Chapter 77: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

******* හැත්තෑ හයවන දිගහැරුම ****** 🌹🌹🌹

හිත අස්සෙන්  පිච්චෙනවා.. ගේට් එක අරන් එන කොට සිහත් දොර ගාවට ආවෙම මම දැකපු ඇදුමෙන්මය.. මම දන්නව එ් හිටියෙ උබමයි... මම දැක්ක මට කලින් බයික් එක ටවුමෙන් යනවා.. මමයි උබයි කරක්ගහපු බයික් එකේ... දෝණිත් එක්ක...

• සිහත්... මේ බෑග් එක අරන් එන්න... මට මහන්සි...

: හා... කීයටද ආවේ...

• ආව වෙලාවට මැසේජ් කරල ඇති බලන්න...

සිහත් මූණ වෙනස් උනේ මම බලන් ඉද්දිය... පිටට තට්ටුවක් දාල මම කුස්සියටම ගියේ මේ දේවල් නිසා මගෙ තොල් පටවල් පවා වියලි තිබුණි... වතුර වීදුරු දෙකක් බීල හුස්ම ගන්නටත් බෑ... කුස්සියේ පුටුවෙන්ම ඉදගත්තෙ මට සිහත්ට බලන්න ඉබින්න තුරුළු කර ගන්න තිබුණ ආසාව යටපත් කරනිමිනි.... මම දන්න සිහත් වෙනදට මගෙ පස්සෙ.. කෝලන් කරල කවුරුවත් නැති වෙනකොට මාව තුරුල් කරන් මාව හපාකනවා... පාළුවෙන් හිටිය කියල අඩා වැටෙනවා. තොල්පට ලේ පැහැයට හැරෙනකන්ම සිප ගන්න ඕන... තවත් මගෙන් මහන්සි දවත් ඇහුවෙ නෑ..

! පුතේ බත්කටක් කන්න ඇග හෝදගන්නකෝ.

• මහන්සි අම්මා...

අම්මා මගෙ ඔළුව අත ගාද්දි මට දැනුන සනිපය දැනුනෙ පිච්චෙන පපුවට පැන් ඉහිනව වගේය...

• අම්මා අත් දෙකක්ම ඔළුව අත ගාන්නකො..

! චුට්ටක් හරිද.. එන්න මෙතෙන්ට..

• ඔතෙන්ට බෑ.. අම්මා පුටුවෙන්ම වාඩි වෙන්න මම බංකුවේ ඉද ගන්නම්...

! ඔළුවට තෙල් ටිකක් දාලම නැද්ද කොහෙදො...

• වෙලාවක් තිබුණෙ නෑ අම්මා...

කුස්සියේ දොරෙන් ආව හුළග කවදාවත් නැති තරමට සනිපයට දැනුන නිසාත් අම්ම ළග ඔඩොක්කුවෙ ඔළුව තියාන එ් දැනුන සෙනෙහසටත් අම්මෙකුගෙ අත්වල තිබුණ බලයටම මගේ දෑස් පියවුනි...

! මේ කොල්ල නිදි... නැගිටලා නා ගෙන එනවා...

• අම්මා...  විනාඩි දහයක්...

! බෑ... නැගිටින්න.... පපඩම් ටිකක් බැදලා... බත් බෙදන්නම් යන්න නාන්ට....

• කෝ ලොකු අම්මා... දෝණි..

! උඩහ ‌‌‌නැන්දලා ගෙදරට ගිහින්..

• සිහත් කෝ....

! මේ ඉන්නෙ.... ඔයා බංකුව තියාන ඉද ගන්න කොටමයි ආවෙ...

: අයිය අම්මා ළග ඉන්නකොට මම බලන් හිටියා... නේද අම්මා... නිදිනෙ දකින්න කෝමද....

• ඇති අම්මා... උයන්න අද රහට කන්න ඕනි...

අම්මා ගාවින් නැගිටලා ඇතුලට එද්දි දොර ගාව හිටන් ඉන්න සිහත්ට කනගාවට නැමිල කියාගෙන ආවෙ වරෙං,

මට විසදගන්න දෙයක් නෑ.. එ් තරමට මට විශ්වාස යි... මට ඔ්න තුරුල් වෙන්න...

සිහත් මම පස්සෙන් සාලෙට එනකොටම ලොකු අම්මත් දෝණිත් ආවේය... මටත් ඔ්න උනා ළගටම බලන්න දෝණි දකිනකොට සිහත්ගෙ ඇස් වෙනස්වෙන විදිහ...

# මාමේ... කොයි වෙලේ ද ආවෙ...

• ගෙවල් වල ඉන්න ඔ්න දැන ගන්න... රවුම් ගහල එන වෙලාව... කෙල්ලො දෙන්නා...

- උබ මටත් කෙල්ල කියනවද...

• නැතුව ඔයා... කෙලින්ම මොඩ්ලින් ලුක් එකක් තියෙන්නෙ...

- - අම්මපා මූ මගෙ වයස බලලද විහිළු කරන්නෙ...

මට ඔ්න හිනා වෙන්න... මම ඇතුලින් හඩා වැටෙනවා.... ටික වෙලාවක් ආයෙත් ඔක්කොම එක්ක කෑ ගහගහ ඔහේ කියව කියව හිනා උනා... එ් හැම දෙයක්ම මට මගෙ හිතට  එකගව නොකලත්.. මට තේරුණා මොනව හරි වෙයි කියලා.... මම කාමරයට ඇවිත් නාගෙන එනකොටත් කට්ටිය සාලෙ කතාව..

• පච හල හල හිටපල්ලා...

# මොනවද පච.... මාමා.. මට ඉස්කොලයක් ආවා...

! මාස දෙකක් පරක්කුයි වැඩ කරන්න වෙයි මහන්සි වෙලා....

මම සිහත් ලගින්ම ඉද ගත්තෙ කොත්තුවත් අරගෙනමය.. ස්ටූල් එක ළග ට අරන් දිග ඇරියෙ.. අම්මට, ලොකු අම්මට, දෝණිටත් අඩ ගසමින්ය... ලොකු අම්මත්.. අම්මත් බෑම කීවේය..

• දෝණි මෙතෙන්ට එනවා.. ඔය පැත්තෙන් කන්න..සිහත්ට මම කවන්නම්..

: මම අතින් කන්නම්...

# එයා බබාද..

• උබටත් ඔ්න නම් කවන්නම්..

# හා... නියමයි... මම ආසයි ඉස්සරත් මාමගෙ අතින් කන්න..

: ගුටි වෙන්න ඇති...

• උබල කතා කරනවද බං.. මම යන්ටම ඔ්න වෙනස් වෙන්න..

සිහත් කවනවට කට අරිනව මිසක් ආසාවකින් කන්න නැත.. දෝණි ට ගානක් නෑ..

: මට ඇති...

• ඔය දෙන්නට ගෙනවෙ... සිහත් මම කියනකම් නැගිටින්නෑ...

! පුතේ ඔය ළමයි දෙන්න බත් කන්නැති වෙයි.. සිහත් ඇති නම් නැගිටින්න.... ගෙනාවනම් උබ කාපන්..

සිහත්ගෙ ඇස්වල කදුළු.. පිරිල.. මට පේනවා...

• දෙන්නටම ඇති ද...

# ඇති ....

• සිහත් වතුර බොන්න... මම ඉතුරු ටික කනවා උබලට එපානෙ...

සිහත් නැගිට ගියේ තත්පරයක්වත් ඉන්නැතුවය... දෝණි නම් කියව කියව ලගට වෙලා හිටිය... අම්ම බනිනවා රෑට නොකෑවොත් ආය කන්න දෙන්නෑ කියල.. මේ කලබල අස්සෙ මම නුහුරු නපුරකට හිනා වෙනවා.. සිහත්ට මගෙ ඉස්සරහ බොරු කරන්න බෑ.. එ්ක නිසා මේ වෙන දේවල් අකුරක් නෑර කියයි...

කාමරේට වෙලා ඉදල මට මැසේජ් කරල උඩට යමු කියල.... මම දන්නව පුතේ... උබ මොකද්දො වන්නමක් පුරුදු වුනා කියල මේ දවස් ටිකේම...

පැය කාලකට පස්සෙ.. මම උඩට ගියේ උඩ ඉන්නෙ කියල මැසේජ් එක යවමින්මය....  අම්ම මල් තියන්න හදල තිබුණ බංකුව මත ඉදගත්ත මම අහස බැළුවෙ කළුවරටම ගිහින් තරුවක එළියක්වත් නොමැති නිසාය... පුරුදු උණුසුමම දැනෙන්නට උරහිසට අත තියපු සිහත් දෙස නොබලම...

• මම අහන් ඉන්නම් කියන්න...

: මට තෙරෙන්නෑ...

• ඔයාට නොතේරුනාට මට තේරුම් ගන්න පුලුවන් වෙයි...

: රණ්ඩු වෙන්න නෙමෙයි,. මම...

• නෑ... මැණික... උබත් එක්ක මොනටද .. ඉදගන්නවද...

: හ්ම්...

මහන්සි ද... දේව්...

• මහන්සි... දුකයි.... ඔක්කොම... පොඩී ලෙඩ උනාම කෝමත් මගෙ හිත ලෙඩ වෙනවනෙ...

සිහත් අඩන්නෙ ඇයි දරුවො... බය නොකර කියනවද... මගෙ මැණිකට මට කියන්න බැරි දෙයක් නෑ...

: මම විභාගෙ ඉවර වෙනකන් ඉන්නම්..

• හ්ම් ඔව්.. ඉස්කොලෙන් එතකන් විතරනෙ ඉන්න කීවෙ..

: ඉතුරු ටිකත් කියන්න...

• ඔයා මගෙ අයිය ම නේද...

: ඔව්..

• මම කීවෙ සහෝදරයා... එතනින් විතරක් නවතින්න..

කළුවරේම ඇස් වලින් කදුළු කඩා වැටෙනවා... පපුව පැලෙන්න රිදෙනවා... 

• සිහත් නවතිමු ද කියන්නෙ...

: ඔව්... මම... මේ...

• හේතු එපා... තර්ක නෑ.... මට ඔයාගෙ ජීවිතේ ඉඩක් නෑ... එ් දේ මං තේරුම් ගත්ත... ඔයා කියන්න හදන දේ.. මම දන්නව මැණික.. සොරි... සොරි... මට එ්ම කියන්න බෑනෙ...

: අයියේ.... ප්ලීස්....

• එන්න මගෙ ළග ට උබව තුරුල් කරන් ඉන්න කොළබ ඉදන් ඇගිලි ගැන ගැන ආවෙ... ඇයි බැයි ද..

සිහත් මට තුරුල් උනේ අඩා වැටෙමින්ය... වචනයක්වත් කතා නොකර කදුළු වලට ඉඩ දුන්නෙ.. දරන්ටම බැරි නිසාය.. 

• යමු සිහත්... දැන් ගොඩක් රෑ වෙලා..

: මට සමාවෙන්න....

සිහත් මගෙ කකුල බදාගෙන බිම ඉදගත්තෙය..

• අද නෙමෙයි,. අපි හෙට කතා කරමු...  නැගිටින්ටකො..

සිහත්ව බලෙන් එක්කන් ගිහින් කාමරෙ මෙට්ටෙ බිමට දාල ෂීට් දාල නිදි කරේය..

• නිදා ගන්න... සිහත්.. මම හොදින්.. මේ...

එ් කීව ට ඇස් දෙක උල්පතක් වගේ කදුළු සලන්නෙය... නැගිටලා කාමරේ ට නොගොස් උඩට ගිහින් ඇඩුවෙය...

මම ආදරේ කලා... තවත් කරනවා... සිහත්, පොඩී, මැණික, මගෙ හුස්ම... මම කෝමද මේ ප්‍රශ්නෙ විසදගන්නෙ ... මට පණ නෑ පහලට බහින්න.. අඩල අඩල හෙම්බත්ව බිම ඉදගත්තෙය.. මහන්සිය, දුක, ඔක්කොම... එක්ක යන්තම් එළිය පේනකොට ඇස් දෙක පියවුනේ

ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹

[text_hash] => 7ae80ff2
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...