Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
******* අසූ දෙවන දිගහැරුම ****** 🌹🌹🌹
අම්මා කාමරයට නිහඩවම ගියේ අද මටත් සිහත්ටත් වඩා දුකක් ඇත්තේ ඇයට නිසාය... ඒ දුකත් ඇස් වලින් සගවා තනියම විද ගන්නට ඇයට උවමනා වන්නට ඇත... බොහෝ දුක්බර අවස්ථාවලදී නිහඩව කාමරයට වී ඇය ගෙවූ නිසාම සිහත්ගෙ පැමිණීම අම්මට දුක්බර අවස්ථා අහිමි වි ගොස් තනිවීම පුරුදු නැතිගානට සාමාන්‍ය විය...
සිහත් තවමත් ඉකිගහනවා... දරා ගන්න බැරි වෙන විට සිහත් අසනිප වන්නේය... මම දන්නව හොදටම හවස් වෙද්දි මැණිකට බෙහෙත් ගෙන ආ යුතුමය..
මෙතරම් දවසක් මේ ගේ ඇතුලෙ මගේ රහස රැක ගත්තේය... අම්මට දුකක් දෙන්නට නොහැකි නිසාමය... සිහත්ව සනසන්න අම්මට මම දවසක කියනව කීවට එය කොයි විදිහකටද කියල සිතකවත් තිබුණෙ නැත... මම මුලදිම කවුද යන්න දැනගත් දවසේම අම්මට කියා තිබුණනම් අද මේ දවස උදානොවනු ඇත... දැන් අම්මට මූණ දෙන්න බැරිකම මිසක්.. ඇයට සගවන්නට රහසක් නැත... සිහත් නැගිට කාමරයට ගියේය... ටික වෙලාවක් පුටු කකුලට බර වී සීතල පොළවෙ ඉදගෙන කල්පනාවක සිටි මම ලොකු හුස්මක් පිටකර හිතට ධෛර්ය අරගෙන නැගිට සිටියෙ... කල්පනාකරන්නට නොව මුහුණ දෙන්නට අවැසි බව සිතට තදින් දාරණය කරගනිමිනි....
• සිහත් ..... දොර අරින්නකො....
: දේව්.....
• අඩන්න එපා... මේ බලන්න.... ඔයාට මම නැති උනේ නෑනෙ....
: අම්මා.... තරහ වෙලා ද...
• නෑ මැණික... අම්මට තරහ වෙන්න බෑ....
: මාත් එක්ක...
• මාත් එක්ක තරහ උනත් ඔයත් එක්ක තරහ වෙන්න බෑ...
: මට සමාව ගන්න ඕන...
• අම්ම ඔහොම හිටපුදෙන්... එයා දුක හිතුනම කාමරේට වෙලා ඉන්නවා... ඉස්සරත් එහෙමයි....
: ඒකනෙ අම්ම දුකින්....
• අහන්නකො සිහත්.... දැන් මගෙ මැණික ඇග හෝදගෙන ටිකක් නිදා ගන්න ඕන...
: හ්ම්.... මට දුකයි....
• දැන්.... අම්ම දන්නවනෙ.... අපි හිමීට කතා කරමු...
සිහත්ව කලබල නොකර අම්ම එකක කතා කරන්න ඕන... අම්ම විරුද්ධ උනොත් සිහත්ගෙ හැසිරීම ගැන දෙවරක් සිතිය යුතු නැත... සවස්වරුව සිහත් නිදා ගත්තෙ හිතේ තෙහෙට්ටුවටමය.... යන්තමට ඇග රත්වීගෙන එනකොටම පැරසිටමෝල් දුන්නේය... අම්මටත් අඩල කල්පනා කරල මහන්සියටම ඇස්පියවි තිබුණි... කවදාවත් නැතුව ගේ ඇතුළ මහ පාළුවට ගිහිල්ලා... ගේ ඇතුළ අතුගාල මල් පහන් පූජා කරල හිතින් පැතුවේ තැන් තුනකට වෙලා හූල්ලන අපේ සිත් සන්සුන් කරල දෙන ලෙසය...
: ලොකු....
• හ්ම්....
: මම රෑට උයන්න ද....
• මොනවද උයන්න යන්නෙ... ඈ පොඩී...
: බත් උයලා... තියෙන දේ බලල උයමු....
• ඉදි ආප්ප ගේන්නද කඩෙන්...
: එපා අම්ම දවල්ට කෑවෙත් නෑනෙ...
• යමු... මම උදව් කරන්නම්...
: උදව් කියල කරදර බෑ...
• අම්මට තේ ටිකක් හදල දෙන්න පොඩී...
: හා....
පොඩීට උයන්න දුන්නෙ.. පාඩම් කරන්න කීවනම් අද උන දේවල් එක්ක සිහත් හිත එක තැනක තියාන නොකරන නිසා ය...
: පොල් ටිකක් ගාල දෙනවද...
• උබ මට අණ දිදී වැඩ කර ගන්නවා...
: වතුර උණු උනාම ලොකු තේ හදන්න...
• යකෝ... මම උයන්නම්... උබ පලයන්...
: මට එ් වැඩ දෙක කරල දුන්නම ඇති... හරිද...
• ගනින් ඔය දර ලීය අහකට... අම්මපා වැදුනොත් එහෙම දෙනව දැන ගනින්.... පොල් බෑය මූණෙ හිටින්ට....
මට ඇද කර කර උයනවා... සිහත් මමත් අඩන්න ගත්තනම් අද අඩලම ලෙඩ වෙනවා... අම්මාගෙ කදුළු දකිද්දි නම් මට මම පව්කාරයෙක් කියල හිතුනා... එ්ත් උබෙ හිනාව දකිද්දී මම හරි වාසනාවන්තයෙක් කියල හිතෙනවා.... මම දුකයි සතුටයි අතරෙ හිරවෙලා හිතෙනවා....
• සිහත් ඔය ටික මම කපන්නම්... අම්මට තේ එක දෙන්න...
: ඔයා දුන්නනම් හොදයි නේද... දෙන්නම කතා නොකර ඉන්නද...
• අම්ම තරහින් ඉන්නෙ මාත් එක්ක...
: නෑ.... මම දන්නව ඔයා අම්ම ළග බොනකම්ම ඉදල එන්න...
• පැහිච්චි කොල්ල...
අම්මට නින්ද ගිහින් නෑ... මම දන්නව ඇස් වහන් හිටියට...
• අම්මා.... අම්මා.... නැගිටින්නකො....
! ඔහෙන් තියල යන්න...
• බීවම යන්නෙ... නැගිටින්නකො අම්මා...
! පස්සෙ බොන්නම්....
• හ්ම්.... පස්සෙ බොන්න....
අම්ම දෙයක් අහන්නද...
! අහන්න...
• මගෙ මූණ බලන්නැත්තෙ.... මම වැරදිද අම්මා... මාව පිලිකුල් කරනවද ඔයත්... මට බයයි අම්මා..
! මයෙ පුතේ.....
අම්ම ළගින් ඉදගෙන හිටිය මාව තුරුල් කරන් අම්ම අඩන්න ගත්තේය... ඇයට ඇති තරම් අඩන්න ට ඉඩ දි මම නිහඩ වී සිටියට ඇස් දෙකට බර වැඩි උන කදුළු කම්මුලෙන් පහලට ඇද වැටුණේය....
! පුතේ... මට වචනයක් හරි කියල තිබුණ නම්... අද මම අසරණ වෙන්නෑ .... උබට අම්මට කියන්න බැරි උනේ ඇයි මයෙ පුතේ...
• අම්මා.... මම දන්නව නොකිය හිටපු එක වැරද්දක් කියල... මට අම්මට කියන්න ඕන උනා...මමත් දැන ගත්ත කාලෙම... අම්මට ඉස්කොලෙ වැඩත් එක්ක මාව අත ඇරුණා...
! සමාවෙයන්.... රත්තරනේ.... මම උබට එ් තරමට අසාධාරණ කරලා... අම්මගෙ පුතාගෙ විශ්වාසය නැති වෙන තරමටම...
• නෑ ... අම්මා මට අම්මට තරම් මේ ලොකෙ වෙන කාවත් විශ්වාස නෑ... එ්ත් මගෙත් වැරදි නිසා අම්මට කියන්න හයියක් තිබ්බෙ නෑ....
! එතකොට සිහත්.... ඔයා එ් ළමය ගෙදරට ගෙනාවෙ හිතලමද...
• අම්මා ... මම වරදක්ද කරේ සිහත්ව ගෙනල්ලා... පොඩීගෙ වරදක් නෑ අම්මා...
! මම එ්ක නෙමෙයි ඇහුවෙ.... සිහත් ගෙදරට ගෙනාවෙ මොන අදහසකින්ද කියලා..
• මම සිහත්ව දැන ගත්තෙ අහම්බෙන්... එතකොට දන්නෑ ... මම සිහත්ගෙ දෙමාපියෝ කවුද කියලවත්... මට ඔ්න උනා පොඩි ගැන හොයන්න... දිල්ගෙ පන්තියේ නිසා... මම සිහත් ගැන නිතර හෙව්ව... මට එ් දේ නොකර ඉන්න බැරි උනා....
! වැලිවිට ටීච දන්නවද මේ දේවල්...
• නෑ... ටීච සිහත් ගැන සෙමිනා එක දවසෙ කීවම.... සිහත්ගෙ ගෙදර ගියාම මට ඔ්න උනා ළග ට ගන්න, මම දන්නෑ වැලිවිට ටීච අම්මට කියල අපෙ ගෙදර නවත්තයි කියල.... සත්තයි... මම එ් ගැන දන්නෑ.. මට ඔ්න උනේ හොස්ටල් නවත්තන්න...
! හ්ම්... එ්ව ඔ්න නෑ.... පුතේ ඔයා බලෙන් සිහත් අපෙ ළග ඉන්න නිසා ලං කරගෙන ඉන්නවද...
• නෑ අම්මා.... සිහත් මං වගේ ම... ගයි.... එයා මට ගොඩක් ආදරේ...
! මම හිතුව උබල දෙන්න හිනා වෙලා ඉන්නකොට... මම උබට සහෝදරයෙක් නොදී වරදක් කරල කියලා..
• නෑ අම්මා....මටයි ඔ්න උනේ අම්ම මට වගේ ම සිහත් ටත් අම්ම වෙන එක... එ් ගැන මම ගොඩක් සතුටු උනා...
! පොඩීව බලාගන්න ... මම නැති කාලෙත්... කාටවත් වචනයක් කියන්න දෙන්න එපා.... මයෙ පුතේ... පොඩී ආවම මගෙ ගෙදර එළිය වැටුනා... මගෙ කොල්ල හිනා උනා... මගෙ පුතා ගත්ත තීරණේට මම අකමැති නෑ.... ජිවිතේ නොගැළපෙන තැනක මම නිසාවත් පවුල නිසාවත් හිර වෙන්න එපා පුතේ.... අපි ඉන්නෙ ටික කාලයයි එ් කාලෙ උබ දුක් විදිනව දකිනවට වඩා හිනාවෙනව දකින්න ඔ්න....
• අම්මා..... මම නිසා අම්මට අම්මගෙ සහෝදරයො නෑදෑයො නැති වෙයි....
! කලින් හිටියෙත් නෑනෙ මගෙ පුතේ... එයාලම ඇවිත් නෑදෑකම් කියලා....එයාලට ලැජ්ජයි කියල ගියාට... අපි ගියේ නෑනෙ.... එයාලට වාසිය අවාසියට අපහස කරන්ට නෑදෑයො මතක් වෙනවා...
*එ්ක ඇත්ත අම්මා... මට සතුටුයි... අම්මා සිහත් ගැන හිතන විදිහ වෙනස් නොකරට...
! කෝ දැන්... පොඩී...
• උයනවා...
! පව්.... පැත්තකට වෙන්න... මට කුස්සියට යන්න...
• එයා උයපුදෙන්... සතුටින් කරනවා... කල්පනා කරයි නිකන් හිටියොත්...
! යමු... තනියමනෙ...
මම අම්මගෙ පස්සෙන්ම කුස්සියට එනකොට සිහත් බරටම වැඩ... වැඩ අස්සෙ සාස්පානක් අත ඇරි සද්දයට බිම වැටුනේය...
• ආ උබ ඉන්නව කියන්නද... සද්ද...
දිවත් දික්කරන් ඇද කරන්න හැරෙනකොට අම්ම බලාන... පොඩී ලැජ්ජාවටම අහක බලා ගත්තෙ ය...
! පොඩී.....
: අම්මා.....
! ඇයි දරුවො මේ.....
අම්මව බදාගෙන ආයෙත් අඩනවා...
• අම්මා පොඩීට කැමති නෑළු... යනවළු හෙටම...
සිහත් තව ටිකක් අඩන්න ගත්තා...
! දෙනව දැන් පාරක් රිදෙන්න අඩන්න එපා කීවම... අඩනවට... ලෙඩවෙයි.. පොඩී..
• අම්මා අම්මගෙ බෑන පොඩ්ඩට කොච්චර කැමතිද කියනවනම්... මම බෑන වෙලා පොඩී පුතා වෙන සීන් එකක් නෙ තියෙන්නෙ...
! පොඩී කීවට පොඩි නෑ කොල්ල මගෙ ගෙදරටම ඇවිත් මගෙ කොල්ලවම දැලේ දා ගත්ත නේද...
සිහත් රතු වෙලා.. යන්තමට හිනාවක් වැටිල කම්මුලත් යට ගිහින්...
• අද කන්න දෙනවද සිහත්...
: ඉන්න තව චුට්ටක්...
කෑම මේසෙට ඇරල තුන්දෙනාම ඉදල ගත්තෙ සතුටින් .... දවල් වරුවෙ අඩලම හෙම්බත් වෙලා නිසා බඩගින්නක් තදටම තිබුණි... සිහත්ගෙ අත්ගුණය නම් ඉතින් යසටම තිබුණ නිසා අම්මත් වැඩියි කිය කියා කෑවේය... අස්පස්කරල නින්දට යන්න හදනකොට අම්මා ගේට් එක වසා ආවේය...
! කොහෙද පොඩී... යනව කාමරේට...
• අම්මා....
! මම නෙ නරියට කුකුල් කොටුව බාර දීල තියෙන්නෙ... දොරවල් ඇරලම... අම්මපා උබල දෙන්නා...
එ් කතාවට මටත් හිනා ගියේ... එ් වාසිය වැඩිපුරත් අර ගත්ත නිසාය...
: අයියට මුකුත් කියන්න එපා.. මම නෙ ගියේ...
! ඇත්තද... විභාගෙ ඉවර වෙනකන් අයියගෙ කාමරේට යන්න බෑ... තේරුනානෙ...
• අම්මා....
! ලොකූ... මම උබව දන්නවා... පොඩී හිටපුදෙන් එ් කාමරේ....
: මට නින්ද යන්නෑ... ලොකූ නැතුව..
! පොඩී.... යනව නිදියනවා.... ලොකු උබෙ වෙන්න ඇති ... පොඩී තාම මගෙ දරුවනෙ... මම කියන දේ අහල ගේ ඇතුළෙ ඉන්න ඕන..
පොඩී මූණ බිමට හරවන්ම කාමරයට ගියේය...
! මට සිහත්ගෙ තාත්ත එක්ක කතා කරන්න ඔ්න පුතේ... මම ඔයාලත් එක්ක තරහකට නෙමෙයි... එ්ත් පොඩීව විභාගෙ ඉවර වෙනකන් ළග ට ගන්න එපා...
• හා අම්මා.... තාත්තට මම කියන්නම්...
! නිදා ගන්න.. දවල් එ්ව හිතල හිත කලබල කරගන්න එපා...
• අම්මත්... බුදු සරණයි....
! බුදු සරණයි... පුතේ...
අවසානයට
ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹
[text_hash] => 67657600
)
What do you think?