Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
******** හැත්තෑ හතරවන දිගහැරුම ******* 🌹🌹🌹
සිහත් මට කතා කරන්නෙත් නෑ., එ් තරහ නිසා ප්‍රශ්නෙ ප්‍රශ්න පත්තරයක් උන එකයි උනේ... ඉස්කොලෙ ගිහින් ළමයි එක්ක ත් අද රණ්ඩු නොවුනොත් පුදුමයි... මොනව කීවත් හුස්මක් ගාන පිච්චි පිච්චි ඉන්න වෙලා... මෝඩ කොල්ල කියපු වෙලාවෙ නැගිට්ටනම් මේ කරදරේ වැටෙන්නෑ කීව කියල. මට කතා නොකර ඉන්නෙ...
+ මොකද බං... එ් දේව්...
• ඕ... තේරෙන්නෑ යකෝ...
+ උබට නොතේරුනාට මට තේරෙන්න කියපන්....
• ගෙදරට මාට්ටු උනා කීවට තාම පත්තු උනේ නෑ...
+ අඩෝ... මොකද කරන්නෙ....
• දෝණි ට විතරයි...
+ අයියගෙ දුවටද... එ්කි ශේප් කර ගනින් ..
• මොන ශේප් ද... මුං දෙන්න නයයි මුගටියයි වගේ..
+ කවුද...
• පොඩී... දෝණී....
+ සිහත් .... එ් පාර ඌට හැදුන යකා මොකාද..
• දෝණි.. සිහත්ව බදා ගෙන...
+ යකෝ... ගොන් වස්සෝ... සිහත් නෙමෙයි.. උබනෙ තරහ ගන්ට ඕන...
• දැන් කෝමත් පස්සෙ එන්නෑ...
+ ඇයි...
• අද සිහත් කොණ්ඩෙන් ඇදල ගහන්න හැදුව...
@ සර් එන්න කීව දෙව්නක... ට්‍රේනින්ලගෙ ඩොකියුමන්ට්ස් ටිකත් ගේන්න කීවා..
+ හරි උබ පලයන්... ඕන උනොත් මම ටීචත් එක්ක කතා කරන්නම්...
• බලමු බං ... වෙන දේකට රෙඩී...
සර් හම්බෙලා ඔෆිස් එකෙන් එකෙන් එළියට ආවෙ.. කරන්නෙ මොකද්ද කියල තේරෙන්නැතුව... මගෙ කොල්ලට මම ගෙදර ගිහින් කියන්නෙ කෝමද. සතියකට මම නෑ ට්‍රේනින්ලත් එක්ක කොළබ යනවා කියලා.... මෙච්චර ප්‍රශ්නයක් උන ගමන් සිහත්ව තනි කරනව කියන්නෙ හිතන්ටවත් බැරි දෙයක්... ගෙදරට එනකම්ම කල්පනා කලේ විසදුමක්.. මම වෙනුවට යවන්න කෙනෙක් හිටිය නම් මම ඔෆිස් එකෙන් එළියට එන්නෙම උත්තරයක් හොයාගෙන... දෝණිත් එක්ක රණ්ඩු වෙනකොට මම නැති වෙලාවක මේ සිද්ධිය කීවොත්.... මම මොකද කරන්නෙ...
! පුතේ බයික් එක ඇවිත් ගොඩක් වෙලානෙ... ගෙට එන්නැතුව මොනවද කල්පනා කරන්නෙ...
• අම්මා මහන්සියි... සිහත් ආවද...
! ඔව්... ළිදට ගියා දැන් එයි...
• හ්ම්... යමු ගෙට..
! ඇයි පුතේ ප්‍රශ්නයක් ද..
• අම්මා.. ඉන්නකො... දෝණි අයියා එක්ක යන්නෙ කවද්ද..
! ඇයි... දෝණිව...
• අම්මා කලබල නොවී අහන්නකො... දෝණි කෝ..
! කුස්සියේ.. ඇති ලොකු අම්මත් එක්ක... ඇයි පුතේ..
• දෝණි සිහත් පස්සෙ කැරකෙනවා...
! දෙයියනේ.... මේ කෙල්ල... පොඩී එක්ක රණ්ඩු වෙවී..
• අම්මා.. සිහත් කැමති නැ.. දන්නවනෙ තරහ ගියාම..
! මම කෙල්ලට කියන්නම්..
• එපා... මම එන සතියම නෑ... සිහත් ළගින් ඉන්න...
! පුතේ ... ඔයා ප්‍රශ්නෙකද දරුවො...
• නෑ.... නෑ....
! පුතා ආවම අර දරුව බලන්න යමු ද...
• අම්මා....
! හදිස්සියක් නෑ... ආවම යමු...
• අම්මා... අහන්න කෝ...
! ඔයා ගෙ වැඩ ඉවර කරගන්න... අපි හදිසි නැතුව හිමීට මේ දේවල් බලමු...
ඇයි... මේ... මට තේරෙන්නෑ... මට තව කාලෙ ඕන... මොකද මම කරන්නෙ... ෂික් මේ වෙලාවෙම මගුලක් ඕන උනා... අම්මටත්....
• එ් ..... බූරුවා... සීතලයි...
සිහත් හෝදපු ටී ෂර්ට් එකකින් පිටිපස්සෙන් ඇවිත් මුණ වහනකන් දැක්කෙ නෑ...
: මොකෝ... ගෙට යන්නෑ..
• හිතට මොකද්ද වගේ සිහත්... මට.... තේරෙන්නෑ..
: ගෙට යන්න.. මම රෙදි වලට දාල එන්නම්... තේ එකක් හදල දෙන්නද..
• තේ බොමු.. දෝණි... මුකුත් කීවද...
: නෑ... හිතන්න එපා.. දේව්....
• හ්ම්...
සිහත් පාඩම් වැඩ...
• වැඩද මැණික....
: ඔ්.... මේ මෙච්චර ක් ලීවා... අකුරු චුට්ටක් අවුල් බනින්න බෑ..
• මට නම් එපා වෙනවා... ලියන වැඩේ...
: දෙයක් කියන්න තියෙනවා... ඔයා හා කීවොත් විතරයි.,
• මොකද්ද... මටත් කියන්න දෙයක් තියෙන්වා...
: ඔයා කියල ඉන්න... අපිට සර් තාම හරියට කීවෙ නෑ...
• මට කොළබ යන්න වෙනව මැණික එන සතියම... ඉරිද යනවා...
: අනේ... මට බෑ... කෝමද.. බොරු නේ මට කියන්නෙ...
සිහත් නැගිටලා ඇවිත් මට තුරුළු උනේ..
මට ඔයා නැතුව ඉන්න බෑ... මාවත් අරං යන්න...
• එ්ම බෑනෙ... සතියයි... මම බැලුවා ට්‍රේනින්ලත් එක්ක වෙන කෙනෙක් යවන්න.. හරි ගියේ නැ..
: දේව්..... මට බෑ.... තනියම ඉන්න බෑ..
• මැණික... ඉස්කොලෙ යන්න එපැයි.... ක්ලාස්...
: මම වද දෙන්නෑ... පාඩුවෙ ඉන්නම්...
• මේ... කදුළුත් ඇවිත්.. කෝ එන්න වඩා ගන්න...
මම දන්නව සිහත් බයෙන් ඉන්නෙ මම නැති උනාම ගෙදර අයට දෝණි කියල ප්‍රශ්නයක් කරයි කියල...
මගෙ බෙල්ල අස්සෙ මූණ හංගගෙන අඩනවා.. ටිකක් වෙලා අඩල මගෙ මූණ අත් දෙකට හිර කරන්.. තොල් මතට තොල් තියාන ඉවසුම් නැතුවම උරන්නට විය....
• මැණික... මටත් යන එක දුකයි... මට දුකට වඩා බයයි...
: මට බෑ... ලොකු අම්මයි, අර මගුලයි එක්ක ඉන්න... මාව අරන් යන්න කෝ...
• අහන්න අඩන්න එපා... මැණික...
: මට ඔයා නැතුව නිදා ගන්න බෑ.. රෑ වෙනකොට මම ගෙදර ඉන්නෙ කෝමද.. කන්න බෑ... ඉස්කොලෙ යන්න බෑ... මුකුත් කරන්න බෑ..
• මගෙ මැණික... හොදයිනෙ.. ගෙදර අයත් බලාන ඉන්න ඕන.. අම්මා ගැන... ලොකු අම්මා ගැන.. දෝණි ගැන..
: අම්මා ගැන විතරයි බලන්නෙ...
• හා... අම්ම ගැන විතරක් බලන්න..
: අනිත් අයව මරල දානවා... මට මොනා හරි කීවොත්...
• අම්මෝ... එ්ම කරන්න බෑ... කෝ සැර...
: විහිළු නෙමෙයි..
• ඉදගන්න පුටුවෙන්... බරයි... අත රිදෙනවා..
: මට මොනව හරි කීවොත් මම යනවා...
• කොහෙද...
: කොහෙ හරි...
• සිහත්.... ඇති දැන් ඔය...
අනේ මගෙ මැණික.... ඔයා ඔහොම හැසිරෙනකොට මම එක හිතකින් යන්නෙ කෝමද.... ඉස්සර මාව දාල තාත්ත එක්ක ගෙදර ගිහින් ඉද්දි.. දැන් තේරෙනවද..
: එතකොට ඔයාව නැතුව චුට්ටක් ඉන්න පුළුවන්.. දැන් ඔයාව නැතුව බෑ... තේරුම් ගන්නකො...
• ගෙදර අය බලයි කෝ කියල... ඊටත් ඔහොම හොටු පෙරාගෙන අඩනවද..
සිහත්ගෙ නලලට හාදුවක් තියල කම්මුල් දෙකේ කදුළු පාරවල් අතින් පිහල එළියට ආවෙ.. ය. සාලෙ ඉදන් ටීවි බල බල හිටපු දෝණි මට සමච්චලේට වගේ හිනා උනේ ය.. දබරැගිල්ල පෙන්නලා මමත් රවල කාමරේට ගියේ නිදා ගන්නටය..
දවසකට පස්සෙ අද ඉරිදා සවස වෙනකොට කොලබ ට යාමට පිටත් විය... යන්න ලෑස්ති වෙනකන් සිහත් මගෙ පස්සෙ.. පන්ති යන්නෙත් නැතුව මාව පිටත් කරන්න බොරු ලෙඩක් දාල ගෙදර හිටියා... දෝණිව මුකුත්ම නොකියන්න වගේම සිහත්ට කරදරයක් නොකරන්න පොරොන්දු කරගෙන.. මගෙ මැණිකට හිත රිදෙන්න නොදි බලා ගන්න අම්මට මගින් මගට කියද්දි.. අම්මා බැරිම තැන කීවෙ.. මම උබට වඩා පොඩීට ආදරෙයි.. කියලා.. කොලබ ට එනකන්... මැසේජ්.. පොටෝස්.. නතර කරන්නෑ.. මැසේජ් එකක් පරක්කු වෙනකොට මිස්කෝල් ... මගෙ මහත්තයා පරිස්සමට ගිහින් පරිස්සමට එන්න.. කියල හැමදාම පුරුදු විදිහට පපුවට ආදරේ පිරිච්චි හාදුවක් තියලා.. පපුවට තුරුළු වෙලා.. බුදු සරණයි දේව් කියලා.. කකුල් දෙක අල්ලලා දණගහලා වැදලා.. ඇස් දෙක හංගගෙන කදුළු පෙනෙයි කියලා ගෙදරින් එනකන්ම බලන් ඉදල මම දන්නවා කාමරේට වෙලා ඇඩුව කියලා..
ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹
[text_hash] => 385298ab
)
What do you think?