Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
******* අසූ හතරවන වන දිගහැරුම ****** 🌹🌹
අවසානය.. 🌹
සිහත් විභාගය වෙනුවෙන් අන්තිම මාස කිහිපය ගොඩක් මහන්සි වුනා.... ඩාන්සින් ප්‍රැක්ටිකල් වලට සූදානම් විය යුතුය... මම දන්නවා සිහත්ගෙ එ් දක්ෂතාවයට දවස් ගනන් පෙර පුහුණු වීම් අවශය නැත... කෝමත් සිහත් විභාගය අවසන් වු පසු ඇකඩමියට යන එක අකුරටම කලේය... විභාගයට මහන්සි වී එහි පීඩනය පිට වූයේ මගෙ මැණිකගෙ මූණ ම කුරුලෑ නිසා වේදනාවට පත් කරමින්ය... සිහත් එ් නිසාම ගතින් වගේ ම හිතින් දුක් උනේය...
• රජිත උබ කොයි වෙලේද බං ආවෙ..... කියල තිබුණනම් හවස යන්නෑ....
+ නෑ බං.... මේ දවස් වල වැඩ දන්නවනෙ... ප්‍රී උන ගමන් ආවෙ... ටීචට අචිනිව මුණ ගස්සලා යන්න...
# දෙව්නක අයියගෙ ගෙදර කීවෙ නෑ ... එනකන් වත් රජිත
+ එ්යි... පොඩී... උබව දකින්නත් නෑනෙ.... යකෝ... උබට බලල යන්නවත් ඔෆිස් එක පැත්තෙ එන්න බෑනෙ...
! අනේ පුතේ... පොඩී විභාගෙ ඉවර වෙනකන් පන්ති, ඉස්කෝලෙ, පාඩම් කරනව දැන් තමයි චුට්ටක් නිදහස්....
+ කෝමද.... දේව්.... පොඩීව බේර ගන්නෙ දැන් ටීචනෙ....
: අචිනි අක්කා... මේ පිස්සත් එක්ක ඉන්නව ට ඔයාට පිං දෙන්න ඕන..
+ යකෝ මුගෙ මූණ ගන්න දෙයක් නෑනෙ...
• බෙහෙත් ගත්තා...
# පව් අනේ මල්ලි...
+ පව්.... හරි එකාට පව් කියන්නෙ... ටීචට කියන්න මූ අපෙ දිල්ට ගහන්න ප්ලෑන් කරන් හිටියා...
! ඇයි පොඩී එ්....
: පාඩුවෙ ඉන්නව කෝ.... බොරු අම්මා...
+ දේව් ව බෙදා ගන්න බැරි ව....
• උබටත් තව ඩිංගෙන් කන්න වෙනවා... එදා මතකනෙ..
! පොඩී චණ්ඩිකම් දාල ගෙදර එන්න බෑ....
: අම්ම බොරු මේකගෙ...
සිහත් රජිත ට පාරක් ගැසුවේය...
! එ්යි පොඩී....
: සොරි අම්මා.....
# සිහත් මල්ලි... මහත් වෙලා....
! ෂ්..... එ්ව තහනම් වචන දරුවො...
මමත්, රජිතත් හිනා උනේ.... සිහත් මූණ කළුකර ගත්ත නිසාය... අම්මටත් හිනා.. පාඩම් කරන දවස්වල අම්ම එක එක එ්ව හදල දීල... ළගට වෙලා කවල පොවලා මහත් වෙලා... එ් අස්සෙ විභාගෙ භීතිකාවට කුරුලෑ ඇවිත් පොකුරු පිටින්... රජිතත් අචිනිත් සවස් වන තුරුම ඉදල පිටව ගියේ ය... අම්මා රජිතගෙත් අචිනි ගෙත් විවාහය ගැන අසා සතුටු වූවාය.... එ්ත් මම හොදින්ම දන්නවා... එ් සතුට අස්සෙ මමත් සිහතුත් වෙනුවෙන් ඇය මවක් ලෙස කැප කරන ලද අනාගත සිහින හිත ඇතුලෙ විලාප නගන ශෝකාලාප නිමක් නැති වග... ඇයට මාව පෝරුවක නංවා අෂ්ඨක මැද... ගාම්භීරව නිවසට සිරකතක් කැන්දන් එ්වි යැයි සිහිනයක් නොතිබුණා කිව නොහැක... රජිතත් අචිනිත් පිටව ගියේ... අම්මට කල්පනාවක් ඉතිරි කරලා යැයි මට හැගුනි....
• අම්මා.....
! ඇයි පුතේ....
• අම්මා... දුකෙන් ද....
! ඇයි එ්ම අහන්නෙ....
• මම දන්නව අම්මා... රජිතලා ඇවිත් ගියා ම කල්පනාවක.... එ්කයි....
! පුතේ... පොඩී ට ඇහුනොත් දුක් වෙයි.... මම හොදින්... හරිද... ඔ්ව හිතන්න එපා... මගෙ කොල්ලො දෙන්න මාව සතුටින් තියන්න කරන තරම් දේවල් මම දන්නව ලේලියක් ආවනම් වෙන්නෑ කියල....
• අම්මා... දෙයක් කියන්නද...
!හ්ම්.... මොකද්ද...
• අම්මට මම ගොඩාක් ආදරේ....
: මට නැ.... නපුරා.....
! අපෝ නැ... පොඩී ට වඩා අඩුවෙන් හරිනෙ..
• ඉතින් අම්මටනෙ කීවෙ....
: යනව යන්න දෙන්නම....
! එ් පාර මොකද...
: දෙන්නම මට හිනාවෙලා..... මහතයි කියලා...
! අම්මෝ... ලොකු.... මම නෑ ඔ්වට....
අම්මා සිහත්ගෙ ඔළුවත් අතගාල කුස්සියට ගියේ ය...
අම්මා යනකන් ඉදල මගෙ බෙල්ල වටේට අත්දෙක දාල මූණට ලං විය....
• මොකෝ.....
: මම මහතයි ද.... හිනා වෙන්නෙ.... කියනවකො...
• නෑ..... චුට්ටම චුට්ටක්...
: මටත් ඔ්න ජිම් එකට යන්න....
• බෑ..... මම ආස බෝලෙ වගෙ ඉන්නව ට..
: අනේ.....
• අඩු වෙයි, ඩාන්සින් ප්‍රැක්ටිස් පටන් ගත්තම...
: හ්ම්....
• මට තමා පාඩු....
මම ටිකක් දුකෙන් කීවේය...
: ඇයි.....
• බෝල පස්ස අඩු වෙනවනෙ....
: යනව යන්න.....
• හපන්නෑ.... මෝඩයා....
: මට තුරුළු වෙන්න ඕන...
• මේක හරියන්නෑ.... උබට ඔ්න විදිහට ඉන්න උඩ වැඩ පටන් ගන්න වෙනව ඉක්මනට...
: එ්ක හොදයි... එ් උනාට එතකන් ඉන්න බෑ... ඇරියස් තියෙනව...
• මොනවද..... ඇරියස්...
: විභාගෙ නිසා හම්බුන්නැති ඒව...
• ඕනද.....
: හ්ම්... අපි අපේ ගෙදර යමුද....
• බලමු.... මැණික...
අම්මට ගෙදර වැඩක් නැති තරම්, උයන පිහින වැඩ ගෙවල් අස්කරන වැඩ හැමදේම සිහත් මටත් වැඩපවර පවර කරන නිසා...
• මහන්සි.... සිහත්...
: අනේ....
කොට්ටෙ අරන් මගෙ ඔඩොක්කුවට දාල ඔළුව තියා ගත්තේය......
• ඇයි.... නිදිමත නැද්ද...
: මේ බෙහෙත් එක ගාන්නකො...
• අඩුවෙයි... පොඩී... කඩන්නද මම...
: එපා රිදෙනවා... ඊටත් කළු පාටට හිටිනවා...
• මට පේනකොට මිරිකන්නමයි හිතෙන්නෙ...
: අනේ.... මේ.... මම බෙහෙත් ගා ගන්නම්....
• ඔහොම ඉන්නව.... මට කිස් එකක්වත් දෙන්න බෑ ...
: ඇයි.... මෙතෙන්ට දෙන්න...
දබරැගිල්ල තොල් මතට තියාන..
• සිහත්....
: හ්ම්....
• දෙයක් කියන්නද...
: මොකද්ද...
• මම දන්නව ඔයා ගෙදර යමු කියන්නෙ ඇයි කියල.... එ්ත් මැණික.... මම කැමති නෑ... ඔයා මගෙ... ඔයා මේ ගෙදර ඉන්න ඕන....
: මම ඔයාගෙ තමයි... මේ ගෙදරත් මගෙ, එ් ගෙදරත් මගෙ...
• ඔව් ඔයාගෙ.... මම ගෙදර වැඩ ඉවර කරනව ඉක්මනට... ඊට පස්සෙ උඩට යමු... හරිද... එතකන් කොයි ගෙදරට ගියත් අම්මයි, මමයි, ඔයයි එකට ඉන්න ඕන...
: දේව්.... මම එච්චර දෙයක් හිතුවෙ නෑ.... ආය අපෙ ගෙදර ගියත් අම්මත් යනව හරි ද... කාර් එකත් තියෙනවනෙ....
• මම දන්නවා... ඔයාට ඕන දේ...
: දන්නවද....
• හ්ම්... චික් කැත හිනාව...
: අනේ.... ඇත්තටම.. මට ඕන....
එ් අවසරයට තොල් මතට සියුම් ස්පර්ශයක් තොල් පෙති මතින්ම තබා... තවත් ලං කර ගත්තේය...... අතේ තිබුණ බෙහෙත් ගෑවිලා තොල් වල...
: අත හෝදන් එන්න... මෝඩ දේව්...
• හිටපං එනකන්... උබ ඉවරයි... අද...
රහසෙ හැප්පිලා, ඇස් වලින් කියවලා, දගකාර කම්.. කෝටියක් දාන මගෙ මැණික මටම විතරක් හැමදාටම ආශිර්වාද මැද්දෙ අයිති කරන් දැන් ඉතින් එ් මගෙ පවුල, කට කියවිල්ල තමයි ඉවසන්න බැරි... කාමරයට විතරක් සීමා උන... අපේ ආදරය... නීතියානුකූල ගිවිසුම් නැතත්... ඊට වඩා හදවතේ බැදීම් හරි ශක්තිමත්.... සැර දාල, හුරතල් වෙලා, බැරිම උනාම උබ මගෙ මිනිහ දේව්.. කියල වැඩ කරව ගන්න පොඩීට විතරමයි පුළුවන්.... එ් හිතට තියෙන හයියටම... දෙනෝදාහක් මැද්දෙත් අතැගිලි පටලන් ආදරෙන් ඇවිද යන්න ලෝකෙට බය නෑ...
කාලයට පුළුවන් ගෙවී යන්න... එ් ආදරය තවත් මුවහත් කරමින්... මගෙ මැණික.. විශ්ව විද්‍යාලයට යන්න.. පෙරුම් පුරනකොට, මට ඕන උනේ... සිහත්ට ඔ්න නිදහස හදල දෙන්න... තව ටිකක් තියෙනවා ගෙදර වැඩ ඉවර වෙන්න... කාලයත් එක්ක වැලිවිට ටීචත් විශ්‍රාම ගත්ත නිසා... නිරන්තර අම්මටත් ඇයටත් වන්දනා ගමන් බහුල විය... ඇය ද අම්මා අප දෙදෙනාට කැමැත්ත ආශිර්වාද ලබා දිම ගැන සතුටු විය.... සිහත් අම්මෙකුට වගෙ ඇයට සලකන නිසාම.. විභාගය අවසන් වු විගස අප ගැන කියා තිබුණි....
කාලයත් එක්ක කෙවින් ප්‍රමෝද් ආදරයට තුන්වැනියෙකු එකතු වී සිටියේය... එ් පුංචි සමනළියට මවක් වුයේ කෙවින්ගෙ අක්කාය... පිය සෙනෙහස ඩබල් වෙලා හම්බෙන්නෙ පින් කරපු දුවලටය... සිහත් ඉගෙනීම ඉවර කරනකම් ඉදල අපෙ පවුලටත් එක්කෙනෙක් නොව සිහත්ගෙ ආසාවට තුන් හතර දෙනෙක් එකතු වේවි... මගෙ ආසාවත් එ්ක ම තමයි...
දිල්පහන්... නෑන නිසා අපිව මතකත් නෑ... රජිතත් මමත් අතර වැඩි හරියක්ම පවුල් ප්‍රශ්න කතා උනා.. යාළුකමට වඩා සහෝදරත්වය රජිතටත් මටත් විසදා ගන්න බැරි ප්‍රශ්න ඇති කරේම අචිනිත් සිහත්තුත්ය...
මගේ ආදර කැදැල්ලේ නිතරම කියවන පොඩී.... මගෙ හැමදේම..... මගෙ හීන අරන් මං ළගට තුරුළු උන මැණිකගෙ හීන මගෙ පපුව අස්සෙ ගුලිකරන් රකිනව... මගේ පණ ආඩම්බර පෙනුමට උබට පුළුවන් මාව.. පිස්සු වට්ටන්න... හැමදාම...
ඉතින්.....
ටිකක් ඉන්න කියන්නෑ ආය... මොකද නවතින්න යන්නෙ.... මම දන්නව අපි හැමෝම හීන මල්ලක් අරන් මේ ජිවිත ගමන පිය නගන්නෙ... වෙලාවකට මහන්සි... එ්ත් හීන අපිව ජිවත් කරනව... එ් හීන ගොඩේ වටිනාම හිනය ආදරය නමින් තුරුළු කරගන්න ඔහු හෝ ඇය වෙනුවෙන් වෙන්කරල තියෙනවා ... ඉතින් ඔබට මට හමුවේවි... ආදරය රකින දේව් කෙනෙක් හෝ ආදරය ඉල්ලන සිහත් කෙනෙක්... රැක ගන්න ලං කරන් හැමදම... හැමෝගෙම හීන අරන් කෙනෙක් එ්වි.... දැනටමත් ළග ඉන්නවත් ඇති... පරිස්සමට රැකගන්න...
කතාව පටන් ගත්ත දවසෙ ඉදන් මට උදව් කල.. අදහස් පල කරපු... අඩු පාඩු පෙන්නලා දිරි ගන්නපු හැමෝටම ගොඩක් ස්තූතියි.... , හැමදාම මං දිරිමත් කරන අඩුපාඩු කියන මගෙ පලවෙනි හොදම රසිකයා... මගේ සහෝදරයා හොදම යාළුවා ඉතින් මගෙ පොඩීටත්... ගොඩක් ගොඩක් ස්තූතියි.. කඩාවැටීම් වලදී මං ලගම ඉන්නවට වගේම කතාව කියවලා අඩුපාඩු තියෙනකොට යකා වෙලා ආය කතාව හරියට ලියනකන් බනිනනවට 😁❤️
හැමෝටම මගේ ඇසළ සද එක්ක ඉන්න කියනව අළුත් කතාවකින් එනකන් ටිකක් ඉන්න 🌹🌹🌹
කතාව ගැන හිතෙන දේ ලියන් යන්න... කොටස් අසූ හතරක් පුරා වට හිටිය සැමට බොහොමයක් ස්තූතියි...
🌹🌹ශානු මධූ 🌹🌹
[text_hash] => 500811d1
)
Popular picks trending right now.
Powered by your reading activity and community trends
What do you think?