Chapter 66: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* හැට පස්වන දිගහැරුම ******** 🌹🌹🌹

පාන්දර පහයි.. මට හොදටම නින්ද ගිහින්... මෙතරම් දවසක් මෙවැනි පහසක්  නොලැබු නිසාමදෝ හිතට ගතට දැනුණ පහසටම සිහත්වත් තුරුළු කරගෙනම නින්දට ගොස් තිබුණි....  අහම්බෙන් වගේ ඇහැරුණේ වොෂ් රූම් එකේ ලයිට් එළිය වැටුණ නිසාය... සිහත්..

• සිහත්... දොර අරින්න..

: මට බයයි.. දැන්නම්...

• මොකද කියන්න.. යමුකො එලියට..

: මට රිදෙනවා... ටොයිලට් යන්න බෑ..

• මම දන්නව දැන් බයවෙලා ඉන්නෙ ඇයි කියලා...

අහන්කො ඔය දේවල් සාමාන්‍ය යි..

: ඇත්තමද..

• ඔයයි මමයි ගත්තම.. මගෙ වයස, මගෙ පෙනුම මගෙ ශක්තිය.. ඔයාට ටිකක් දරා ගන්න බෑ.. ඔයාගේ ම වයසෙ.. ඔයා තරමට පෙනුමක් තියෙන කෙනෙක් උනානම් ඔයාට ඔච්චර රිදෙන්නෙ නැති වෙන්න තිබ්බා..

: දැන් මගුලක් නොකිය ඉන්නවද..

• පලවෙනි දවසෙ ඔය ටික විදවන්න වෙනවා... ඊළගට  හරියනවා.. දෙතුන් වතාවක් වෙනකොට හරි..

: මම උඩට එන්නද..

• එන්න..  හොද වැඩේ... උබ දැන ගන්න එපැයි.. උබේ ප්‍රමාණෙට කෙනෙක් හොයා ගන්න..

: කිව්ව කියල හිතා ගන්න..

• දැන් ඉතින්.. මට ඕන කියනකොට ළගට එන්න දැන ගන්න ඔ්න..

: අම්මෝ ආය මාස ගාණකට බෑ..

• මම වටේ ගිහින් ද කර ගන්නෙ..

: මරණව ... කරල බලනවකෝ..

• ආ... එහෙනම්.. මම කිවම. හවසට එනකොට නාල.. බෝනික්ක වගේ ලෑස්ති වෙලා ඉන්න ඔ්න..

: ඇයි ඔයා මෙච්චර සුවද...

• බහින්න ඇග උඩින්.. අවුස්සන්නැතුව... මම කියපු දේට උත්තරයක් දෙන්න..

: හ්ම්..

• හ්ම් කියන්නෙ තේරුම් කරන්න..

: හා හා.. මට ඔ්න හිතුනම..

• මැසේජ් එකක් දාන්න.. කලින් එන්න කියලා.. හාද

: හා.. හැමදම කලින් එන්න...

• යකෝ... අඩනව තවත්.. මා වත් බය කරල.. හැමදම කලින් එන්න.. හැමදම බෑ..

: අනේ මට ඔයාව එහෙම බලන්න ආසයි..

• සතියකට දවසක් දෙකක්.. ඔයාට වැඩ අතපසු වෙයි.. ඉස්කෝලේ අංක 1 හරිද..

: හ්ම්.. දැන් නිදා ගන්න...

සිහත්ව ලං කරන් මූණ බෙල්ල යට තියාන හුස්ම පපුවට වදින කොට එ් දැනෙන හැගීම වෙනදට වඩා බරට මගෙ හිතට දැණුනි.. මාව ජීවත් කරවන හුස්ම ටිකට සිහත්ගෙ හුස්මෙ රිද්මය එකතු වී ඇත... ඔව් දැන් සිහත් මාත් දෙදෙනෙකු නොව.. හිතින් ගතින්ම එක් අයෙකුය..

: දේව්....

• හ්ම්..

සිහත් මගෙ මූණට ළං වෙලා අතින් කෙස් එහෙ මෙහෙ කරල.. කොණ්ඩය අතරට ඇගිලි යවලා.. ඇස් දිහා බලන්.. යන්තමට හිනා වෙනවා... මගේ ඇස් ඇහුවෙ ඇයි කියලා.. පිළිතුරට නලලට කම්මුලට තොල් මතට යන්තමට තෙරපෙන හාදුවක් තියද්දි.. සිහත්ව ඉන වටේ අ යවල තවත් ලං කර ගත්ත...

: දේව්...

• හ්ම්.... ඇයි මැණික...

: 𝚑𝚊𝚙𝚙𝚢 𝚋𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 ... මහත්තයෝ....

• ආයෙත් කියන්න..

: 𝚑𝚊𝚙𝚙𝚢 𝚋𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢...

•  ඉස්සර වෙලා වගේම...

: 𝚑𝚊𝚙𝚙𝚢 𝚋𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 .... මහත්තයෝ..

• තැන්කියු මැණික... 

එකම ෂිට් එක ඇතුලේ.. උණුසුම් ආදරයක.. ළග ඉන්න.. දකින්න පෙරුම්පුරන.. මගෙ මැණිකව මට තෑගි විදිහට හම්බෙලා... මේ බර්ත් ඩේ එක හැපී තමයි.. සිහත් හින්ද කෝමත්....

උදේ නමයත් පහුවෙලා...  තවත් නැගිටින්න හිතක් නෑ.... සිහත්ට නින්ද ගිහින්... ෆෝන් එකත් අරන්... එළියට ආවේය... දෙයියනේ.. තුරුලට වෙලා ඉදල.. ෆෝන් එක ඔෆ් කරල තිබුණ බව අමතක උනා..

• අම්මා....

! කොහෙද දරුවො ඉන්නෙ.. මම බයවෙන කියල දන්නවනේ...

*අම්මා.... අම්මා... රෑ පෝන් එක ඔ්ෆ් කලේ.. ඔෆිස් එකේ අය උපන්දිනේ කියල නිදා ගන්න දුන්නෑ එ්කයි.. එහෙම කලේ..

! පොඩී වත් එක්කරගෙන ඉක්මනට එන්ට..

• අම්මා සිහත්ට චුට්ටක් අසනිපයි.. උණ වගේ. හවස එන්නද..

! බෙහෙත් අරන් එන්න... දරුව ලෙඩත් වෙලා.. උබ දවල් වෙනකම් නිදා ගන්නවා...

• මම බලන්නම් අම්මා.. අම්මට මගෙ උපන්දිනේ මතකත් නෑනෙ..

! සුබ උපන්දිනයක්... මයෙ දරුවට.. ලෙඩක් දුකක් නොවී සතුටින් ඉන්න ලැබෙන්න ඔ්න...

• තැන්කියු අම්මා.. හවස එන්න නම් ...

: හ්ම්.. බුදු සරණයි.. පුතා..

• බුදු සරණයි අම්මා....

අම්මට බොරුත් කියන්න වෙනවා.. ගේට් එක ගාව ස්කූටර් එකක් නවතා.. සිහත් ඉන්නවද අහනවා.. මම ගේට් එක ගාවට ගියේ කෑ ගහල කතා කරන්න මගෙ ගෙදර නොවන නිසා ය..

• ඇයි අක්කා...

- අපෙ කොල්ල නැද්ද...

• මල්ලි ගේ ඇතුලෙ... කතා කරන්නද...

-  උදේ එනවා කීවට ආවෙ නෑ.. එ්කයි...

• ඇයියේ දන්නෑ නෙ...

- කාගෙ හරි උපන්දිනයක් තියෙනවද...

• යාළුවෙක්ගේ...

- හ්ම් සල්ලි දිල තියෙන්නෙ.. කේක් එක පරිස්සමට ගන්න..

• ආ.. මට කීව... ගේන්න යන්න ඕනි කියල..

- මම යනවා.. දරුව පංතියට දාන්න ඕන.. මල්ලි ට ගියා කියන්න.. එයා කියපු විදිහට කලා කියන්න..

• හරි අක්කා තැන්කියු ගෙනත්ම දුන්නට ...

මාව සයිප්‍රස් කරන්න ගියාට.. සිහත් තමයි සප්‍රයිස් වෙන්නෙ...  බලනවද .. එක්කෝ පව්නෙ මගෙ මැණික...   පෙන්නපුදෙන්.. කේක් එක මේස උඩ තියලා.. සිහත් ඇහැරවන්න ගියේ තවත් පරක්කු වුනොත් ගෙදර යන්නත් වෙලා.. යන නිසාය...

• සිහත් .. ඇහරින්න... කම්මැලිය.... හුරතල් වෙන්නැතිව නැගිටිනවා.....

කොට්ටෙ බදාගෙන ඔළුව ගෙනත් මගෙ ඔඩෙක්කෙන් තියා ගත්තේය...

• ඇයි තාම අමාරුයි ද... තාම රිදෙනවා ද..

: නෑ.. අවුලක් නෑ...

• එ් නම් නැගිටින්න...

: අහන්නකෝ.. ඇත්තම කියන්න..

• හ්ම්...

සිහත් ගේ නහය මිරිකලා.. චුට්ටක් රිද්දන්නේ හුරතල් බලන් ඉන්නෙ කෝමද...

: දේව්.. මම වල් කොල්ලෙක් කියල හිතනවද...

• ඔව්... නැත්තන්...

: අනේ මම එහෙම නෑ....

• මාව ගෙන්නගෙන මේ තරම් දෙයක් කරගත්තෙ...

රවන්නෙ...  ඇත්ත කියන්නෙ...

: අයින් වෙනවා...

• බැල්ම ... බැල්මෙ ඉදන් වල්කම...

: තමුසෙට බෝධි සත්ව බැල්මක් කියලද හිතන්නෙ...

• සරම හරියට ඇද ගන්න බෑ.. කට කෝමද...

සරමත්  ඇද ඇද මට රව රව කාමරෙන් එළියට ගියේ ය.. ගියපු වේගයට... ආයෙත් කාමරේට...

: කවුද ගෙනාවෙ ......

• දැන් ද මතක් උනේ.. ගෙනත් දිල ගියා... බැන බැන..

: අක්කා බනින්නෙ නෑ... මට හරි ආදරෙයි..

• අක්කලා හරි ආදරෙයි කියල පේනවා.. බලා ගමු කෝ..

: මම වොෂ් එකක් දාගෙන එන්නම්.. හොදද.. මට කිරි එකක් හදල දෙනවද...

සිහත් වොෂ් එකක් දාගෙන ඇවිත්.. කෑම මේසෙ මැද කේක් එක තියල.. ඉටි පන්දමක් පත්තු කරල ‌‌‌අපි දෙන්න විතරක් කේක් කපල උපන්දිනය සැමරුවේ ය... ලා නිල් පාට කේක් එකේ... සුදු පාටින් හාට් වටේ ට.. හරි ම චාම්.. 𝙷𝚊𝚙𝚙𝚢 𝚋𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝚍𝚎𝚠 මැද්දෙන් ගහල මට කපන්නත් ලෝභ හිතුනා...

: හැපි බර්ත් ඩේ.. දේව්.

තොල් මතට නවත්ත ගන්න බැරි හාදුවක් දිල..

• ආදරෙයි මැණික...

: මගෙ තෑග්ග.. පුංචි දෙයක්.. රස්සාවක් කරන කාලෙක මීට වඩා වටින දෙයක් දෙන්නම්..

තෑග්ග දිල දණ ගහල වැන්දෙ... කකුල් දෙකට හාදුවක් තියල නැගිට්ටෙය..

• වදින්න එපා.. 

සිහත් වදිනකොට මගෙ පපුව පිච්චිලා යන හැගීමක් දැනෙනවා..

: දන්නවද.. බාල කෙනෙක් වැන්දම එ් වැදුම ලබන වැඩිහිටියාගෙ දීර්ඝායුෂ වැඩි වෙනවා..

එ්ක හින්ද මම වදිනකොට එපා කියන්න බෑ..

ඇස් පියා ගන්නකො...

• මොනවද දෙන්නෙ...

: ඉන්නකො...

ඇහුණ සද්දයට ඇස් ඇරල බලද්දී...

• දෙයියනේ මගෙ ගිටාර් එක..

: සතුටු ද..

• මගෙ පරණ ගිටර් එක කොහෙන්ද.. රජිත ගාව තිබ්බෙ..

: දවසක් දිල් අතේ මම රජිත අයියට කියලා ගෙන්න ගත්තා..

• ඇයි මැණික... ඔයා .. මාව පිස්සු වට්ටනවා.. ඔයාවත් මට දිල....  දීර්ඝයුෂත් පතලා..... තව දේවල් මොනවටද..

: ගිටාර් එක ඔයාගෙ පරණ එකමනෙ..

• ඔයා ට පිස්සු... මට සිහත් ඔයා ව තේරුම් ගන්න බෑ..

: මට පිස්සු ඔයා නිසා.. මහත්තයෝ.. අඩන්න බෑ..

සිහත්ව බදාගෙන මගෙ ඇස් දෙකේ කදුළු ගලා ගෙන ගියේය.. සිහත්ව කම්මුල් රතු වෙනකන් සිපගත්තෙය..

• මගෙ හුස්ම මැණික... මම මැරිල යයි ඔයා නැතිව...

: මං වෙනුවෙන් සිංදුවක් කියන්න..

• හා... ඉද ගන්න.

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ

නිදන නෙත් යුග සනසනා

සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ

නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට සඳකි ඔබ මට

කිසිදු කිසිවිට සමු නොගන්නා

සයුරු රල ඔබ ඈත සමුදුර

සයුරු තෙර මා හමුවනා

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ

නිදන නෙත් යුග සනසනා

සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ

නිහඬ මා හද සනසනා

යුග ගනන් අප වෙන්ව ආ මග

සොදුරු නිම්නෙක එක් වෙලා

දුක් සුසුම් නැති අපේ ලොව තුල

සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සඳුත් නැත තනිවී

එකම අහසක හමුවෙලා

ලොවම සසලව බලා සිටියාවේ

යලිදු අප ඇත ලං වෙලා

සිහත් එක්ක එක වහලක් යට ජීවත් වෙන්න හිනා දකින මට.. ලෝකෙම එක්ක හරි සටන් කරනවා.. එ් ඇස් ඇතුලේ.. ඉන්නෙ දේව් විතරයි.. මම දන්නවා...

ටිකක් ඉන්න.  🌹🌹🌹

[text_hash] => 9e8cb3fd
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...