Chapter 79: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

******* හැත්තෑ අටවන දිගහැරුම ****** 🌹🌹🌹

ගෙදරට එන කොටත් සිහත් දොරකඩට වෙලා බලන් ඉන්නවා. මම කරපු දේ හරිද... සිහත් දුකෙන්.. එ් ඇස් දෙක බලන්න කෝමත් මට බෑ...දෝණි මම යවා ගත්තට.... සිහත් මාත් එක්ක තරහින් ඇත්තෙ...

: බෙහෙත් ඇයි කියන්නකෝ...

• පලයන් අහකට..

අම්මා තේ ටිකක් හදල දෙන්නකෝ...

! බත් කන වෙලාව... පුතේ..

• හ්ම් කමු... ලොකු අම්මා කාලද අම්මා...

! කෑවා... වැඩි කතාවක් නෑ... පුතේ ඔයා පොඩී එක්කත් තරහද...

• මම කාත් එක්ක තරහ වෙන්නද..

: බෙහෙත් ඇයි කියන්නකො....

! එ්කනෙ පුතේ... අසනිපයක් නම් චුට්ටක් කියන්න ඕනනි...

• බත් බෙදන්නකො අම්මා... බෙහෙත් ටික බීල නිදා ගන්න...

මගෙ අතෙන් බලෙන් බෙහෙත් ටික උදුර ගෙන ඔක්කොම එකින් එක ඇදල බලනවා..

• සිහත් දෝණි යැව්වට මට සමාවෙයන්... මට මොනව උනාද දන්නෑ...

: අයියෙ මට දෝණි එක්ක මුකුත් සම්බන්ධයක් නෑ ... එ්ත් ඔයා හිතන විදිහ දේකට නෙමෙයි... මම කතා කලේ...

• උබත් එක්ක තරහ නෑ මං...

: ඔයා මෙහෙම හැසිරෙන්න එපා... මම ඔයාට නැති වෙන්නෑ...

• පලයන් උබ මගෙ හිත හදන්නැතුව... අයින් වෙයන්...

මම නැගිටලා කුස්සියට ගියේ මග අරින්න උවමනාවටය... කෑම කාල නිදා ගන්න ආවෙ. ඇගට කෝමත් උණ ගතියක් තිබුණ නිසාත් අඩල අඩල හෙම්බත් වුන ඇස් දෙකට විවේකයක් දෙන්නත් සිතාගෙනය...

! පුතේ.... බෙහෙත් ගත්තෙ... ඇයි දරුවො...

• අම්ම ඇග රිදෙනවා... උණත් වගේ... ඔළුව රිදෙනවා.. පැලෙන්න...

! ඇස් දෙකත් රතුවෙලා... පුතා මම දන්නවා ඔයා ප්‍රශ්නෙක... මට කියන්නෑ... කොළබදි ප්‍රශ්නයක් උනා ද...

• නෑ අම්මා... වැඩ කරන තැන ප්‍රශ්න දා ගන්නෑ මම.. ඔයා දන්නවනෙ....

! කෙල්ලක් ගේ....

• අම්මා කෙල්ලක්ගෙ ප්‍රශ්න විතරද ප්‍රශ්න....

! ඔයාගෙ වයසට එක්කො ඔෆිස් එකේ, නැත්තන් කෙල්ලක්ගෙ ප්‍රශ්නයක්නෙ ... එ්කයි...

• අම්මා... අම්මට හිතෙන දේවල්...

! නෑ මට මේ මූණෙ පේන දේවල්... කියන්න... පොඩී දන්නවද...

• නිදා ගන්න ඔ්න අම්මා..... ඇති... මම කියන්නම්... දැනට බෑ...

! ලව් කේස් එකක් නේද... අඩපන් ‌‌‌අඩපන්.... මම දැන ගත්තම මොකද..

*යන්ටකො අම්මා....

අම්මට කියන්නෙ කෝමද... මම සිහත්ට පණටත් වඩා ආදරේ කියලා... සිහත් ගෙන් මට ලැබිය යුතු හැමදේම මම ගත්ත කියලා... සිහත් මගෙ ඇස් දෙක ඉස්සරහ නිරුවත්ව සිටි පළමු දින මතකය.. මේ ඇදට සිහත්ගෙත් මගෙත් දගකාරකම් හුරුවුවා විතරයි... හිස තියාන හිටිය කොට්ටය පපුවට තද කරන් ඇස් දෙකට ඉනූ කදුළු ඇස් අගින් පහළට ගලා යන්න විය.. ටික වෙලාවකට පසු යන්තමට දෑස් පියවිනි... හිත පුරා සිහත් හිනාවෙනවා... එ් වල ගැහෙන කම්මුල අල්ලන්නට හිත කීවත්... සිහත් දුරස්වී ඇත....

මගෙ කම්මුලට දැනුන ස්පර්ශයට මට ඇහැරුණේය... ඔව් එ් සිහත්.. කම්මුල මත යන්නට සිප ගත්තා.. මම හොදටම දන්නව එ් දෙතොල්වල උණුසුම... සිහත් හඩනවා... ඇයි... මම අහනවද... මොනවද කරන්නෙ..

: දේව්.... ඔයාව මෙච්චර අඩවන්න ඔ්න උනේ නෑ.... මට ඔ්න උනේ ඔයගෙන් ඈත් වෙන්න විතරයි... දේව්ගෙ තැන පුරවන්න කාටවත් බෑ.. කවුරුවත් ඔ්නත් නෑ... අම්මාගෙ පොඩි පුතා විදිහට ඔයා මගෙ සහෝදරයා.. අම්මෙකුට අපෙ සම්බන්ධය දරා ගන්න බැරි වෙයි.. මට අම්මෙකුට දුකක් දෙන්න බෑ.. කවදාම හරි දවසක මම කරපු පවකට අම්මා මගේම අම්මා එ් විදිහට සලකද්දි... නාස්ති වෙන්න හිටිය මාව තමන්ගෙ පුතා වගෙ තුරු ළු කරගත්ත... මගෙ හිතට හැමදාම බරක් උනා... එදා දෝණි රණ්ඩු වෙනකොට දැන ගන්නව මේ ගෙදරම ඉදගෙන.. අම්ම කිය කිය.. එ් අම්මගෙ ම පුතා රවටගෙන නටන නාඩගම දැන ගත්තම කවුද වේසකම් කරන්නෙ කියල අත්තම්මා කියයි... කියල කියද්දි.. මට පොළව පලන් යන්න හිතුනා.. මම ඔයාට මෙච්චර රිදේවි කියල හිතුනනම් දෝණිව පටලව ගන්නෑ... අනේ මට සමාවෙන්න...

දෙයියනේ... සිහත් මාව අත‌‌‌අරින්න හිතුවෙ අම්ම නිසා ද.... දෝණි මට කීවෙ බොරුද... මගෙත් වරද සිහත්ට හරියට කතා කරන්න ‌‌‌අවස්ථාවක් නොදිපු එක... මම ඇහුවෙ නෑ... ඇයි කියල ඈත් වෙන්න ඉල්ලුවේ... අම්මා දෝණි කියපුවා විශ්වාස කරල සිහත් ළග මම හැසිරුණ විදිහ වැරදි....

සිහත් නැගිටලා යන්න හදන කොට මම කතා කලේ... මේ ප්‍රශ්නය, වැරදි වැටහීම අදම කතා කල යුතු ය...

• සිහත්.... ඉන්න....

මම සිහත්ව පිටුපසින් තුරුළු කරගත්තේ...ය...

• මට සමාව දෙන්න හොයන්නැතුව අහන්නැතුව මගෙ මැණිකව සැක කලාට..

: එහෙම හිතල හරි ඔයා මගෙ ළගට එන එක අඩුවෙයි කියල හිතුවා... එ්කෙන් උනේ... දේව් අසනීප උන එක...

• දෝණි විශ්වාසයෙන් කියද්දී... ඔය දෙන්න අතර සම්බන්ධයක් තියෙනව කියල... එ් අස්සය ඔයා මග අරිනකොට... මම මොනවද හිතන්නෙ මැණික..

: නෑ.... මම දෝණි ගැන කෝමටවත් හිතල නෑ.. මට එ්ම කරන්නත් බෑ..

• ඇයි.... සිහත්.... එකපාරටම එහෙම තීරණයක් ගත්තෙ.... මගෙන් අහන්න හිතුනෙ නැද්ද...

: ඔයා මාව තියා ගන්න ඕන දෙයක් කරයි... අම්ම එක්ක රණ්ඩුපවා කරයි.. මට පව් පිරෙයි දේව්...

• ඔයාගෙ ඔළුවට කවුද ඕව දැම්මෙ...

: කාලයක් තිස්සෙ මගෙ හිතට වද දුන්නා... මම අම්මෙකුට වරදක් කරනව කියලා... එදා දෝණි කියද්දි තේරුනා ඇත්තටම මම වැරදි කියලා...

• මම අම්මට වරදක් කරනව කියල හිතනවනම්... මම මේම සම්බන්ධයක් පටන් ගන්නෙවත් නෑ... ආදරේ කරන එක විදින  එක වරදක් නෙමෙයි...

: දේව්... ඔයාගෙ අම්මා බව ඇත්ත... එ්ත් මාව විශ්වාසකරල කුසින් නොවැදුවත් තමන්ගෙම දරුව කරගෙන.. පවුල ඇතුලෙ සහෝදරයො කියන බැදීම හදල දුන්නෙ මට අම්මා... එ් අම්මගෙන් තමන්ගෙ පුතාව ඉල්ලන්න බෑ... මට පව්පිරෙයි... මේ ආත්මෙත් මම අම්මෙක් නැතුව විදවනවා... මේ වැරද්දට අම්මට දුකක් දෙන්න බෑ... ඊළග ආත්මෙදිත් මට ‌‌‌අම්මෙක් නැති වෙයි...

• දෙයියනේ.... මැණික... මට ඕන ඔයාව නම් මම අම්මගෙන්.. ඔයාව ඉල්ලනවා... ඔයාට පව් පිරෙන්නෑ... ඔයා හිතනවද ඔයාව අත ඇරලා.. අම්මා සතුටු කරන්න මම කෙල්ලක් කසාද බදී කියලා... එ්ක වෙන්නෑ....

: මට තේරෙන්නෑ.... නෑදෑයෝ අම්මව ඔයාව පවුලෙන් අයින් කරයි... එයාල හිනා වෙයි... ඔයා ට අපහස කරයි.... මම නිසා....

• කවුද සිහත්... ඔයාට මේ මගුල් කිවෙ... මට ඇත්ත කියන්න.. මේකට ලොකු අම්මත් සම්බන්ධයි නෙ... දෝණිට ඕන උනේ ඔයාව... මට යහපතක් පවුලට යහපතක් කරන්න නෙමෙයි...

: මට ඔයා ගාවින් යන්න වෙයි... නැත්තන්... මට සහෝදරයෙක් වගේ ලග ඉන්න පුළුවන්... ඇති මට..

• කටවහනවා... ඔයාට මොනවද දෝණි.. ලොකු අම්මා කීවෙ... අකුරක් නෑර කියන්න... අම්මා දන්නවද...

: නෑ....

• අඩන්න එපා.... ඉතින්...  උබ නැතුව මම මැරෙයි...කෝමද හිතුවෙවත් මගෙන් ඈත් වෙන්න..

සිහත්ව පපුවට තුරුළු කරගත්තේය... දවස් ගාණකට පස්සේ මම මගෙ මැණිකව තුරුළු කරගෙන කදුළු එක්ක හිනාවුනා... ඉකිගහල අඩන සද්දෙ පපුවට දරාගෙන ඉන්න බෑ.. මෙතරම් රිද්දලා... අඩවලා... මම වින්ද දුකට වඩා දුකක් මේ පුංචි පපුව ඇතුලෙ දරාගෙන විදවලා... දෙයියනේ මම අත ඉස්සුවනම් මගෙ කොල්ලට...  මම කවදාවත් මට සමාවක් දෙන්නෑ.... කෝමත් මම මේ ප්‍රශ්නය විසදා ගත යුතුය.. සිහත්ගෙ හිතින් පව්කාරයෙකු යැයි සිතන සිතුවිල්ල ඉවත් කල යුතු ය...

ටිකක් ඉන්න 🌹🌹🌹

[text_hash] => 5909bce1
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...