Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
******* අසූ තුන්වන වන දිගහැරුම ****** 🌹🌹🌹
යන්තමට පින්න ගහල මැලවිලා තිබුණ මල්පැල පණ ගහල ඇවිත්... අම්ම උදේ ඉදන් මිදුලෙ ගහෙන් ගහට පරීක්ෂණ... සිහතුත් ගිහින් දෙන්නට මල්පැල ගැන තියෙන උවමනාව විශේෂඥයෝ වගේ....
• අම්මා.......
! මොකද.... දොරකඩ කෑ ගහන්නෙ...
• දෙන්නටම කියන්නෙ තව පින්න හවස් වෙද්දි ඔළුව රිදෙනව කිබුහුම් යනවා කියල මට ඇහෙන්න බෑ...
: අනේ යනවා.... ඔයා අපෙ තාත්තා ද....
• උබගෙ කට වැඩී සිහත්...
: එයාට ඊර්ෂ්‍යාව අම්මා...
• මට ඇති ඊර්ෂ්‍යාවක් නෑ... ඔය මඩේ නටන්න ආසාවක් නෑ....
! පුතේ.... පොහොර ටිකක් ගෙනත් දෙනවද.... මල් අඩුවෙලා... පොහොර දැම්මම මල් ඒවී හොදට...
• මේ වැස්සට මල් නෑ තමා මන්දාරම අව්ව ඕන මල් පිපෙන්න...
: අම්ම මං ගේන්නම්.... ඔය පණ්ඩිතයට කීවට ඔය වැඩේ වෙන්නෑ...
! මට කවුරු හරි ගෙනත් දුන්නනම් ඇති...
• අම්මා උඩහ ගෙදර අය කතා නොකර යන්නෙ ඇයි... අපිව දැකල බිම් බලන් යන්නෙ....
! එයාල දකින්ට නෑ පුතා...
• එච්චර ඇස් නොපෙනෙන්න... ඉදිකටුද අපි...
: එයාල මම නිසා කතා කරන්නැතුව ඇත්තේ...
! ඇයි පොඩී මොනව කරාටද...
: මට කතා කරන්න එපා කීව.... එයාලගෙ ළමයිට...
• කවද්ද කීවෙ.... සිහත්.... තව මොනවද කීවෙ....
: මම ඇයි ඇහුවා... හේතු ඕන නෑ කතා නොකර හිටපන් උබ අපෙ නෑයො නෙමෙයි නේ නෑදෑකන් කතා කරන්න කීව....
! මම අහනව... පුතේ .... නොකිය හිටියෙ ඇයි... දරුවො...
: අම්මා... මම නිසා ඔයාල තරහ වෙන්න බෑ කා එක්කවත්...
• හරි වැඩක්... එයාලට බලෙන් කතා කරන්න පිස්සු නෑ... ඊටත් සිහත් කවුරු මොනව කීවත් මට හරි අම්මට හරි කියන්න ඕන....
මම දන්නව මේ හැමදේම ටික ටික වෙනස් වෙනවා... ලොකු අම්මා මමයි සිහත්තුයි ගැන නොකීවොත් පුදුමයි.... මේ වගේ ප්‍රශ්න නිසාමයි මට උවමනා උනේ සිහත් ඉගෙන ගෙන ඉවර වෙනකන් කාටවත් නොකිය ඉන්න... මටයි පොඩීටයි නොකීවට මම දන්නව අම්ම හොදාකාරවම දන්නව හේතුව...
! ලොකු.... හන්දියට ගිහින් එනවද.... යනවනම් එලළුව ටිකක් ගේන්න.. සිහත් අද ඇකඩමි එකට යනව ද....
: නෑ අම්මා.... පේපර් එකක් කරන්න හදන්නේ...
• යමුකො බඩු ටික ලියල දෙන්න... නැත්තන් අම්මත් යමු...
! හ්ම් උබට කියල එලවළු ගෙන්න ගෙන භාගයක් විසික්ක කරනවට වඩා එ්ක හොදයි....
• අපෝ අම්මා.... එහෙම හරි ගෙනත් දෙනවනෙ.... මොකද තෝ දත් පෙන්නන්නෙ....
: වැඩේමයි.....
මටත් ගස්සගෙනම ගෙට ගියේය... සිහත් අවුස්සලා රවල ගස්සලා යනව බලන්න මම ඇත්තටම ආසයි... අම්මයි මමයි යනකොටත් සිහත් ටයිම් තියාගෙන පේපර් එක පටන් අරන්... දොරත් ලොක් කරගෙනම අම්මයි මමයි ටවුමට ආවේය...
සිහත් ඉස්කෝලෙ පාඩම් වැඩයි ඇකඩමියෙ වැඩත් එක්ක නිදහසක් නැතුවම මහන්සි වෙනව... පව් මම කොල්ලව උදේ දැකල වෙලාවකට රෑ හත අට වෙනකන් දකින්නෙම නැත... පව්.... එ්ත් මේ මාස කිහිපය සිහත් මහන්සි වෙන්නෙ එයාගෙ අනාගතය වෙනුවෙන්මය... මම උදේම බස් එකට ගිහින් දැම්මම... නිතරම කියන්නෙ.. අතින් අල්ලන් ඉන්න කියලය..... මටත් මැණිකව ළග තියා ගන්න ආසයි එ්ත් අපි දෙන්නම ඉවසමු... ඔයාගෙ අනාගතය හදන්න මම පොරොන්දු උනේ ඔයාව ගෙදරින් ගෙනත් මං ගාව නවත්ත ගත්ත දවසේය...
• අම්මා තාත්ත එනවා කීවා....
! තාත්තා.... කීවෙ....
• සිහත්ගෙ.....
! ඔයත් තාත්තා කියනවද පුතේ....
• හ්ම්..... ගොඩක් කල් දැන්.....
! උබට අම්මව තමයි විශ්වාස නැති උනේ...
• එ්ම නෙමෙයි... තාත්තගෙන් සිහත්ට ගුටි කන්න උනානෙ... එෆෙයාර් එකක් තියෙනව කියල අහුවෙලා..
! දැන් ද මට කියන්නෙ ඔ්ව....
• මම ගිහින් තාත්තට කීවා... සිහත් ආදරේ කරන්නෙ මට කියලා....
! දෙයියනේ.... අර මනුස්සයා මොනව හිතුවද දන්නෑ....
• මොනව හිතන්නද... මට එ් ගෙදර යතුරම භාර දුන්නා... තාත්ත අවුලක් නැ අම්මා.... එයා අපි දෙන්නටම ආශිර්වාද කරල සිහත්ව මට භාර දිල තියෙන්නෙ....
! හ්ම්... ආපුදෙන්කො... ඔය පුතාල තාත්තාලා.... මගෙන් හංගලා... මගුල් තුලා කතා කරගෙන....
• අම්මා... ඔහොම කියනකොට ලැජ්ජහයි මට...
! අනේ පලයං.... උබට ප්ලෑන් කරල කොල්ල ගෙදරට ගේන්න පුළුවන්.... මම කීවම ලැජ්ජහ....
• අනේ ඉතින් ප්ලෑන් කරේ නෑ.... සත්තයි.... පොඩීගෙන් අහන්න....
! පොඩී..... කියයි කියයි ..... මම දන්නවනෙ.....
තාත්ත එනවිට හවස් වී තිබුණි.... මමත් ඔෆිස් එකේ ඉදන් ආවේ සිහත්වත් එක්කරගෙනය.... එනවිට මිදුලෙ නවතා තිබූ සුදු පැහැති හයිබ්‍රිඩ් එක අමුතු පෙනුමක් ගෙදර මිදුලට එක්කර තිබුණි....
: කවුද දේව්....
• බලමු.... දන්නෑ.....
: තාත්තා....... ඔයානෙ..... වාව්... කීවෙ නෑනෙ කාර් එක ගැන....
• තාත්තා.... ගොඩක් වෙලාද ඇවිත්....
/ ටිකක් වෙලා පුතේ... ටීච එක්ක කතා කලා...
සිහත් ආව ගමන් තාත්තගෙ ළගට වෙලා ඉද ගත්තේය... මම බලන් හිටියෙ තාත්ත ළග සිහත් තාමත් පොඩි දරුවෙක්ය... එ් හුරතලය නිමක් නැත...
! හරි ශෝක් දෙන්න... මට බොරු කියල දෙන්න ට්‍රිප් එහෙමත් ගිහින් නේද...
• තාත්තා අවුස්සලා යන්නකෝ... අම්ම ඕව ඇත්තම කියල හිතයි...
: ඇත්ත තමයි... තාත්ත බොරු කියන්නෑ...
• අම්මපා මූ නම් මාව නෝන්ඩිමයි කරන්නෙ....
/ පුතේ ඇකඩමියට යනවද විභාගෙ නිසා ටිකකට නවත්තමු....
: කියල තියෙන්නෙ...
• මට රවන්නෙ.... මම කීවෙ නෑ....
: යනව යන්න... මම දන්නවා.... මං ගැන තාත්තට කේලම් කියනව කියලා
! සිහත් තාත්තා රට යනවා කියන්නෙ...
: මට කීව. එයාත් යනවා මාව දාල...
• තාත්තා දැම්ම යන්නෑනෙ.... මම වොෂ් එකක් දාගෙන එන්නම්... මට තාත්ත එක්ක කතා කරන්න දෙයක් තියෙනවා...
/ හරි පුතා., මම අද ඉදල හෙට යන්නම්.. හරිනෙ..
: ඔව්.... ඇත්තටම ඉන්නව ද...
! පොඩී ඔයත් ඇගවත් හෝදගන්න දරුවෝ...
/ ටීච මේ ළමයි දෙන්නව තේරුම් ගත්ත එක තමයි මට තියෙන සැනසීම.... මගේ ඇස් පිය උනත් දැන් කමක් නෑ....
තාත්ත එක්ක ආගිය තොරතුරු කතා කරල සිහත්ගෙ පාඩම් වැඩ බලල තාත්ත සතුටින්.... ගෙදර හිටියනම් කාලකණ්ණියෙක් වෙලා රස්තියාදු ගහනවා... නැත්තන් ගෙදර ප්‍රශ්න නිසා ජිවිතේට හානියක් කරගෙන මගෙ දරුවගෙ අනාගතේ ගැන මම කියාගන්න බැරි සතුටකින්.... තාත්ත මට කියනකොට... මට දැනුනෙ පුදුම ආඩම්බරයක්.... කෝමත් මගෙ මැණික ආඩම්බරකාරයෙක්...
/ දෙව්නක පුතා යමුද මිදුලට....
සිහත් බලන් ඉන්නවා... මම තාත්තට යමු කියලා මිදුලට ආවේය.... සිහත් අම්ම එක්ක කතා කර කර තාත්ත ගෙනත් දුන් මුරුක්කු කනවා...
• උඩට යමුද .... තාත්තට කරදරයක්ද මන්ද...
/ මමනෙ මගෙ කරදරකාරයා දිල ටීචටයි, දෙව්නක පුතාටයි කරදර කරන්නේ....
• තාත්තට එ් කතාවට නම් මම කැමති නෑ....
/ පුතා... සිහත් නොතේරුම්කමට කරන වැඩවලට සමාව දිල බලා ගන්න.. ගුටියක් දෙකක් වැදුනට කමක් නෑ...
• සිහත් වැරදි කරන්නෑ තාත්ත.... හැමදේම කියනවා...
/ පුතා මේ ගෙදරම ඉන්නද හිතුවෙ....
• ඇයි තාත්තා.... මම උඩ හදන්න පටන් ගන්නවා... මම ලෝන් එකක් ගන්නත් කතා කර ගත්ත....
/ පුතේ මම සිහත්ට හැර කාට දෙන්නද එ් ගෙවල් දොරවල්...
• තාත්තට සිහත්ට දෙන දේවල් දෙන්න පුළුවන්... එයාට උරුම දේ.... මට නෙමෙයි... මම මේ ගෙදර හදනවා... සිහත් ඉන්න ඔ්න මං ගාව...
/ හ්ම් පුතාගේ කැමැත්තක්... ටීචට මිනිස්සු දොස් කියයි කියල මම කීවෙ...
• තාත්තා.... මිනිස්සු කියන දේ නවත්තන්න බෑ... අපි ඔ්නෑවට වඩා එ් ගැන හිතල දුක් වෙනවා... මිනිස්සු හැමෝම කැමති අනුන්ගේ දේවල් හොයන්න... අපෙ ලොකු අම්මලා වගෙ... එ්ත් එ් දේවල් එක්ක අපෙ ජීවිත පටලවා ගන්න ඔ්න නෑ...
/ සිහත් කීව දවසක්.... පුතා... මේ විදිහට හිතන එක සතුටුයි.... මොකද මම වගෙ මිනිස්සුන්ට බයෙ පැනල යන්නැතුව...
තාත්ත මගෙ පිටට තට්ටුවක් දාල.. හිනා උනේ ය...
• තාත්තා.... සිහත් එක්ක ඉන්න එකට තැන්කියු...
/ පිස්සු කොල්ලා... දැන් මගෙ කොල්ලව රකින්න උබ ඉන්නවනෙ... මට අන්කල් ගාවට යන්න පුළුවන්...
• තාත්තා..... අන්කල් ඉන්නවද..... මට මාර සතුටයි.....
/ සිහත්ට මම කියන්නම් තාම කීවෙ නෑ...
• සිහත් ගොඩක් සතුටු වෙයි....තාත්ත දන්නවද සිහත් නිතරම කීව අන්කල්ව හොයමු කියල..
/ පුතා.... මේ දේවල් අපි අතර විතරක් තිබුණදෙන්...
• ඔව් තාත්තා...
සිහත් මමත් තාත්තා අතර රහසක් ලෙස සැමදාම අතීතය යටයනු ඇත... සිහත්ගෙ වගකීම මම භාර ගත් දවස ඉදන් මේ වෙනකන් ඉටු කරන්නට මට ඇත්තෙ ආශාවක්... එ් මගෙ මැණික මන් ඉදිරියේ ලබන ජයග්‍රහණ සතුට සියල්ලම මා ජීවත් කරවන්නට හුස්ම සේ නිසාවෙනි.... සිහත්ට තාත්තගෙන් කොතරම් වස්තුව හිමි උවත් එ් වගේ වටිනාකම සිහත් හා සසදන විට දූවිල්ලක් තරම්ය... එ් හැම දේම බොල්වී යන්නේ මගෙ පොඩීගෙ මූණෙ ඇදෙන හිනාවටය... තාත්තා පිටවී ගියේ කාර් එකේ යතුර සිහත් අත තබාය... එ් ගැන මමත් අම්මත් සතුටු නොවීම නිසා පොඩී මූණ කළුකරගෙන කතාවක් නෑ... අම්මටත් මටත් සිහත් වෙනුවෙන් එතරම් දේවල් දීමට නොහැක.... එ්ත් සිහත්ව පණ වගේ රකින්න ට අම්මටත් මටත් පුළුවනිය...
මාස දෙක තුන ගෙවී උසස් පෙළ කඩයිමට තව ටික දිනක්... සිහත් ඇකඩමියට යන එක මාසයකට පෙර නවතා පාඩමට සිත යොමු කලේ කැම්පස් සිහිනය යථාර්තයක් කර ගත යුතු නිසාමය....
ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹
[text_hash] => a77b5ed3
)
What do you think?