Chapter 64: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* හැට තුන්වන දිගහැරුම ******** 🌹🌹🌹

  සිහත් පසුද දහවල් වන විට තාත්තත් සමග නිවසට පැමිණ තිබුණි..  සිහත් දැන් නිදහස්.. මගෙත් එක්ක කොල්ල බෙදා ගන්න ආවා... මගෙ හිත හිනා වෙනවා.. මට පණ තියෙන උන්ගෙන් මදිවට පණ නැති උන්ගෙනුත් රකින්න උනානෙ... සිහත්ගෙ රිසාල්ට් ගැන ඔෆිස් එකේ අය අහද්දි මම සතුටින් කියනකොට.. හැමෝම කීවෙ නසරාණි වුනාට කොල්ල දක්ෂයි කියලා..  දිල් කියන්නෙම රජිත හා සමාන දක්ෂයෙක් ... 9 ඒ අරන් හරිම සතුටුයි.. දිල්ට කතා කරල විෂ් කලේය...

සිහත්ට ගෙදර එන්න වෙන්නෑ කියල මැසේජ් එක්ක දාල.. දෙයියනේ මම මූණ දකින්නැතුව ඉන්නෙ කෝමද.. මම සිහත් ළගට යන්න ඕනි ද... කෝකටත් හවස 2ට පමණ ඔෆ් විය.. ගෙදරට හදිස්සියේ ආවම අම්ම බය වෙලා....

! ඇයි අද කලින් පුතා...

• නිකන් අම්මා.... වැඩ අඩුයි.,. එ්ක හින්ද ආව...

- ලෙඩ පාටයි ., පුතේ.. ඇයි..

• ලොකු අම්මට.. මාව ලෙඩෙක් වගේ ද පෙන්නේ...

ඔව් මම ලෙඩ වෙලා... සිහත් දකින්නෙ නැතුව.. බෙහෙත් තියෙන්නෙ මගෙ මැණිකගෙ හිනාවෙ...

! කලින් ආපු එකේ පන්සල් යන්....

• අම්මා... බෑ අනේ....

! ඇයි උබලට ආගමක් එපා ද...

• වදින්නම් ලොකු අම්මා බණ නම් එපා...

! සිහත් ඇවිත් ද පුතේ...

• ඔව්.. කලින් ආව එකේ මම සිහත්ගෙ ගෙදර යන්නද..

- මම දැන ගත්තා මේක කොහෙ හරි පනින්න හදන්නෙ කියලා....

! පොඩී එක්කන් එන්න.. එහෙනම්..

• හා අම්මා.... මම අද ඉදල එන්නම්.. ලොකු අම්මා ඉන්නවනෙ..

! අන්කල් ගිහින් ද පුතා...

• නෑ ඉන්නවා...

! උදෙන්ම එන්න..දෙන්නම...

අම්මගෙ තනියට ඉන්න ලොකු අම්මට පිං දෙමින් මම ලෑස්ති විය.. හෙට මට ගොඩක් වැදගත් දවසක්.. සිහත් නොදැන ඉන්නවා විය නොහැක.. අම්මට අමතක වෙලා..  මතක් වුනානම් යන්නට දෙන්නෙ නැහැ.. නැත්තන් උදෙන්ම එන්න කීවෙ මතක නිසා විය යුතු ය... ඔව් මගේ 25වන උපන් දිනේ... මට සිහත් ගාවට දුවන්න හදිසි එ්කයි... මගෙ මැණික.. එක්ක හෙට දවස උපන් දිනය සමරන්න ඕන..

අම්මටත් ලොකු අම්මටත් වැද මම පිටත් උනේ.. වෙනද  උපන් දිනේට උදෙන්ම අම්මට වැද ආශිර්වාදය ගන්නවා.. එ්ත් හෙට මම එ් දවස සිහත් වෙනුවෙන් වෙන් කලේය... යන ගමන් සිහත්ට විභාගෙ පාස් නිසාම ස්පෙෂල් තෑග්ගක් දිය යුතු ය... මගදි සිහත්ට කතා කලේ  එන්න පිටත් වු බව කියන්නය.. මම දන්නව ඔයා අද එනව කියලා.. කීවම මම දැන ගත්ත රජිතට කතා කරල තියෙන බව.. මම අද සිහත් බලන්න යන බව රජිතට කීවෙ තෑග්ගක් තෝර ගන්න මට නොතේරෙන නිසා ය.. සවස 6 පහුවෙලා සිහත්ගෙ ගෙදර මිදුලට බයික් එක දානකොට සිහත් දුවගෙන ආවේය...

• මොකෝ හිනා වෙන්නෙ..

: නිකන්.. මෙච්චරම මොනවද..

• තාත්තා කෝ සිහත්...

: තාත්තට හදිස්සියේ යන්න උනා...

• ඇයි එ්...

: ඇයි කියන්නම් .. ගෙට යමු කෝ...

සිහත් සමග ඇතුලට ගොස් මම සෙටියේ වාඩි විය... මගෙ ළගට ලං වෙලා.. සිහතුත් ඉද ගත්තේ..

: බනින්න බෑ...

• ඇයි කියන්නකෝ..

: තාත්තට යන්න කීවෙ මං....

• මොකක්... පිස්සුද ඔයාට... තාත්තා මම ගැන මොනව හිතයිද...

: මොනව හිතන්නද...

• ලැජ්ජාවක් බයක් හිතුන්නැද්ද...

: යන්ට එහෙනම් ගෙදර... මගුල... මම තනියම ඉන්නම්....

• ඔය ඉතින්.. හොස්ස ගාවින් මැස්ස යන්න බෑ නෙ...

සිහත් තරහ වෙලා නැගිටලා යද්දි පිටු පසින් ගොස් පපුවට තද කරන් තුරුළු කරගත්තේය.. කම්මුලට හාදුවක් තියලා..

• මැණික... මගෙ මැණිකට...  තෙරුවන් සරණයි.. හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙන්න ඔ්න.. විභාගෙ හොදටම පාස් වෙනව කියල මම දන්නව නෙ... ඇස් පියා ගන්න කෝ..

: මොනාටද...

• කෝ ඉතින්..

මගින් ගත්ත හීනි චේන් පොට කරට දැම්මෙය...

: මට ද..

ඇස් දෙකට කදුළු පුරවන්.. බලන් හිටිය නිසාම නලලට හාදුවක් තියලා.. පපුවට තුරුලු කරගත්තේය..

• සිහත්... මම දන්නව.. මම දුන්න චේන් එකට වඩා වටින දේවල් සිහත්ට තියෙනව කියල.....

: කොච්චර මොනව ලැබුණත් ඔයා දෙන දේවල්.. මට මහමෙරක්.. එ් ඔයාගේ ආදරේ මොනවටවත් වඩා මට ලොකුයි... දේව්ව විතරමයි මට ඔ්න... මේ තෑගි මොකවත් එපා..

• මම දන්නව මොනවද ඔ්න කියල ‌‌‌අහපුවම මොකවත් ඉල්ලන්නෑ කියල..

: මම ඉල්ලනවා.. ඔයානෙ මගෙන් අහන් නැතුව තෑගි ගෙනාවෙ..

• මොනවද ... තව ඔ්න... කියන්න...

: දෙනවද...

• හපන්න බෑ... මම දන්නව නෙ...

: මට ඔයාව ඔ්න .. දෙනවද..

• කෝමත් මම ඔයා ගෙනෙ...

: ඔයා මෝඩයි ද....

මම දන්නව මට තේරෙනව.. එ්ත්.....

හිතන්නවත් නොදී දෙතොල් මත දෙතොල් තබා.. ඇස්පියා ගත්තේය...... තවත් සීමා රකින්න තරම් ඉවසීමක් මට නැත.. සිහත්ට ඔ්න සිපගන්න.. මම සීතල වුන තොල් සීරුවට සිප ගත්ත හදිස්සියක්.. කලබලයක්.. බියක් නොමැති නිසාම.. සිපගන්න තරගයක් නැත.. සීතලට පිණි වැටුන මල් පෙති නොතලා ම සිප ගන්න මට අවසර ලැබෙන මොහොතේ සිහත් තෑගි වෙනුවෙන් මගෙ න් මාව ඉල්ලද්දි.. තවත් මේ හිත පාලනය කර ගන්නට තරම් බවුන් වඩන්නකු නොවේය...

• සිහත්.... ඉදගන්නකෝ...

මම ඔයාත් එක්ක මේ තරමට හැගිම් පාලනය කලේ.. මම ඔයාගේ වයසදි කරපු දේවල් ගැන ලොකු පසුතැවීමක් තියෙන නිසා... ඔයාටත් තව වයස යනකොට මීට වඩා දේවල් තේරෙනකොට... වෙන වෙන අය ජිවිතයට ලං වෙනකොට.. මට වෛර කරයි.. අපෙ ආදරයට වෛර කරයි.. මාව ඔයාව පිලිකුල් වෙයි.. මට ඔ්න මාව අමතක කරන දවසකටත් ඔයා අපෙ ආදරේ ලස්සන මතකයක් විදිහට හිතෙන් හරි විදිනව දකින්න...

: හ්ම්... දේව් ...

මගෙ අතගිලි අතර දැත සිරකරගෙන මගෙ දෙසට හැරි.. කට කොනින් යන්තමට සිනා සි..

: අහන්නකො..  ඔයා මාව අත අරින්න හිතනවද... නෑනෙ... ඔයා ට මට රිද්දන්න පුළුවන්ද.. බෑනෙ.. ඔයා එ් තරමට මට ආදරේ කරනවා.. මම දන්නව නෙමෙයි.. මට දැනෙනවා... හුස්මක් ගානෙ දැනෙනවා... එහෙනම් ඇයි මම ඔයාට යන්න දෙන්නෙ.. මම දන්නවා මට කිසිම ‌‌‌අඩුවක් නොකර ආදරය කරන්න පුළුවන්නේ.. දේව්ට විතරයි... එ්ක නිසා මේ අපෙ ජිවිතය.. මම ලොකු කතා කියනවා කියන්න එපා...  මට තේරෙනව මම හීන දකින්න ආස ඔයත් එක්ක... මම හැගීම් වලට වහල් වෙලා තාත්ත ය වල ඔයා ගෙන්න ගත්ත නෙමෙයි..

• මයෙ කොල්ලා.... පණ්ඩිතයි.. කියල තේරුණා..

: අනේ මේ... 

• ඇත්ත.. මට ඔයාව පොඩි කරන්න ලෝභයි..

: මම මලක් ද.. හැමදම... සුවද විතරක් විදින්න...

• එ් නම් .. මගෙ තෑගිත් අදම ඔ්න...

: හ්ම්... කාල ඉමුද.. මම මහන්සි වෙලා උයල නොකා බඩගිනි වෙලා මාව ගිලියි..

• කන්න දුන්න කියල.. උබව අත අරින්නෑ...

: අද මම කවන්නද..

• පුළුවන්ද..

සිහත්ගෙ සතුට ප්‍රේමණිය බව ගතම පිරිපුන්ව මායම් රටා සැරසිලි අතුරනවදෝ මේ තරමට යෞවනය සෙනෙහසින් ආමන්ත්‍රණය කරන්නෙ.. මට තවත් බලා සිටිමට අපහසුය... සිහත්ගෙ පෙරැත්තට කෑම කෑවට හිත පිරිල කුස ගිනි නොදැනෙන්නම.. අත් ගුණේටම සිහත් උයන ඔ්න කෑමක් රසවත්ය... මට කවල ඊළග බත් කට අතේ තියන්න බලන් ඉන්නව...

• කන්නකෝ... මැණික..

: පස්සෙ කන්නම්...

• පස්සෙ කන්න වෙලාවක් දෙන්නෑ මං... කනවනම් දැන්ම කන්න..

සිහත් හිනා වෙවී කෑම කෑවේය..  සිහත් මේ සූදානම් වෙන්නෙ පළමු රාත්‍රියටය.. වෙනදටත් මට තුරුල් වන සිහත් ළග මට නුහුරු හැගිමක් එක් කරන්නෙ ය.. එ් ඉවසීම අවම වු උණුසුම් හැගීමක්ය.....

ටිකක් ඉන්න.  🌹🌹🌹

[text_hash] => 923f0ba1
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...