Array
(
[text] =>
*********නමවන දිගහැරුම *************
-----------------------------------------------------------------------🌹🌹
රජිතත් මමත් වැලිවිට ටිච හමුවෙන්න කියපු වෙලාවට තත්පරයක් වත් එහා මෙහා නොවෙන්න එතන...
& හා දරුවො... එන්න...
* ටීච... අර ප්‍රශ්නෙ ගැන කතා කරන්න...
අපි දෙන්නම කමක් නැද්ද ටීච....
& මේකයි පුතේ හැමෝම දැනගෙන දරුව අපහසුතාවයකට පත් වෙයි කියල තමයි මම දෙව්නක පුතාට කාටවත් කියන්න එපා කියල කිවුවෙ..
+ කමක් නෑ ටීච...රජිත මගෙ යාළුවා...
* කමක් නෑ බං ටීච ඔච්චර කියන එකේ මම එලියෙන් ඉන්නම්...
& පුතේ ඔය දෙන්නට මේ දේ පිටට නොයවන්න පුළුවන්නම් ඒකයි මට වෙන්න ඔ්න..
රජියාත් මමත් ටීච ට පොරොන්දු වී පුටු දෙකක් රැගෙන ඉද ගත්තේය... ඇත්තම කීවොත් මට ටිකක් බයයි දැන්... රජිත ඇසක් හීනිකර මට කලබල නොවන ලෙස ඉගි කලේය...
& සිහත් කියන්නේ අම්ම තාත්ත ඉන්න.. ආර්ථික ප්‍රශ්නයක් නැති දරුවෙක්...
6 වසරෙ ඉන්න නංගියක් ඉන්නව...
+ ආ නංගි ගන්න කියලනෙ කලින් ගියේ ටීච...
& අම්ම ගාමන්ට් යනවා... තාත්ත ඇමති කෙනෙක් ගේ ඩ්‍රයිවර් කෙනෙක්... සල්ලි ප්‍රශ්න නෑ...
* සල්ලි ප්‍රශ්නයක් නම් කෝමත් නැතුව ඇති...
& ප්‍රශ්නෙ සල්ලි නෙමෙයි... දරුවො දෙන්නට අම්ම තාත්තගෙන් යුතුකම් වගකිම් ඉටු නොවිම...
තාත්ත එන්නෙ මාස දෙකකට සැරයක්... අම්ම උදේ වැඩට ගියාම රෑ වෙනකං ගෙදර නෑ... උදේට සමහර දවස්වල ට උයාගෙන නංගි ස්කුල් එකට යවල කන්නෙත් නැතුව මේ දරුව ස්කුල් එන්නේ... හවසට නංගි ගන්න තමයි දුවන්නේ නංගි ට පණ ඇරලා... දෙමාපියන්ගේ බර දරුවගෙ පිට...
මම පිච්චෙනව වගේ... මගෙ පපුවට දරා ගන්න බෑ... හදවත ඉකි ගහනව... රජිතත් මගේ දිහා බලනව කොයි වෙලේ හරි මම අඩා වැටෙයි කියල...
* ටීච එතකොට අම්මට ගාමන්ට් යන්නැතුව ඉන්න කියන්න බැරිද...
& අම්මට වෙන සම්බන්ධයක් තියෙනව ළු.... ඒක නිසා තාත්ත එන දවසටත් රංඩු ... ගෙදර වැඩ නංගි ගැන හැමදේම සිහත් කරනව සිහත් කියන්නේ ත් වැඩිහිටි යෙක් නෙමෙයි නේ... එ් දරුව බලා ගන්නෙ කවුද...
ටීච මට මගෙ මැණික බලා ගන්න පුලුවන්.... කවදාවත් දුකක් නොදී... මට සිහත් ගේ දෙමව්පිය න් ගැන පිලිකුලක්, තරහක් තියෙන්නෙ....
& සිහත් ස්කුල් එන්නෙ හරි අඩුවෙන්... එ් ගැන හොයනකොට තමයි අපි මේ දේවල් දැනගත්තේ...
+ අම්ම තාත්ත ගෙන්නල කතා කලොත් ටිච...
& දෙමාපිය රැස්වීමකටවත් කවදාවත් එන්නෙ නෑ... මේ ප්‍රශ්නෙ දි පණිවිඩ යැව්ව ආවේ නැහැ...
+ පුදුම දෙමාපියෝ .... ටීච මට නම් පුදුම තරහක් තියෙන්නෙ..
& දැන් තියෙන ප්‍රශ්න මේ දරුව ට විභාගයට වාතවරණය හදන එක..
+ නංගිව තමයි ගැටළුව සිහත් ව හොස්ටල් එකට හරි ගන්න තිබුණා...
* අම්මත් එක්ක කතා කරන්න වෙනව ටීච... මෙතන පලවෙනියටම කරන්න ඔ්න එ් දේ...
& ලොකු පීඩනයකින් ඉන්න මේ තත්වයත් එක්ක... අම්ම ඉරිදට ගෙදර... එදාට හම්බෙන්නෙ පුළුවන්... පුතේ ලොකු පිනක් මේ ගැටළුව විසදලා... දරුව ට විභාග කරන්න මනස නිදහස් කරල දෙන්න...
හරි ටීච අපි කරන්න පුළුවන් හොදම දේ අපි කරන්නම්... තැන්ක්ස් ටීච මේ දේවල් අපිව විශ්වාස කරල මේ දේවල් කීවට.... රජිතත් මමත් ටීචට සමුදි එලියට අවේය...
මම මෙච්චර වෙලාවක් හිතේ හිරකරන් හිටපු දුක වෙදනා.. කදුළු විදියට මා හඩා වැටෙන්නට විය.. මා පඩිපෙලේ ඉදගත්තෙ මට දරා ගන්නට ශක්තියක් නොමැතිව ය..
+ දෙව්නක අපි මොනව හරි කරමු බං... නැගිටපන් ... මම උබත් එක්ක ඉන්නවනෙ... විසදුමක් හොයමු.. ඇඩ්ඩ්‍රස් එකත් ගත්තනෙ...
* ඇයි රජියා මේ වගේ කරන්නෙ අම්මල තාත්තල උනාම... ඇයි එ්... මගෙ අම්ම අදටත් මට බත් කවල.. උදේට එවන්නෙ... මට මරල දාන්න කේන්ති... ඔය ගෑණි මිනිහටයි
+ හරි අපි යමු දැන්.. අරුන් දෙන්න බනිනව ඇති...
මම හිතුවේ නෑ ... දේව් උබ මේ තරමට සීරියස් කියල...
* යමු...
මම නැගිට අසල සින්ක් එකෙන් මුනත් හෝදා ගත්තේය.....
රජිතත් මමත් ඉක්මනට නැවත වැඩ සටහනට සම්බන්ධ විය...
- කොහෙද ගියේ බං... ( ප්‍රබෝද යනකොට ම ඇසිය)
+මැඩම් කෙනෙක් හම්බෙන්නෙ ගියා...
* තව ටිකකින් ඉවරයි නෙ බං...
නිර්මාණි විසින් සියළුම සිසුන් අමතා වැඩ සටහන සාර්ථකව අවසන් කලේය...
ළමුන් සියළු දෙනා ශාලාවෙන් පිටව ගිය ද දිල් දුවගෙන ඇවිත් අපත් සමග එකතු විය...
* දිල් පහන් අද සම්මන්ත්‍රණ ය ගැන මොකද කියන්නේ...
: ඇත්තටම හොදයි...
+ ගෙදර යමන්කෝ මල්ලි මම අද කරපුවා ගෙන් ප්‍රශ්න අහන්න...
- එපා රජිත පොඩි එකා ව මඩවන්න...
+ යකෝ මූ ඔක්කෝටම පොඩි එකා...
(නිර්මාණි දිල්ගේ ඔළුවත් අත ගෑවේය)
මට සිතට ආවේ සිහත්ය.. එ් දරුවත් දිල්ගේ වයස... තාම පොඩි දරුවෝ... මට මෙච්චර රිදවන ව නම් , මගෙ මැණික ට කොච්චර දුකක් ඇත්ද...
අප සියළු දෙනාම පාසලේ වැඩ කටයුතු නිමකර කාර්යලයට ගොස්... සියළු වැඩ නිමවා අප ගෙදර ගියේය...
ටිකක් ඉන්න..
[text_hash] => 92c898c5
)
What do you think?