Chapter 11: හින 🌹🌹 අරන් 🌹🌹🌹🌹

Array
(
[text] =>

එකලොස්වන දිගහැරුම 🌹🌹🌹🌹

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

+ මේකයි අම්මේ ... දරුවට තව මාස 6කින් එක්සෑම්...

ඒක නිසා දරුවගේ පැත්තෙන් මානුෂිකව හිතන්න... අම්මට දැන් තියෙන්නේ දරුවන්ගේ අනාගත ය වෙනුවෙන් ටික කාලෙකට හරි ජොබ් එකට නොයා ඉන්න... සල්ලි ප්‍රශ්නයක් වුනොත් අපි බලන්නම්...

! ජොබ් එකට යන නොයෙන එක තීරණය කරන්න ඔයල කවුද? මට උගන්න එපා.

* ඔයා අම්මෙක් විදිහට යුතුකම් හරියට ඉටු කරන්න කවුරුත් ඇගිලි ගහන්නෑ..

දරුවෙකුට වුනත් අයිතිවාසිකම් තියෙනවා.. රටේ නීතියට අනුව ළමා හිමිකම් උල්ලංඝන ය වීමකදි දෙමාපියන්ද අදාල නෑ... සිහත්ට සිද්ධවන අසාධාරණකම් වෙනුවෙන් ඉස්කෝලෙ නමින් පෙනි සිටිනවා...

+ දේව් රිලැක්ස් මචං... ( මගේ අත අල්ල ගත්ත නිසා මම ටිකක් කුල් වුනා)

! ඔයාලට සිහත් ද ප්‍රශ්නෙ...

+ ඔව්.. අපිට එ් ළමයට මේ ප්‍රශ්නවලින් ඈත් කරන්න ඕන...

! ඇයි ළමය කීවද අපියි ප්‍රශ්නෙ කියල...

* නෑ අම්මෙ වැරදියටම තේරුම් ගන්න එපා... සිහත් කියන්නෙ දරුවෙක් , තව දරුවෙක්ගෙ බර පටවන්න එපා...

! මාත් මේ ගෙදරින් නොයා ඉන්නෙ දරුවො හින්ද..

එයාල එ්ක හිතන්න ඔ්න... ගෙදර ප්‍රශ්න ඉස්කෝලෙ ට මග දිගට පතුරපුවාම  කැතයි කියලා...

+ අම්මට පුළුවන්ද සිහත් හොස්ටල් එකට දාන්න.. එයාගෙ නංගි ගැන ‌‌‌අම්මට බලන්න වෙනව..

! එ්ක හොදයි.. මට ලොකු ප්‍රශ්නයක් විසදෙනව...

මොකද මම ඩිවෝස් වෙන්න ඩිටේල්ස් භාරදීල තියෙන්නේ..  දුවව මම අරං යනවා... පුතා හස්බන්ඩ්ට ඔ්න කීව.. එයත් එක්ක ඉදි යි...

රජිත මගෙ දිහා බැලුවෙ මගෙත් උගෙත් ලේ රත්වී සීමාව පැන ඇති නිසාය... මෙව්ව අහන්න දකින්න කොල්ල හිටියනම් ජීවිතේ නැති කරගන්නවා..සත්තයි...

+ අද නිවාඩු දවසක් හෙට අපි එනව පුතාව ලෑස්ති කරල තියන්න... අපි එක්ක යන්නම්...

! මම හෙට නොයා මේ වැඩෙි පිළියලක් කරන්නම්...

* දරුවට බැනල හරි, ගහල හරි ප්‍රශ්න විසදන්න එපා...

එයට සතුටින් හොස්ටල් එකට යන්න හැසිරෙන්න..

+ අපි යන්නම් හෙට උදේ 9ට විතර එන්නම්...

!තේ ටිකක් දුන්නෙත් නෑ..

* තේ එපා අපිට දරුවට සතුටට ලැබුණොත් ඇති..

අපි යන්නම්..

නිවසින් එළියට ඇවිත් වෑන් එකට නැංගේ්ය... රජිත තත්පරයක්  නොසිට වෑන් එක අතුරු මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට දමා... දෙදෙනාම එකදු වචනයක් වත් කතා නොකර නිවසින් පිටවීමේ පටන් විනාඩි 10ක් පමණ ගත වී තිබුණි... මට කෑ ගසා අඩන්නට තරම් දුකක් ඇත.. අතෙන් ඇස් දෙක වසා ගත්ත මම ෂිට් එකට බර විය.. ඇස් දෙක තෙමා ගෙන කදුළු බිදු හඩනගන්නේ නැතුවම කම්මුලෙන් පහලට ඇද වැටුණි... ලෝකයම නිහඩ තරමටම වටපිටාව නිශ්ශබ්දව තිබු නිසා ඉකිගැසුම් හඩ නිසා ම රජිත හැරි බැලුවේය... ඉක්මනින් වෑන් එක අයිනට කර නැවතිය...

+ දේව් ... අහපන්... බලපන්කෝ ඩිංගක්.. උබ ඔය වගේ අඩද්දි, ඉකිගහද්දි මම වාහනය ‌‌‌අරන් යන්නෙ කෝමද...

රජිත මගෙ පැත්තට හැරි උරිස පිස දමමින්.. නෑ නවත්තන්න එපා උබ ‌‌‌අඩල  ඉවර වෙන්නෙ කොයි වෙලාවටද අපි එ් වෙලාවට යං...

+ මටත් දුකයි... ගොඩක්... මම දන්න උබට එ්ක සිය දහස් ගුණයක් වැඩියි... අපි හෙටම සිහත් ගනිමු..

* රජියා උබ හින්දයි.. සිහත්ගෙ අම්මනෙ කියල යි ඉවසුවේ...

+ ගහගෙන ප්‍රශ්න විසදන්න බෑ... උබත් දන්නව...  අපිට කාගෙවත් පෞද්ගලික දේවලට මැදිහත් වෙන්න බෑ

* එ් ගෑණිට තමන්ගේ දරුවළු ප්‍රශ්නෙ... මුන් අම්මලා ද..  මේව එ් කොල්ල දන්නවනම් පිස්සෙක් වෙයි...

මම නිවසට එනකම්ම හිතේ දුක නැති වෙනකම්ම බැන්නේය..  රජිතගෙත් තරහ ‌‌‌අඩු වන තුරු බනිමින් වෑන් රථය ‌‌‌අරගෙන ආවේ ය...

ටික්කි ඉන්න..... 🌹🌹🌹🌹🌹

[text_hash] => 2c9dc1f7
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...