Chapter 82: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

******* අසූ එක්වන දිගහැරුම ****** 🌹🌹🌹

සිහත්වත් එක්කරගෙන ගෙදර ගියේ අම්මා එන්න කියල කියපු නිසා... ඒත් සිහත් මාත් එක්ක ඉන්න බව අම්මට කියන්න බැරි උනා.. සිහතුත් බය වෙලා... ගෙදර ගියාම පංතියෙන් කලින් ආව කියල බනි හිතල.. ගෙදර ලං වෙනකොට.. මාව බේරගන්න බැන්නොත් කියල මාව පොරොන්දුත් කරගත්තා....

• සිහත්... ඔයා බය වෙලා වගේ මූණ තියන් හිටියම අහුවෙනව යකෝ... නෝමල් ඉන්න..

: හවස පහට ඉවර වෙනව කියල දන්නව අම්මා...

සිහත් ගෙට ගිය නිසා බයික් එක නවතා ඇතුලට යනකොටම...

• ලොකු අයියා.... එනව කීවෙ නෑනෙ...

# උබලට කිය කිය එන්න.. මගෙ දරුව බැහපිය එලියට කියල ගෙදරින් පැන්නුවට වෙන්ට.,

ලොකු අයියා හොදටම තරහින්... මම දිහා යක්ෂ වේසෙන් බලන් ඉන්නවා... මමත් මුකුත් නොකියම අයිය ඉස්සරහින් පුටුවෙම ඉද ගත්තේය... දෝණි මතක් කරද්දිත් මට තරහ වැඩි වන්නේ.. ලේ නහර රත්කරවමිනි....

• අයියෙ... ඔයාට දුක ඇති... එ්ත් දෝණිගෙ හැසිරීම ‌‌‌අන්තිමයි...

! පුතේ... දැන් එ් දේ වෙලා ඉවරයි... රණ්ඩු නොවී... කතා කරමු...

# මොනව කතා කරන්නද.... පුංචි අම්මා... දන්නව ද මම කෙල්ලව හදන්න මහන්සි වෙන තරම... එ් කෙල්ලව පැන්නුවා කීවම මට ඉවසන් ඉන්න පුළුවන්ද... මම තාත්ත එ් දරුවගෙ... නෑදෑයොනෙ කියල විශ්වාසෙ ට තියල ගියේ... අන්තිමට එ් කෙල්ලට වරද පටවලා එලියට ඇදල දැම්මා...

! වැරදි පුතේ... මම දන්නවා...

# නෑ.... පුංචි අම්ම දන්නෑ... ගුරුවරයෙක් වෙලත් නොතේරුනේ ඇයි... මම උබට සහෝදරකම් කියනවට ද.... උබට කොහෙවත් ඉන්න අර අනාථයා ලොකු උනා... කෝ දැන් ඔය වේ ස බ , ලා....

• අයියෙ ඔය විදිහට කතා කරන්නෙ එ් ළමය මොනව කරාට ද....

! එ් ළමයා අහිංසකයි පුතේ....

# අහිංසක.... අහිංසක නිසා ද පුංචි අම්මා ඇස්කන් නෑ වගේ ඉන්නෙ...

• ලොකු අයියෙ ඔයාට ප්‍රශ්නෙ මාත් එක්ක නම්... කියන දෙයක් මට කියන්න...

මම දන්නව මේ හැමදේම සිහත් අකුරක් නෑර අහන් ඉන්නව කියල... සිහත් බය වෙලා ඇත්තෙ... අයියගෙන් සමාව අරන් මේ ප්‍රශ්නය අතඇරල දානවා... ගොඩින් බේර ගන්න එක හොදයි... කෝ කටත්...

# උබට විතරක් නෙමෙයි... උබත් එක්ක පවුල්කන අර බල්ලටත් එක්ක කතා කරන්න මම ආවෙ...

• අයියෙ හරියට කතා කරන්න...

! ලොකු පුතේ... සන්සුන්ව කතා කරගමු.... වටපිටාවට ඇහුනොත් හොද නෑ....

- සහෝදරයො උබල ගහමරා ගන්න උබලට මොනව බෙදා ගන්නද...

• අයියෙ දෝණි කියපුවා විතරක් අහගෙන රණ්ඩුවට එන්නෙ....

# මම අරකයි උබයි ඔක්කොම කියන එ්ව අහන්න තමයි ආවෙ... එන්ට කියපන් ගේ අස්සෙ දාගෙන ඉන්න අනාථයා ට...

• අයියෙ මගෙත් ඉවසීමට සීමාවක් තියෙනවා.... ඔයාට කියන්න තියෙන දෙයක් මට කියල කරුණාකරල යන්න....

! සිහත් කියන්නෙ ප්‍රශ්න දා ගන්න ළමයෙක් නෙමෙයි.. පුතේ... ඔයාම තේරුම් ගනී මම කියන්නෙ ඇත්ත කියල... පොඩී.... එන්නකො..

මම අම්මට එපා කියන්න හදනකොටම සිහත් ආවේය.. ඇස්වල කදුළු පිරිලා...

# මම අහන දේට හොදට හිතල උත්තර දෙන්න..

සිහත් හිස සොලවා හා කීවෙ ය....

• අපෙ පවුලෙ ප්‍රශ්න වලට මේ ළමය පලි නෑ...

# පවුල... අනේ මේ...

• ඇයි ගහන්ටද..... අත දික්කරන්නෙ...

! අනේ දෙයියනෙ... උබල ගහමරා ගන්නෙ... අම්මලා ඉස්සරහ... ඉගෙන ගත්ත ළමයිනෙ...

# පොඩී ද මොකාද .... උබට දෝණි එක්ක සම්බන්ධයක් නෑ...

: නෑ... එහෙම දෙයක් හිතලවත් නෑ....

! එ්කනෙ පුතේ..... බොරුවට....

# මේ වගේ එකෙක් මගෙ කෙල්ලට... කෝමත් කැමති වෙන්නෑ.... මොකද මල්ලි මම හොදට දන්නව උබ මේ ගේ අස්සෙ මේකත් එක්ක නටන නාඩගම්....

සිහත් බයවෙලා ඇස් වලින් කදුළුළු ගලා යනවා...

- ලොකු පුතේ... ඔය දේ මම නංගි ට නොකිය කීව... දැන් ඔය කරගෙන තියෙන්නෙ...

! මොනවද කියන්නෙ... මයෙ පුතේ... මට තේරෙන්ට කියන්න... පොඩී ඔයත්...

සිහත් හඩා වැටෙන දිහා බලන් හිටියෙ මට බලන් ඉන්න බෑ.. ඉකිගහන සද්දෙට... මට බැලවෙන්නෙම එ් දිහා...

• උබනම් මහ බළු වැඩ කරන්නෙ.... අයියගෙ මූණට ලං වි මා කීවේය..

මම දන්නව දෝණි සිහත් මා අතර ඇති සම්බන්ධය, දැකපු දේවල් අකුරක් නෑර කියා ඇතිබව පැහැදිලි ය....

අයියා මා දෙසත් සිහත් දෙසත් සමච්චල් හිනාවක් දාන්නෙ ලොකු දිනුමක් ලබන්නට සැරසෙනව වගේය...

# කියපන් අම්මලා ඉස්සරහම මගෙ කෙල්ලව එලවලා දැම්මෙ තොපි දෙන්නගෙ නාඩගම් ඇස් දෙකට දැකපු නිසා කියලා... මගෙ කෙල්ලගෙ චරිතෙ හොදනෑළු... උබල හරි දේවල් කරල නෙ...

• කියනව තමයි යකෝ... මම කියන්න බයත් නෑ... ලැජ්ජත් නෑ....

: අනේ නවත්තන්නකො.... මම යනවා ගෙදරින්... මම නිසා හැමදේම... අම්මා.... මම යනවා ඉන්නෙ නෑ... රණ්ඩු නොවී ඉන්න කියන්න.... මට සමාවෙන්න.. අම්මා.

සිහත් අම්ම ළගට ගිහින්.. නවතින්නැතුව කියවනවා... සිහත්ගෙ කියවිල්ල නවත්වන්න මම නැගිටින්න කලින්ම සිහත් අම්ම ඉස්සරහම ඇද වැටුණි...

! අනේ.... පොඩී.....

• සිහත්..... ලොකු අයියෙ මම හොදින් කියන්නෙ... ඇති දැන්...

මම සිහත්ව අත් දෙකට අරන් පුටුවෙම තැබුවේය... අම්මගෙ ඇස් වලින් කදුළු වැටෙනවා... සිහත්ගෙ ඔළුව ඇගේ උකුල මත තියාගෙන... කදුළු වලට කම්මුල් තෙමිල නිසා අම්මා පිස දැම්මෙ ය..

• සිහත්.... මැණික... ඇස් අරින්න...

කුස්සියට ගිහින් වතුර ගෙනත් චුට්ටක් ඉහල... මූණේ වතුර ටිකක් තැවරෙනකොට සිහිය ආවේය...

මොනව උනත් ලොකු අයියගෙ කියවිල්ල සිහත් නිසා නතර විය... අම්මත් මම වගේ ම සිහත්ට දක්වන සෙනෙහස ආදරය දැකපු නිසාමදෝ... තරහින් බලා සිට මිදුලට ගියේය....

• සිහත්... මොකද උනේ... මේ බලන්න.. මුකුත් ප්‍රශ්නයක් නෑ.... හරිද... නැගිටලා ඉද ගන්න...

අමාරුවක් නෑ නේද... මැණික...

සිහත්ව පුටුවෙ ඉන්දවලා වතුර ටිකක් බොන්න දුන්නේය... ආයෙත් එ් ඇස් දෙකට කදුළු පිරෙනවා...

! පොඩී.... නාඩ ඉන්න....

අම්ම මගෙ දිහා කෙලින් නොබැළුවත්... සිහත්ට වෙනසක් නොපෙන්වාම... තුරුල් කරන් හිස අතගැවේය...

- නංගි... උබලට පිස්සු... අදම මේ කොල්ලව යවන්නැතුව... තවත් ලං කර ගනිල්ලා... රටේ ලෝකෙ මිනිස්සුන්ට මූණ දෙන්නෙ කෝමද.. පවුලෙ නම්බුවම ඉවරයි.... දේව් මෙච්චර හිතුවක්කාර වෙන්නෙ... මේ වගේ ලෙඩ්ඩු ගෙට දාගෙන....

! අක්කා.... මම ඉවසුවා.... ඇති.... අක්කත් යන්න... පුතත් එක්කරගෙනම... ලැජ්ජ වෙනවනම් වෙන්නෙ... මටයි මගෙ කොල්ලො දෙන්නටයි....

දෙයියනෙ... මගෙ අම්ම එහෙම කියද්දි... මම ලෝකෙම දිනා ගත්ත වගේ... අම්මගෙ ලග බිම ඉදගෙන දණහිසට ඔළුව තියන් ඇඩුවේය... අම්ම මට කිසිම ප්‍රතිචාරයක් නොදැක්වුවත්.. මට ඇයගෙ පහස ගාව දැනුන ආරක්ෂාව මෙතෙකැයි කීමට නොහැක...

ලොකු අයිය මිදුලෙන් ගේ ඇතුලට ආවේම නැත... ලොකු අම්මත් යන්නට සූදානම් වූයේ... කටට එන වචන වලින් මුමුණමිනි... එ් වචන වලට රිදෙන්නට හිත එකග නැත.. එ් අම්මගෙ තුරුලෙ ඉකිගහන සිහත් ගැන අම්ම පෙන්වූ ආදරය... සතුටක් වෙලා පිරි ඉතිරි යන නිසාය...

# මම යනව... නංගි උබට කවුරුවත් නැතිදාට තේරෙයි...

! මනුස්සයා මැරුණ දවසෙත් ගොඩක් අය මගෙ තනිය ගැන දුක් උනා... එ් උනාට අන්තිමට මට මගෙ කොල්ල විතරයි.. අක්කා එක්ක තරහක් නෑ.. ලොකු පුතාටත් කියන්න... ඔයාලට ලැජ්ජ වෙන්න මගෙ ගෙදරට නෑවිත් ඉන්න... මට මගෙ කොල්ලයි... කුසින් නොවැදුවත් කටපුරා අම්මා කියන කොල්ලෙකුයි ඉන්නවා...

ලොකු අම්මත් අයියත් කාර් එකට නැගී ගියේ... මහ වැස්සකට පස්සේ දිගු නිහැඩියාවක් ඉතුරු කරලා... අම්මා සිහත්ව හිස අතගාල පුටුවටම ඇල කරල මම දිහා නොබලම එතනින් ඉවත්වී කාමරයට ගොස් දොර වසා ගත්තෙ ය.... එ්කට නම් මටත් සිහත්ටත් හොදටම රිදුනි.,

අවසානයට

ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹

[text_hash] => da150b6b
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...