Chapter 76: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

******* හැත්තෑ පස්වන දිගහැරුම ****** 🌹🌹🌹

කොළබ ඔෆිස් එකට ගිහින් පසුව ට්‍රේනිං වලට යන ළමයින්ට ඉන්ට තැන් හැම දෙයක්ම බලල මහන්සි හොදටම මමත් රූම් එකට ආවෙ මහන්සිය නොබල ම සිහත් ට කෝල් එකක් ගන්නය... ඒත් මාත් එක්ක රූම් එකේ තව දෙදෙනෙකු සිටියේය.. එ් අනුරාධපුර සහ කළුතර ඛ්‍රාන්ච්වල දෙදෙනෙකි.. කතා බහ කර අදුර ගත්පසු.. වෙනසක් නොමැතිවම සැබෑ මිතුරන් සේ විමට ගත වූයේ පොඩි වෙලාවක්... තුන්දෙනාම එකම ෆීල්ඩ් එකේ නිසාත් එකම වයස් සීමාවක නිසාත් එ් මිත්‍රත්වය හරි පහසුවක් විය... සිහත් ට කෝල් එකක් ගන්න ඕන නිසාම.. මම එළියට ආවේ ය...

• හලෝ.... මගෙ මැණික.... තරහද...

: නෑ...

• එ් නම් මොකෝ මේ... තනිවචන..

: මට පාළුයි.... පාඩම් කරන්න බෑ...

• අනේ මැණික... අම්මා එක්ක කතා කරන්න..

: හ්ම්... කෑවද දේව්...

• නෑ තව... මගෙ කොල්ල කාලද..

: අම්මා කවල ගියේ දැන්..

• අම්මා කවල ගියේ ඇයි.. අතින් කන්න බෑ...

: පුළුවන්.. චුට්ටක් ඇග රස්නියයි වගේ...

• සිහත්.. බලන්නකො මම කෝමද ඔයාව තියල කොහෙවත් යන්නෙ... ඔයා ලෙඩ වෙනවනෙ...

: නෑ මම පෙන්ඩෝල් බීවා...

• අම්මට දෙන්න පෝන් එක...

: ඕන නෑ මට අමාරුවක් නෑ...

• පැහෙන්නැතුව ගිහින් දෙන්න...

අම්මත් එක්ක කතා කරාම දැන ගත්තෙ අම්ම කන්න කතා කරනකම්ම කාමරෙන් එළියට ඇවිත් නෑ... දෝණිත් අම්මත් එක්කම ඉන්න නිසා එ් ගැන සැකයක් නොවුනි.. දෝණිටත් අළුත් ඉස්කෝලයක් ඇවිත් කියා කියු නිසා මට සහනයක් විය.. තව ටික දවසකින් දෝණි අළුත් ඉස්කොලෙ ට යාමට අයියා එක්කරගෙන යාවි...    අම්මා කීවෙ.. වැඩියක් උනොත් ඉස්කොලෙ නොයව තියාගෙන බෙහෙත් අරන් දෙන බවයි...

පැයකටත් වඩා සිහත් එක්ක කතා කරල  මමත් නින්දට ගියේ තිබුණ මහන්සියටමය...

පහුවදා උදේ සිහත් ට උණ වැඩි නිසා ඉස්කොලෙ නොයව හිටවගෙන තිබුණි.. හවස් වෙනකොට ටවුමෙ   ඩිස්පෙන්සරියෙන් බෙහෙත් අරන් දීල බෙහෙත් එක්ක අම්මගෙන් බැනුම් ටිකත් අහලම නිදාගෙන තිබුණි.. දවස් දෙකක්ම සිහත් ට පාසල් ද යාමට නොහැකි වූයේ උණ අඩු නොවූ නිසාය... මට එක හිතකින් වැඩ කර ගන්නට ශක්තියක් නොමැත හිත සිහත් ගාව.. අම්මට කතා කරල සිහත් ගැන අහන එක හැර මට විවේකයක් ලැබෙන එක මොහොතකවත් විවේකයක් ගැනිමට සිත් නොවීය...

තව දින තුනයි.. ඉක්මනට ගෙදර දුවන්න මම තත්පර, මිනිත්තු,පැය, දවස්  ගනින්නෙ පිස්සෙක් වගේ ය.. කාමරේ සිටි අළුත් මිතුරන් හිනා උනේ... ගෑණිට ළමය හම්බෙන්ටද බං.. උබ ගෙදර යන්ට නටන්නෙ පවසමිනි... මට ලැජ්ජාවක් හිතුනෙ එතකොට නම්...

මේ දවස් ටික ගෙවා ගත්තෙ පිස්සෙක් වගේ.... මම දන්නවා සිහත්ට සාංකාව.... එයාට තනිවෙලා කියල දැනෙන හැම වෙලේම අසනිප වෙනවා... සිහත් අහන වෙලාවක නිදි...

• හෙලෝ අම්මා...

! මයෙ පුතේ...

• මොකද කරන්නෙ...  කාල එහෙමද අම්මා..

! දැන් හවසනෙ පුතේ... අපි තේත් බීවා.. හෙට එනවද..

• ඔව් අම්මා... මහන්සි...

! එපා වෙලා වගේ කතා කරන්නෙ..ඇයි පුතේ...

• සතියම එක දිගට වැඩනෙ.. නින්ද ගියෙත් නෑ..

! නිදි මරනවද.. වැඩ කියලා...

• නෑ... ඔයයි සිහතුයි නැතුව අවුල් වගේ...

! පුතේ.. රස්සාවක් කරනකොට ඕම තමා.. තමන්ගේ පවුල, සතුට චුට්ටක් කැප කරන්න වෙනවා..  හෙට එනවනෙ...

• කෝ සිහත් අම්මා...

! කියන දේ අහන්නෑ පුතේ... කොල්ල ප්‍රශ්නෙක වගෙ කියන එකක්යැ.. මූණ හංග ගන්නවා... ලොකු අම්මා පිට දාල කාමරේමයි...

• අම්මා කතා කරත් නැද්ද..

! කතා කරන විදිහ දන්නවනෙ පුතා... ලොකු අම්මා බනි කියල ද කොහෙදො.. මාත් එක්කත් වැඩි කතාවක් නෑ..

• බලන්න අම්මා දෝණි කරදර කරනවද දන්නෑ

! නෑ දෙන්න දැන් හොදයි... දෝණිත් එක්ක අද ටවුන් ගිහින් එ්මත් ආවෙ...

• දැන් කෝ.. නිදිද..

! රෑ වෙනකොට කාමරේ ට වෙලා ප්‍රැක්ටිස්.. ඩොක්ටර් රෙස්ට් කරන්න කීවත් මහ රෑ වෙනකම් නටනවා...

• අම්ම මම එනවනෙ හෙට.. මට කෝල් එකක් ගන්න කියන්න..

! මම දැන් ගන්න කියන්නම්.. පුතේ.. මට බයයි කොල්ල මොනව හිතේ තියාගෙන හූල්ලනවද කියල..

• අම්මා මාවත් භය කරනවා... දැන් සිහත් නිදිනෙ...

! අර ඉන්නෙ දෙන්න මිදුලෙ.... සිහත් ගෙ මූණත් හොද නෑ ඇහුවට දෝණි කියන්නෙත් නෑ...

• අම්ම නොකිය කියන්නෙ දෙන්න අතර මොනව හරි තියෙනව කියලද...

! හ්ම්... ඔයා එන්නකො පුතා.. මම තියන්නම්.

බුදු සරණයි... දෙව් පිහිටයි...

*බුදු සරණයි අම්මා...

මට පණ නෑ වගේ... මොනවද මේ කියවන්නෙ... අම්මා..  මට විශ්වාසයි මගෙ මැණික.... මේ දවස් ටිකේ අසනීප නිසා ගෙදරත් හිටියනෙ.. ඕව හගිස්සවන්න ගිහින් පොඩී ආයෙත් ලෙඩ වෙයි.... මම රූම් එකට යන පඩිපෙලට වෙලා ඉදගෙන කල්පනාවකට වැටුණ නිසාම මටත් නොකියම රූම් එකේ ඩබල සෙට් වෙලා... පහුවදාට වෙන්ව යන දුක සමරන්නට... මම සම්බන්ධ නොවන නිසාම.. අවශය කලමනා ගෙනත් දීල සිහත් එක්ක මනෝ ලෝකෙන් සවාරියක් ගියේය...

පහුවදා උදෑසනින්ම අවසන් දිනයට සියළු වැඩ කටයුතු සදහා මා අතින් සිදුවිය යුතු සියල්ල සූදානම් කර සියල්ලන්ටම සමුදි මම පැමිණියේ.. අන්තිම දිනය අවසන් වනතුරු කාලය ගෙවා ගන්නට මගෙ හිතට නොහැකි නිසාමය... සිහත් මං ගාව හොල්මන් කරනවා..  සිහත් ගෙ මැසේජ් පවා වෙනස් ස්වරූපයක් ගැනීම මට තවත් බලා සිටීමට පුළුන්ද.... ආදරය හුරතලය පිරුණු අකුරු නිකන්ම වචන හැගීම් රිදවන තරමට වෙනස් වීම දරා ගැනීමට නොහැක.. පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් දෙහිඅත්තකණ්ඩිය බස් එකට ගොඩ උනේ... මහනුවරට ඉක්මනට යාමට උවමනා නිසාමය.. බස් එකේ ඉද ගන්නට ඉඩක් නැතුව බොහෝ දුරක් හිටගෙන  ආවේ ය... සතියම මහන්සි වෙලා බස් එකේ හිටගෙන ආවත් සිහත්ට මැසේජ් කලේ එන බව පවසන්නට... එ්ත් හවස් වන තුරුත් එය දැක නැත..  ආයෙත් උණ වැඩිවෙලා ද මගෙ මැණික.... කියන දේ අහන්නෑ රෙස්ට් කරන්න කීවට... සිත සිතම මහනුවර නගරයෙන් බැස ගත්තෙ පැය කීපයකට පසුවය...

ටවුමට ගිහින්... සිහත්ට කන්නැති එකේ කොත්තුවක් ගිහින් දෙනව.. පව් මගෙ කොල්ල. ලෙඩක් හැදුනම අමාරුවට වඩා බය වෙලා ලෙඩෙ වැඩිකරගන්න දක්ෂකමක් තිබුණි...

• මල්ලි සැර ටිකක් අඩුවට ෆුල් කොත්තුවක් දාල දෙන්නකො..

- අයිය කාලෙකින්..

• ටික කාලයක් කොත්තු රයිස් වලට සමුදුන්න බං..

- එ්ම කරාම ‌‌‌හරියනවද.. අපිට පාඩුයි නෙ බොසා...

•  පලයන්.... අපි නැතුව උබලට වෙයි පාඩු...

-  අයියගෙ අර නූල වගේ පස්සෙ ම එන කොල්ල.. ඊයෙ කෙල්ලක් එක්ක ආවනෙ‌..

• මම දන්නවා....

- ආ දන්න කෙනෙක් එක්කද එ් මල්ලි යාළු....

• අපෙ අයියගෙ දුව... යාළුවෝ විතරයි..

- එ් මද....

• උබ අහන් හිටියද.. කතා කරපුවා...

- මේකනෙ බොසා... මෙතන ජෝඩු දාල කන එවුන් කියන එ්ව අහන්න ගියොත් අංගොඩ යවන්න වෙනවා...

• එ්කත් හරි බං.....

- විනාඩි දහයක් ඉන්ට අයියා....

• උබ මාව කතාවටත් අල්ලගෙන... අනිත් එවුන්ට දෙනවා... මට මහන්සි බං... ඉක්මනට .. ගෙදර යන්න...

මම එහා ට චුට්ටක් ගිහින් එනකොට ඉවර කරල තිබියන්...

මොනවද මේ වෙන්නෙ... මගෙ මැණික... දෝණි එක්ක.... ආම්කට් ටී ශර්ට් එකක් ඇදල මම ගෙදරට හැර කොහෙටවත් අදින්න නොදී හිටියේ... මම නැති වෙනකොට... එ් තරමට වෙනසක්.. හරි පුතේ .. යමං ගෙදර මම බලා ගන්නම්...

- අයියා ... ඇරගෙනම යන්න...

මට ඕන උනේ සිහත්ට මාව එක්ක යන්න බයික් එක අරං එන්න කියන්න... එ්ත් අසනිප නිසා නොකිය හිටියේ... එ්ත්... මම වෙනකාට හරි රැවටුනාද.... වීල් එකක් හයර් කරන්  ගෙදර යනවා.... මට දැන් මහන්සියටත් වඩා... මේ දේවල් නිසා හිත රිදිල මට මැණික අස්සට වෙලා අහන්න ඕනි ඇත්තද කියලා...

ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹

[text_hash] => 56d8bec5
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...