Chapter 67: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

********* හැට හය වන දිගහැරුම ******** 🌹🌹🌹

සිහතුත් මමත් ගෙදර යන්නට සූදානම් විය... ගේ අස්පස් කරල.. හැමදේම පිළිවෙලක් කලේ තාත්තත් ආය පැමිණෙන්නේ සතියකින් දෙකකිනි.. සවස 4යි.. මම දන්නව අද අම්මගෙ රතු කට්ට පැන ඇගට කඩා පනිනු නිසැකය... සිහත් ලෑස්ති වෙන්න ගත්තම කෙල්ලෙකුට හපන් නිසා කිප වරක්ම මගෙන් බැනුම් ඇසුවේය....

: නපුරුකම... දැන් ඔක්කොම හරිනෙ.. ඒකනෙ..

• මොකද්ද ඒ කතාව...

: මම නිකන් කීවෙ... දැන් එ්කටත් බනිනවකො...

• කටට ආපු පලියට වචන කියන්න එපා...

වෙලාවක හිතල බලනව කියපු වචනෙ බරපතල කම...

: අනේ මයෙ කට... ෂ්.... පරිස්සමින් .. එයාට අද තද වෙලා...

• මොනවද කුටු කුටු ගාන්නෙ... එනව යන්න....

සිහත් මට තිබුණ බය නැති වෙලා... එක දවසට.. කියන දේ අහන්නෙම නෑ.. බැනුම් අහනවා වෙනදට රණ්ඩු.. දැන් බැන්නත් හිනා....

• නගිනවා... මගුල...

: ඉන්නවා.. ගේට් එක වහනකන්...

• ඔක්කොම වැහුවද කියල මතක් කරන්න..

: හ්ම්.. මම බැලුවා... යමු...

• ඇයි.. බයික් එකේ යන්න බැයිද...

: යන්න පුළුවන්... ප්‍රශ්නෙ පස්ස තමයි...

• සොරි මැණික...

සිහත්ටත් හිනා... පුරුදු ලෙසටම උරහිස අල්ලගෙන බයික් එකේ එන ගමන් පිටුපසින් ඉදල කණ ගාවට කිට්ටු වෙලා කියවනවා...

: හිමීට යනවකෝ... ගස්සන්නැතුව....

• ගැට්ටක් තිබ්බ දැක්කෙ නැද්ද..

: මම මේ බෝම අමාරුවෙන් තියන්න යන්නෙ...

• පස්ස ද...

: පිස්සු ද යකෝ...

• ඇයි උබ බඩ වෙලාද... එක පාරින්ම...

: මට බෑ... එ් පාර බඩක් ගැන කියනවා...

• ගස්සන්න එපා අමාරුයි කීවෙ....

: කේක් එක... මම අමාරු වෙන් පරිස්සමට අරන් යන්නෙ.. ගස්සනකොට අයිසින් තියෙයි පෙට්ටිය පුරා.....

• තෝ කේක් එක ගැනද කීවෙ...

: නැත්තන්....

• අනේ මගේ දරු සිහිනය...

: අපෝ ඔයත් එක්ක තරහ වෙනවා.. ඔය වගෙ විහිළු කරොත් නම්...

මට පේනවා.. තොල්පටවල් තද කරගෙන සිහත් හිනා වෙනවා.. එයා නොදන්නව උනාට බයික් එකේ යද්දි මම වැඩිපුර ම කරන්නෙ සයිඩ් කණ්ණාඩියෙන් සිහත් ගෙ කෝලං බලන එක... පහට කිට්ටු වෙන්න ගෙදර මිදුලේ බයික් එක නතර කලා.. අම්මත් ලොකු අම්මත් දොරකඩ මුරකරන් ඉන්නෙ....

• ලොකු නෝනා.. මොකද මේ... දුම්මල වරම අතට අරං...

: උබේ ඔය කෝලං තියා ගනින් උබෙ අම්මත් එක්ක..

• සිහත් හෙල්මට් එක ගලවන්නට...

: ගලවන්න.. අත්දෙකේම බඩු..

• එන්න...

සිහත්ගෙ මූණ එතරම් හොද නැත.. පැහදිලි නොවුනත්.. යන්තමට දාඩිය දමා.. කම්මුල් රතු වී ඇත... ලොකු අම්මා ඉන්න නිසා වෙන්න.. නොදන්න අය ගාව සිහත් හරිම නිශ්ශබ්දයි.. ඊටත් ලොකු අම්මා ටිකක් සැරට කතා කරන හින්ද වෙන්නැති..

! ඔය ටික ඇතුලෙන් තියල පන්සලට ගිහින් එමු.. ලොකු ගෙ උපන් දිනෙත්නේ..

: හා අම්මා...

- සිහත් පුතා මට බයවෙලා ද...

: නෑ....

කොල්ල කපටියා ලොකු අම්මට දණ ගසා වැන්දේය...

! පොඩී ඔයත් ලොකු අම්මා කියන්න... කමක් නෑනෙ අක්කා...

- හ්ම්... මොනව කියල හරි කතා කරන්නෙ ඕන...

• ලොකු අම්මට දැන් පුතාල දෙන්නෙක් ඉන්නවා..

- මට කෝමත් පුතාල ඉන්නවා..

• එයාල හිටියට වැඩක්යැ...

! ලොකු ...

අම්මා හැම වෙලේම මාව නවත්තුවේ නැත්තන්... ලොකු අම්මව දරුණු වලියකට මම පටලව ගෙනය...

අම්මා අවුස්ස ගන්නැතුව ශේප් කරන්නත් එක්කම අම්මලත් එක්කම සිහතුත් මමත් පන්සල් ගියේය.... බෝධි පුජාවට අවශය හැම දේම සකස් කරන විදිහ.. අම්මා හරිම සතුටින් එයාගෙ පොඩී මගෙ මැණික ළග ඉද්දී... හරියට කතා ව.. හිනාව.. මට ඊර්ෂ්‍යත් එක්ක.. මේ දේවල් සිහත් ඉගෙන ගන්න ඇත්තෙ නැටුම් වලට ඇති භක්තිය නිසාම හැමදේම පේවෙලා කරන හින්දමය..

- ඇ කොල්ලො...

• හ්ම්.. ඔ්... ලොකු අම්මා...

ළගට එනකම්ම දැක්කෙ නෑනෙ

- උබ අම්මව අර කොහෙවත් ඉන්න එකෙකුට දන්දීලා... තනියම හිනා වෙන්නෙ..

• අපෝ ඔයත් ... බලන් නැති දෙයක් නෑ.. දෙන්නට පැන් කල මම පුරවන් එන්න....

-  අර කොල්ල ව එක්කරගෙන යනවා.. පුරවලා ගේන්නෙ කෝමද...

• ලොකු අම්මා.. පුතා කියන්න බැරි නම් මුකුත් නොකිය ඉන්නවද... අර කොල්ල මේ කොල්ල නොකියා...

! උබටයි අම්මටයි ඉනාවක් කවලද කොහෙදො...

• පන්සලේවත් ඔ්ව හිතන්නැතුව ඉන්ට අප්පා .. අපිටත් පව් පුරවනවා...

• පොඩී එන්ට... මේ ටික පුරවන්ට...

ලොකු අම්මා නිසා මගෙ මූණට තරහක් ඇවිත්.. දැන් සිහත් මාව කන්න ලෑස්ති..

: මොකද්ද ප්‍රශ්නෙ.. දැන්... ඔයා ඔහොම ඉන්නෙ...

• මුකුත් නැහැ මැණික...

: හිනා වෙලා ඉන්නකො....

• හරි හරි...

: ලොකු හාමුදුරුවෝටම කියල ගාථ ටික කියව ගමුද..

• මට ඔ්න ඔයා එක්ක ගාථ කියන්න.. ඔයා ගාථ කියද්දි අරන් ඉන්න... එදා මාළිගාවෙදි... හරි ලස්සනට මැණික ගාථ කීවා...

: පන්සලේදි පොඩී කියනව ද...

• ඇයි...

: අනේ මට බයයි.. ඔ්න ඇහුනොත් ..

• හරි හරි.. යමු අම්ම කෝ බලයි...

පැන් කල උඩට සුදු ඉද්ද මලක් දාල සුවද කුඩු ඉහල, පහන් තිර පහන් වලට දාල.. බුලත් කොල උඩ කාසියක් තියලා.. කපුරු පෙති තියනකොට. ලොකු අම්මා සිහත්ගෙ ඔළුවව අතගාල බුදු සරණයි පුතාට කීව... අම්මෝ මගෙ හිතට දැනුණ දුක තරහ යන්තමට අඩු වීම සහනයක් විය...

කාටවත් නොදැනෙන්න.. සිහත්ගෙ පහන ගාවින්ම පහන තියලා.. එක ළගින් මල් තියලා... එකට බෝ සෙවන යට පැන් කල අරන් වට හතක් ගිහින් දෝවනය කරල.. මම සිහත් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනකොට.. මම දන්නව මම වෙනුවෙන් මැණිකට ප්‍රාර්ථනා ගොඩයි කියලා...

පන්සල් ඉදන් ගෙදර ඇවිත් සිහත් ගේ ඇතුලෙ... මාව දන්නෑ වගෙ හැසිරෙනවා.. මට හරි නුහුරට දැනෙන නිසා නිදා ගන්නට මගෙ තුරුලට එනකන් බලාගෙන හිටියා... දොර වහගෙන කාමරයට ගිය කෙනා නෑ තවත්.. අම්මා, ලොකු අම්මා නින්දට එනකන් ඉදල.. සිහත්ගෙ කාමරයට ගියේ මගෙ හිතට වද දුන්න හින්ද..

• සිහත්... ඔයා නිදි ද...

: හ්ම්...

• ඇයි... මේ... අසනිපයක් ද....

සිහත් ගාවින්.. ලං වෙල මෙට්ටය මත වැතිරුණේය..

: නෑ  ...

• එහෙනම්... මාත් එක්ක තරහ වෙලා ද..

: අපි දෙන්න ගේ ඇතුලෙ... මෙහෙම ඉමු...

• ඇයි.. මැණික...

: දේව්... මට ඔයා ගාව මාව පාලනය කරගන්න  බෑ...

• එන්න මැණික..

සිහත් ව පපුව මතට අරන්.. උණුසුමට තුරුළු කරගත්තේය...

මටත් බෑ මැණික... මෙච්චර දවසක් මම ඔයා ගාව සිමා රැක්කෙ කෝමද හිතෙනවා...

: අම්ම දකිනකොට.. අම්මා පොඩී කියනකොට මම පිච්චිලා යනවා..

• එපා එහෙම හිතන්න... මැණික මගේ... කවුරු කෝම කිවත් මගෙ විතරයි..

: මට ඔයාව හපන්න ඕනි..

• ආ.... රිදෙනවා මැණික..

: සොරි මහත්තයෝ..මොනා කරන්නද... මම මත්වෙලා ඉන්නෙ ඔයාගෙන්...

• අහන්නකෝ.. මම බය වුනෙත් .. මේ දේට

ඔයා මට මත්වෙලා කියල මම දන්නවා.. මටත් ඔයාගෙන් තොර ලෝකයක් නෑ.. මටත් ඔයා ලග මත්වෙන්න උබේ ආදරේ පිස්සුවක්.. එ්ත්.. මැණික කිසිම වැඩක් ‌‌‌අතපසූ වෙන්න බෑ... තේරුනාද..

: තේරුනා...

• මොනවද...

: ඉගෙන ගන්න ඔ්න.. හැම වෙලේම මහන්සි වෙලා වැඩ කරන්න ඔ්න...

• හ්ම්.. කලබල වෙලා.. මුකුත් ලැබෙන්නඈ.. ඉවසමු මැණික..

: ඔව්.. මට පුළුවන්.. ඔයා කියන විදිහට ඉන්න..

• ආදරෙයි මැණික... ගොඩක්..

: මමත් දේව්... ගොඩක් ආදරේ...

• මම යනවා.. කාමරයට.. ගුඩ් නයිට් මගෙ පොඩී

: ගුඩ් නයිට් උම්මා..

නලලට හාදුවක් තියලා.. තොල් මතට චුට්ටක් රිද්දන හාදුවක් දුන්නා... ආදරේ වෙනුවෙන් ආයෙත් කාමර දෙකක නිදා ගන්න තීරණය කලේ ආදරේ වගකීම රැකගන්න ඕන නිසා ය...

ටිකක් ඉන්න.  🌹

[text_hash] => bdf44aed
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...