Chapter 12: හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹

Array
(
[text] =>

******** දොලොස්වන දිගහැරම ********** 🌹🌹🌹

------------------------------------------------------------------🌹🌹🌹🌹🌹

රාත්‍රිය නින්දත් නොනින්දත් අතර ගෙවා ගන්නට නොහැකි ව  ඔරලෝසුවෙ ශබ්දයට කන්දෙන්නේ පැයෙන් පැයට නාද වන විට තව කොතරම් වෙලාවක් මම මෙලෙස සිටිය යුතු ද මැන බැලිමටය.. අහම්බෙන් දැනුන අතේ උණුසුම මට සිහිපත් විය... ඒ උණුසුමට තුරුළු වී නොදැනීම නින්දට වැටුණු මා...

- පුතේ... පුතේ... නැගිටින්න දරුවෝ...

* හ්ම්... හ්ම්... අම්මා...

- වැලිවිට ටීචත් ඇවිත්... දරුවෝ...

* අම්මා... වෙලාව කීයද? ... මල කෙලියයි... උදෙන්ම ඇහැරවන්න කීවනෙ...

- තාම 7.30යි... හිමීට.. තේ එක බීල ඉන්න...

ඉක්මනට ඇග සෝදා ගත් මම... ගෙට දුවගෙන එනවිට වැලිවිට ටීච අම්මත් එක්ක බර කතාවකය... අම්මා පාසලට නොයා මාස තුනක් පමණ ගත වී ඇත... විශ්‍රාම ගත් දින සිට ම පාසලේ සියළු තොරතුරු වැලිවිට ටීච නිරන්තර කීමට පුරුදු වි සිටියාය... මම අම්මට විහිළු කරන්නේ ඉස්කෝලෙ ඕපදුප අම්ම දන්න තරම් ප්‍රින්සිපල්වත් දන්නැතුව ඇති කියාය. අම්ම මුල දි ඔය වචන වලට දොස් කීවත් පසුව ඇය මට මුකුත් නොකියා සිටියාය... ඇදුම් ඇදගෙන සුදානම් වන විට ම රජිතත් පැමිණ සිටියේය... ටීචට කතා කර රජිත මගෙ කාමරයට ඔළුව දැම්මේය...

+ ගුඩ් මෝර්නින්... අඩේ මු... උබ කෙල්ල බලන්න යනවා නෙමෙයිනේ...

* අඩේ.. අඩේ... එපා බං... මම රජිතගෙ කට වසා පුටු වෙන් ඉන්දවීය..උබනං ...

+ එ් මේ තේ එක... බොනවා...

* හා හා...

+ ඊය බං ඇල් වතුර... රෑ එකක්ද...

* කෑ ගහන්න එපා... අම්මට ඇහුනොත්... උදේ තේ එක බිල නෑ කියල බැනුම් තමයි...

+ ටීච මෙන්න මු... තාම උදේ...

රජිත අම්මට ඇසෙන තරමට කියවන්න පටන් ගත්තේය...

රජිතගෙ අතේ තිබුණ තේ කෝප්පය අතට ගත්තු සැනින් උගුරට දෙකට බීවේ... අම්මට අහුවෙනට වඩා හොද නිසා ය..

+ තොට පිස්සුද .. ඌරෙක් තෝ නම්...

* අම්මට අහුවුනොත් ඉවරයි බං ... දන්නවනෙ ඉස්කෝලෙදි... බනින බැනිල්ල...

- පුතා ලැස්ති නැද්ද ළමයෝ....

+ හරි ටීච දන්නවනෙ..

* නැගපං වාහනේට... ටීච යමු... අම්ම ගිහින් එන්නම්...

- බුදු සරණයි පුතේ... ප්‍රශ්න දා ගන්න එපා...

& නෑ නෑ ටීච මමත් අද යනවනේ... ටීච කීවේය.

නිවසින් 8.20ට පමණ පිටවු අපි සිහත්ගේ ගෙදරට ලං වන තුරු ම ඊයේ සිහත්ගේ අම්මගෙ පැටිකිරිය කතා කලේය... සිහත්ගෙ නිවසට යන විට 9.30 වී තිබුණි... පුතේ අනවශය කතා කතා නොකරමු.. ටීච අප දෙදෙන ාට පැවසීය...

+ මිසිස් දිසානායක මේ අපි..

$ එන්න ඇතුළට අපි බලන් හිටියා.. මොකද පරක්කු කියල...

! ටීච... අය්යලා එනවා කියල දන්නෙ නෑ...

+ සිහත් දැන් යන්න කැමති නේද...

යන්නම් හිනාවක් තියාගෙන මූණ මට පෙන්නන් නැතුව.. අහක බලන් ඉන්නෙ.. මාත් එක්ක තරහක් තියාගෙන ද...

& සිහත්ගේ අම්ම දරුව අපෙ භාරකාරිත්වය යටතේ තබා ගැනීමට විරුද්ධත්වයක් නෑ නෙ...

$ එහෙම දෙයක් නෑ ටීච... පුතාට හොදක් වෙන්නන ඕන...

සිහත් නංගිව තුරුළු කරගෙන හුරතල් කරන අපූරුව අප බලා සිටියේ සිහත් නංගිට පණ ඇරල බව ටීච කී කතා ව මට සිහිපත් විය..

& අම්ම අපිට භාරකාරිත්වය ලබා දෙන බවට ලිඛිතව අත්සන් සහිත ලියුමක් අවශ්‍යයි.. මොකද මේ බාල වයස්කාර දරුවෙක් තව 18ක් නෑ නෙ...

* අපි මේ දේවල් ඉදිරියට ප්‍රශ්න ඇති නොවන්න සිදු කරන්න ඕන.. සිහත්ගේ තාත්තත් මේ වෙලාවෙ නෑ නෙ..

අවශ්‍ය සියළු ලිපි ලේඛනද ටීච සිහත්ගේ මවගෙන් ලබා ගත් තේ ඇයගේ හැසිරීම පසුව අපට ප්‍රශ්න ඇති කරවන්නට හැකි බැවිනි...

+ සිහත් අපි යමුද... බෑග් එකයි පොත් පත් ටිකයි... වුවමනා ඔක්කොම ගත්තද,

! ඔව් රජිත අයියේ...

+ යමු අපි වෑන් එකට මේ ටික දාමු...

මම බලා සිටියේ... සිහත් කුඩුවෙන් එලියට ගත්ත මුව පැටියෙක් වගේ...

& දෙව්නක පුතේ... එන්නකෝ...

* ඔව් ටීච... රජිත ටීච කතා කරනවා..

+ ඇයි බං... සිහත් ...

සිහතුත් වෑන් එක ළග ඉදන් ඇතුලට ආවේ ටීච කතාකලේ ඇයි දැයි නොදැනය...

& සිහත්ගේ අම්මට අපි ඊයේ කීවෙ හොස්ටල් නවත්වමු කියලනෙ...

* ඔව් ටීච සිහත් කැමතියි එ්කට...

& සිහත් කියන්නෙ... 11 වසරේ නෙ... හොස්ටල් නවතින්න බෑනෙ.. 6 - 8 පංතිවල ළමයින්ට විතරයි පුළුවන්නෙ... මම කියන දේ තේරෙනව නේ...

* ටීච අපිට විශේෂ ඉල්ලීමකට හොස්ටල් ඉල්ලන්න පුලුවන්...

& ඔව් එ්ත් සිහත්ගේ ටියුෂන් ක්ලාස් නවතිනවා...

! ටීච මට ක්ලාස් වලට යන්න ම ඕන..

& එ්කනෙ මම විදුහල්පති ගෙනුත් අහල දෙව්නක පුතාගේ අම්මගෙනුත් අහල තමයි මේ තීරණේ ගත්තෙ... මම හිතනව මේක හොදම කියල.... සිහත් රමයලතා ටීච දන්නවනේ... අවුරුද්දේ මුල විශ්‍රාම ගිය විද්‍යාව ටීච...

! දන් නව ටීච...

& මේ දෙව්නක පුතා ගෙ අම්ම... ඔයාව ටීචගාව තමයි නවත්වන්නේ ටීච ඔයාගේ අතපසු වුන පාඩම් වලටත් උදව් වෙයි... ටීචයි මේ පුතයි විතරයි ඉන්නෙ.. එ්ක හින්ද බය වෙන්න එපා සිහත්ගේ අම්ම...

මම සිහත් දෙස බැලුවෙ මට දෛවය මෙතරම් අනුකම්පා සහගතව උදව් කරන්නෙ උබ මගෙ විතර ක් හින්ද ... මගෙ මැණිකව මම බලාගන්නැතුව ඉන්නෑ ටීච... ඇස් දෙක වගේ රකින්න මම මටම පොරොන්දුව විය... රජිත කැත සිනහවක් තද කරගත්තේ... මාව කුනිත්තමනි... සිහත් තාම ත් මගෙ මුණ දෙස බලන්නේ නැති තරම්ය... යන්තම් වල ගැහෙන්න කට කොනින් හිනා වුනා.. ඇති යන්තමට...

* එ්කනෙ ටීච සිහත්ගේ අම්මවත් සිහත්ටවත් බය වෙන්න දෙයක් නෑ... මම පොරොන්දුවෙනව සිහත් ඇස් දෙක වගේ බලාගන්නව කියලා... (මම සිහත්ගේ හිස ‌‌‌අතගෑවෙය... ඇස් දෙක ලොකු කරන් මං දිහා බලන් ඉන්නව... කෝලම...)

සිහත් අම්මට වැද නංගිටත් සමුදී වෑන් එකට ගොඩවිය... අම්මගේ ඇසෙන් කදුළක් වත් නොවැටීම පුදුම විය යුතු නැත... ඇයට සිතු සේ ජිවත් වීමට බාධාව වු සිහත් මගේ ලගට ගත් නිසා ය.. ඇය තමන්ගේ කුසින් වැදු දරුවව ඈත් කරන විට... ඇය සොයා යන්නට හදන නව ජීවිතය පිලිබද මහත් සතුටට පත්වන දවසක් බව නිසැකය... නමුත් ඇයට වඩා මා සතුටු වන බව හොදාකාරව දනිමි.. සති කිහිපයකට පෙර මගේ හදවත උණුසුම් කල  ඔහුව  සොයා ගන්නට කතා කරන්නට පෙරුම් පිරුවේය... එකපාරම නසරාණි පෙනුමකින් මතු විය... තවත් දිනක රජෙක් වගේ පින්පාටට මං ඉස්සරහට ඇවිත්... මට ආඩම්රකම් පෙන්නපු මගෙ දරුවව අද මාත් එක්ක මගේ නිවසට රැගෙන යන්න ලැබීම හාස්කමකි... ඇයට වඩා මම සතුටු වන බව බොරුවක් නොවේ... ඇය මවක් ලෙස අසාර්ථකය.. අහිමි කරගත්තේ මිලකල නොහැකි වස්තුවකි...

ටිකක් ඉන්න.... 🌹🌹🌹🌹

[text_hash] => bfca24d4
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...