Chapter 81: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

******* අසූවන දිගහැරුම ****** 🌹🌹🌹

සෙනසුරාදා වරුවක් වැඩ කරන්න.. අද ඔෆිස් යන්දෝ නොයන්දෝ සිතමින්ම නැගිට්ටේය...

• අම්මා.... නිදි මතයි මට තව...

- නිදියපිය කොල්ලො අපි ඇහැරෙව්ව වගේනෙ.... ඇණුම් අරින්න තියා ගත්තෙ මෙතන...

• අනේ ඔයා... උදෙන්ම නැගිටලා... උදේ සුපුපුණු මලක් බදු....

- පලයන්ට උබෙ අම්මත් එක්ක තියා ගනින් ඔය කෝලං... අහකට පලයන්....

! ඔෆිස් යන්නෑ... වෙලා ගිහින්...

• යන්න ඕන.... ගිය දවස් ටිකේ  ගියේ නැති නිසා කම්මැලි වෙලා....

! රජිත පුතා එන්නෙත් නෑ දැන්....

• ඌට දැන් නිවාඩු දවසට නැන්දම්ම මාම බලන්න යන්න ඕන...

- උබට තමයි උවමනාවක් නැත්තෙ...

• ලොකු අම්මආ ... තහනම් වචන කියන්න බෑ...

- තහනම් වචන අපි දන්නෑ... අර කෙල්ලට කැමති වෙයන්....

! පුතේ.... ලොකු අම්ම කියන දේට මමත් කැමති.....

• මම යනවා.... ඔයාලට වෙන මතෘකවක් නැද්ද...

! පොඩී උදේ කන්නැතුව ගියේ...

• කෑම එක ගිහින් දෙන්න ඔ්නද අම්ම...

! පුළුවන්නම් ගිහින් දෙන්න... එකොළහට ඉන්ටවල් කීව...  බඩගින්නෙ.... එතකන්....

• හා අම්ම.... ටිකක් ලොකුවට ඔතන්න... යාළුවොත් ඉන්නවනෙ... කෙහෙල් කොලේ....

ඔෆිස් එකට යන්නට හිත දෙන්නේම නෑ... සිහත්ගෙ කෑම එකත් අරගෙන ගෙදරින් ආවෙ.. සිහත් බලන්න කොහෙදෝ ඉදන් හිතට ආව ආසාවකින් ය... මගෙ මැණිකව මගෙ ළගට ආයෙත් ලං කරගන්න හිත ඇතුලෙන් සැලසුම් ගොඩ නගන්නේය...  වෙනදට කාමරයට ඇවිත් මාව ඇහැරවා  හුරතල් වෙනවා... මං ළග නිදියන දවසට තුරුල් වෙවී තවත් නිදිය ගන්නවා... දැන් මගෙන් ඈතට යන්න හැදුවට එ් දේ කරන්න බෑ... මම දන්නවා... උබෙ පපුව මගෙ ළග ගැහෙන විදිය පව හොදින් දන්නවා...

සිහත්ගෙ ක්ලාස් එකට කිට්ටුව රසකැවිලි විකුණන දෙමළ කඩයක් දැක්කෙ අහම්බෙන්... බූන්දි මල්ලක් අරන් කෑම එක තිබුණ බෑග් එකට දැම්මේය... වෙනදත් මෙතනට ආවට හදිසියට ඇවිත් සිහත්ව රැගෙන ගියා මිසක්... වටපිට බලන්නට තරම් මට වෙලාවක් උවමනාවක් නැතිවිය... අද ඔෆිස් එක පහුකරන් වෙලාවටත් කලින්ම ක්ලාස් එක ළගට ආවෙ උදේ ඉදන් මට මැණිකව ළග තියන් බලන් ඉන්න තියන උවමනාවටය.... මොකද ගිය දවස් ටිකෙ මට එ් හුරතල් මූණ බලන් ඉන්න බැරි තරමට අපිට ‌‌‌අපි මග  ඇරුණ නිසා ය....

විනාඩි හතළිස්පහක් බලන් හිටියෙ එකොළහට තත්පර කටුව ළං වෙන්න මෙතරම් කල් ගන්නෙ ඇයිදැයි සිතමින්මය... මට වෙනදට වැඩිය වෙලාව යන්න කල් ගන්නදෝ සිතුණි... එක එක ළමය  එළියට එනවා... සිහත්ට කෝල් එකක් ගත්තෙය...

• හෙලෝ.,.. මැණික....

: මොකෝ.,. ලොකූ....

• ඔය ඉතින් තරහ ගස්සවනවනෙ මාව..,

: ඇයි.,.

• ලොකූ කියනවට මම කැමති නෑ....

: මට බඩගිනි... කන්න යන්න ඕනි... ඇයි ගත්තෙ...

• එන්න එළියට... බෑග් එක අරන් එන්න...

: ඇයි.... කොහෙද ඉන්නෙ....

• මග බලන්.,..

: ඉන්න එන්නම්....

සිහත් තත්පර ගණකිණ් පන්තියෙන් එළියට ඇවිත් වට පිට බල බල මාව හොයනවා... එ් ඇස්වල උනන්දුව මට දුර ඉදන්ම පේනව...

• සිහත්..... ෂ්..... ෂ්...

: මොනවද ‌‌‌අනේ.... ඇයි ආවෙ....

• බඩගිනි.... එ්කයි...

: මටත්.... ඇයි මට මැසේජ් එකක්වත් දැම්මෙ නැත්තෙ....

• මට ඔ්න වෙලාවට මම බලන්න එනවා...

: එ්ම බෑ... දැන් ඉන්ටවල්.... ඉක්මනට මොනව හරි කලා පන්තියට යන්න ඕනි....

• යමු....

: බෑ.... යන්න... දැන් බලා ගත්තනෙ....

• නගින්න... කීවනෙ එකපාරක්....

: පිස්සුද ... මට බඩගින්නෙම ආය පංතියට යන්න වෙනව දැන්... ඔයත් එක්ක කෝලං කරල...

• උබට මාව කෝලමක්ද...

: නෑ.... නෑ.... රණ්ඩු වෙන්න එපා.... ළමයි බලනව අනේ..

• මාව ලැජ්ජාවක්.... එ්ම කියන්නෙ....

: අනේ යමූ... විනාඩි විස්සෙන් ආය මෙතෙන්ට එන්න ඕන...

සිහත්ව බයික් එකට නංගවා ගත් මම නතර උනේ... පේරාදෙණිය පාරේ ටික දුරක් ඇවිත් ගග අද්දර පාරට හරවා... මහවැලි ගං ඉවුරට මුහුණලා රූස්ස මැයි මාර ගසක් යටය....

: ඇයි කියන්නකො මෙතෙන්ට ආවෙ....

• මාත් එක්ක එන්න හේතු ඔ්නද.. මැණික... කියන්න..

සිහත්ගෙ දිගැටි ඇගිලි පිරුණු මගෙ ඇගිලි අතර තෙරපමින් අසන විට... ඇසිපිය නොහෙළා මං දිහා බලන් ඉන්නවා...

: මොකද්ද කියන්නකො...

• එන්නකො...

සිහත්ව ලං කරන් ගං ඉවුරට මූණ ලා තනා ඇති සිමෙන්ති බංකුව වෙතට ගොස් ඉදගත්තේය... සිහත් නිශ්ශබ්දයි... වෙනද වගේ හුරතලය අඩු උනත් එ් පෙම් පාට රෝස පැහැයට හැරිල කම්මුල් මත විසිරිලා ගිහින්...

: හරි ඇයි කියන්නකො...

• බඩගිනිද...

: හ්ම්... පංතියට යන්න ඕනි...

• ඔයා අතරමං වෙලා...

: කොහෙද... ඔයාට පිස්සු....

• අතරමං වෙලා ඉන්නෙ... මට කතා කරන්න... බැදීමක් නැතුව... ඔයා තෝර ගන්න... මට ආදරේ වැඩි උනාම දේව් කීවෙ, දේව් කියනවද... මං ළග හැමදේම දීල මගෙ පපුවට වෙලා මහත්තයො කීවෙ... ගේ ඇතුලෙ අම්මට, ගමට, ලොකු අම්මලාට ඇහෙන්න ලොකූ කීවෙ.. නැත්තන් කිසිම බැදිමක් නැතුව දෙව්නක කියනවද... ඔයාගෙ අතේ... කතා කරන්න...

සිහත්ගෙ ඇගිලි වෙව්ලනවා... මගෙ අත්ලට හිර කරන් පපුව මත තබා ගත්තෙ තවත් සිහත්ව මා දෙසට හරවා ගනිමින්...

• මැණික... මම හැමදම පොඩී කියන්නද... කියන්න...  ඔයාට මට කතාකරන්න පුළුවන්නෙ කෝමද...

සිහත්ගෙ ඇස්දෙක කදුළු වලට බොදවෙලා මං බලන් ඉද්දිම කම්මුල් දිගේ ලොකු කදුළු කැට පහලට ඇද වැටුණි.... සිහත්ගෙ අතසීරුවට අතැරලා කදුළු වැටෙන ඇස් දෙකට ලං උනේ... මට තියෙන බැදීමට මට මැණිකව අඩවන්න හයියක් නැති නිසා ය...

• අඩන්න .... එපා.... ඔයා ට මාව දුරස් කරන්න බෑ... මේ පපුව අස්සෙ හිර කරන් වේදනා විදිනවා... මම ආදරේ කලේ... මැණික ආදරේ කලේ... ආදරේ කියන බැදිමට ලං වෙලා....

: මට තෙරෙන්නෑ.... අම්මට මම වරදක් කරනවා... අම්ම මාත් එක්ක තරහ වෙයි... එයා ගාවින් මට යන්න කියයි... එහෙම උනොත් ඔයාවත් මට නැතිවෙයි....

සිහත්ව පපුවට තුරුළු කරන් නලලට හාදුවක් දුන්නෙ... මට මගෙ මැණිකව පරිස්සමට ලගට ගන්න ඔ්න කියන්න.. සිහත් ඉකිගහල අඩනවා...

: මට සමාව දෙනවද... දේව්... ඔයා ට දුකක් දුන්නට.... මම මොකද කරන්නෙ... මට බයයි... අම්ම දකිනකොට මම වැරදිකාරයෙක් කියල හිත කියනවා...

• අපි දෙන්න ගැන මම ගෙදර ට කියනව මැණික... තව ටිකක් ඉවසන්න.. ඔයා කවුද මගෙ.. මම ඔයාව දැකපු දවසෙ ඉදන් ආදරේ කරන තරම්... අම්මට කියනවා.. ඔයා නැතුව මට ඉන්න බැරි තරමට ලං වෙලා කියල තේරුම් කරල දෙනවා... ඉවසන්න.. චුට්ටක්... මගෙ මැණික...

: දේව්... ඒම දවසක් තියේද...  එදාට අම්මා...

සිහත්ගෙ තොල් අතර දබර ඇගිල් තබා නිශ්ශබ්ද කලේය...

• එදාට අම්මව මම කැමති කරගන්න පොරොන්දු වෙනවා... එතකන් ඔයා වෙනද වගේම මගෙ ගාව තුරුල් වෙලා ඉන්න ඕන... මට එ් විශ්වාසෙ ඇති.... ඔයාගෙ ආදරේ මට ඇති.... තේරුනාද...

: ඔව්...

• බඩගිනි ද...

: ඔව්... ක්ලාස් එක.....

• දැන් යන්න බෑ... පරක්කු වෙලා....

සිහත් මගෙ ඉන වටේ අත් යවල පපුවට තුරුළු වෙලා පහළින් ගලායන මහැලි නදිය දිහා බලන් ඇස්පියා ගත්තේය.... නලලට වැටුණු කෙස් රුල්ල උණ පතුරු අතරින්ම සීතලට ආව සුළගට සිහත්ට කරදර කරනවා.. කෙස් එහෙ මෙහෙ කරල නලලට තදින් හාදුවක් තැබුවේය.... සිහත්ව තවත් තුරුළු කරගෙන මග ඇරුණු අපෙ ආදරය මහැලි සුළගේම විදගත්තේය...

: මට බඩගිනි....

• බත් එක ගෙනාව... මේ.. කෙහෙල් කොලේ...

: අම්මෝ... සුවද.... රස ඇති...

• ආ...

: මොනාද........ බූන්දි....

මම දිහා බලාන හිනා වෙනවා...

• මට අයිති මේ හිනාව... බඩගිනිත් නැති උනා... මැණික... මට මේ හිනාව ඔ්න හැමදම...

: හ්ම්...බත් කමු... කවනවද...

• හා...

බංකුව උඩ බත් එක දිග අරන් බත් කටත් අනනකන් බූන්දි කනවා...

• පොඩී... බත්කාල කන්නකො... කෝ තියන්න පැත්තකින්...

: චුට්ටි කටවල්...

• ආදරේ ද මට... ඉස්සර වගේම...

: ආදරේ ඉස්සරටත් වැඩිය... දන්නවද..

• මොනවද...

: මේ වගේ ප්‍රශ්න ආවම.. ආදරේ වැඩි වෙනවා...

• මටත් දැනුනා... ගොඩාක් ආදරේ ...

කන්නකෝ ...

අම්ම ඔතල දුන්න බත් එකම බෙදාගෙන කාල.. සිහත්ගෙ වතුර බෝතලෙන් අත හෝදන් වතුරත් බීල.. ටිකක් වෙලා.. උණ පතුර සද්ද අස්සෙ කනට ලං වෙලා ආදරයම මුමුණ මුමුණ.. එ් වල ගැහෙන කම්මුලට හාදු පුරවලා... ඇගිලි අතර ඇගිලි හිරකරන්... උරහිසට හේත්තු වෙලා... මගෙ කමිසෙට උඩින් හයියෙන් හැපුවේය....

• ආව්.... ගලවනව දත්ටික...

: ගෙදර ගියාම දෙනවද...

• මොනවද...

: හපන්න....

• ඉන්න ... කොල්  එකක්...

: කවුද..

• අම්ම... ගෙදර යමු... නේ....

: ඇයි.. තව ඉමු....

• එන්නළු...

: හදිසියේ....

• හ්ම්... යමු....

: බනි මට පංති කට් කලා කියල

• නොකිය ඉමු....

සිහත්වත් රැගෙන ගෙදර එන්නට පිටත් වුයේ.. අම්ම කතා කල නිසා මිසක් හිතකින් නම් නෙමේ...

අවසානයට

ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹

[text_hash] => 0288d36c
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...