Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
******* හැත්තෑ හත්වන දිගහැරුම ****** 🌹🌹🌹
උදේ වෙලා ... එක පාරට වැටුන ඉර එළිය නුහුරට දැනන නිසා ඇස් දෙක ඇරියත්... ඇස් පිල්ලන් වැහෙන විට පවා හිස දෙදුරුම් කමින් තද හිසේ කැක්කුමක් හැදිල.. ටික වෙලාවක් යනතුරුම හිස බදාගෙන සිටියේ මම සිටින තැන පවා හදුනා ගැනීමට සිහියක් නොමැති නිසාය.... හිස ගාවින්ම පියඹා ගිය කුරුල්ලෙක් කම්බිකූරක වසා හඩන විට මම තාමත් සැලැබ් එක මත බව තේරුම් ගත්තෙය... හිමීන් බංකුවට බර දීල නැගිට්ටෙ නුහුරට නින්ද ගිහින් කොන්දටද වේදනාවක් ඇති වී තිබු නිසාය... වෙලාවක් පිළිබද සිතා ගැනීමට පවා නොහැකිය.. පාන්දර නින්ද ගිය බව මතකය.. වෙලාව කෝමත් දැන් හතට පමණ කිට්ටු වනු ඇත...
දෙයියනේ... මම ඊයේ රෑ අහපු දේ සැබෑවක්මද.. සිහත් නැතුව මම ඉන්න ඕනද... කොල්ල ඉස්කොලෙ ගිහින් ඇති.... මම පහළට යනවා.. මම මූණ බලන්න කෝමද... මම වරදක් කලේ නෑනෙ.. සිහත්ට පුළුවන් උනාද මට වරදක් කරන්න... පඩිපෙලේ පහලට දෙතුන් වතාවක් ඇද වැටෙන්නට ගියේ හිසේ වේදනාවටත් කදුළු පිරෙන ඇස් වලටත් පඩි නොපෙනී ගිය නිසාය...
කිසිවකුට නොදැනෙන්න කාමරයට ගියේය.. වෙලාව දහයයි.. මම අද වැඩට නොයන බව දන්න නිසාම කවුරුවත් කාමරය ට පැමිණ නැත... දොර වසා... කණ්ණාඩිය ළග සිටගත්තෙ... මට මාව දකින විට පවා පව්කාරකමක් සිතට ආවේ ය... සිහත්ගෙ දත් පාරවල් දරා ගත් මේ පපුවට... මේ තරම් වේදනාවක් දරා ගන්නට නොහැකි ය.. කාමරය පුරා දෙදුරුම් යන්නට මා අඩා වැටුණේය... දෝණි කාමරයට ආවේ එ් හඩටය....
# මාමේ.... කෑ ගහන්න එපා.... පිස්සු හැදිලද...
• පලයන් එළියට... උබට පැහැදිලව මම කීව... සිහත්ට පාඩුවේ ඉන්ට දීපන් කියල...
# මේ මාමා නොගැලපෙන දේවල් කරලා... හරි පාරට ආව ළමයටවත් පාඩුවෙ ඉන්ට දෙනවා..
• තෝ මටද පාර පෙන්නන්නෙ... හරි පාර... මගෙ අතක් ඉස්සෙන්ට කලින් බැහැපන් එළියට...
# මම බලෙන් සිහත්ගෙ කරේ එල්ලුන්නෑ.. මට බනින්නේ සිහත් ගෙන් අහන්න...
• මම බලාගන්නව තමයි ඌත් එක්ක... මොකද මම දන්නවා ඌට මම නැතුව ඉන්න බෑ...
# විකාර....
එ් වචනෙට නම් ඉවසුම් නැතුව ගියේය.. තල්ලු කරල දැම්මෙ ගහන්නට ඉස්සූ අත මිට මොලවා ගනිමින්ය... අම්මත් ලොකු අම්මත් බයවී බලන් ඉන්නව...
! මොකද ලොකූ..... මගෙ පුතේ ඇයි.. කතා කරන්නකෝ...
• අම්මා මේ කිව ගෙදර යවන්න...
- එ් කෙල්ල මොනව කරාටද...
• මං අම්මට කීව කලින්ම සිහත් ළගට කිට්ටු වෙනකොටම...
! පුතේ මම පොඩී එක්ක කතා කරන්නම්....
• අම්ම මේ එ් කොල්ලට මොනව කියන්නද... මෙච්චරයි සිහත්ට පාඩුවේ ඉන්න දෙනවා... එච්චරයි..
- මම හිතුව ඔය කොල්ල හින්ද අම්මලා පුතාලත් රණ්ඩු වෙනවා...
# මම යනවා ගෙදර....
• පලයන්... තොට කෝමත් මෙහෙ ඉන්න බෑ...
! අනේ මයෙ පුතේ කෑ නොගහ ප්‍රශ්නෙ විසදගන්න..
- ප්‍රශ්නෙ අර අම්ම අප්ප නැති කොල්ලා...
! අක්කා, මමයි එ් දරුවගෙ වගකීම භාර ගත්තෙ... එ් අහිංසකය මොනව කරන්නද...
# මාමා ඔයත් දැන ගන්න ඔ්න... කොල්ලෙක් කෙල්ලක් එක්ක යාළු වෙන එක සමාන්‍යයි...
• තෝ මට කියල දෙන්න එනවද..
! කට වහනව දෙන්නම... මට පපුවත් රිදෙනව පුතේ... නවත්ත ගන්න කීවම...
- දෝණි යන්ට ලෑස්ති වෙනවා...
# අත්තම්මා...
! අනේ දෝණි... අප්පච්චි ට කියන්න එපා... මම කියන්නම්.. ඔයාට පරිස්සමට යන්න පුළුවන්ද..
# මම ඉන්නෑ. කෝමත්.... මාමා.. මම කටපියාන ඉන්නෙ තමුසෙ නිසා නම් නෙමෙයි... සිහත් හින්ද...
මගෙ තරහ පිට උනේ දෝණිගෙ පිටින් උනාට හිතට සතුටුයි ලොකු ජයක් ලැබුණ වගේ... සිහත් නැති අතරෙ දෝණිව නිවසින් පිට කලේය.. අම්මාට කවදාවත් නොදැකපු තරම් තරහවක් මගෙ දකින කොට එයා අඩා වැටුණේය... ලොකු අයියට කතා කරල දෝණිව ගන්න කීවෙ සමාව ඉල්ලමිනි... ලොකු අම්මා කෝමත් මගෙ මූණ බලන්න නැත...
උදේටත් කෑමක් නොමැති නිසාම... දවල්ට බඩ ගින්නක් දැනුන නිසා... කිරි එකක් හදාන බීවේය.. දෝණි අඩල අම්මාගෙනුත් ලොකු අම්මාගෙනුත් අනුකම්පාව අරන් පිටවිය... සවස 3ට සිහත් එනවිට දි මම ගෙදර සිටියේ නැත.. සවස් කාලයම ගමේ අහම්බෙන් හම්බෙන යහළුවන් සොයා ගියේ නිවස ඇතුලෙ මට සැනසීමක් නොමැති නිසාය....
සවස හතත් පසුවන තුරු නිවසට නොආ නිසා.. සිහත් කෝල් කලේය...
: හෙලෝ... කොහෙද ඉන්නෙ...
• මම එන්නම්... තියන්න...
: මොනවද මේ කරන ...
• ආ... කටවහගනින්... මම කීවනෙ උබ දිහා මම බලන්නෑ...
: මගුලක් කියනවා.. ගෙදර එන්න... අම්ම බයවෙලා...
• උබට බය හිතුන්නැද්ද..
: මොනවටද...
• වැඩක් නෑ... උබ තරහද සිහත්...
: මොනවටද...
• දෝණි යැව්වට ගෙදරින්... මට සමාවෙයන්... එ්ම නොකර ඉන්න තිබුණා...
; ගෙදර එන්න කතා කරමු...
• හ්ම්... මම බෙහෙත් ගන්න ආවා... තව චුට්ටක් වෙලා යයි...
: ඇයි කියන්නකො බෙහෙත්....
• හ්ම් මම තියන්නම්..
මට එ් කටහඩ ඇහෙනකොටත් වෙවුලනවා... ඔළුව රිදෙනවා පුපුරන්න.. උණත් ගන්න වගේ මට කෝමත් ඊයේ රෑ පින්නට මේ ලෙඩ එන්න ඇත්තෙ.. කාටවත් කරදර කරන්නෙ මොකටද මගෙ අසනිප මම බලා ගන්න එපැයි..
ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹
[text_hash] => 0076d533
)
What do you think?