Chapter 80: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

******* හැත්තෑ නමවන දිගහැරුම ****** 🌹🌹🌹

සිහත්ට කාලයක් දිය යුතුය... සිහත්ව දුර්වල කරන්න පුළුවන් හොදම හා ලේසිම දේ අම්මා ය... දෝණි මෙතරම් කපටි කියා සිතුවේම නැත.. මම අම්මෙක්ගෙ අඩුව නොදැනෙන්න සිහත්ට සහ අම්මට ලං වෙන්න ඉඩ හැරිය මිසක් මට සිහත් සහෝදරයෙකු ලෙස දැකීමට කොයි මොහොතකවත් අවශය නොවීය... සිහත් සහ මම පළමු හමුවීමේ පටන් පෙරුම් පිරුවේ ආදරය, සෙනෙහස, ප්‍රේමය මැද ජීවත් වන්නටය.. හිස් තැනක් නොතබම සිහත් වෙනුවෙන් හදේ උපන් ආදරය දෙන්න මට හේතු අවශය නොවීය... සිහත් මේ තරමට වෙනස් වන්නට තව කෙනෙක්ගෙ ආදරයක් හේතු උනේ නැති එක ගැන නම් මට සතුටුයි... මම දන්නවා මගෙ මැණිකට මම තරම් ආදරේ කරන කෙනෙකු නොමැති බව...

පසුදින උදේ .. මට කලින්ම නැගිටලා කුස්සියට පැනල අම්මත් එක්ක යුද්ධයක්...

• මොකද මේ... සද්දෙ... අල්ලපු ගෙදරින් එනව දැන්..

! අල්ලපු ගෙදරින් ආවත් මොකද.. ලොකු අම්මා ආවනම් හරි...

: අම්මට ඉස්කෝලෙට එන්න එපා කියන්නකො...

• ඇයි අම්මා.,. දෙමාපිය හමුවක්ද..

! මට ඉස්කෝලෙට යන්න දෙමාපිය හමු ඕන නෑනෙ..

• එ්කත් හරි.... උබ නටන්නෙ ඇයි....

: මගෙ හොර අල්ලන්න අම්ම යන්න හදන්නෙ...

! එ් කියන්නෙ හොරයක් තියෙනව කියල නෙ...

• අම්මා යන්න.... මූ ඉස්කොලෙ යනව කියල මගුලෙ යනවද දන්නෑ...

: අනේ මේ... මම කීව කියල හිතා ගන්න....

• හා.... හා....

! මම දවල් වෙලා ගිහින් සිහත් එක්කම ගෙදර එන්නම්... අද හවස පන්තිත් නෑනෙ....

• හා අම්මා... කෝමත් ඉස්කෝලෙට යන්න නොදී කියවන්න හේතුව හොයාගෙනම එන්න අම්මා..

තේ හද හද ඉදල මට රවනවා...

• මෙහෙ දෙනවා... නිවෙනකම් හැදි ගානවා... සීනි දාලම නැද්ද කොහෙදො....

: අද ඉදන් අම්මටයි පුතාටයි දෙන්නටම අඩු සිනි තමයි...

• උබ තරහක් පිරිමහනවද සීනි වලින්....

අම්මත් මමත් හිනා වෙන හින්ද එයාගෙ කිරි එක අරන් කෑම කාමරයට ගොස් ඉදගත්තේය...

මමත් සිහත් පස්සෙම ගිහින් ඉදගෙන කල්පනා කරන නිසාම... වල ගැහෙන කම්මුලට තොල් තද කර හාදුවක් තිබ්බේ ය... සිහත් ගැස්සිලා ගිහින් කිරි එක චුට්ටක් මේසෙ මත ඉහිරුණේය... බයට කම්මුලත් රතු වෙලා...

: මොකද... පිස්සුද... බය කරන්නෙ...

• බය උනා ද... ආදරේනෙ කලේ...

: තව කාට හරි අහුවෙන්නද...

• හැමදම හැංගෙන්න බෑනෙ....

ලොකු අම්මත් වෙලාවටම එතනට ආවේය.. එ් පාරනම් පොඩීට බීව කිරි ටිකත් පිච්චිලා ගියපු පෙනුමක් ඇවිත් තිබුණේය... ලොකු අම්මා යනකන් බිම් බලන් ඉදල.. මගෙ දිහා ට සිහත් හැරුණේ.... ලොකු හුස්මක් අරගෙනය....

: වදින්නම් පැත්තකට වෙන්ට...

• මොනවද කියවන්නෙ...

: මට බයයි... ගොඩක්... ප්ලිස්... තේරුන් ගන්නකෝ...

• හ්ම් .... හරි.. මම ළගට එන්නෑ...

: දැන් දුකෙන් ද....

• නෑ.... යන්න ලැස්ති වෙන්න...

නෑ කීවට මම දුකින්... මේ තරමටම බයක් සිහත්ගෙ හිතට ඇති කලේ දෝණිය... මට එන තරහක්... දෙයියනේ.. මගෙ මැණික... මම උබ ට මේ ගේ ඇතුලෙ මගෙ අයිතිය අම්මගෙන් ඉල්ලලා දෙනව.. ඉස්කෝලෙ ගිහින් ඉවර වුනාම... අම්මට මම කියනවා ‌‌‌අපෙ ආදරේ ගැන....

උදේ ලෑස්ති වෙලා බයික් එකේ ඉස්කොලෙට යනකම්වත් සිහත් කතා නෑ... අනේ මන්ද මගෙ කොල්ලගෙ ඔළුව අවුල් කරල... මගෙ ඔළුවත් අවුල් දැන්නම්....

: හවස මම එන්නෑ...

• හ්ම්.. අම්ම එක්ක ගෙදර යන්න... තව දෙයක්... අම්ම උදේ බය කරන්න කියන්න ඇත්තෙ...

: හ්ම්... දේව්....

• ඇයි මොකෝ...

: නිකන්... පරිස්සටමට යන්න....

මම දන්නව මැණික... ඔයාට වත් මටවත් මේ දුරස්වීම හරිම නුහුරුයි කියලා.. මේ ගැනම හිත හිත ඔෆිස් එකට ගියේ රජිතට සියල්ල පැවසීමටය...

මම යන විටත් රජිත පැමිණ තිබුනි....

+ උබ කොළඹ ගියත් හරි.. උබව දකින්න නෑනෙ...

• නිවාඩු දැම්ම බං... මේ දවස් ටික මට පිස්සු...

+ තාම සිහත් මග අරිනවා ද... මම කතා කරන්නද...

• මම හිතුවෙ එයාට ඔළුව නිදහස් කරගන්න කාලෙ දෙන්න...

+ අනේ මන්ද මේකත් කොහේ හරි මගුලක් ඔළුවෙ දා ගන්නවා...

• මට අම්මට කියල දාන්න හිතෙනවා.. වෙන දෙයක් වෙයිනෙ...

+ සිහත් එක්ක කතා කරගෙනම අම්මට කිපන්...

* පොඩී බයයි... අම්ම එයාට වෛර කරයි කියලා...

එ්කයි අවුල...

+ සිහත්ව නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට එක්ක ගිහින් කතා කරන්න.. ඔය ගේ අස්සෙ උබ කොච්චර තේරුම් කරත්‌. අම්ම දකිනකොට ආයෙත් හිතන්න ගන්නවා...

• උබ හරි බං... ගේ ඇතුලෙදි හරිම වෙනස්.. මගෙ කාමරේටවත් එන්නෑ.. දොර ළග ඉදන් පණිවිඩකාරයා වගේ කියනවා....

+ සිහත්ට පරණ දේවල් මතක් කරල දියන් ළගින් තියන්න ළගින් ඉන්නකොට ඔය මනස්ගාත ඇරිල යයි...

• හරි බං.. බලමුකො එහෙමවත්... උබල දෙන්න මොකෝ...

+ අචිනි ගෙදරට කියලා...

• අවුල් ද...

+ නෑ... අපෙ ගෙදරට කියන්නෑ කියල තරහ වෙලා..

• කියපන් බං... බය ද...

+ ලැජ්ජහයි...

• අනේ මං ද බං උබ ලැජ්ජයි මම බයයි... වීරයෝ වගේ ආදරේ කරන්නෙ...

+ යමු බං උබ ලන් ෂීට් එකත් කනව නැත්තන්...

සිහත් අම්මත් එක්ක ගෙදර ගියේ ය.. අම්මට කතා කරාම අම්මා සිහත් ගැන තරහින් කතා කලේ.. අම්මා බස් එකේ නිසා වැඩි විස්තරයක් නොකීවේය.... මම හවස ඔෆිස් එකෙන් එළියට ආවේ... ඉක්මනට ගෙදර යන්නටය... උදේ දැගළුවාට මම විහිළුවට ගත්ත මිසක් සිහත් ගෙන් ඇසුවේ නැත....

ගෙදර යනවිටත් සිහත් පොතක් දිග ඇරගෙන පාඩම් කරනවා... ලොකු අම්මත් බණ පොතක් කියවනවා..අම්මගෙත් කිසි සද්දයක් නෑ.... මොනව වෙලාද...

• අම්මා..... ඇයි මේ.....

! ඔය ඉන්නෙ... අහන්ට....පොඩී ...හරි ලොකු වැඩ කරන්නෙ..

සිහත් බිම් බලාගෙන... ලොකු අම්මත් සිහත් දිහා ඇහ යටින්බලන් ඉන්නව....

• ඇයි ප්‍රශ්න මොකද්ද...

! පොඩී කරා වගේම කියනවා...

• ඒයි.. මොකද... උබ එ් පාරෙ කරේ...

: මුකුත් නෑ....

• මූණ එල්ලන් ඉන්නෙ....

; ඔයත් ගහන්න ඉවරයි නෙ..

සිහත් නැගිට කාමරයට ගියේ ය...

- ගහන්නැතුව හදන්න බෑ... කොල්ලො..

ලොකු අම්මත් පොහොර දානවා...

! මේ කොල්ලා... ගියපු නිසා දැන ගත්තෙ..

• ඇයි අම්මා.... අම්ම ළග මමත් ඉද ගත්තේය...

! මම ලියන විදිහට ලියුමක් ලියල ඉස්කෝලෙට දිල...අත්සනක් ගහල...

• පොඩී... මූ... මොන ලියුමක් ද....

! මේ පාර ඇසළ පෙරහරට වෙස් නැටුම් වලට යන්න..

• නිකමටවත් කීවෙ නෑ...

! අහන්න එපා... මගෙන් ගුටිත් කාල ඉන්නෙ...

• වාර විභාගෙත් එනවා.. එ් අස්සෙ මහන්සි වෙන්න පුළුවන්ද...

මම කතා කරන්නම් අම්මා...

! සැර කරන්න එපා පුතේ... මම අහද්දි ආසාවට කරේ කීවා...

මට මතකයි මම යන්න කලින් සර් කීව කියල කියන්න හැදුවා... මට මේ ප්‍රශ්න අස්සෙ අහන්න බැරි උනා... කෝමත් මේ සති අන්තෙ සිහත් එක්ක ළගින් ඉන්න ඕන... රජිත හරි.. මම ළගට අරන් තේරුම් කරල දෙන්න ඔ්න දේවල් මේ ප්‍රශ්න.. තරවටු කරල බෑ... අණ කරලත් බෑ..

ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹

[text_hash] => e956b22d
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...