Chapter 6: හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹

Array
(
[text] =>

********** සයවන දිගහැරුම **********

----------------------------------------------------------------🌹

මගේ මතකත් එක්ක දවස් ගෙවෙනව... දිල්පහන් හින්ද චුට්ටක් හිතට සැනසිමක් දැනෙනව... ඒත් හැමදාම දිල්පහන් ගෙන් විස්තර අහන්නත් බෑ... සතියක් ගෙවිල දන්නෙම නැතුව.... රජියාත් එක්ක ඔෆිස් එකේ වැඩ කරන ගමන් මගේ හිත තාමත් පසුතැවෙනව එදා අරවගේ සිදුවීමක් නොවුනනම් ... එහෙනම් මගෙ මෑණිකගෙ අහිංසක මුහුණ විතරයි මතක තියෙන්නේ... ඔය නපුරු මුණ මට හිතන්න පසුබහින්න හේතු වුනා.. ඔයා ගැන අහිතක් නෑ.. දුකක් තියෙන්නේ...

+ අඩේ දේව් මීටින් එකක් වරෙන්...

රජිත දොරෙන් ඔළුව දාල කියාගෙන බොස්ගේ රූම් එකට ගියා... මමත් රජියා පසුපස ඉක්මනට එතනට සම්බන්ධ වුනා... විනාඩි 15ක සාකච්ඡා වක් ... මම නම් සතුටෙන් නිමක් නෑ එ් හැගිම... සංසාර උරුමෙට දෛවයත් උදව් කරනව කියන්නෙ නිකන්ද ? ... දැන ගන්න ඔ්නද මොකද්ද කියල... කියන්නම් ඉන්න ඉන්න...

𝙾/𝚕 සම්මන්ත්‍රණ යක් ... අනුග්‍රාහයක ලෙසට සමාගමෙන් සහයෝගය දෙන්න ඔ්න ... සංවිධානය ධර්මපාල විදුහල

ඔ්වට තමයි.. දෙන දෙයියෝ ගෙට ගෙනත් දෙනව කියන්නේ...

-------------------------------🌹🌹

ඔෆිස් එකෙන් අවශ්‍ය බඩු ටිකත් අරගෙන උදේ 7.30 වෙනකොටත් ස්කුල් එක ගාව, මමත්, රජිතත්, නිර්මාණිත්, ප්‍රමෝද්  තමයි අද සම්මන්ත්‍රණයේ ආයතනය වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කිරිම හා ඉලක්කගත විභාගය සදහා මාර්ගෝපදේෂණය සිදුකරන්නට නියමිතව ඉන්නේ.. ඉතින් අද දවස කාර්යබහුල වෙයි... එ්ත් පොඩි වෙලාවක් තිබ්බොත් ඇති මැණික බලන්න..

සියල්ල සුදානම්... ප්‍රධාන ශාලවෙ ළමුන් අසුන් ගන්නව පංතියෙන් පංතියට..

* රජියා.... දිල්පහන් ..

+ මූණ බලපන්කෝ මේකව මොනිටර් කරේ මොන සුදුසුකමකටද බං...

* එපා බං තමන්ගේ මල්ලිට කැත කථා කියන්න...

_ දෙව්නක රජිත බයේ ඉන්නෙ ... නිර්මාණි කිවා...

+ මොකටද බං මම බය... කියපන්...

ඌට හරියනවනම් සතුටු වෙන්න මම බං...

මම දිල්පහන් ට අත වැනුවෙ... සිහත් සොයා ගන්නට බැරි වු නිසාමය... දිල්ට එ්මට තරම් ඉඩක් නොලැබෙන නිසා මම ඉවත් වුනේ කනස්සල්ලෙන්ය...

_ දෙව්නක සවුන්ඩ් චෙක් කරල පොජෙක්ටර් එකත් හයි කරල දෙන්න...

නිර්මාණිට උදව් කරත් ශාලාව පුරා මම තවම හොයන්නෙ මගෙ නසරාණියාව

දෙව්නක අවුලෙන්ද නිර්මාණි ඇසුවේ මම නොසන්සුන් නිස විය යුතුය...

* නෑ.. ඇයි එහෙම ඇහුවේ...

_ දෙව්නක ඔයා අමුතුයි...

* මට අං එන්න ලගයි එ්කයි අමුතුවට පෙනුනෙ...

+ ඌ ඇත්ත කිව්වෙ...  නිර්මාණි උබට හිතෙන්නැද්ද මුට ස්කුල් එකේ ටීච කෙනෙක් ඉන්නව කියල....

& මොකද්ද බං එ් සින් එක..

* තොපි ආපු වැඩේ කරපල්ලා... කපුකම් කරන්නැතුව..

මම කතාව නවත්වලා විදුහල්පතිට පැමිණ සම්මන්ත්‍රණ ය ආරම්භ කිරිමට ආරාධනා කලේය,. ඉතා සාර්ථක ලෙස පලමු අදියර අවසන් කලේ  11ටය.  තවත් මගෙ නසරාණි යා නැතුව මම තරහකින්... අද වගේ දවසකත් මූ මග ඇරිය...

නැවත 12ට ආරම්භ කලේ.. සෞන්දර්යට ඉඩ සලසමින්... සංගීත අංශයට ඉඩ ලබා දිය යුතුය... වේදිකාවෙ ඉඩ සකස් කර අපි ස්ටේජ් එක පිටු පසට විය..

පුතාල මොනා හරි කාල තේ ටිකක් බොන්න... එන්න.. ටීච කෙනෙක් වේදිකාව අසල කාමරයේ තේ මේසයට කතා කර නිසා ඉක්මනට එතනට ගියේ ඇත්තටම බඩ ගිනි හින්දමය...

ගෙජ්ජි ශබ්දයත් එක්ක වේදිකාවේ ගීත කිසිවක්  ඇසෙන්නැතුව ගියේය.. රජිත බලපන් ශබ්ද කරන්න එපා කියපන්....

+ මල්ලිලා ශබ්ද අඩු කරමු.. හිමි ට. අඩිය තියන්න...

: හරි අයිය...

+ අප්පට සිරි කොල්ලෝ... නියමයි...

: තැන්ක්ස් අයියා...

රජිත ඇතුලට ඇවිත් ...

+ අඩේ.. අරූ නටන්න යන්නෙ බං

* මොකාද...

_ කවුද රජිත ...

: නිර්මාණි තෝ දන්නෑ... නසරාණි කොල්ලෙක් බං..

මම තිගැස්සී ගියේ... රජිත නසරාණි කීවම... මම නැගිට එලියට ආවේය... ආව නෙමෙයි එව්නා... එ්කයි ඇත්ත...

කියන්නෙ කෝමද, එ් තරම් ආඩම්බරයි, ආදරෙයි, සතුටුයි මගෙ ඇස් දෙකට කදුළු ආව ලෝභ කමට...

රජෙක් වගේ... වෙස් බැදල, පින් වෑහෙන උබටනෙ මම නසරාණිය කීවෙ... මට පව් මෑණික උබ ගැන වැරදියටම හිතනවට... හැමෝටම ඔහොම අදින්න බෑ.. පිනට විතරයි... පුළුවන්නෙ

+ දේව් උබට පිස්සුද බං.. ( රජිත ලගට එනව දැනුනෙවත් නෑ)

* හ්ම්...( මට වචන කියවෙන්න නෑ එ් තරම් සතුටුයි)

+ අරුන් දෙන්නත් ඇයි බලනව

* පිහගනින් කදුළු... 

මම දිහා බලල. හිනා වුනා.. දැන් තේරෙනව ස්කුල් එකේ මෙච්චර ප්‍රසිද්ධ ඇයි කියල...

මම කදුළුළු පිහ ගෙන එලියට ආවේය.. රජිත ලගට ආවේ එතකොටය...

+ තේ බොන්න වරෙන්..

* එන්නම්  බං.. මූණ හෝදගෙන...

සින්ක් එක ලගට  ගිහින් මුහුණ සෝදන්න නැමුණේ.. උරහිසට අත තියල අයියෙ...( මම දන්නව දැන් ඔයාව... )

* මම හැරුණෙ  ඇස් දෙකේ කදුළු පුරවන්... ( මූණ දිහා බලන්න තරම් හයියක් නෑ මට )

# ඇයි අය්යේ මේ... ( එ් ඇස් )

* මට ලෝබයි... සතුටුයි.. ඇයි අහන්න එපා...

# මොකටද...

* උබව කාටවත් වටින් නැතුව ඇති... මට වටිනව ...

එ්ක විතරක් දැන ගත්තම ඇති...

# මට මුකුත් තේරෙන් නෑ...

* ලස්සනට නටන්න යන්න... මම බලන් ඉන්නව... හිනා වෙන්න... පස්සෙ කතා කරන්නම්... යන්න ඉතින්...

මමත් ඉක්මනට එතනින් වේදිකාව අසලට දිව ගියා... රජිත මං දිහා බලන් ඉන්නව...

ටිකක් ඉන්න...

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

[text_hash] => 5c5c3f25
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...