැප් එක ඔන්කලේ කුතුහලයකිනි.. මම දන්නවා. මාව පුදුම කරවන්න... සිහත් හරි දක්ෂයි.. එ් වගේ දේවල් වලට හරිම උනන්දුයි...

• හෙලෝ සිහත්... මැණික..

රින්ග් වුනේ නැති තරම්.. අතේමද ෆෝන් එක තිබුණෙ.,.

: හොදයිද... කියන්නකෝ...

• අතේද ෆෝන් එක තිබුණෙ...

: මම දන්නව මට ගන්නව කියලා...

• ලස්සනයි මැණික... අම්මගෙ ෆොටෝ එක කොහෙන්ද...

: අම්මයි මමයි ගෙදරදි සෙල්ෆි ගහනවනෙ,. එ් ෆොටෝ එකක්...

• කොයි වෙලේ ද නැගිට්ටෙ..

: 6ට... මගෙ වැඩ ඉවරයි.. ආය චෙක් කරනවනෙ...

• ඔව්.. ෆයිනල් ෂීට් එකට ඇඩ් කරනකොට මට ආයෙත් චෙක් වෙනවා...

: වැඩ කරන්න ගියම මාවයි.. අම්මයි අමතක කරනවට...

• මාව හලල... අම්මලා පුතාල..

: මම හිතුව ඕක කියයි කියලා...

• මම මැසේජ් කරන්නම්.. තියන්නම් මැණික...

: හා ගුඩ් ලක්... පරිස්සමින් ඉන්න... උම්මා...

• පරිස්සමින් බුදු සරණයි.. උම්මා...

හරිම සැහැල්ලුවක් සතුටක්.. ඇත්ත ප්‍රමෝද් කීවෙ... ඔෆිස් එකේ දේවලට සිහත් සපෝට් කරන්නෙ හරිම ආසාවෙන්... අද කොච්චර සතුටෙන්ද... රජිත ගැනත් සිහත්ට තේරුම් කර දිය යුතු ය... එයා හැමදේම දැන ගත්තම හරිම නිවුන දරුවෙක්.. එයාගෙ ඉවසීම හදන්න ඕන මමමයි..

සිහත් වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්න මට බැරි වෙයි.. එ්ත් කියන්න පුළුවන් පුංචි දේ හරි එයාට දැනෙන්න.. කතා කරන්න වෙනවා..

දවසම වැස්සත් එක්ක බයික් එකේ එහෙට මෙහෙට ගිහින්.. හෙම්බිරිස්සාව වගේ.. ගෙදර ගියෙත් වැස්සේමයි.. ගියපු වෙලොවෙ ඉදන් කිබිහුම් යනවා...

! මොකද පුතේ වැස්ස අඩුවෙනකන් ඉදල එන්න එපැයි..

• අඩු වෙනකක් හිටියොත් හෙට එන්න වෙන්නෙ...

ජැකට් එක අස්සෙ පරිස්සමට බෑග් එක වැස්සෙන් සගවා ගෙන ආවේය.. ගේ ඇතුලට යාමට නොහැකි තරමට වතුර ගලනවා..

• අම්මා බෑග් එක ගන්නකෝ.. කෝ සිහත්...

: හිටියා.. එනව ඇහෙන්න නෑ.. ලිප ගාව... ඇත්තෙ...

මම මෙච්චර නාල ඇවිල්ලත් මේක නෑ... හිටපන්කෝ උබව ‌‌‌අල්ල ගන්න..

• නා ගෙනම එන්නම් ගෙට... සබන් ගාන්න විතරයි... තියෙන්නෙ...

! පරිස්සමින් ලිද ගාව ලිස්සනවා...

• තුවාය කුස්සියේ දොරට දානවද .....

සිහත් දොර ලගට වෙලා හිටගෙන බලන් ඉන්නවා.. මම පිහගෙන ගෙට ආවෙත්.. සිහත්ට කාමරයට එන ලෙස සංඥා කරමිනි... අම්මා මට කියලම මල් කඩා ගත්තේය..

සිහත් මගෙ පසුපසින්ම කාමරයට ආවේය... කාමරයෙ දොර වහන්නත් කලින්ම නිරුවත් පපුවට තුරුලු වුයේය...

: සුවදයි ළග සීතලයි.,

• මටත් සීතලයි... ෂර්ට් එක ගලවන්නකෝ...

සිහත්ගෙ ටී ශර්ට් එක ඉවත් කර වඩාගත්තේය.. ඇදමත සීරුවට තබා ලං වුයේ පපුව පුරා හාදු තබන්නටය..

: මට බෑ...

• ඇයි...

: මට සතියක් දෙනවද තව...

• මොකටද...

: ප්‍රශ්න බෑ... ඊයේ ඉතුරු කිස් ටික ඔ්න...

සිහත්ගෙ මූණ රතු වෙනකන්ම කිස් 10ට ගණන් කරන්න බැරි වෙන්න සිප ගත්තේය.. හිනාව නවත්තන්නෑ...

: මට හුස්ම ගන්න බෑ...

• හිනාව.. උබත් එක්ක බෑ මේ වැඩේ... ඔය ඉතින් .. අත් දෙකයි කටයි ගැට ගහන්න වෙනවා..

: බය හිතෙනවා...

• එ් නම් බැහැපන් ඇදෙන්...

මගෙ තොල් දෙක තොල් දෙකන් හපලා... මූණ අල්ලගෙන...

: තව චුට්ට දවසක් ඉන්න මහත්තයෝ....

• මොනවටද..

: අත් ගැටගහගන්න..

• පල යන්න...

: එනව කසාය තියෙනවා...  ඇදුමත් ඇදන් එනවා..

• යකෝ මේක...

මම එනවිට කුස්සියට වෙලා කසාය හදලා.. පව්.. දවල් කතා කරනකොට කිබිහුම් ගියා කියල හවස කඩේ ගිහින්.. කසාය පැකට් එකක් ගෙනත්... පව් මගෙ මැණික..

හෙට ලොකු අම්මා එන හින්ද කෑම කාමරය ‌‌‌අසල කාමරය සකස් කලේය.. එ් හැම දෙයක්ම කරල ‌‌‌අම්මට හරිම සතුටුයි.. අපෙ ගෙදර නෑ දෑයෙක් නවතින්න එන පලවෙනි වතාව.. අම්මට ඉස්කෝලෙ වැඩත් එක්ක කරදර කියල කවුරුවත්ම ආවෙත් නැත.. අප්පච්චි නැති වෙලා සතියකට පස්සෙ නෑදෑයො පිටව ගියේ පව් කොල්ල විභාග ලියනකන්වත් හිටියනම් කියල මට ‌‌‌අනුකම්පාව පෙන්නලය... නමුත්.. නංගි, අක්කා, දුවේ.. ඔ්න උදව්වකට අපි ඉන්නව කියපු අය පලාතට ආවෙ නැත... එ් උනාට ‌‌‌අම්මට නෑයෙක් කීවම වෙන දෙයක් නැත...

වැස්ස දවසට සිහත්ට බිම නිදා ගන්න දෙන්නේ නැත. අම්මම කෑ ගහල මං ගාවට එවන්නේය... අම්ම කිව්වත් නැතත් මම උස්සගෙන හරි එනවා.. අම්ම හිතන්නේ සතෙක් සර්පයෙක් එයි.. බිම හින්ද සීතල ‌‌‌අල්ලයි.. කොල්ල ලෙඩ වෙයි කියලය.. එ් අම්මලා ගේ සිතුවිලි ය...

සිහත් කොට්ට අරන් මගෙ කාමරයට එනවිට මම හිනාවුනේ ය...

: මොකද...

• උබ ඔය ටික ගෙනියනවා.. ගේනවා... එක්කො උබට ලැජ්ජාවක් නෑ.. නැත්තන් කොට්ට වලට ලැජ්ජාවක් නෑ...

: රණ්ඩුවක් ඔ්නද

• නෑ... මෑණික..

: මට හොටු කොල්ල කීවට දිට්ඨ ධම්ම කියන්නෙ පඩිසන් දීලා..

• උබ තමයි බෝ කරන්න ඇත්තේ...

: එ් දේව්... ඔයා දෙවියෙක් නෙවෙයි දේවාලයක්...

• මොකාටද එන්න හදන්නේ.....

: මගෙ ෂීට් එක පොරව ගත්තම.. ඔයාගේ ෂීට් එකෙනුත් පැත්තක් මට පොරවන්න...

• මම සීතලේ...

: මම ඉන්නෙ.. තුරුල් කර ගන්න..

• හැමදම මේම දොයියන්න බෑනෙ...

: එ් නම් කෝමද...

• මට තුරුල් වෙලා මදි...

: කරන්න දෙයක් නෑ...

• ඇයි...

: අර දෙව්නක කියන මෝඩයාට මාව චූටි වැඩීළු...

• ආ ඇත්තද.. මූ පව් කියල හිතුවට වෙන්ට...

: එ්කද මාව දාල රෑට වොෂ් රූම් යන්නේ.. මම දන්නව හරිද.. මොකද මට තුරුල් වෙලා ඉද්දී දැනෙනවනේ...

• මම දන්නවා... උබ ඇස් බෝල කරන් බලද්දි..

එන්නකො.. ළගට.. රජිත එක්ක තියෙන ප්‍රශ්නෙ විසදන්න...

: එහෙම ප්‍රශ්නයක් නෑ...

• එ් වුනාට ඔයා දැන ගන්න ඔ්න...

: කියන්න...

• රජිත අයිය මගෙ ඉස්කෝලෙ කාලෙ ඉදන් යාළුවා ..

ඉස්සර රජිතට කෙල්ලෙක් හිටියා... මාස හයක් විතර වෙනකොට.. මට වඩා රජිතට කෙල්ලෙත් එක්ක ඉන්න වුනා.. මට මාර පාළුයි.. කතා කරන්නවත් කවුරුවත්ම නෑ... අම්ම ඉස්කෝලෙ වැඩ ගැන විතරයි... ඇත්තටම ඔයා වගේ ම කාලයක් ගෙව්ව මම.. එ් කාලෙ පේරා කැම්පස් එකේ ‌‌‌අයිය කෙනෙක් සෙට් වුනා... එ් තරම් දෙයක් නෑ.. රජිත ට කරදරයකුත් නෑ.. මට එපා කියන්න කෙනෙක් නෑ.. ආදරේ ද සම්බන්ධයට මොකද්ද කියන්නෙ කියලවත් තේරුමක් නෑ.. මුලදි ක්ලාස් ඇරිල හම්බුනා.. පස්සෙ ක්ලාස් කට්කරා.. මුල් කාලෙ ආදරේ උතුරන්න.. පස්සෙ මාව දවසම තියා ගත්තා.. පහුවදාට ඉස්කෝලෙ කට්කලා...  පස්සෙ මම මග ‌‌‌‌‌‌‌‌‌අරිනකොට අම්මට ඉස්කෝලෙ ට පණිවිඩ එවනව කියල තර්ජනය කලා..

• සිහත්.. එ් අඩනවද .. මගෙ මැණික.. මේ බලන්න...

: මට දුකයි..

• මමත් ඇඩුව එ් දවස්වල.. කාටවත් කියා ගන්න බැරිව ඇඩුව... මම බය වුනා. ඉස්කෝලෙ ට කියයි කියලා.. රජිත දැනගෙන මගෙ ප්‍රශ්නෙට මැදිහත් වුනා.. අන්තිමට රජිත කෙල්ලව ‌‌‌අතඇරල යාළුකම තෝර ගත්තා.. එදා ඉදන් රජිත ට කෙල්ලක් නෑ.. රජිත  මට කීවෙ... කවද හරි දවසක මගෙ ජීවිතේට ගැලපෙන කෙනෙක් හම්බෙනකන් කිසිම වෙලාවක රජිත සම්බන්ධයක් පටන් ගන්නෑ කීව... මම කරන කියන හැම දෙයක්ම රජිතට කියන්න පොරොන්දු උනා... අපේ යළුකම නිර්මාණි වගේ ම වැරදියට දැකපු  අය හිටි ය... ඔයත් එක්කම... මට කාටවත් වැරද්දක් කරන්න නොදී... මට වරදි පාරෙ යන්න නොදී බලා ගත්තා..

• දන්නවද සිහත්.. රජිත ඔයාට ගොඩක් ආදරෙයි.. එකයි.. මගෙ ගැන වගේ ම උබ ගැනත් හොයනවා..

රජිතව මට දැනුන නම් මම ඔයාට කැමති වෙන්නෑ.. එහෙනම් ඇයි මම ඔයාව හොයන්නෙ.. රජිත හැමදාම උබව රකින්න රකින්න කියන්න එ්.. මගෙ න් වුනත් එ්ම දෙයක් වෙයි.. කියල බයට... මට කියන්න ඔයාම මැණික, ඔයා කීවොත් මට දෙන්නගෙන් කව්ද තෝරගන්නනෙ කියල... මට මාව මරල ප්‍රශ්නෙ විසදන එක ලේසි..

: අනේ ... එ්ම කියන්න එපා.. තෝරන්න වුනොත් මම යන්නම්.. රජිත ‌‌‌අයියව... යාළුකම නැති කරගන්න එපා...

• මෙච්චර දවසක් මම ඔයාට කියන්න හිතුවට මට කිය ගන්න බැරි වුණා..

: මට රජිත අයියගෙන් සමාව ගන්න ඔ්න... තව ඔයාව රැකල දුන්නට තැන්කියු කියන්න ඔන්..

• මම ගැන සැක කරත් රජිත ‌‌‌අයිය ගැන සැක කරන්න එපා.. පව් පිරෙයි..

: ඔය ගැන සැක කරන්නේ මම.. කවදාවත්..

• අඩන්න එපා ඉතින්... මට නිදහසක් දැනෙනව..

: මම උඩට එන්නද...

• හ්ම්.. දන්නවද මැණික.. රජිත අයියට කෙල්ලක් ඉන්නව අද තමයි එයා කැමති වෙලා තියෙන්නෙ..

: පව්.. මම හරි නරකයි..

• මයෙ මැණික හොදයි... කවුද දන්නවද.

: කවුද...

*අචිනි අක්ක...

: ඇත්තමද...

• හ්ම්... ඉස්සර වෙලා ම අපි දෙන්නට කීවෙ... සිහත් ඇයි නැගිට්ටෙ..

සිහත් නැගිට ඇද පාමුලට ගියේය.. බිම දණ ගහගෙන මගෙ කකුල් දෙක බදාගෙන සිපගත්තේ ය...

: මට සමාව දෙනවද ඔයා.

*සිහත් ව තුරුල් කර ගත්තෙ.. ආදරේ මගෙ මැණික උබට.. අඩනකොට මට දුකයි..

: කවදාවත් තරහ වෙන්නෑ..

• නිදා ගමු..

ටිකක් ඉන්න.  🌹🌹🌹

[text_hash] => 8e9f27dc
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...