Chapter 73: හීන 🌹🌹 අරන් 🌹🌹🌹

Array
(
[text] =>

හීන 🌹🌹 අරන් 🌹🌹🌹

******** හැත්තෑ දෙවවන දිගහැරුම ******* 🌹🌹🌹

බයික් එක නවතා වට පිට බලන විට තේරුනෙ මම ගොඩක් දුර ඇවිත් කියල... පාළු රබර් වත්ත වගේම මගෙ හිතටත් මුස්පේන්තු ගතියක් ඇවිත්... මම කොල්ලව අරන් සිහත්ගෙ ගෙදර යන්නට හිතා ගෙන ආපහු බයික් එකට නැංගේය... සිහත්ට කෝල් එකක් ගත්තට ආන්සර් කලේ නෑ... මගෙ තරහ දෙගුණ වුනේ.. උවමනා වෙලාවට සිහත් කතා කරන්නේම නැති නිසාය... ගෙවල් කිට්ටුවට එනකොට වැටුණ පිණි ගෙට ගොඩ වන විටම මහ වැස්සකට මාරුවිය... අද නම් මහ කරුම දවසක්... මම මටම කියාගෙන ගෙට යනකොටම.. අම්මා සාලෙට දුවගෙන ආවේය...

! මොකද පුතේ.... ඔය වගෙ ගමන් යනවද... කේන්තියට වාහන අතට අරන් හරියනවද... ඊටත් මේ වැස්ස වෙලාවෙ... අද හෙට කසාදෙ කරන්න හැදුව වගේනෙ... ලොකු අම්ම කීව විතරනෙ...

• අම්මා.... ඇති.... මම යන්නද ඔ්න ආයෙත්...

- හිතුවක්කාර කම නංගිගෙ හුරතලේ දැන් පේනවනෙ...

මේ මගුල් වැස්ස නැත්තන් සිහත්ව අරන් මම රෑම යනවා... සිහත් පේන්නට නැත..

• අම්ම සිහත් කෝ...

! පාඩම් කරනව පුතේ.. දැන් හැමෝම කටවල් වහගන්න... කොල්ලට පාඩමක් කරගන්නටත් නෑ..

# නැටුම් වල මොනවද පාඩම් කරන්න තියෙන්නෙ..

! දුවත් පාඩම් කරන්න... මම පොඩීට කියන්නම් දෝණිත් එක්ක පාඩම් කරන්න කියල..

අම්මගෙ කතාවට තරු විසික්ක වුනේ මටය... සිහත්ව දැලේ දා ගන්න මාන බලන එකීට බිලි පිත්තයි ඇමයි දෙකම දුන්න වගේ...

• අම්මා... දෝණි කරන සබ්ජෙක්ට්ස් සිහත් කරන් නෑනෙ.. ඊටත් අම්මා මේකි පාඩම් කරන කොල්ලටවත් පාඩම් කරන්න දෙන්නැතිවෙයි...

# මට ඔ්න නෑ.... ඔය බෙරකාරයත් එක්ක පාඩම් කරන්න..

! දෝණි මාමට තරහ ගිහින් ඉන්න වෙලාවට තවත් අවුස්ස ගන්න එපා....

# අපෝ මාම ඉස්සර මට ආදරෙයි... දැන් නම් මහ නපුරෙක් ඔයා..

- අර නැට්ටුක්කාරයා මුං ගෙ ඔළු කාල...

වචනයක්වත් කතා නොකර කාමරයට ගොස් ඇති තරම් හයියෙන් දොර වැසුවේය...

එ් සද්දෙට හැමෝම නිශ්ශබ්ද විය... තම තමන්ගෙ වැඩ වලට සාලයේ නොසිට හිමීට ගියේය..

බෙරකාරයා, නැට්ටුක්කාරයා කීවෙ මගෙ කොල්ලටද මුං... අම්මපා මට එන තරහක් ආයෙ මොනව හරි කිවොත් තලනව මම කටවල් ටික... තරහෙන් පුපුර පුපුරම ඇදට වැටුනේය... මට මතකයි ඉස්සර මට බජවුකාරයා කියල මියුසික් එපා කරවැව්වෙ අම්මගෙ නෑයො ටිකය.. අන්තිමට අම්මත් ගිටාර් එක දරට ගන්නව කියා තර්ජනය කලේය...  වැස්සත් එක්ක මට ටිකක් තදට නින්ද ගියේය...

: දේව් .... නපුරා... නැගිටිනවා...

• හ්ම්.... මට බෑ... සිතලයි...

: යමු කන්න...

• මට බෑ...

: දැන් ඇති ඔය තරහ ගත්ත... අනේ කමු...

• මට බෑ....

: එළුවෙක් ද බෑ, බෑ ගාන්නෙ....

• මගෙ මැණික හිත රිදුනද..

: නෑ... කීවොත් බොරු... චුට්ටක්...

• සමාවෙයන්... මට දැන්ම උබ ගැන කියන්න බෑ මැණික....

:  හ්ම්...

• ඉස්කොලෙ ගිහින් ඉවර වෙන්න... මම මැණිකව එතකොට මේම හොරෙන් ඉබින්නැතුව... හැමෝම ඉස්සරහ ඉබිනවා...

: ඇති.. ඇති... කෙල ගානව මගෙ මූණෙ... ඉබිනව කියල...

සිහත්ගෙ කෙස් අතරට ඇගිලි යවල කොණ්ඩෙත් අවුස්සලා ඇදෙන් නැගිට කෑමට ආවේය...

* අම්ම ඉදි ආප්ප හදල....

# ගෙදර ඉන්න එපැයි... නේද අත්තම්මා...

මම ඉදගත්ත පුටුව ළගින් සිහත් ඉද ගන්න හදනකොටම දෝණි පැනල ඉද ගත්තේය... සිහත් මුකුත් නොකියම මේසයේ අනෙක් පැත්තට ගියේ.. ඔක්කොම මම නිසා නිශ්ශබ්ද වෙලා... සද්ද නැතුව කනවා... සිහත්ට සැර වැඩී.. මේ දවස් වල දෝණි හවුල් වන නිසාම කෑම වලට මිරිස් ටිකක් වැඩි.. සිහත් මාළු පැත්තකට කරල සම්බෝලත් එක්ක කනවා පව්.. මාළු වලට මිරිස් වැඩී.. අම්ම කීවෙ සිහත්ළු වෙන මොකවත් හදන්න එපා කීවෙ... මම කුස්සියට ගියේ ය.. වෙන දේකට නෙමෙයි.. මාළු කෑලි දෙකක් පීරිසේකට දාල මිරිස් යන්න උණු වතුර දාල සේදුවේය...

• සිහත් මේ ටික කන්න... ඔය ඉදි ආප්ප ටික මට දාන්න මිරිස් සැරට කාල ලෙඩ වෙයි..

: සම්බෝල ඇති..

• පැහෙන්නැතුව කනවා..

# අත්තම්මා.. මේ බලන්න අලි බබෙක්... හෝදලා මාළු කන්නෙ...

! අනේ මම එකනෙ පුතේ පරිප්පු ටිකක් හදල දෙන්න හැදුවෙ....

අම්මත් සිහත්ගෙ ඔළුව අතගෑවේය... අම්මටත් දුකයි එයත් සිහත්ව ලෙඩ වුනාම රකින්නෙ මට වඩා...

: අම්මලාට මම හින්ද කරදරේ...

! පටන් ගත්තා ආය... සිහත්...

- මම කාල ඉවරයි.. මම යනවා ... උබල හුරතල් වෙවී කාපල්ලා..

# ලොකු අත්තම්මා ඔයත් හරි හුරතල්...

එ්කට නම්  සිහත්ටයි මටයි දෙන්නටම හිනා ගියේ ය...

දෝණි සිහත් දිහා බලන් ඉන්නව මම දැක්කෙ අහම්බෙන්ය... සිහත් සගවගෙන හිටපු වල ගැහෙන හිනාව.. කෙල්ලව වශී කරල වගේ.....

කෑම කාල කුස්සියට ගියේ අස්කරල අතුගාලම නිදා ගන්න යන්නය..  සිහත් පුරුද්දට වගේ ඉදි ආප්ප වට්ටි භාජනයි හෝදන්න ගත්තෙය.. ලොකු අම්මත් කුස්සියට ආවේ බෙහෙත් බොන්න වතුර ගන්නය..... ලිප වට අතු ගාන්න ගිහින් මගෙ අතෙ ගෑවුන දැලි චුට්ටක් හැමෝටම හොරෙන් සිහත්ගෙ කම්මුලේ ගෑවේය...

: අනේ මොනවද අප්පා... පිහිනවා දැන්ම...

• මොකවත් නෑ යකෝ...

සිහත් බලෙන්ම මගේ පිටේ කම්මුල පිස්සේය... අම්මට නම් වෙනදත් කුස්සිය අස්කරන්න ගිහින් ඔය වගේ රණ්ඩු පුරුදුය... අම්ම හැමදම එයාගෙ පොඩීගෙ පැත්තෙය...   දෝණිත් බාගෙට කාපු පිගාන ගෙනත් සින්ක් එකට දැම්මේය...

# ආ කුස්සි කොල්ලා.... මේකත් හෝදනවා.. දැලිත් ගාගෙන...

මම බලන් හිටියේ සිහත්ගෙ මූණ පවා වෙනස්විය... මගේ සීමාව පැන තිබුණෙ... සිහත් මොකවත්ම නොකියා... දෝණිගෙ පිගානෙ ඉතුරු කෑම ඩස්බින් එකට හලන්නට හැරුණේය...

• සිහත් තියනවා පිගාන....

ඇහෙන්නෑ වගේ සිහත් ඩස්බින් එක ගාවට ආවේ මගෙ යකා මාරාවේස වන්නට තත්පරයක්වත් නොගියේය..

• තොට මම කියන සිංහල තේරෙන්නැද්ද...

සිහත්ගෙ අතේ තිබුණ පිගාන බලෙන්ම අරන් පිගාන පිටින්ම ඩස්බින් එකට දැම්මේය...

: මොකද මේ... පිස්සුද ඔයාට...

• කන පිගාන හෝදලා තියන්න ඉගෙන ගනින් දෝණි... අත්තම්මාට අප්පච්චිට බැරි උනාට මම කියල දෙන්නම්...

! ඇති පුතේ... ඔය ළමයි දෙන්නම බය වෙලා...

• සිහත් යනවා කාමරේට..

: මම මේ ටික හෝදලා යන්නම්...

• පලයන් කීවම... ළගකදි ඉදල හැමදේම දෙපාර කියන්න වෙලා...

: අම්මා.... මම මේ ටික...

සිහත්ගෙ අතින් ඇදන් ගිහින් වොෂ් රෑම් එකට දමා වැසුවේය...

• දත් ටික මැදල.. නිදා ගන්න වොෂ් දාගන්නවා..

: තුවාය මගෙ...

සිහත්ගෙ කාමරයට ගොස් තුවාය ගෙනත් දුන්නෙය... සිහත් ටික වෙලාවකට පසු බිම් බලාගෙන ම කාමරයට ගියේ ය... එ් මම සාලෙට වෙලා... බලන් ඉන්නවා දැකපු නිසා ය...

දෝණි අම්මත් එක්ක කුස්සිය අස්කරල., දෝණි මගෙ මූණවත් බලන්නෙ  නෑ....

අම්ම ළගට ඇවිත් ඉදගන්නකන් මම දැක්කෙ නෑ..

! පුතේ ...  ඔයාට තරහ යන්නෙ ඇයි... මෙච්චරම...

මට බයයි පුතේ...

• අම්මා... මට චුට්ටක් තරහ ගියා...

! හොද චුට්ට... දෝණිට හෙට උදේ කතා කරන්න... අයිය අම්මත් නැතුව ඔය කෙල්ලව හදා ගත්තෙ‌.. නියපිටින් පාරක් නොගහ...  ඔය විදිහට කතා කරල නෑ කවුරුවත්...

• හරි අම්මා...  අම්මගෙ ඔඩොක්කුවේ ඔළුව තියා ගත්තෙ ගොඩ දවසකින්

! සිහත් නිදා ගත්තද... පව් කොල්ලා.... බය  උනා..

• අම්මා... මට කසාද බදින්න බෑ....

! හ්ම්... මම බල කරන්නෑ... ඔයාට ඔ්න දවසට කියන්න....

• අම්මා... අම්මටත් මම නපුරු උනානෙ...

! මයෙ කොල්ල නපුරු  නෑ කියල දන්නවනෙ මම...

• ඇයි අම්මා ලොකු අම්මා.. සිහත්ට ඇනුම්පද කියන්නෙ...

! ලොකු අම්ම කියන්නෙ කසාදයක් බදින්නත් කලින් ඔයා තාත්තෙක් වගේ හැසිරෙනව කියල... එ් නිසා ඔයාට කෙල්ලක් ගැන කසාදයක් ගැන හිතන්න උවමනාවක් නෑ කියල...

• එ්ත් ඇයි පොඩීට දොස් කියන්නෙ..

! එ්ව හිතන්න එපා.... පුතේ...

• අම්මා මොනවද හිතේ තියන් කතා කරනවා...

! අද වැස්ස පොඩීව බිම තියන්න එපා... සර්පයෝ එ්මත් ඇදෙනවා..

• හා අම්මා... ඇද අස්කරල ම පොඩීට කතා කරන්නම්..

! ඇති මට නිදි මතයි.. මතක තියා ගන්න පුතේ... හැමදම හැමෝටම මයෙ කොල්ලො දෙන්න සහෝදරයො කියල...

• අම්මා...

! මම යනවා... නැගිටින්න...

• ගුඩ් නයිට්... අම්මා..

! ගුඩ් නයිට් ...පුතා..

සිහත්ගෙ කාමරයට යද්දි... කාමරය ලොක් කරල.. කරන්න දෙයක් නැති නිසාම කතා කරලා දොර ඇර ගත්තා...

• යන්... ඇදට..

: මෙතන හොදයි.

• මට තරහ ගිහින් හිටපු හින්ද ද..

: නෑ....

• එහෙනම්...

: ඔයත් බිමට එන්නකො..

• සීතලයි බිම...

:  අනේ....

• මොකද මේ...

සිහත් මට තුරුළු වෙලා...

: ඇදෙන් සද්දයක් එනවා...

• හ්ම්... ඉන්න .. මම එන්නම්... හැබැයි අද නිදා ගන්න දෙන්නෑ... හරි ද...

: හා... මට හපන්නත් දෙනවද..

• හා.. ඉන්න.. ලයිට් ඔෆ් කරල එන්න..

අද සිහත් ළග ... වැස්සකට... සීතල දරා ගන්න ප්‍රේමණිය උණුසුමක් තියෙන එක තරම් සතුටක් ආස්වාදයක් නැති තරම්...

ටිකක් ඉන්න.. 🌹🌹🌹🌹

[text_hash] => f959dac3
)

Comments

What do you think?

0 reactions
Upvote
Funny
Love
Surprised
Angry
Sad


  • No comments yet.

Login





Loading...