Array
(
[text] =>
හීන 🌹🌹 අරන් 🌹🌹🌹
********* හැට 9වන දිගහැරුම ******** 🌹🌹🌹
හවස සිහත්ව අරගෙන ගෙදර එනකොට 7ට ලං වි තිබුණි... බයික් එක ගේට් එකෙන් ඇතුළට දානකොට මෙතෙක් වෙලා මගෙ ෂර්ට් එක යටින් අත තියාගෙන මගෙ පිටට හේත්තු වෙලා ආව සිහත් අත අරගත්තෙ කලබලෙන්ය...
• ඇයි...
: කවුද දේව්......
මම උත්තර දෙන්නත් කලින් බයික් එක නවත්තන තැනට දුවගෙන ඇවිත් මගෙ අතේ එල්ලිනි...
සිහත් ගෙට ගියේ... තත්පරයක්වත් නොසිටය..
# කවුද මාමේ එ්... උගෙ ගනන්....
එ් මගෙ පණ ටික ... එ් ම කියන්න බෑනෙ තව...
• සිහත්.... ලොකු අත්තම්මා කීවෙ නෑ...
# එයා ද....
• දෝණි කීයටද ආවෙ....
# හවස... අප්පච්චි ඇරලවලා ගියා...
! ලොකු ආය ඉතින්.. දෝණිගෙන් බේරෙනව බොරු...
• කනක් ඇහිල ඉන්න බැරි වෙයි...
# යනව යන්න... මම කතා කරන්නෑ.. කාටවත්...
• ලොකු දෙයක් විනාඩි 5ක් හිටපන්...
සිහත් වෙනදට ටී ෂර්ට් එකක් නැතුව සරම හරි ෂර්ට් එකක් හරි ඇදන් එළියට ආවට අද ටී ෂර්ට් එකක් ඇදගෙනම කාමරයෙන් එලියට ආවෙ... නැත්තන් මගෙන් බැනුම් තමයි...
: ලොකු ලිදට යමු...
! පොඩී....
: ඔව් අම්මා....
! මේ ලොකු අම්මගෙ ලොකු පුතාගෙ දුව.. ඔයාගෙ වයසමයි...
සිහත් වැඩි කතාවක් නැති නිසාම. ඊට උත්තරයක් නොදුන්නේය.
# මගෙ වයස ද.. මම හිතූව මට වඩා වැඩිමල් කියල...
• මේකි දොඩං ගෙඩි දෙකක් උස උනා කියල අනිත් අය පලිද...
: මම යනවා... නා ගන්න..
! ලිදට යන්න බෑ දැන්... පොඩී ඇහුනද...
: ඔව් අම්මා...
# ඕ එයත් අම්මා ද කියන්නෙ...
• ඇයි... අපෙ අම්මට අත්තම්මා කියන්නෙ...
# එ් ඉතින්.. අපෙ පුංචි අත්තම්මනෙ...
! ආ ඇති දැන්...
- දේව් පුතාට මහන්සිත් ඇති... තේ හදනව ඔක්කෝටම... ලොකු අම්මා කීවේය..
දෝණි තේ හදන්න ගියාට මමත් එක්ක රණ්ඩු වෙවී තේ හැදුවා....
# මේ අර පොර කෝමද දන්නෑ නෙ තේ බොන්නෙ...
• මොකද්ද දෝණි ඔය කතා විලාසය...
# අහපු දේ ට උත්තර දෙනවා..
• එයාට තේ මම හදන්නම්...
# මට හදන්න පුලුවන් ... බොනවනම් බොයි... නැත්තන් විසි කරයි..
• කෝ. දෙනවා බලන්න... හොදට ම සීනි වැඩියි...
# කෝ දෙනවා...
මගෙ කෝප්පෙන්ම උගුරක් බීවේය... එතකොට සිහත් නාගෙන කුස්සියට ආවේය... මට එතරම් ගානක් නොගියට සිහත්ට තරහ ගිහින්...
: මට තේ එපා.. කියන්න මම ආවෙ...
සිහත් කිසිවක් නොකියම කාමරයට ගියේය...
# එයාගෙ ලොකුකම...
මගෙ මැණිකගෙ කෝමත් අඩුවක් නැතුව ලොකුකම.... මම නම් ගොඩක් ආසයි එ් අහංකාරකමට....
ලොකු අම්මලා වැලිතලප හදන්න ඇවිත්.. අම්මා සිහත්ට කතා කලේය...
! පොඩි පුතේ දොර අරින්න කෝ...
: ඇයි අම්මා...
! ආපු ගමන් දොර වහගත්තනෙ..,
අම්මට හිනා ගියේ ලොකු අම්ම ආවම දොර වහන් ඉන්න වෙයි කියපු කතාව මතක් වෙලා විය යුතුය...
: මම වැඩ කලා...
! එන්න... තේ බොමු...
: අම්මා.... බෑ.... දැන්..,
! එපා පුතේ... ඔයා ඔය විදිහට කාමරේට වෙලා.. හිරවෙලාම ඉන්න.. මේ ඔයාගෙත් ගෙදර..
; එ්ත් අම්මා...
! මට වාවන්නෑ දරුවො උබෙ හිනාව මේ ගේ ඇතුලෙ නැති උනාම....
! අම්මා... හරි මම එන්නම් යමු...
දොර ගාවට වෙලා මම බලන් හිටියෙ මම කිවනම් එන්නේම නැත... අම්මට බෑ නොකිය ආව නිසාම... මම කුස්සියට ගිහින් සිහත් කැමති විදිහට තේ එකක් හදල ගෙනත් දුන්නේය...
- අද මගෙ මිණිබිරි තමයි උයල තියෙන්නෙ... හරි රසට උයනවා මගෙ කෙල්ල...
සිහත් මම දිහා බලල කට ඇද කලේය.... මට සද්දෙන්ම හිනා ගියේ.. ය...
# අ.... මට ද හිනා වෙන්නෙ.... උයාගෙන කනවා... මම උයපුවා කන් නෑ... ළගට ඇවිත් මගෙ උරහිසට දෙක තුනක් ගැසුවේය...
• රිදෙනවා... දෝණි.... තේ එකත් හලපියකො දැන්...
# අරයට හිනා වෙන්න බැයි ද...
• කාටද...
# ඔයාලගෙ පොඩීට...
• එයා හිනා වෙන්න දන්නෑ... එ්කයි..
දෝණි මම දිහා බලන් ඉන්නවා... මම හිනාවෙලා කුස්සියට ගියේ ය.. මගෙ මැණිකගෙ හිනාව මගෙ විතරයි...
සිහත් කාමරයෙ දොර වහගත්තම මට යන්නත් නෑ ඒ මදිවට දෝණි මගෙ පස්සෙ... හෙට හවසට වෙඩින් එකට යන්නත් ඕන.. ඒ නිසාම අදින්න හොදම ඇදුමක් තෝරලා දෙන්න මම සිහත්ට මැසේජ් එකක් දැම්මේය...
මැණික හෙට මම අදින්නෙ මොකද්ද.....
රිෆ්ලයි එකක් එවා ඇත.. රෑට ළගට එන්න..
ඔක්කොම නිදා ගන්නකන් පාඩුවේ හිටියේය... සිහත් ළගට යන්න මගෙ හිතට හදිසි... ඒත් සාලයේ ලයිට් තව නිවා නැත.. ටීවි එක දාගෙන මේ කෙල්ල මොනව බලන්නවද... මටත් එහෙම නින්ද ගියේය......
:දේව්.... නැගිටිනවකෝ... දේව්...
• මොකද සිහත්... ඇයි...
: අර හොල්මනට පිස්සුද....
• කාටද.. මොකද උනේ කියනවා...
සිහත් කලබලෙන්...... මූණත් අදුරුවෙලා...
: අර සක්කරවට්ටම මගෙ කාමරේට ආව...
• දෝණි....
: වෙන විකාරයක් ඉන්නවද.... මේ ගෙදර...
• නෑ..... මොකද්ද උනේ කියනවකො...
: මම ඔයා එයි කියල දොර ලොක් කරල තිබුණෙ නෑ.. මම හිතුවෙ ඔයා කියල... මම නැගිටලා හැරෙන්නත් කලින් පිටිපස්සහින් බදා ගත්තා....
• මොකක්... මේකි ට, කණ පැලෙන්ට ගහනවා.. හිටපන්කො...
: කලබල කරන්නට එපා... මම තල්ලු කරල ගෙදර අයට කියනව කීවම මම එයා ට කරදර කරන්න හදනව කියල ගෙදර අයට කියනව කීව...
• මම හෙට කතා කරන්නම්... අම්මට නම් මම කියනවා... යකෝ හවස හිටියෙ උබව පේන්න බැරුවනෙ...
: මටත් හිතා ගන්න බැරි උනා... මම එයාව පිස්සු වට්ටනවළු...
• මට එන කේන්තියක්... අයියගෙ නොවුනම් මම මෙලහකට ගෙදරින් එළියට දාල..
ඔයා මෙතන නිදා ගන්න.. මම ෂිට් එක අරන් එන්නම්... මම කාමරයෙන් ඇවිත් බැලුවෙ දෝණි නෑ... ටීවිත් ඔ්ප් කරල ගිහන් .. මේ කට තමයි ඔක්කොම නිදා ගන්නකන් ටීවි බැලුවෙ... සිහත්ට ෂීට් එක පොරවා තුරුල් කරගත්තෙ... මැණික තාමත් නොසන්සුන්...
පපුවට ලං කරන් නින්ද යනකන්ම හිස අතගැවේය.. මගෙ උණුහුමට සැපට නිදියන්න සිහත් හුරුවෙලා.. කම්මුලට හාදුවක් තියලා... මුළු රෑම නිදි නැතුව ළගට වෙලාම එ් හුරතලය නිහඩවම මම අත්වින්දේ ය..
උදෙන්ම සිහත් ඉස්කෝලේ යන්න ලෑස්ති විය... මම අද නිවාඩු වෙඩින් එක හින්ද.. ඔෆිස් එකේ අයට ටොප් හීල් හි නයිට් පාටි එකය.. කට්ටිය අදින පලදින දේ ගැන සාකච්ඡා කලද මට සිහත් එක්ක රෑ කතා කරන්නට නොහැකි වීම සිතට දුකක් ගෙන ආවේය......
: ඔයා මාව ගිහන් දාන්නැද්ද..
• මම නිවාඩු....
: අනේ....
# ඇයි එයා බබාද... ගිහින් දාන්න..
මේකි ට තවත් ලැජ්ජ නැනෙ.. සිහත් මම දිහා බැලුවෙ කට කොනින් හිනාවෙලාය..
: මම යනවා ලොකු... හවස මම එන්නෑ..
• ඇයි ඒ...
: මම කීවෙ අසංක සර් ෆැක්ටිස් දාල කියල.. ඔයා ඉන්න තැනනෙ මට සර් කතා කලේ..
! පොඩි හවස් වෙනකොට මට කතා කරන ඕන..
• ඉන්න මම එන්නම් ගිහන් අරලින්න..
! කෝ එන්න කවන්න... දැන් අයිය ගිහන් දාන හින්ද පරක්කු නෑනෙ..
: අම්මා පිලි ජාති එපා...
! අද වෙස් අදිනවද...
අම්ම හරි ආසයි සිහත් ගෙ නැටුම් බලන්න.. එයාට තාම වෙස් ඇදුම ඇදල සිහත් නටනව බලන්න බැරි වුනා...
: ඔව් අම්මා...
! තෙරුවන් සරණයි.. මයෙ දරුවට...
# 𝙰/𝙻 වලට නැටුම්ද කරන්නෙ...
• ඔව් සිහත් ගෙ විස්තර දෝණි ට මොකටද.. පාඩුවේ ඉන්නවා...
# මම හිතූව ඔළුවෙන් ඉන්න හින්ද 𝚖𝚊𝚝𝚑𝚜 වත් කියල.. 𝙰𝚛𝚝 ද
සිහත් රවල බැලුවේය.. මගෙත් යකා අවුස්සගන්න හදන්නෙ...
• අත්තම්මා කීවෙ නැද්ද.. උබට වඩා හොදට ම රිසාල්ට් තියෙනව කියල... ඊටත් ඉගෙන ගන්නවනම් රට වටේ රවුම් ගහල හරියනවද ඉස්කෝල යන්නැතුව..
# කවුද රවුම් ගහන්නෙ.. මම මෙහෙනෙ ආවෙ.. මම අත්තම්මාට කියනව මට මාම බනිනව කියල..
• කියනවා... මම බයවෙයි..
! නවත්තනවා.. ලොකු ත් මේ කෙල්ලට එකට එක කියල අවුස්ස ගන්නව...
• මම යනව අම්මා...
! පරිස්සමට.. තෙරුවන් සරණයි... මගෙ කොල්ලො දෙන්නටම..
අම්මගෙ ආශිර්වාදය හැමදාම දෙන්නටම එකවගේ ලැබෙනවනම් අපේ ජීවිත හරිම ලස්සන වෙයි...
ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹
[text_hash] => 66258d83
)
What do you think?