Chapter 62: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* හැට එක්වන දිගහැරුම ******** 🌹🌹🌹

  අද ලොකු අම්මා එන්න දවල් වෙනවා.. ඒත් තාත්තා කතා කරල සිහත්ව එක්කන් යනව කීවම මට කියන්න බැරි තරම් වේදනාවක් දැනුනා...

• අම්මා සිහත් ගෙදර යනවා...

! ඇයි පුතේ.. හදිස්සියේ ම...

: තාත්තා කීවා.. එයත් එක්ක පූජාවක් තියන්න යමු කියලා...

! ඒක හොදයි... ඉස්කෝලෙ පටන් ගන්න කලින්.. ඊටත් ඕව ඕන නෑ.. ඔයා බය නැතුව යන්න... මගෙ දරුව පිං ගොඩක් කරපු දරුවෙක්.. පව්කාරයින්ට කරදර කරන්න බෑ...

අම්මා කියන්නෙ ඇත්ත... බය වෙලා ඉන්න සිහත්ගෙ හිත වගේ ම මගෙ හිතත් හැදුනෙ අම්මගෙ වචන ටික ට...

: එ් කීවට මම ඇත්තටම බයයි...

• සිහත්... බය වෙන්න එපා... පූජාව තියලා ජය ශ්‍රි මහ බෝධියටත් ගිහිල්ලා.. පිං දිල කාටවත් කරදරයක් නොවෙන්න ඉන්න කෙනාට හොද ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න...

! මේ දවස් ටික පිලිහුඩු කන්නත් එපා.. තාත්තා නැතුව කොහෙවත්ම යන්නත් එපා. 6න් පස්සෙ තනියම ඉන්න එපා...

• මට නිවාඩු දුන්නනම් මම එනවා...

! ලොකු අම්මා ආවෙත් නැත්තන් පුතත්  එක්ක මම එනව පුතේ... බය නෑ නෙ... තාත්තා ඉන්නවනෙ.. හැම වෙලේම මට කතා කරන්න ඕන...

: හරි අම්මා... අයියට හෙම්බිරිස්සාව.. වැස්සෙ බයික් එකේ යන්න දෙන්න එපා... හවසට කසාය හදන්න.. ඔයත් පරිස්සමින් වැස්සෙ මිදුලත් ලිස්සනවා අම්මා ගණදෙවි පිළිමෙටයි සරස්වතී මෑණියන්ටයි පහන පත්තු කරන්න... අනිත් එකට එපා...

සිහත් ගෙදර යනවනම් අම්මට පහන පත්තු කරන්න කියල තමයි යන්නෙ.. හැබැයි නටරාජ් පිළිමයට නම් අපිට පහනක් තියා හදුන්කුරක්වත් ගහන්න දෙන්නෙ නැහැ... එ් සිහත්ගෙ නැටුමට තියෙන භක්තිය සහ විශ්වාසයන්ය..

• තාත්තා කීයටද එන්නේ..

:7.30 වෙද්දි.. ඔයා 7ට යනවනෙ...

• එ් පැය භාගෙ ඉදල යන්නම්.. තාත්තට කතා කරලම..

: හ්ම්...

ලෑස්ති වෙන්න කලින් බත් එකත් බෙදාගෙන ආවෙත් සිහත්ටත් එක්කම...

• එන්න.. කෝ ඉතින්... කටවල් දෙක තුනක් හරි කනවා...

: චුට්ටි කටවල් අනේ...

• උබට කියවන්නයි.. කිස් කරන්නයි විතරක් නෙමෙයි ඔය කට තියෙන්නෙ...

: අම්මාටත් ඇහෙයි මෝඩයා..

• කාත් එක්කවත් කතා කරන්න එපා.. ඔයාගේ විස්තර කාටවත් කියන්න එපා.. තාත්තත් එක්කම ඉන්න..

: හ්ම්.. ඔයාව දාලා යන්න දුකයි..

• අහන්නකො මැණික.. දුකයි.. මට ඔයාව තනියම යවන්න උනාට..

: ගිහින් මම විතරක් එන්නම් හරිද....

• එපා කීව නේද ඔය වගේ කතා කියන්න...

: මට ඇති.. ඉතුරු ටික කන්නකෝ...

! මම මේ ආවෙත් පොඩී කාල යනව ද ‌‌‌අහන්න..

• මම කනගමන් හින්ද කැව්වා...

සිහත් රතු වෙලා.. අම්මට අහුවෙයි කියල බයකුත් තියනවා..

! ඉන්න වතුර එකක් ගේන්න... ටික ටික කවනවා.. ඔය ළමයගෙ හුස්ම හිරවෙයි..

: කීවට අහන්නෑ අම්මා...

• මම මේකව හොදට දන්නවා.. බත් කන්නෙ කටවල් ගණන් කර කර.. කටවල් 2කක් එකවර කැව්වම හරි

! ලොකු පුතා බත් ගෙනියනවනෙ.. බත් එක ඔතන්නටද..

• හා අම්මා...

: අම්ම ගාව ඔයවගේ ගොන් කතා නොකිය ඉන්නවා...

සිහත් මගෙ ළගට ලං වෙලා කියනකොටම අම්මා ඇතුලට ආව... එ් පාර නම් මමත් බය වුනා.. කාපු ටිකත් පිච්චුණා... අම්මට කතා කරන්න වචනයක් ගලප ගත්තෙත් අමාරුවෙන්...

! මොකද ... බය වෙලා.. මම කියන්න කලින් දැනගෙනද..

අම්මා මොකද්ද කියන්නෙ... ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ...

: මොකද්ද අම්මා..

! අනිද්දට රිසාල්ට් එනවා...

: අ....... මට බැරියෝ.... මාව ආය හොයන්න එපා.. අතුරුදහන් වෙනවා මම...

• හොද වැඩේ... උබට හම්බෙන අන්තිම බත් කට.. ෆේල් උනොත් ගෙදරින් බත් නෑ. කොල්ලො...

! පාස් වෙනවා මයෙ කොල්ලා.. උබට වඩා...

• අම්මට කවද්ද මගෙ රිසාල්ට් හොද වුනේ... යන්න අම්මා...

ඇත්තටම මට දුක හිතුනා... මගෙ රිසාල්ට් ගැන කවදවත් මගෙ හිත හැදෙන්න කතා කරන්නෙ නෑ.. අපරාදෙ පාස් වුනේ කියල හිතපුවාර අනන්තයි.... මම කාමරයෙන් එළියට ආවෙත්.. සිහත් එක්ක තරහකට නෙවෙයි.. මගෙත් එක්ක තරහට... අම්ම ඉන්න තැන තහනම් වචනය මගෙ රිසාල්ට්.. මට කියන්න බැරි තරමට නරක ප්‍රතිඑලයක් නෑ... ඔක්කොම විෂයන් වලට එ් නෑ.. එච්චරයි.. මම දන්නවා. එ් දවස්වල ක්ලාස් කට්කරල කරපුවා.. අම්මා සතුටු වෙන්න ඕන මම ජීවත් වෙනව ට.. එ් 5ක් කියන්නෙ නරක රිසාල්ට් එකද්ද... ගිය දේ ගියා.. සිහත් ගෙ ප්‍රතිඑල එනකන් මට හදිසි...

කාමරයට ඇවිත් ඔෆිස් යන්න සූදානම් විය.. ලා නිල් පාට ෂර්ට් එකට තද නිල් පාට ටයි පටිය තෝර ගෙන සාක්කුවට ඔබා ගත්තේය...

: කෝ දෙන්න...

• මම ගිහින් ටයි එක දාගන්නම්..

සිහත් දොර වසා ඇවිත්.. ටයි එක අතට ගත්තේ ය...

: අම්මා බාත් රුම් එකේ.. දැන්ම එන්නෑ..

• සිහත් ලස්සනයි අද..

: බොරු එපා...

ටයි එක අතට අරන්..  ලං වෙද්දි.. ඉනවටේට අත දමා ලං කර ගත්තෙත් ඇස් ඇස් විතරක්ම බලන් ඉද්දිය.. සිහත්ගෙ ඇස් අතර ‌‌‌අතරමං වෙලා.. බලන් ඉද්දි සිහත් නොදැනෙන්න ෂර්ට්  එකේ බොත්තම ගලවා දැම්මේය.. ඊළග බොත්තම ගලවන්න හදනකොට සිහත්ගෙ අත අල්වා ගත්තේය..

• එපා සිහත් .... එපා... කියන දේ අහන්නකෝ...

: මට බෑ.,. අත ගන්න...

• ෂර්ට්  එක පොඩි වෙයි...

: කමක්  නෑ... මට ඔ්න...

• මොනවද...

: කටපියා ගෙන ඉන්නවද... ‌

• පරක්කු වෙනවා...  සිහත් වද දෙන්න එපා... දරුවො..

; වදයක් ද මම...

මූණ හදා ගන්නව ඉතින්... ඔරවගෙන..

• නෑ.. යන ගමන සතුටින් යන්න.. රණ්ඩු වෙන්නෙ.,

: මගෙනෙ... මට ඔ්න විදිහට ඉන්න... බැයි නම් යන්න..  තාත්තා එනකන් ඉන්ට බෑ.. යන්න..

• හිතුවක්කාර වෙන්න එපා...

: වෙනවා මම... කටපියන් ඉන්ට...

• ඔ්න දෙයක් කර ගන්න...

ෂර්ට් එකේ බොත්තම් ගලවා පපුවට තුරුලු විය...

• ආයි.... රිදෙනනවා...... ආයි.....

බැනියමත් ඉරෙයි... මොනවද යකෝ කරන්නෙ...

: හරි... එන්න.. බොත්තම් දාන්න...

• මම කර ගන්නම්... පලයන් එලියට...

: මගෙ වැඩ හරි...

• ගිහින් වරෙංකෝ..  මේ පාර නම් ගලවනව දත්ටික.. 

ෂර්ට් එකත් පොඩි වෙලා.. සිහත්ගෙ මූණ සතුට මට එ් ඇති.. මට රිද්දලා සතුටු වෙනවා... මගෙනෙ කියද්දී බනින්නෙ කෝමද.. මට දැන් පුරුදු වෙලා... ආදරේ වැඩි උනාම දාල යන්න බැරි වුනාම මට රිද්දලා දුක හංග ගන්න  හදනවා කියල මම දන්නවා.... සිහත් දොර අරන් එලිියට යද්දී තාත්ත ඇවිත්...

: කොයි වෙලේ ද ආවෙ....

-  දැන් ආව විතරයි... මම බෙල් කරන්න හැදුව විතරයි..  පුතා.. කෝ කවුරුවත් නැ..

: ඉන්නවා...  අම්මා .... අම්මා...

• තාත්තා...

: පුතේ... තාම ගියේ නැද්ද....

• සිහත් යනකන් ඉදල යනවා....

- මගෙ එකා.. කරදර කරනවද...

සිහත් බලනවා මම දිහා.. හිනාව තද කරන් ඉදල හිනාව එළියට පැන්නම බිම බලාගෙන හිනා වෙනවා..

• තාත්තා මම කියන්න ඔ්න නෑ නෙ... හිනාව පේනවනේ..

-  දෙන්න හොදින්නම් සතුටින් නම් එච්චරයි.. පුතේ...

අම්මටත් කතා කර සිහත්වත් එක්කරගෙන තාත්ත කැබ් එකේ ගේට්ටුවෙන් එලියට යද්දී මමත් බයික් එක පාරට දැම්මෙ ඔෆිස් යන්නය.. මගෙ දුප්පත් බයික් එකට එතරම් වේගයෙන් යන්නට බෑ... සිහත් වත් රැගෙන කැබ් එක ඉදිරියට ඇදුනේය...

දවසක් දෙකක් තියා උදේට ගිහින් හවසට එනකම්වත් සිහත් දුරස්කර ගන්නට බැරිකමක් මට තියෙන්නෙ... කාලයක් මම ළග ඉදලත් සිහත් මමත් අතර රේඛා වෙන් නොකලත් සීමා මායිම් රැක්කේය... එ්ත් සිහත් ට මාව සීමා නිසා ම සැක කරන්නට.. යාළුකම පවා අවිශ්වාස කරන තරමට වදයක් වේවි යැයි සිතන්නට උත්සහ කලෙ නැත.. මට පෙන්වන හිනාව ලෙංගතුකම සෙනෙහස අස්සෙ මහ ලොකුවට හිත රිද්දගෙන ඉකිගහන හදවතක් රිදුම් දෙන කොට එකම එක හාදුවක් අයදින ඇස් බලන් ඉන්නව මට මැවී පෙනෙන්නේය... එ් දේත් නොලැබෙනව දැනනෙ කොට සිහත් කරේ තදින් තොල්පටවල් හපාගෙන බිම බලන් හිටියා නැතිනම් ඉමක් නැතිව දුර බලන් හිටපු එක පමණයි... මම වැරදි සිහත්ව ළග නැති වෙද්දි.. මම මේ තරමට විදවද්දි.. සමහරක් වෙලාවට අනිත් අයට පේන නිසා ම ළග ඉන්න වෙලාවටත් ඈතින් ඉන්න ඉල්ලීම් කලේය... එ් වගේ වෙලාවට මම සිහත් ට කලේ අසාධාරණයකි.... එ් හිත කොච්චර රිද්දන්න ඇත්ද..  අනාගතය සිහත් සහ මම පමණක්ම බව දැන දැනත්. සිහත් ළග මම වටකරන් රකින සීමා ආදරයට සැකයක් නම් තවත් රැකිය යුතුද.... ලොකු අම්මා ආවත් මේ ගෙදර පාළුව කාටවත් වෙනස් කල නොහැකි ය.. අම්මා වචන 10ක් කීවොත් 5ක්.. පොඩී, මගෙ කොල්ලා, සිහත් ය.. නින්ද එනකම්ම අම්මත් මමත් ලොකු ‌‌‌අම්මත් කොතරම් කතා කලත්.. මගෙ කාමරය ඉල්ලන්නෙම සිහත් වය.. දත් පාරවල් හුරු මගෙ පපුවට එ් කැලල් හරි උණුහුමක් හදවතට රැගෙන කිදාබහින්නේය.. පහුවදාට ඉර පායලා ඉවරයි.. දෙයියනේ නිදා ගත්තද මම.. අද දවසත් මම ගෙවා ගත යුතුව ඇත....

ටිකක් ඉන්න.  🌹🌹🌹

[text_hash] => a8c94cc6
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...